මෙහෙම ගියොත් මෙහෙමත් වේවි. ඒ නිසා Give Peace a Chance

අලුත පහළ වූ සිංහල බෞද්ධ වීරයන් විසින් ලංකාවට පෙන්වමින් සි‍‍ටින පාරේ බලාපොරොත්තු විය හැකි දේ මොනවාද?

වරායේ සිදු වන ක්‍රියාමාර්ග වැනි ‍දේ හරහා අපනයන ආදායම් බිඳවැටීම

බුදුරුවක් සිරුරේ පච්ච කොටාගෙන සිටි බෞද්ධයකු යයි කියන බ්‍රිතාන්‍ය ජාතිකයකු රටින් පිටුවහල් කිරීම වැනි ක්‍රියා හරහා ලංකාව නිදහසක් නැති රටක් හා වාර්ගික ගැටුම් සිදුවන, ආගමික අන්තවාදය පවතින අවදානම් සහිත රටක් ලෙස ප්‍රචාරය වීමෙන් සංචාරකයන් පැමිණීම අඩුවීමෙන් විදේශ ආදායම් අඩු වීම

යුද අපරාධ චෝදනා හා ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාධාරණ අන්දමින් නොසැලකීම යන කරුණු මත තමිල්නාඩුවේ උද්ඝෝෂණ ඉහළ යාම නිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට ලංකාව සම්බන්ධයෙන් මැදිහත්වීමක් නොකර සිටීමට බැරි තත්වයක් නිර්මානය වීම

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට හේතු වන පරිදි රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම නිසා ලංකාවේ ඊලාම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා වූ ජාත්‍යන්තර උද්ඝෝෂණ ශක්තිමත් වීම. මේ වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුය යන අදහස ජාත්‍යන්තර වශයෙන් ඉදිරියට පැමිණීම

රජය ගැන ජාත්‍යන්තර පිළිගැනීමක් හා විශ්වාසයක් නැතිවීම නිසා දැනට ලැබෙන විදේශ ආයෝජනද නොලැබී යාම

ආනයන ඉහළ ගොස් අපනයන බිඳ වැටී වෙළඳ ශේෂය ඉහළ යාම හා ලංකාවේ විදේශ සංචිත ක්ෂය වී යාම දැනටමත් ආරම්භ වී තිබේ. මහ බැංකු සංඛ්‍යා ලේඛන විමසා බලන්න
පවතින ලෝක තත්වය තුළ දැනටමත්, සයිප්‍රසය, දකුණු කොරියාව වැනි රටවල සිටින ලාංකිකයන්ගේ රැකියාවලට තර්ජන එල්ල වී තීබේ. මැද පෙරදිග රැකියාවලටද තර්ජන ඇති වන තත්වයක් දැන් ලංකාවේ බෞද්ධ අන්තවාදීන් විසින් නිර්මානය කරමින් තිබේ. 

ඉතින් මෙහෙම යනවිට මධ්‍යම පංතික දේශප්‍රේමී මහත්වරුනි, රට වෙනුවෙන් කියා ආණ්ඩුව මෙහෙම දේත් කරනු ඇත.

යෝජිත විදුලි බිල ඉහළ නැංවීම ක්‍රියාත්මක කිරීම

ඉන්ධනවලින් තවතවත් ලාභ ලැබීමේ අරමුණින් ඉන්ධන මිළ ඉහළ නැංවීම

වාහන බදු, සුරාබදු තවත් ඉහළ නැංවීම

දැනට බදු අය නොකෙරෙන සියලු අංශවලට අලුතින් බදු පැණවීම

ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොලියට ණය ගැනීම නිසා රටේ ණය බර තවත් ඉහළ ගොස් එය ජනතාව මත පතිත වීම

පාරවල් හැදීම වැනි සංවර්ධන කටයුතු අත්හිටුවන්නට සිදු වීම

අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සුබසාධන සේවා සඳහා වැය සීමා කිරීම. ඒවායින් ආදායම් ඉපැයීම පිණිස විවිධ ක්‍රම භාවිතා කිරීම. (රෝහල්වලින් බිල්පත් නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ)

බැංකුවල තිබෙන මහජනතාවගේ ඉතුරුම්වලින් මුදල් ආපසු ගැනීම සීමා කිරීම

රජයේ සේවකයන්ගේ වැටුප් වර්ධක, ආපදා ණය ආදිය අත්හිටුවීම

ලංගම වැනි සුදු අලින්ට රජය විසින් දෙනු ලබන මුදල් නැවැත්වීම නිසා සේවකයන්ට පඩි ගෙවාගන්නට බිරි වීම

දිළිඳු සහනාධාර, සමෘද්ධිය වැනි දීමනා නොගෙවීම

පොහොර සහනාධාරය ඉවත් කිරීම

මෙම කාරණා සම්පූර්ණ වන විට ආණ්ඩුව බොදු බල සේනා වැනි සිංහල බෞද්ධ ත්‍රස්ත ව්‍යාපාර යොදාගෙන  මහජන අසහනය දෙමළ, මුස්ලිම් ජාතීන් පිට පමණක් නොව ක්‍රිස්තියානි වැනි බහුජාතික පදනමක් ඇති ආගමිකයන් පිටද මුදාහරිනු ඇත.

ප්‍රතිචාරාත්මක දෙමළ, මුස්ලිම් ත්‍රස්ත කණ්ඩායම්ද බිහි වනු ඇත. මහජනතාව මහ මග රෙදි ඉරාගන්නා, ගුටි ඇනගන්නා, මිනී මරා ගන්නා, දේපල ගිනි තබා ගන්නා තත්වයක් නිර්මානය වනු ඇත.

රටේ පූර්ණ අරාජිකත්වයක් නිර්මානය වනු ඇත.

නාඳුනන තුවක්කුකරුවෝ, සුදු වෑන් ආදිය යළි පැටව් ගසනු ඇත.

ඔබේ සාමකාමී ජීවිතය හා දරුවන් ගැන අනාගත බලාපොරොත්තු දෙදරා යනු ඇත.

වෙනත් රටවලට සංක්‍රමණය වීම තවත් දුෂ්කර වනු ඇත.

හිතන්න. මේ ජාතිවාදී, ආගම්වාදී වියරුවට කුමන අන්දමකින් හෝ දායක නොවන්න. එයට මේ මොහොතේ සිටම එරෙහි වන්න. රටේ ප්‍රශ්න සාමකාමී අන්දමින් විසඳා ගැනීමට පාලකයන්ට බලකරන්න. අන්තවාදීන්ට, ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට බල කරන්න. 





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. අප සිදුවූ ඛේදජනක අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට කැමති නැති ජාතියක් ලෙස සැලකිය හැකිය. නැත්නම් සිදුවී තිබෙන දේවල් ඒවායින් පාඩම් ඉගෙන ගැනීමට තරම් වන හැඟීමක් ඇති කිරීමට තරම් විශාල හෝ ප‍්‍රමාණවත් වී නැත. සමහරවිට අපට පාඩම් ඉගෙන ගැනීමට වඩා විශාල විනාශයක් අවශ්‍ය වී තිබෙනවා විය හැකිය. වළක වැටීමත් මොළයට ලාබයක් බව කියා ඇත්තේ මා ඕ සේතුංය. එහෙත් වළක වැටීම මොළයට ලාබයක් වනු ඇත්තේද මොළේ ඇති මිනිසුන්ට පමණය.

    රාජ්‍ය බලය අල්ලා ගැනීමේ අරමුණින් හෝ වෙනම රාජ්‍යයක් ඇති කරගැනීමේ අරමුණින් සිදුවූ ප‍්‍රචණ්ඩ නැගිටීම් හා ඒවා මර්දනයේදී සිදුවී ඇති ජීවිත විනාශය ලක්ෂයකටත් වැඩිය. රටේ ජනගහනයේ ප‍්‍රමාණය අනුව ගත් විට එම සංඛ්‍යාව ඉතා විශාල වුවද ඒ මරණ අපේ සමාජ අධ්‍යාත්මය බලවත් කම්පනයකට පත්කිරීමට හේතු වූ බවක් පෙනෙන්නට නැත. මරණයට පත්වූ අයගේ දෙමාපියන් හා අඹුදරුවන් පවා එය ඉක්මනින් අමතක කර දැමූ බවක් පෙනෙන්නට තිබේ. ප‍්‍රචණ්ඩ නැගිටීම් ඇතිවූ වෙනත් රටවල් සමග ගත්විට අපේ රටේ තරම් විශාල දේශපාලන නායකයන් සංඛ්‍යාවක් මරණයට පත්වූ වෙනත් රටක් නැති බව කියා සිටියේ වැවිලිකරුවකු විසිනි. ඔහුට ඒ බව කියා තිබුණේ ශ‍්‍රී ලංකාවේ ඇතිවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන හදාරමින් සිටින විදේශ සමාජ විද්‍යාඥයකු විසිනි. ඒ පැත්තෙන් ප‍්‍රශ්නයේ ඇති බැරෑරුම්කම මට තේරුම් ගියේද ඒ අවස්ථාවේදීය. දේශපාලන තලයේ වර්තමානයේ දක්නට ලැබෙන කාන්තාර තත්ත්වය තීව‍්‍ර කිරීමට එයද හේතුවූවා විය යුතුය. එහෙත් ඒ කිසිවක් සාමාන්‍ය වශයෙන් ගත්විට ශ‍්‍රී ලංකා සමාජයේ හෝ විශේෂ වශයෙන් ගත් කල අපේ දේශපාලකයන්ගේ, උගතුන්ගේ, වෘත්තීය වේදීන්ගේ හෝ කලාකරුවන්ගේ හදවත් බලවත් ලෙස කම්පනයට පත්කිරීමට හෝ ඒ ආශ‍්‍රයෙන් ඔවුන් බුද්ධිමය වශයෙන් කරුණු සොයා බලන තැනකට තල්ලූ කිරීමට හේතුවූ බවක් පෙනෙන්නට නැත.

    ravaya

    ReplyDelete
  2. මම මගේ පෞද්ගලික මතය කියන්නං කෝ.

    පැහැදිලිවම මම ද්‍රවිඩයන්ට එරහිව ගෙනගිය මර්ධනකාරී යුද්ධයට විරුද්ධ වූ කෙනෙක්. අනික නම් උතුරේ ද්‍රවිඩ ජනයාට ස්වයං පාලන අයිතිය ලබා දිය යුතුය යන මතේ ඉන්නේ.

    එසේම මුල් කාලයේ ලෝකයේ තිබු ආගම් වල අන්තවාදී ස්වරුපයක් තිබුනා. නමුත් කල්ගතවත්ම ඒ අන්තවාදය ක්‍රමයෙන් අඩුවෙලා මනුෂ්‍යත්වයට ගරු කරන ශිෂ්ඨසම්පන්න විදියට ආගම් පරිණාමනය උනා. නමුත් ඉස්ලාම්.... එය යන්නේ ආපස්සට. ශිෂ්ඨසම්පන්න මිනිසා ප්‍රිය නොකරන,මිලේච්ච යල්පැන ගිය දර්ශනයක් එය.

    එමනිසා මුස්ලිම් යනු රටක අහලකට වත් ගෙන්වා නොගතයුතු මිනීමරු,මිලේච්ච, මානසික රෝගියෙකුගේ නිර්මාණයක්. ඒ මිනීමරු දර්ශනය පස්සේ යන ත්‍රස්තවාදී අනුගාමික රැල මර්ධනය කිරීමට ඊශ්‍රායිලය,ජපානය වගේ රටවල් ගෙනයන වැඩපිළිවෙල ඉතාම අගය කරනවා.

    මොකද ඉස්ලාම් කියන්නේ අන්ආගමිකයන් හා ආගමක් නොදහන හැමෝටම තර්ජනයක්. ඉතින් ඒකට ඕනෑම තැනක පහර ගසන්න මා මැලිවෙන්නේ නැත.

    අනික ඔය මුස්ලිම් අන්තවාදී ස්ත්‍රීන බිල්ලෙක් මෙන් පොරවා ගෙන යන විට ලංකාවේ විතරක් නොවේ බටහිට රටවලත් ජනයාගේ විරෝධය මතුවෙනවා. මා යුරෝපයේ දැක තිබෙනවා එම ඇඳුම සහිත කාන්තාවන් පැමිණෙන විට ජනයාගේ ඇති පිළිකුල.

    AXL

    ReplyDelete
    Replies
    1. oyaa dakina Islam walata wadaa true Islam wenas anith eka Israel karana dhay agaya karana kanak num mata oyaa gena kiyanna thiyennay oyaa amanayek kiyala witharai

      Delete
  3. Ano1 ගොඩක් වෙලාවට මම පැරාගේ අදහස් එක්ක ගැටෙනවා.. එත් නැගී එන ජාතිවාදය නවත්තන්න ඔහු දරන අවංක උත්සාහය හදවතින්ම අගය කරනවා..

    ReplyDelete
  4. පල පොන්නයා යන්ඩ. උබ ඔය කියන ආර්ථික කඩා වැටීම් හැම රටකම සිද්ධ වෙනවා. ඒවට උබ කියන්නේ සිංහල බෞද්ධයා වග කියන්ඩ ඕන කියලද​? තුප්පහි කසි කබල් මාක්ස්වාදියෝ මේ ලෝකේ ජාත්‍යාන්තර කියලා එකක් නෑ පොන්න අනුකාරක දීනයෝ. කෙලින්ම ලියපන් බය නැතිව ඇමරිකාව​, යුරෝපය​, ඉංදියාව කියලා. තොපි වගේ බටහිර උගත් දීන පොන්නයන්ගේ හෙලුව අපි හොදට දන්නවා. තොපේ ඊනියා උගත් කමට අපි දැන් බය නෑ. බටහිරින් උගන්වන දේ ගෙඩි පිටින් ගිලලා තටම තටම මෙහෙට ආදේශ කරලා කුහක ආත්ම වලට සැනසීමක් ගන්ඩ දගලන තොපි වගේ පොන්නයෝ ගොඩකගේ කලිස්ම් ගැලවිලා ගොඩක් කල්. පොන්නයා!......

    ReplyDelete
    Replies
    1. ඔබ නියෝජනය කරන පාර්ශවයේ අනන්‍යයතාවය, ඔවුන්ගේ අදහස් උදහස් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිමූර්තියක් ලෙස ඔබගේ වචන සෙට් ඒක ගතහැක.

      Delete
    2. පොන්නයා කියා ඔබ කියන්නේ ලිංගික වශයෙන් අකර්මන්‍ය පුද්ගලයකුට විය යුතුය. යමෙක් එසේ වන්නේ කිසියම් ශාරීරික හෝ මානසික හෝ රෝගී තත්වයක් නිසා වන්නට පුළුවන. නැතිනම් එය මිනිස් විවිධත්වයේ ස්වාභාවික ලක්ෂණයක් වන්නටද පුළුවන. එය එම තත්වයට පත් වූ පුද්ගලයාගේ වරදක් නොවේ. මෙවැනි පුද්ගලයන් ඕනෑම ජාතියක සිටිය හැකිය. සිංහලයෝ අතර පොන්නයෝ නැද්ද?

      අනෙක් පැත්තෙන් මෙම සමාජ, දේශපාලන කාරණා සමග ලිංගිකත්වයේ ඇති සම්බන්ධය කුමක්ද?

      එහෙමත් නැතිනම්, ජාතික කුණුහරුපය පොන්නයා යන වචනයද?

      එහෙමත් නැතිනම්, ඉහත කී කමෙන්ටුව දැමූ ඇනෝට තිබෙන ගැටලුව මෙයද?

      ජාතිය ආරක්ෂා කරන පිරිමි ඔබ වැනි අය නම්, එහෙම අයකු නොවී පොන්නයකු වීම ඇත්තෙන්ම නරක නැත.

      Delete
    3. අනෙක අනුන්ට පොන්නයා කියා බනින මේ වීරයාට අනන්‍යතාවක් නැත.තමන්ගේ නමින් කමෙන්ටුවක් දමන්නට බය, අනුන්ට කුණුහරුප කියන මෙවැනි අයට ඇත්තෙන්ම අනුකම්පා කළ යුතු ලිංගික ප්‍රශ්නයක් තිබෙනවා විය හැකිය.

      කුණුහරුප ටික ඇරුණාම අනෙක් වචන ටික නලින්ද සිල්වාගේ ඒවා වගේය.

      Delete
    4. මේ ඇවිල්ල විද්‍යාව බොරුයි කියන ඒත් නම විදුසර පත්තරේ පිස්සු කියවපු නලින් සිල්වා නම් අනියම් පියාගේ දරුවෝ මේ අය අවජාතක නොවෙයි තමන්ගේ ජීව විද්‍යාත්මක තාත්තා සංකේතිය නොවන නිසා ඒ වෙනුවට චතුස්කෝටික සංකේතිය පියා නලින් මගින් නැවත උපන් අය. නලින් ගේ සයිකෝසියාව සීරියස් ගත්ත අය. පව් තමන්ට උනේ මොකද්ද කියල මේ අය දන්නේ නෑ.මානසික රෝගීන්ට අනුකම්පා කල යුතුයි.හැබැයි මේ අය රෝහල්වල නොවෙයි එළියේ ඉන්නේ ඒකයි ප්‍රශ්නේ .

      Delete
    5. තම අනන්‍යතාවය පවා හෙළි කිරීමට අපොහොසත් මෙවන් විවේචකයන් අන් අයට පොන්නයන් කීම මහත් විහිළුවක් නොවේද. නලින්ද සිල්වා හෝ වෙනත් අයකුගේ මතවාද වැමෑරීම හැර යාහැකි වෙනතක් නැති මොවුන්ගේ සැබෑ තත්වය මෙම වචන භාවිතාවමය. නලින් ද සිල්වා නැමත්තා බටහිර විද්‍යාවෙහි පිහිටින් තම දරුවන් සුඛිත මුදිත කළාවූද තම ආර්ථිකය සරි කරගත්තාවූද අන්‍යයන් මුලාවේ දමනකු නමුදු සැබෑ දැනුමක් ඇත්තෙකි. හැකිනම් තම අනන්‍යතාව හෙළි කරමින් පැමිණෙන සේ ඔබය ඇරයුම් කරමි.

      Delete
  5. ජාතිවාදී වීම මෙන්ම අාගම්වාදී වීමේ අාදීනව අපි හොදාකාරවම අත්විද අැත. ඒසේ තිබියදීත් නැවතත් ජාතිවාදය වපුරන්නන් අද කරන්නේ ඔවුන්ට ලැබී අැති කොන්ත්‍රාත්තුවකි. ඒසේ නොමැතිව හදිසියේ පහලවූ ජාතිඅාලයක් නිසා හෝ අාගම් අාලයක් නිසා නොවෙයි.මේ ත්‍රියාත්මක වන්නේ දේශපාලන යටිකූට්ටු වැඩ පිලිවෙලකි. අද අසාර්ථක අාර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා කබලෙන් ලිපට වැටීඅැති ජනතාව, රජයට ඒරෙහිව නැගී සිටීම වැලැක්වීම සදහා රජය විසින් ගනුලබන ක්‍රියාමාර්ගයන්ගෙන් ඒකක් ලෙස මේ ජාතිවාදී උමතුව හැදින්විය හැක. පසුගිය කාලයේ අැතිවූ ග්‍රිස් යකා භීෂණය ද තවමත් ක්‍රියාත්මන වන සුදු වෑන් භීෂණ්‍යද ඒවැනි තවත් ක්‍රියාකාර කම්ය.
    මං මුලා වී වනයේ ගමන් කරන්නකු තමා අසලම තමන්ට දෂ්ඨ කිරීමට සූදානම් වූ සර්පයකු සිටියදී ඒ දෙස නොබලා තමන්ගේ කකුලේ සිටින කූඩැල්ලන් ඉවත් කරමින් සිටිනවා වැනි ක්‍රියාවකුයි අද අප අනුගමනය කරමින් සිටින්නේ. මුස්ලිම් අන්තවාදී හා ද්‍රවිඩ ජාතිවාදී කූඩැල්ලන් ඉවත්කරමින් සිටිනවාට වඩා අප අවධානය යොමු කලයුත්තේ අපට දෂ්ඨ කිරීමට සූදානම්ව ඉන්නා අාර්ථික අවපාතය නැමති සර්පයා කෙරෙහිය. මං මුලා වූ උන්මත්තකයෙකු මෙන් නොහැසිරී සිහි බුද්ධියෙන් යුතුව මේ සර්පයන් බහුල කැලෑවෙන් වහා පිටවිය යුතුය. ඒ සදහා ජාතිය සහ අාගම වෙනුවෙන් යයි භීෂණය වපුරුවන බොදුබල සේනාවටද ප්‍රකෘති සිහිය ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

    ReplyDelete
  6. සයිමන්උන්නැහේApril 5, 2013 at 4:34 PM

    මාක්ස්වාදී බූරු භෞතිකවාදියෝ හිරවෙන තැනක් තමයි මේක.
    ඔය ජාතිවාදෙට විරුද්ධවෙන්න ඕන එක හොදනැති නිසා.
    ඒක විස්තර කරන කොට ඒක අධ්‍යාත්මිකයි.. ඒක නිසා මුන් පාවිච්චි කරන්නේ මේවගේ බය කිරීම්.
    ඔය ඊනියා සේනාවයි ඔබයි අතර තියෙන්නේ සොච්චම් වෙනසක්.

    සයිමන්උන්නැහේ

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා සයිමන් උන්නැහේ. කරගෙන යන්න.

      Delete
  7. මාක්ස්වාදයට තිබෙන විරෝධයයි ආගමික වෛරය ඇවිලවීමයි අතර සම්බන්ධයක් පේන්නෙ නැද්ද අජිත්?
    ඔබට හිතෙන්නෙ නැද්ද මේ ආගමික වෛරය අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවක් බව? (මම මේ කියන්නේ විමල් වීරවංස හෝ මහාචාර්ය නලින් ද සිල්වා වැන්නන් කියන බටහිර කුමන්ත්‍රණ ගැන නෙවෙයි.)
    ලංකාවේ තත්වයය සමථයකට පත් කරන්න මෙහාට ඇමරිකන් හමුදාවක් එවන එකක් නැද්ද?
    මේ ප්‍රශ්න මං අහන්නේ විහිළුවට නොවෙයි. ඔබගේ පැහැදිළිකිරීමක් බලාපොරොත්තුවෙන්.

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳව පසුව ලියමි

      Delete
  8. 1) ශ්‍රී ලංකාව අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රාජ්‍යක්

    2) ලංකාව යනු අසමත් රාජ්‍යක් පමණක් නොවේ අසමත් ජාතියකි. මෙහිදී අසමත් ජාතිය ලෙස හඳුන්වන්නේ සිංහල , දෙමල මුස්ලිම් යන ජාතීන්ගෙන් සමන්විතවූ ශ්‍රී ලංකික ජාතියයි. මේ අසමත්භාවයට වග කිව යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ, මේ රටේ ඉදිරි ගමන්කරුවන් වූ , පුජ්‍ය පක්ෂය, කලාකරුවෝ , මාධ්‍යවේදීන් යනාදී සියලුම සංයුතියන්ගෙන් සමන්විත වූ ප්‍රජාවද මේ සඳහා වග කිව යුතුය.

    3)මේ අසමත්භාවයට මුලික හේතුව ලෙස සඳහන් කල හැක්කේ ශ්‍රී ලාංකිකයා තුල ඇති සංස්කෘතිමය අශිෂ්ඨභාවය සහ උසස් සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් ගොඩනැගීමේ ලා ඇති අසමත් භාවයයි. වර්තමාන ලෝකයට අනුරූපී වන ලෙසට උසස් සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් ගොඩනැගූ ජාතින් විද්‍යාව, තාක්ෂණය , කලාව , අධ්‍යාත්මික වර්ධනය පෙරදැරිකරගෙන ඉදිරියට ගමන් කිරිමත් ශ්‍රී ලංකිකයා තව දුරටත් පහතට වැටිමේත් රහස එයයි. අතීත ශ්‍රී විභූතිය අනුරාධපුර යුගයේ ගල්කණු ගැන කතා කලාට වැඩක් නැත. රාවනා යුගයෙක් ගැන කියමින් ප්‍රවාද ගෙතුවාට වැඩක් නැත. වර්තමානයේ ශ්‍රී ලංකාවේ උසස් සංස්කෘතියක් හෝ සභ්‍යත්වයක් නොපවතී. ශ්‍රී ලංකාව අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික රජයක් බවට පරිවර්තනය වී හමාරය. මේ රට සංස්කෘතිමය වශයෙන් දැන් වඩාත් කිට්ටු සෝමාලියාව ඇෆ්ගනිස්ථානය වැනි පසුගාමී ගෝත්‍රික රටවල්වලටය.

    4)ලංකාවේ බහුතරයක් ජනතාව නුගත්ය. මෙහිදී නුගත්කම යනු සාක්ෂරතාව නොවේ. ජනතාව තුල ඇති විචාර බුද්ධියේ හීන බව විශ්ලේෂණාත්මකව සිතීමට ඇති නොහැකිභාවය නුගත්කම ලෙස අර්ථ දැක්විය හැක. ලංකාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් අතර පවා පවතින විචාර බුද්ධියේ හීන බව ආසනික් විවාදය වැනි විවාද තුලින් පෙනේ. එසේම දොරමඩලාව වැනි වැඩසටහන් වලදී පවා ලංකාවේ බුද්ධිමතුන් යැයි කියාගන්නා පඬිවරු විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු කරන අවිද්‍යාත්මක නූගත් ප්‍රලාප සලකා බැලීමේදී මුළු ලංකාව පුරා මේ නුගත්කම විහිදී පවතින බව පෙනී යයි.

    5)ලංකාවේ විශ්ව විද්‍යාල යනු සංස්කෘතිමය වශයෙන් නුගතුන් පරපිඩකයන් , පාදඩයන් ආණ්ඩුවේ මුදලින් බිහි කරන ආයතන වේ. ලංකාවේ උගතුන් සිටද ? සිටින්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව පුන පුනා කියන එහෙත් බටහිර විද්‍යවේ පිහිටෙන් වැටුප් ලැබූ, බටහිර විද්‍යවේ පිහිටෙන් බිහි කල රූපවාහිනිය ඇතුළු මාධ්‍ය වලින් තම ගර්හිත පසුගාමී මතවාද ඉදිරිපත් කොට තරුණයන් අතරමං කරන නලින් ද සිල්වා වැන්නවුන්ය.බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවද නලින් ද සිල්වා තම දරුවන් අධ්‍යාපනය සඳහා පිරිවෙන් වලට යැව්වේ නැත යැව්වේ පට්ටපල් බොරු උගන්වනවා කියන බටහිර විශ්ව විද්‍යාල වලටය

    6) ජනතාවට අධ්‍යාත්මික වශයෙන් මාර්ගෝපදේශනයක් දීමට අපගේ ආගමික සංස්ථා සමත් ද ? ලංකාවේ වැඩිපුර සිටින්නේ තමාගේ ආගමික පොතෙන් එහාට සිතීමට නොහැකි වූ මානව හැඟීමක් නොමැති මුලධර්මවාදී පුජකයන් පිරිසකි.
    අධ්‍යාත්මික නායකත්වයක් දීමට අද දිනයේ පන්සලට නොහැක. ධර්මය ගැන ගැඹුරු දැනුමක් තිබු වල්පොල රාහුල වැනි යතිවරු වෙනුවට රතනලා, ගලගොඩඅත්තේලා බිහි වී තිබේ. අද භික්ෂුන්ගෙන් 99% බුදු දහම දන්නේ නැත. හේතුව මොවුන් බොහෝ දෙනෙකු ඉපදුනේ ඉතා දුගී පවුල් වලය. , අහාර හිඟය නිසා මොවුන්ව පන්සල් වල මහන කල අතර එවැනි පවුල් පරිසර තුලින් ආ ළමයාගේ බුද්ධි වර්ධනයට තැනක් නැත. , දෙමාපියන් නුගත්, පියා කසිප්පු බොන අඬදබර කරන පවුල් පරිසරයක සිටි ළමයා මහන වී ඉගන ගන්නේ පිරිවනකය එහිදී සමබර අධ්‍යාපනයක් නැත ලෝකය දකින්නේ සීමිත ඉඩකඩ තුලය. මොවුන් , බුදු දහමේ දාර්ශනික හරය දන්නේ නැත. යන්තම් පන්සිල් ටිකක් දීමේ හැකියාව මිසක විදේශ භාෂා නොදනීම ඉගෙනීමේ උත්සහයක් නොමැති බව නිසා නිසා මොවුන් තුල බුද්ධි කාන්දුවීමක් විනයක් නැත. එසේම සාමනේර කාලයේ 80% ළමා භික්ෂුන් වැඩිහිටි මහනුන් අතින් ලිංගිකව අපයෝජනය වෙති. ඒ නිසා මොවුන් සමාජය සමග සිටින්නේ වයිරකිනි. අද සිටින්නේ බුද්ධාගම බේරා ගැනීමට කියා පොලු මුගුරු අරගෙන එන්නේ සාමනේර කාලයේ වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අපයෝජනයට ලක් වීම නිසා සමාජයට වයිරය කරන සිවුරුකාර මැරයන් වෙති. ගල් ගැසීමට උද්ඝෝෂණය කිරීමට මොවුන්ව පාරට දැක්කීම ඉතා පහසු වැඩකි. ඕනෑම අන්තවාදී වියාපාරයකට මොවුන් පහසු අතකොළු වේ. මෙවැනි විනය සහ අඩු බුද්ධි මට්ටමකින් ඇති පිරිස් ලංකාවේ අධ්‍යාත්මික නායකයන් බවට පත් වී සිටීමෙන් පෙනී යන්නේ ලාංකිකයාගේ සංස්කෘතික පසුගාමි බවයි.
    ක්‍රිස්තියානි ආගමේ පුජකයන් ද මිට දෙවැනි නැත. සිටින බහුතරය ළමා අපයෝජකයන් හෝ ක්‍රිස්තුස්වහන්සේ ධර්මය වෙනුවට මාෆියාවාදය , කොටි ඩයස්පෝරාවේ මුදල් පසුපස යන මැල්කම් රන්ජිත්ලා, රායප්පුලා වෙති. අද මර්සලින් ජයකොඩි වැනි පියතුමාලා නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා