බත් කන හරකුන්ගේ යුගය

ඉතිහාසයේ එක් එක් යුග තිබේ. මේ වනාහි බත් කන හරක් පොරවල් වන යුගයයි.

අද දිවයින පුවත්පත වාර්තා කරන අන්දමට කොළඹ වරායේ වරාය සහජීවනය සුරැකීමේ සංවිධානය නම් ඉහත කී ආකාරයේ සංවිධානයක් අපූරු තීරණයක් ගෙන තිබේ. තමිල්නාඩුවේ සිට නැව් මගින් ආනයනය කරනු ලබන සහ තමිල්නාඩුවට අපනයනය කරනු ලබන සියලූම නැව් භාණ්‌ඩ ගොඩබෑම සහ නැව්වලට පැටවීම ඉදිරියේදී වර්ජනය කිරීමයි.

එසේ කළාම තමිල්නාඩුවට ආර්ථික සම්බාධක දැම්මා වගේ වනු ඇතැයි මේ අය සිතනවා විය හැකිය. ආර්ථික විද්‍යාවටම දෙයියන්ගේ පිහිටය.

මුසාවාදය මූලාශ්‍රය කරගෙන අහිංසක ලීලාවෙන් වෛරය පැතිරවීම පිළිබඳ නිදසුනක්ද අද දිවයින පුවත්පතේ ඇත.

"අපේ රටේම ජීවත්වන ඇතැම් ජාතීන් කියනවා තවත් වසර 20 කින් පමණ මේ රටේ බලය අල්ලනවා කියලා. අප මේ ප්‍රකාශ සුළුවට සැලකිය යුතු නැහැ. ඒ අය කියන විදියට වසර 20 කින් පසු ඔවුන් මේ රටේ බලයට ආවොත් අද අපේ සිංහල බෞද්ධයන් ඉවසනවා මෙන් ඔවුන් ඉවසයිද? සියලු දෙනාට ඔවුන් සමානව සලකයිද? මෙය ඉතා බැරෑරුම් තත්ත්වයක්"යි කියන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහාචාර්ය වරාගොඩ ප්‍රේමරතන හිමියෝය.

‍ලංකාවේ කිසියම් ජාතියක් ඔය කියන අන්දමේ ප්‍රතාශයක් කර ඇත්තේ කවදාද? කොහිදීද?

දැන් ලංකාවේ අධිකරණය හමුවේ අපරාධ සමථ කරගන්නටත් පුළුවන් තරමට රටේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දියුණු වී තිබේ. අයුතු ජන රාශියක් එක්ව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් ජාතිවාදී පදනමින් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයකට ගල්මුල්වලින් පහර දී මිනිසුන්ට තුවාලත්, දේපලවලට හානිත් සිදු කළේය. පොලිසිය හාමුදරුවරු තිදෙනෙක හා තවත් 15කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්තේය. අදාළ මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුවන් ඉදිරිපත් වී සිද්ධිය සමථයකට පත් කර ගැනීමට කැමති වූ නිසා සැකකරුවන් සියලු දෙනා නිදහස් කරන ලදී. ෆැෂන් බග්කාරයෝ පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තිබේ. පැමිණිල්ලක් නැහැ කියන්නේ සිද්ධියක් සිදු නොවූ බවද? එතකොට අපි අර දැක්ක වීඩියෝ හීනද?

බත් කන හරකුන් සේවය කරන්නේ මේ ආණ්ඩුවට යයි මතුපිටින් පෙනෙතත්, ඇත්තෙන්ම ඔවුන් කරන දේ වනාහි ජාත්‍යන්තර උගුල‍ වෙත ලංකාව වේගයෙන් ඇදගෙන දිවීමයි. එක පැත්තකින් ඔවුහු ලංකාවේ ආර්ථිකය බිඳ වට්ටති. ‍අනෙක් පැත්තෙන් ලංකාවේ මානව හිමිකම් වාර්තාව තවත් නරක තත්වයට පත් කරති. මේ වනාහි රාජපක්ෂවරුන්ගේ සහයෝගී පදනමයි. එහි හැසිරීම විසින් සිහි ගන්වනු ලබන්නේ රජ්ජුරුවන්ගේ ඇ‍ඟේ වැසූ මැස්සා මරන්නට කඩුවෙන් කෙ‍ටූ වඳුරාගේ කතාවයි.

