ආණ්ඩුව පැන්නීමේ සටන කොන්ත්‍රාත් දෙන්නේ කාටද?

"1953 හාල් මිල, මුද්දර ගාස්තු ශත ගණන්වලින් වැඩි වුණාම දැවැන්ත ජනතා කැළඹීම් ඇති වුණා. ආණ්ඩු වෙනස් වුණා. එවැනි ඉතිහාසයක් තිබුණා. නමුත් අද ජනතාව නිශ්ක‍්‍රියව බලා ඉන්නවා. සමාජය දේශපාලන පක්ෂවලින් අහනවා, මොකද කරන්නේ කියලා. අපි කියන්නේ ප‍්‍රශ්නය තියෙන්නේ දේශපාලන පක්ෂවල නොවෙයි, ජනතා ක‍්‍රියාකාරීත්වයක් අවශ්‍යයි. මිලියන 20ක් වුණු ජනතාව වෙනුවෙන් කොන්ත‍්‍රාත් කරන්න දේශපාලන ව්‍යාපාරවලට බැහැ. ජනතාව ක‍්‍රියාකාරී විය යුතුයි, ඒ ක‍්‍රියාකාරී වන ජනතාවට මඟ පෙන්වන්න පෙරටුගාමී කාර්යභාරයක් කරන්න දේශපාලන ව්‍යාපාරවලට පුළුවන්. ඒ නිසා අපි ජනතාවට කියන්නේ දැන් කවුරුත් එකතු වෙලා ‘ඇති’ කියලා කියන්න කාලය ඇවිත් තියෙනවා.’’
- පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ 2013 අප්‍රේල් 18දා එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්

ජනතාව වෙනුවෙන් කොන්ත්‍රාත් කරන්න දේශපාලන ව්‍යාපාරවලට බැරිය යන මෙම ප්‍රකාශය පෙරටුගාමී පක්ෂයේ වැදගත් අවබෝධ කරගැනීමක් නිරූපණය කරයි. 

ලංකාවේ අද දේශපාලනය නමින් සිදු වන දෙය ඇත්තෙන්ම එක්තරා අන්දමක කොන්ත්‍රාත් දීමකි. ගැනීමකි. ජනතාව රට පාලනය කිරීම ආණ්ඩුවකට, පක්ෂයකට, පවුලකට කොන්ත්‍රාත් දෙති. 

එකී පාලකයන් කරන කාර්යයන් විවේචනය කිරීම හා විරෝධය දැක්වීම සඳහා විපක්ෂයට කොන්ත්‍රාත් දෙති. 

ශ්‍රමිකයන් ලෙස තමන්ට ඇති හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හා සටන් කිරීම සඳහා වෘත්තීය සමිතිවලට කොන්ත්‍රාත් දෙති. 

මානව හිමිකම් පිළිබඳ පෙනී සිටීම රාජ්‍ය නොවන සංවිධානවලට කොන්ත්‍රාත් දෙති. 

අපේ මිත්‍ර ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මේ දිනවල කරන කොන්ත්‍රාත්තුව වන්නේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නවලදී  නඩු පැවරීම සම්බන්ධීකරණය කිරීමයි. ඔහුට මේ කොන්ත්‍රාත්තුවලින් කිසිදු ආර්ථික ලාභයක් ලැබෙන්නේ නැත. එහෙත්, මේ නඩු හේතුවෙන් ඔහු පසුපස එන ඇතැම් ගුරුවරු උසස්වීම් ලබාගෙන ටයි දමාගත් පසු ඔහු පාසලට එනවිට මගහැර යන අයුරු මම දෑසින් දැක ඇත්තෙමි. 

මෙසේ ලංකා ගුරු සංගමය හරහා නඩු කියා විදුහල්පතිකමක් ලබාගත් එක් ගුරුවරියක් සමග පසුගිය දිනෙක මම බසයකදී කතා කළෙමි. නඩු කියන කාලයේ ඇය පෙනී සිටියේ ඉතා රැඩිකල් ගුරු ක්‍රියාකාරිනියක ලෙසයි. ඇය කොළඹ යමින් සිටියේ ඇයට සිදු වූ අසාධාරණයක් පිළිබඳ පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරන්න‍ටයි. එක්තරා ඇමතිවරයකු විසින් ඇය එක්තරා පාසලකට විදුහල්පති ලෙස පත් කරන ලද බවද, ඒ ඇමතිවරයා විදේශගත වී සිටියදී ඇයව දැන් වෙනත් පාසලකට මාරු කර ඇති බවද ඇය කීවාය. ඇමතිවරයා ආ පසු බලාගන්නට පුළුවන් බවද ඇය කීවාය. සමහරවිට ඇය නැවත නඩු මගට බසින්නට ඇත. 

වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ කොන්ත්‍රාත්තුව ව්‍යාපාරික මට්ටමෙන් සාර්ථක ලෙසින් කරමින් විශාල ලාභයක් ලබන වෘත්තීය සමිති තිබේ. ..................... ආදීහු හොඳ මුදලාලිලාය. (සුදුසු නම් යොදා හිස්තැන පුරවාගන්න)

රාජ්‍ය නොවන සංවිධාන හා‍ ඒවායේ නායක කාරකාදීහුද මහජන අරගළ කොන්ත්‍රාත්තුවලින් දක්ෂ ලෙස ලාභ ගරා ගනිති. 

මේ අයට මහජනතාව කොන්ත්‍රාත් දුන්නේ ඔවුන් ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කරමින් තරග කළ නිසාය.

මේ කොන්ත්‍රාත් සෙල්ලමේ එක් අවධියකදී ජනතා විමුක්ති පෙරමුණ සෑම ක්ෂේත්‍රයකම කොන්ත්‍රාත් වෙනුවෙන් ටෙන්ඩර් ඉදිරිපත් කරමින් සෙසු කොන්ත්‍රාත්කරුවන් පරාජය කරමින් විහිදී යන්නට උත්සාහ කළේය. "අපට ඡන්දය දෙන්න, අපේ සමිතියේ සාමාජිකත්වය ගන්න. ඔබේ සටන අපි කරන්නම්" යන වෙළඳ පාඨය ඉදිරිපත් කරමින් ඔවුහු හැමතැනම ගියහ. එයට ඔවුහු දේශපානය යයි කීහ.

කලකදී රූපවාහිනී දේශපාලන සාකච්ඡා මේ රටේ අතිශය ජනප්‍රිය වී තිබිණි. ඒ සාකච්ඡාවලට සහභාගි වුණේ ඒවා බැලූ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කොන්ත්‍රාත් ගත් අයයි. අපි වෙනුවෙන් "මූ මගේ කාලය ගත්තා" ආදී දේ කියමින් ඔවුහු රංඩු වූහ.

මේ රටේ සිංහල ජනතාව යුද්ධය හමුදාවට කොන්ත්‍රාත් දුන්නේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ‍එහි සේනාධිනායකකම කොන්ත්‍රාත් ගත්තේය. 

කොටි සංවිධානයට ඊලාම් සටන කොන්ත්‍රාත් දුන් ඩයස්පෝරාවේ දෙමළ මිනිස්සු අමාරුවෙන් සොයා ගත් අමුද්‍රව්‍යවලින් සාදාගත් වඩේ කමින්, තෝසෙ කමින් කොටින් පැරදවූ සිංහලයන් කිරිබත් කන හැටි බලා විස්සෝප වූහ.

සිහල ජාතිය බේරාගැනීෆම් කොන්ත්‍රාත්තුව තමන්ට දෙන්නැයි බොදු බල සේනාව ඉල්ලා සිටියි. උන්ට වඩා අපි සුදුසුය කියමින් වෙනත් කණ්ඩායම් මුස්ලිම් කඩවලට ගල් ගසති. 

මේ අතර සියල්ල වර්චස් වෙමින් තිබේ. හම්බන්තොට වරායට නැව් නැත. ගුවන් තොටුපලට ගුවන් යානා නැත. හෝටල් හැදුවාට සල්ලිකාර සුද්දන් ලංකාවට එන්නට බයය. ආයෝජකයෝ නම් එන්නේම නැත. ආර්ථිකය නන්නත්තාරය. 'සාරවිට' චිත්‍රපටයේ 'ලක්ෂ ගණන් වස්තු ලැබී' ගීයේ එක් තැනක කඩේ මුදලාලි 'ගත් ණය සේරම මට පොළිය සමග ලැබෙනවා' යි කියයි. අපිත් ඉතින් ඩොලර්වලින් ලක්ෂ ගණන් වස්තු ලැබූ පාලකයන් දැමූ සුදිවලටත් එක්ක ගත්‍‍‍‍ ණය සේරම දැන් පොළිය සමග ගෙවනවාය.බදු නිසා බඩු මිළ අහස උසට නගිනවාය. වැටුප එතැනමය.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදනවිට කීවේ විදුලි බිල අඩු කරනවාය කියාය. ඒ කාලයේ මුඛයත්, අධෝමුඛයත් යන දෙකම වසාගෙන සිටි චම්පික රණවක විදුලි බල හා බලශක්ති ඇමති වී ගල් අඟුරු තවදුරටත් ලාභදායී ඉන්ධනයක් නොවන බව සොයාගත්තේය. ඔහු පහකරමින් එතැනට පත් ඇමතිතුමිය ජනතාවගේ යටිබඩටම දැනෙන ලෙස ඔන්න විදුලි බිල වැ‍‍ඩි කරලාය. 

කවුරු කවුරුත් කුණු රස බැලූ කුයිල් ජාතිවාදයේ ආදීනව රට බෙදන බඩේ රුජාවක් බවට පත් වී තිබේ. 

තවදුර‍‍ටත් ඉවසන්නට බැරි තත්වය දැන් නිර්මානය වී තිබේ. ඉතින් කට්ටිය තම තමන්ගේ පවුල් සංස්ථා හා පර්චස් දහයේ ලෝක තුළ හිඳගෙන දැන් ජංගම දුරකථනයෙන් දේශපාලන පක්ෂවලින්, වෘත්තීය සමිති‍්‍වලින් ආදි‍යෙන් මෙසේ අසති. 

"කෝ මොකවත් කරන්නේ නැද්ද?"

පුබුදු ජයගොඩ උත්තරය දී ඇත. 

හැබැයි ඉතින්, මේ කොන්ත්‍රාත් තත්වය නිර්මානය කරන්නට ජවිපෙත් සෑහෙන්න සායක වූ නිසා ඔ‍හොම කියලා ගැලවෙන්නත් බැරිය. එතකොට ගත්තු කොන්ත්‍රාත්වලට වුණේ මොනවාද කියන ප්‍රශ්නය මතුවෙනවාය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

Comments

  1. වෙලා තියෙන්නේ ජනතාව තමන්ගේ වැඩ කර ගැනීමට කෝන්ත්‍රාත් දීම නොව මහින්ද විසින් තමන්ගේ පැවැත්මට කෝන්ත්‍රාත්තු දිමය..
    මෝඩ මිනිසුන් තමන් කට වසා නිදී යා ගන්නේත් අනෙකෙකුගේ කෝන්ත්‍රාත් එකක් නිසා බව නොදනී

    ReplyDelete
  2. පෙරටුගාමී කියලා නමක් දාගත්තට ගිය අවුරුදු 10 පුරා මුං ෆැසිස්ට් ක්‍රමයක් නඩත්තු කරන්න ගහපු ජැක් එකේ වන්දිය ගෙවලා ඉවර කරන්න බෑ. ගොං හැත්ත.

    ReplyDelete
  3. මීට අවුරුදු ගානකට කලින් මෙහෙම කියන්න වෙන බව දැකපු අයට කොටි, සිංහල කොටි, එන්ජීඕ කාරයො, ඩොලර්කාක්කො කියලා නම් පට බැඳපු හොර හැත්ත, අනාගත්තා නං දැං කාපියවු.

    ReplyDelete
  4. ඒක දේශපාලන පක්ෂයක්ද? මම අදයි දැන ගත්තේ. මම හිතුවේ පොන්න සමාජයක් කියලා. දේශපාලනය කරන්න ඉස්සෙල්ලා අඩු ගානේ වොයිස් එක හදාගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇත්තද මල්ලි, ඒක පොන්න සමාජයක් ද? කොළඹ නගරෙ ට්‍රැෆික් නැති කරන හැටි කියල ගොං ලිපියක් දාල ඒකට කමෙන්ට් 100 ක් වැටුණට පස්සෙ උඹ හිතන්නෙ උඹ හෙන පිරිමියා කියල ද? ජීවිත අවදානමක් අරන් රාජපක්ෂගේ ආණ්ඩුවට අභියෝග කරමින් දේශපාලනයට කරන එවුන්ට පොන්නයා කියනව මෙ‍ලෝ දේශපාලන වැඩක් නොකර සැපට ඉදගෙන බ්ලොග් එකක් දාල තමුන් පිරිමියා කියල හිතාගෙන ඉන්න දේශපාලනික පොන්නයෙක්.මාර යුගයක් බොල මේක.

      Delete
    2. ඔය පක්ෂය නමේ ඉඳන්ම වංචාව දීප්ති කුමාර ගුණරත්න තමන්ගේ පක්ෂෙට කොයින් කරපු නම, චන්ද කොමසාරිස් අසාධාරණ විදියට පක්ෂයක් ලෙස පිලිහන්න බැහැ කියල රිජෙක්ට් කරාම දීප්ති උසාවි ගිහින් සටන් කරලා පෙරටුගාමී පක්ෂය ලියාපදිංචි කරේ. පුබුදුලා හරියට ඉස්සර ඉඳන් දන්නවා වගේ දීප්තිගේ පක්ෂය කඩාගෙන ආපු අයත් එක්ක එකතු වෙලා පෙරටුගාමී නම කිසි හිරිකිතයක් නැතිව කොපි කරා. මේවා පොන්න වැඩ නොවෙයිද? මාතලන් කියන එක ඇත්ත තමයි මල්ලි, ඒක පොන්න සමාජයක් තමයි.

      Delete
    3. මම කියන්න ගියපු දේ උදිත කියලා. තව මොන කතාද..? මීඩියාවලට ඩයලොග් දිදී ඉන්නේ මිනිස්සු 50 ක් බස්සන්න කියන්නකෝ පාරට. බොබසෙට සෙනග ඉන්නවා මීට වඩා.. මට නම් උන් පොන්නයන් පිරිසක් ඇර වෙන කිසි ලෙසකින් පෙනෙන්නේ නැත.

      Delete
    4. මෙන්න බොල නිව් යෝර්ක් වල ධනවාදී පොන්නයත් ඇවිල්ල දීප්ති ගැන කියන්න. දීප්තිලයි පුබුදුලයි අතර තියෙන ප්‍රශ්න ඒ අය බේරගනීවි.මේ දෙගොල්ලම සමාජ වෙනසක් වෙනුවෙන් වැඩ කරන එවුන්.සිස්ටම් එකෙන් වැටෙන ඉදුල් ටික අහුලගෙන කාල මං හෙන ධනවාදියා කියල හිතන් ඉන්න උඹ මොන පොන්නයෙක් ද බං මෙවුන්ගේ ආරවුල් ගැන කථා කරන්ඩ.

      මාතලං ලොක්කො - ඒ මිනිහ පොන්නයෙක්ද නැද්ද කියල හොයන්ඩ ඉස්සෙල්ලා කියවල බලපං ඌ කියන කථාව ඇත්තද කියල.බොබසෙට ඉන්නෙ ආණ්ඩුවට ඉන්න සෙනගනෙ.සංඛ්‍යාවෙන් ගත්තම ආණ්ඩුවට සෙනග වැඩි එකනෙ රටට හෙණ ගහන්ඩ හේතුව.ලයිට් බිල් වැඩි උනාම සෙනග පාරට බහින් නැත්තෙත් බොබසෙ පෙන්නන මැජික් එකට සෙනග අහුවෙලා ඉන්න හින්දනෙ. උන්ට පාරට බහින්ඩ කියන උඹ මොනවද කරල තියෙන්නෙ? ට්‍රැෆික් අඩුවෙන හැටි ගැන ගොං පෝස්ට් එකක් ලියල උදිත වගේ ගොංබයියන්ගේ හුරේ පාර අහපු එක විතරනෙ.අජිත් ලියල තියෙන දේවත්,පුබුදු කියන දේවත් ගැන කියන්න මෙලෝ අදහසක් බොට නැහැ.උඹට කියන්න පුලුවන් එකම දේ ඒ මිනිස්සු පොන්නයෝ කියන එක තමයි.ඊට වඩා පොන්නකමක් බොස් මට හිතාගන්ඩ බැහැ!!

      Delete
    5. @මාතලන්, උදිත

      වියාග්‍ර පෙති ගැසූ කෙහෙළිය රබුක්වැල්ල සේ බග..නියක් වැනි ප.. කොටයක් සරම උස්සා ලොවට පෙන්නු ජාතියේ මහා පුරුෂයන් දෙදෙනාගේ දේශපාලන දැනුමේ තරම, අකල්පයන්ගේ පජාත කම, මොළ කුහර වල දිගපළල බ්ලොග් අවකාශයේ සිංහල කියවන පාඨකයන් හමුවේ විදාරණය කල කදිම කොමෙන්ටු දෙකක් බව අපගේ අදහසයි. ලොරි ටෝක් බ්ලොග් වල දැම්මත් (ඇත්තටම ඒගොල්ලෝ හිතනින්නේ එයාලගේ බ්ලොග් වල තියෙන්නේ මාරම අදහස් තමා කියල, කියවන අය තමයි දන්නේ පැය ගණන් අකුරු කොටලා මේකා කියල තියෙන්නේ මොනතරම් ගොන් කතාද කියල!)
      දේශපාලනිකව තමන් මොනතරම් අමනයන් දෙපොලක්ද යන්න ප..ය හැමවිටම කෙලින් ඇති මේ මහතුරු දේපල අපට පෙන්වාදෙයි.

      අපට අනුවනම් මේ විපරිත් විලම්බීත වෙන කිසිවක් නිසා නොව පුලස්ති සහෝදරයා මිට ටික කලකට කලින් කිවූ පරිදි මෙලෝ අනන්‍යතාවයක් නැතිව අනන්‍යතා අර්බුද වලින් බැට කන රිලා පැටවුන් මේ ඉන්ටර්නෙට් අවකාසය ඇතුලෙ ගොන් පොරවල් වීමට දගලන දැගලිල්ලයි.

      උදාහරණ ලෙස ලංකාවේ ඉන්දැද්දී ගෙදරට මරගාතයක් වූ උදිත ඇමරිකානුවන් නැතිනිසා ඇතිවූ කම්කරු අබර්තු පිරවීමට ඇමරිකාවට ගොස් පඩියක් දෙකක් ඩොලර් වලින් ලැබෙන විට සිරාම දේශපාන විචාරකයෙක් වෙන්න වුවමනාවෙයි. මිනිහ ලංකාවෙන් යනකොට දීප්ති සහෝදරයා ලාංකීය දේශපාලනයේ වැදගත් සලකුණක් නිසා මේකා දීප්ති වගේ වෙන්න යයි. දීප්ති මේ බුතය ගැන අහලවත් නැති උනත් දීප්ති මුගේ සාක්කුවේ වගේ ටෝක්ස් දෙයි. දීප්ති වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටි. මේ වෙන මොකටවත් නොව නොදන්නා දර්ශන වාදයක් හා දේශපාලන දැනුමක් දන්නවයයි අනෙකුන්ට මවාපැමටයි.

      ඉතින් මේවගේ අනන්‍යතා අර්බුද වලින් බැට කන රිලා පැටවුන් සමාජ වියාපාරගැන දාන කොමෙන්ට් දැක්කාම කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බැ ඔයි.

      Delete
    6. ඈ බන් උදිතයෝ එතකොට සිරිතුංග ජයසූරියගේ එක්‌සත් සමාජවාදී පක්‌ෂය කියන එකේ 'එක්‌සත්' කෑල්ල එක්සත් ජාතික පක්‌ෂයට 'කොයින් කරපු' එකෙන් අරන්ද? ඊටත් අමතරව ඉන්දියාවේ තියන පෙරටුගාමී පක්ෂේ නමත් දිප්තිගෙන් කොපි කරලද? මොකද බන් උබේ ගොන් කතාවේ තේරුම?

      වැඩේ කියන්නේ ඔයා දීප්තිට පුක දෙන්න ගියාට දීප්ති කොල්ලෝ ගහන්නේ නැ මචං.

      Delete
    7. @උදිත

      ඒ ඇයි බන් උබ අර ත්‍රිමාණ වෙබ් සයිට් එක බලල එකේ කරුණු උබේ ඒවා වගේ පොඩ්ඩක් වෙනස් කරලා දෙසාබාන්නේ. ඒ සයිට් එක අපිටත් පේනවා උබ අමුතුවෙන් කියන්න ඕනනැ!

      Delete
    8. @Ano: at7:15 AM;
      දීප්ති කාරය ගහන්නෙ එඩියුකේටඩ් බැදපු බඩු උස්සන් ගිහිල්ලනෙ?

      Delete
  5. අවුරුදු ගානක් යනතුරු අපේ සමාජය අවදි වෙන්නේ නැහැ. ඒ තරමටම මාද්‍ය වලින් අන්දවල තියෙන්නේ.දැන් රජය විසින් සමාජ ගත කරන්නේ විදුලි බිල වැඩිකරන්නෙත් ඇමරිකාව නිසයි කියලා.

    ReplyDelete
  6. ඇත්තටම පෙරටුගාමීනුත් කොන්ත්‍රාත්තුවක් නොකරනවානම්....

    ReplyDelete
  7. ප්‍රශ්නය ඇත්තේ මහින්ද හෝ මහින්දගේ ආණ්ඩුවේ නොව. ඔවුන් සාමාන්‍ය ආකාරයෙන් රට පාලනය කරති. සාමාන්‍ය ආකාරයෙන් කියන ලද්දේ නිදහස ලැබූ දින පටන් ලංකාවේ බලයට පත් වූ සෑම සියළු දෙනා පරිදිම යන්නයි. එහිදී මහින්ද යනු එදා සිට මෙදා දක්වා සිටි නරකම එකා යැයි කැව නොහැක. අනිත් සෑම දේම වැඩිවන විට එයට සාපේක්ෂව මහින්දගේ වැඩත් වැඩි වී ඇත. ඒ ඒ කාලව සිටි අයගෙන් ඒ ඒ කාල වලදී පවතින රජය ගැන විමසූ විට ලැබෙන්නේ අද මහින්දට දොස් කියන ආකාරයේම කතා මිස වෙන කිසිවක් නොවේ.

    එසේ නම් ප්‍රශ්නය ඇත්තේ කොතැනද?

    ප්‍රශ්නය ඇත්තේ ජනතාවට මහින්දගෙන් එහාට මේක බාර දෙන්න එකෙක් නැති වීමය. එය ජනතාව හොදින් දනී. පෙරටුගාමි පක්ෂයේ ඔය කතා කලයි කිව්ව මොකාද එකා එය අවංකවම පිළිගෙන ඇත. ජනතාව නැගිටලා මොකක් හරි කලොත් මිස අපිට මේක බාර ගන්න බැරියැයි ඔවුන් කෙලින්ම කියා සිටිති. උන්ට බාර ගන්න පුළුවන් උනත් ජනතාව උන්ට ආණ්ඩුවක් තියා පන්සලක දායක සභාවක්වත් බාර නොදෙන එක වෙනම කතාවක්ය. එහෙත් අවංකවම උන්ටත් බැරි බව කියපු එකම වටින කතාවක්ය. ඉතිං උන් දැන් ජනතාව නැගිටිනකල් බලා සිටී.

    ජනතාව නැගිටින්නේ අහවල් එකටද? ගඩාෆි ක්‍රමයට මහින්ද එලවීමටද? රටේ තවමත් ලිබියාවේ මෙන් හරක් නැත. ඉගුරු දී මිරිස් ගත්ත ජාතියක එවුන් වන අපි නැවත වතාවක් ඒ මෝඩකම කරන්නට සූදානම්ද? මේ ඉන්න එකා එලවා බැරිනම් ගඩාෆි ක්‍රමයට මරා දැම්මා හරි වේවා, එයින් පසුව ජනතාවට සියළු සැපත උදා වෙයිද?
    එයින් පසුව රට කරවන්නේ කවුරුන්ද?
    එක්සත් ජාතීන්ගේ සංවිධානයද? ඇමරිකාවද?
    නැතිනම් යූ ඇන්පීයද?
    පෙරටුගාමියෝද?
    ජෙප්පෝද?
    මොකාද?

    මං අහන්නේ පැරා මොකාද? මොකාටද අපි මේක බාර දෙන්නේ?

    ඉතිං ජනතාවට තියෙන ප්‍රශ්නය මහින්දද?
    මොකද පැරා හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. //මං අහන්නේ පැරා මොකාද? මොකාටද අපි මේක බාර දෙන්නේ?
      //

      මේ හෑල්ල ලියල ආපහු ඔයා පටන් ගත්ත තැනටම එනව.ඔයත් අපි වෙනුවෙන් මේක කවුරුහරි කරයි කියන පටු සාම්ප්‍රදායික මනෝභාවයේ ඉන්නෙ.මොන ඉලවුවකට ද ඔයා ගැලවුම්කාරයෙක්ව හොයන්නේ?ඔයාට ඔයා ගැන විශ්වාසයක් නැද්ද?මිනිස්සුන්ගේ ගැලවුම්කාරයා මිනිස්සුමයි.එච්චරයි.තම තමන්ගේ සංවිධාන හදාගනිල්ලා.ඒ සංවිධාන වලට බලය ගනිල්ලා.එක එක සොකඩයොන්ට කඩේ යන්ඩ එපා.

      Delete
    2. ++++++++++++++++++++++++

      Delete
  8. Ane manda. Mata pissu wage....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා