Posts

Showing posts from April, 2013

විදුලි බිල වැඩි කිරීමට එ‍රෙහි මහජන ව්‍යාපාරය

Image
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග සඳහා ඒකාබද්ධ වන ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ඉල්ලීමක් කරයි.  එහි නිවේදනයේ මෙසේ දැක්වේ වර්තමාන ආණ්ඩුව ජනතා අදහස් නොතකා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද බළල් අතක් කරගනිමින් ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලි බිල නැවත වැඩිකර ඇත. පවතින ජීවන වියදම හමුවේ ජීවත් වීම බරපතල ප‍්‍රශ්ණයක් වී ඇත. සාමාන්‍ය ජනයා මෙම විදුලි බිල වැඩිකිරීම හරහා කබලෙන් ලිපට ඇ`ද දමන තත්ත්වයක් ඇති වී ඇති බව පැහැදිලිය.   ආණ්ඩුව ජනයා අපහසුතාවයට පත්කරන මෙම තීරණය අවලංගු කරවීම සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධත්වයෙන් ගොඩනැගුණු විදුලි බිල වැඩිකිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ලෙස අප පහත සඳහන් ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත. අපේ‍්‍රල් 30 - දිවයින පුරා පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම මැයි 03 - දිවයින පුරා ස්ටීකර් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම මැයි 06 - දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම මැයි 09 - විරෝධතා පා ගමනක් කොළඹ දී පැවැත්වීම මෙම ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කර ජනයාට සහන සැලසීම සඳහා අප ව්‍යාපාරය හා ඒකා