ගොඩනැ‍ඟෙමින් තිබෙන තත්වය හමුවේ රාජපක්ෂ පවුලට යට වී සිටින ආණ්ඩුවේම තක්කඩි කට පියාගෙන පස්සා පැත්තෙන් හිනාවෙමින් සිටින ආකාරය බලන්න.

බත් කන හරකුන්ගේ යුගය රාජපක්ෂ යුගයේද අවසානය සලකුණු කරනු ඇති බවට සැක නැත.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ආන්ඩුවේ හැකර කටවල් වහලා තිබුනට. ආන්ඩුවේ හොරණෑ වලින් කියන දේ ඇහුවම දැක්කම රජය නාන්න යන බව පැහැදිලිවම පේනවා.

    ReplyDelete
  2. //එතකොට අපි අර දැක්ක වීඩියෝ හීනද? //

    වැඩේ කියන්නේ ඒ හීන ලෝකේ හැම රටකටම පේන එකනේ.

    ReplyDelete
  3. අද වනාහි,බත් කන හරක් පොරවල් වී ආයුබෝවන් කියන කෙනාට "මොකද ඩෝ...!!!"කියනා සමයකි.

    ReplyDelete
  4. මිනිස්සුන්ගේ ඔලු වලට විෂ බීජ දාල උසිගන්නල ලිප්ටන් එකට ගේන්නෙත්
    ඔය කපටි දේශ ප්‍රේමි පිරිස .. අන්තිමට ඒවට කඩේ ගිහින් රුපියල් 5 වට්ටන්
    ගෙදර එන්න වෙන්නෙත් අර අහිංසක මිනිස්සුන්ට ..

    අහිංසක මිනිස්සු = දේශපාලන හෙන්චයියෝ

    ReplyDelete
  5. මානසික හීනමානයකින් පෙලෙනා පැරකුම් නමැති කුහකයාට සෑම විටම පෙනෙන්නේ ආණ්ඩුවේ හා බෞද්ධ ජනයාගේ වැරදි පමණකි.

    කිසිම ලෙසකින් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් ස්ථාවරයක් නොමැති පැරකුම් නමැති බංකොලොත් පුද්ගලයන් ලෝකයාට මෙහෙමයි අරහෙමයි ලෙස උපදෙස් දෙන්නට යාම විහිළුවකි.

    රණතුංග

    ReplyDelete
    Replies
    1. රණතුංග,
      අර්ථික වශයෙන් හෝ සමාජීය වශයෙන් ස්ථාවර බෞද්ධ පුද්ගලයෝ අනෙකුන්ගේ ගැරහුම් හෝ විවේචන වලින් නොසැලෙති. බුදුරජාණන් වහන්සේ තමන් මරන්නට ආ මිනිසුන්ට සිය ධර්මය දේශනා කළා විනා ඔවුන් කුහකයෝ ලෙස පහත්කලේ නැත.
      ඔබ පැරකුම්ගේ අදහස් වලට එකඟ නොවේනම් ඔබට ගතහැකි ක්‍රියාමාර්ග තුනකි:
      1. පැරකුම් වරදිබව තර්කනුකුලව ඔප්පු කිරීම.
      2. ඔහුගේ අදහස් නොසලකා නිහඬව සිටීම.
      3. තමන් අකමැති අදහස් දරන පුද්ගලයන් ලියන මෙවන් බ්ලොග් කියවීම නවතා දමා තමන්ගේ වෙනත් වැඩක් බලාගැනීම.

      මට හිතෙන විදිහට ඔබට වඩාත් ගැලපෙන්නේ තුන්වන ක්‍රියාමාර්ගයයි.

      Delete
  6. රණතුංග නමැති ඒකාට ලියමි.
    උඹට ෙම් අදහස් අැලජික් නම් ෙනාකියා හිටපං. මම දැන් ජාතික රූපවාහිනිය බලන් නැතුව ඉන්ෙන්. උඹලා වෙග් හිගන මිනිස්සු අනුන්ෙග් සිතුවිලි පාලනය කරන්ඩ ඒන්ඩ ඒපා. උමලා වෙග් හිගන්ෙනා් තමා අරක්කු ටිකකට යට ෙවලා අැවිත් රුස්වීම් වලට ගල් ගහන්නෙන්.

    ReplyDelete
    Replies
    1. රණතුංග වගේ අය කොමෙන්ට් දාන එක හොඳයි එතකොට කියවන අයට තේරුම් ගන්න පහසුයි බත්කන හරක් ඈත්තටම මේ ලෝකේ ඉන්නව කියල.

      Delete
    2. අපි ඇගේ ලේ රත් කොරගන්න උවමනා නැහැ උදිත නියම වචන සෙට් එක දීල තියෙනව.

      Delete
  7. මේ ජාතිවාදී ආගම්වාදී විකාරය බත්කන හරක් පුක නැතිකර ගැනීමත් සමග ඉක්මනින් අවසන් වෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. හරක් සමග මිනිසුන්ට බැරිය. දැන් ලංකාව යනු හරක් මිනිසුන් දක්කන කාලයයි. මේ කාලයේ මිනිසුන් එලියට බැසිය යුතු කාලයක් නොවේ එතකං මිනිසුන් ට කල හැකි දේශපාලනයක් නැති නිසා සිංදු අසමින් චිත්‍රපට බලමින් ගෙවල්වලට වී සිටීම සුදුසුය.

    ReplyDelete
  8. සමාජයේ සුළුකොටසක් බත් කන හරකුන් බවට පත්වී අැත්තේ තම බඩ වඩාගැනීම සදහාය. පවතින අාර්ථික දුෂකරතා මධ්‍යයේ ඔවුන් ජාතිවාදය නොව අම්මා තාත්තා වුවද මිල කිරීමට පසුබට නොවනු අැත. ඔවුන්ගේ ක්‍රියාවන් නිසා රට මොනතරම් අර්බුදයකට මුහුණ පෑවත් ඔවුන්ට ප්‍රශ්ණයක් නැත.
    සමාජයේ බහුතරයක් බත් කන හරකුන් බවට පත්වී අැත්තේ ජඩ මාධ්‍යය නිසාය.ඔවුන් කිසිම ලැජ්ජාවන් බියක් නැතිව මෙම මුග්ධ ක්‍රියාකාරකම් මහඉහලින් වර්ණනා කරමින් සමාජගත කරයි. ඊයේ LIVE AT 8.00 ඒයට ඒක් උදාහරනයකි.
    උදිත සදහන් තිබුනාක් කර තිබුනාක් මෙන් අප ගෙවල් තුලට වී සිංදු අසමින් සිටීමට කාලයක් නොවෙයි මේ, අප කෙසේ හෝ මෙම ක්‍රමය වෙනස් කරීමට උත්සාහ කල යුතුය. නැතහොත් මතු පරපුර අපට දෙස් දෙවොල් තබනු නොඅනුමානය. අනෙක් හේතුව නම් නිපොත්තෙන් කඩන්නට තිබෙන දේ පොරවෙන් කපන්නට ඉඩහල යුතු නැත.

    ReplyDelete
  9. Sir, ithin sir porak wela nene me uge !!!

    ReplyDelete
  10. ඔබ කියනා දේ නිවැරදි වියහැකි වුවත් වරාය සේවක මහතුන්ට බත් කන හරක් යයි කියා ආමන්ත්‍රණය කිරීම සුදුසු වන්නේ නැත. ඇතැම් විට ඔවුන් වැඩිදුර ඉගෙන ගෙන නැතිවා විය හැක. එනමුත් ඉහත ලෙස පහත් අයුරින් ආමන්ත්‍රණය කිරීම සාධාරණය වනේ කෙලෙසද?

    වරාය සේවකයෙක්ගේ දරුවෙක්

    ReplyDelete
    Replies
    1. ඉහත සදහන් කමෙන්ටුවක මමද ඒ වචනය යොදාගෙන අැති නිසා ඒ පිලිබදව ඔබට සිත්තැවුලක් වූවානම් මා කනගාටු වන අතර හැකිනම් ඊට අාදේශක පදයක් යෝජනා කරන මෙන් ඉල්ලා සිටිමි.

      Delete
  11. අප එකී‍යොදුම යොදාගත්තේ වරාය සේවකයන් වෙනුවෙන් නොව රටේ ආර්ථිකය විනාශ කිරීම සඳහා ඉන්දියාවට එරෙහිව සියදිවිනසාගැනීමේ මෙහෙයුම් යෝජනා කරන අය වෙනුවෙනි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා