අධිකරණයෙන් වරදකරු නොවී වසර 10, 15 හිරේ ඉන්නා ලංකාවේ සිරකරුවෝ
දින නියමයක් නොමැති රැඳවියන් නිසා බන්ධනාගාර තුළ තදබදය වැඩිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසූ බව සිරස වාර්තා කළේය.
ඔහු පැවසූ පරිදි ඇතැම් රැඳවියන් වසර 10ක පමණ කාලයක සිට එලෙස බන්ධනාගාරය තුළ කාලය ගෙවා දමති.
මේ වන විට බන්ධනාගාර තුළ දින නියමයක් නොමැති රැඳවියෝ 5,000කට අධික සංඛ්‍යාවක් සිටිති.
දින නියමයක් නොමැති රැඳවියන් වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 13 අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, නීතිපති දෙපාර්තුමේන්තුවේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තත්ත්වය පිළිබඳව නිතීපතීවරයා ද දැනුවත් කළ බවය.
මෙහි දින නියමයක් නොමැති රැඳවියන් යයි කියන්නේ කාටද?
මොවුහු එක්කෝ ඇප නොදී නඩු දින නියමයක් නැතිව කල් දැමූ අය විය යුතුය. නැතිනම්, ඇප නොදී නඩු කල් දමමින් හෝ නැතිනම් නඩුත් නැතිවම සිරගත කරගෙන සිටින මිනිසුන් විය යුතුය. ඇතැමෙකුට ඇප නියම කළත් ඇප තැබීමට කෙනෙකු නැතිවා වෙන්නට පුළුවන.
කෙසේ හෝ වේවා, අධිකරණයෙන් වැරදිකරු නොකර සැකකරුවන් මෙතරම් පිරිසක් වසර 10ක් පමණ කාලයක‍් රඳවාගෙන සිටිනවානම් එතැන රටේ නීතිය හා අධිකරණ පද්ධතිය පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ.
මෙසේ සැකකරුවන් දිගු කාලීනව රඳවා තබාගැනීමට භාවිතා කරන ප්‍රධාන නීතිමය මෙවළමක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතයි. එම පනත යටතේ බන්ධනාගාර 10කට අධික ප්‍රමාණයක සැකකරුවෝ 400කට අධික ප්‍රමාණයක් රඳවාගෙන ඇති බව දැනගැනීමට තිබේ. මෙයින් බහුතරය කොටි සංවිධානය හා සම්බන්ධ ක්‍රියා හේතුවෙන් කොළඹ හා දකුණේ ප්‍රදේශවලදී සැකපිට අත්අඩංගුවට ගත් අයයි. කොටි සාමාජිකයන්ට නවාතැන් දීම, ගෙවල් කුලියට දීම, යමෙකු කොළඹට කැටුව ඒම හා අවබෝධයකින් තොරව පැටලුණු වැරදි පිළිබඳ සැකපිට මොවුන් දිගුකලක සිට රඳවා ඇත.
කොටි සංවිධානය මෙහෙයවීමට ඍජුවම සම්බන්ධ වූ අය නිදහස් පුද්ගලයන් ලෙස ආණ්ඩුවට සම්බන්ධව කටයුතු කරන සංදර්භයක යුද්ධයේ ගොදුරු බවට පත්වෙමින් යුද්ධය හා සම්බන්ධ ක්‍රියාමාර්ගවල නියැලුණු බවට සැක කෙරෙන මෙබඳු දේශපාලන සිරකරුවන් මෙසේ දිගින් දිගටම රඳවා තබාගැනීමේ තේරුම කුමක්ද යන්න උභතෝකෝටිකයකි.
බූස්සේ 250ක් පමණ රඳවා සිටිති. මැගසින් බන්ධනාගාරයේ 160ක් පමණ රිමාන්ඩ් භාරයේ සිටිති.
වසර 18ක් පමණ නඩු විභාග අවසන් නොවී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අයද මේ අතර සිටිති. ඇතැමෙක් මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කෙරෙමින්, නඩු නොපවරා වසර පහක් පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටිති.
මොවුන් මොස් දීර්ඝ කාලයක සිට රිමාන්ඩ් භාරයේ සිටින්නේ ඔවුන්ට එරෙහි නඩු විභාග නොකර සිටීම හා නඩුවාර දීර්ඝ ලෙස කල් දැමීම හේතුවෙනි. ඇතැම් විට මාස හය, අට වැනි කාල වකවානුවලට නඩු කල් දමනු ලැබේ. බොහෝ විට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලබන්නේ වසරකට වරක් හෝ දෙකක් පමණි. මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් වන්නේ මෙසේ නඩු වැඩිපුරම කල් යන්නේ දකුණේ සිංහල විනිසුරුවරුන් සිටින අධිකරණවල බවද, උතුරේ හා නැගෙනහිර අධිකරණවල නඩු විභාග ඉක්මණින් සිදු වී දඬුවම් නියම කිරීම හෝ නිදහස් කිරීම වඩා ඉක්මණින් සිදු වන බවද වාර්තා වේ.
දකුණේ අධිකරණවල නඩු කල් යන නිසාම නඩු අවසන් කරගැනීමේ නිල නොවන සම්මුතිය මත වරද පිළිගැනීමේ ප්‍රවණතාවක් ඇත. වරද පිළිගත් පුද්ගලයෝ නැවත වරක් වසර ගණනක දණ්ඩනයන්ට ලක්වෙති.
දුප්පත්කම, නූගත්කම, සමාජමය වශයෙන් දුබලකම වැනි හේතු නිසා මෙම සැකකරුවන්ට නීතිඥ සහාය ලබාගැනීමේ ගැටලු තිබේ. එසේම, නීති ආධාර සේවාවල ගුණාත්මකබව පිළිබඳද ගැටලු තිබේ. දකුණේ අධිකරණවලදී ඔවුහු භාෂා පරිවර්තන ගැටලුවලටද මුහුණ දෙති.
මෙසේ දීර්ඝ කාලයක් රඳවා තිබෙන පුද්ගලයන් අතර වයස අවුරුදු 75 ඉක්මවූ අයද සිටිති.
බරපතල රෝගී හා ආබාධිත තත්වයන්ට පත් වූ විශාල පිරිසක්ද සිටිති. ඒ අතර යුද්ධයේ අතුරු ඵල වූ අපස්මාර රෝගීහු,අත පය අහිමි වී ආබාධිත වූ අය හා මානසික රෝගීහු සුලබය.
යුද්ධයේ අවසානයත් සමහ භාර වූ 12,000ක් පමණ පිරිසෙන් 10,000අධික ප්‍රමාණයක් පුකරුත්ථාපනය කර සමාජගත කර ඇත. භාර වූ ඇතැම් අය තවමත් රැඳවුම් භාරයේ හා රිමාන්ඩ් භාරයේ සිටින බව වාර්තා වේ.
මෙම පුද්ගලයන් අතර භයානක අපරාධවලට සම්බන්ධ වූ අය සිටින්නට පුළුවන. ඔවුන්ට දඬුවම් ලබා දීම පිළිබඳව අපට කියන්නට කිසිවක් නැත. කුමන තත්වයක් තුළ හෝ යම් භයානක අපරාධයකට සම්බන්ධ වූවෙකු නීතියෙන් දඬුවම් ලැබීම අපරාධයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමකි. එහෙත්, මෙහි ඇති ගැටලුව වන්නේ එකී අපරාධ සඳහා අණ දුන් හා මෙහෙයවූ අය ප්‍රසිද්ධියේම මුක්තිය භුක්ති විඳිමින් සිටින සංදර්භයක් තුළ ඔවුන්ගේ බලපෑම හේතුවෙන් අපරාධ කළ අය වරසකරුවන් වීමයි.
මෙය දේශපාලන සිරකරුවන් පිළිබඳ සංකීර්ණ ප්‍රශ්නයක් බව අප කියන්නේ මේ හේතුව නිසාය. එබැවින් ඔවුන්ගේ ප්‍රශ්නය හුදු යුක්තිය පසිඳලීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවී සංහිඳියාව පිළිබඳ ගැටලුවක් බවට පත් වේ.
අප මෙහි සාකච්ඡා කළේ බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සංඛ්‍යා ලේඛන අනුව 5000ක් පමණ පිරිසකගෙන් කොටසකගේ ගැටලුවයි. අප නොදන්නා තවත් ගැටලු රැසක් මෙහි සැඟවී තිබෙන්නට පුළුවන.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

- ජෙඩාහි පාලමක් යට දුක් විඳින රටවිරුවන් ගැන මෙතැනින් කියවන්න (ඉංග්‍රීසි)
මෙවැනි ලිපියක ඉංග්‍රීසි පිටපතට නම් හිතන්න බැරි
ReplyDeleteතරම් බලයක් ගොඩ නැගෙනවා අජිත් ...ඉදිරිපත්
කල හැකි සෑම තැනකටම යොමු කරන්න ..
මිළ කල නොහැකි ලිපියක් වේවි මෙහි ඉංග්‍රීසි පිටපත..
ජය ...!
ඉංගිරිසියෙන් මේව ඕනෙ තරම් ලියවෙනව බං. යොමුකල හැකි සෑම තැනකටම කියන්නෙ ජනාධිපතිටද? ඒ ප** මෙව්ව දන්නෙ නැහැ කියලද හිතන්නෙ? ඌට දෙමළ සිරකරුවන්ට මොන මගුලක් උනත් එකයි.මේව සිංහල මිනිස්සු අතරටයි යන්ඩ ඕනෙ.සිංහල මිනිස්සු ජාතිවාදීව හිතන කම් ආණ්ඩු වැඩ කරන්නෙත් ජාතිවාදීව තමයි.
Deleteනැහැ මම කිව්වේ ජාත්‍යන්තර මාධ්‍ය එකමුතු වලට ..
Deleteඅඩුම තරමේ ලෝකයා දැනගැනීම හරි වටිනවා ..
ටිකෙන් ටික බලයක් ගොඩ නැගෙන්න ඒවත් වටිනවා ..
ඇනෝ කියන දේ හරි සහන්,. මම හිතන්නේ නැහැ මේවා ඉංග්‍රීසියෙන් ලිව්වා කියල සුද්දෝ ඇවිත් අපිව ගලවාගෙන අපිට විමුක්තිය ලබා දෙයි කියල. අපේ ප්‍රශ්න අපි විසඳාගත යුතුයි.
Deleteමෙහෙම හිතන්න උදිත
Deleteමුළු ලෝකෙම දැක්කා අගවිනුසුරුට උන දේ .මේ වගේ අධිකරණයෙන්
වෙන අසාදාරන තව තව එළියට යන්න ඕනේ ..නැත්නම් ලෝකයා
දන්නේ නැහැනේ මෙහෙම බරපතල දේවල් " අතපසුවීම් " වැනි දේ
නිසාත් වෙන බව ..
මිනිහෙක් අවුරුදු 5 හිරේ හිටියොත් ගෑනි දරුවෝ පාරටම වැටෙනවා .
එහෙව් එකේ " අතපසු වීම් " නිසාත් මනුස්ස ජීවිත අවදානමට පත්
වෙනවානම් කොහොම හිටීද ..?
මම උනත් මේ ගැන මෙච්චර විස්තරයක් දැක්කේ මේ ලිපියෙන් ..ඒ වගේ
ටිකෙන් ටික මේවා වටා බලයක් ගොඩ නැගේවි උදිත ..රටක යහපාලනය
ලස්සනට ( :D ) මනින්න පුළුවන් අධිකරණයේ හැසිරීමෙන් ..ඉතින් මේ
වගේ සිද්දි වලින් ලොකු අවබෝදයක් ගන්න පුළුවන් අපිට මේ රටේ
යහපාලනය ගැන ...
එහෙම නේද ..?
එක මාසෙන් වෙනසක් වෙන එකක් නැහැ ..නමුත් ගින්නට දර ලං කරමු
පුළු පුළුවන් විදිහට ..උදිත උනත් ඉන්නේ ඒ ස්ථාවරයේ මන් හිතන්නේ ..