සුචරිත ගම්ලත් ගැන දේශපාලන කියවීමක්
ඒ 2003 වසරයි. රජයත්, කොටි සංවිධානයත් අතර සටන් විරාම ගිවිසුම බල පැවැත්වුණු, එහෙත්, සාමය හා සංහිඳියාව තහවුරු කරන දේශපාලන විසඳුමක් ගැන බලාපොරොත්තු දිය වී යමින් තිබුණු මේ වකවානුවේදී එවක හිරු කණ්ඩායම ඇතුළු වාම කවවල ක්‍රියාකාරිකයෝ වූ අපි සිංහල - දෙමළ සංස්කෘතික ක්‍රියාකාරිකයන් අතර අවබෝධය හා සහයෝගය පුළුල් කරගැනීමේ අදහසින් කලා උළෙලක් සංවිධානය කළෙමු. ඒ සඳහා කොළඹ, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චි හා උඩරට ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල දෙමළ, මුස්ලිම් කලාකරුවන් හා සංස්කෘතික ක්‍රියාකාරියන් රැසකටද දකුණේ සිංහල කලාකරුවන්ටද ආරාධනා කළෙමු.
එදා දිවයින ඇතුළු පුවත්පත් කීපයක් හා සිහල උරුමය එක්ව මෙම කලා උළෙල කොටි සංවිධානයේ පොංගු තමිල් වැඩසටහන ලෙස හඳුන්වමින් දැවැන්ත ප්‍රචාරයක් දියත් කරන ලදී. පොංගු තමිල් වනාහි දෙමළ ජනයා තුළ ජාතික හැඟීම් පුබුදුවීම අරමුණු කරගත් වැඩසටහනක් වූ අතර සිහල දමිල කලා හමුව සංවිධානය කළ අපගේ අරමුණ වූයේ එය නොව සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර අවබෝධය පුළුල් කිරීමයි. සහෝදරත්වය ගොඩනැඟීමයි. අපි දෙමළ විමුක්ති අරගළයට ගරු කළෙමු. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම හිරු කණ්ඩායම ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තේය. එහෙත්, එවකට හිරු කණ්ඩායම පෙනී සිටියේ දෙමළ ජනයාගේ වෙන් වීම තහවුරු කිරීමට නොව, ජාතීන් අතර එක්සත්කම ගොඩනැඟීමටයි. ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩ්‍නැඟෙමින් තිබුණු සිංහල ජාතිකවාදයේ නව අවධිය ගැනත්, ජාතිකවාදය, නව ලිබරල්වාදය හා සමාජවාදය ගැනත් කණ්ඩායම තුළත්, වාමාංශිකයන් අතරත් යම් සංවාදයක් තිබිණි.
සිහල දමිල කලා හමුව යනු පොංගු තමිල් වැඩසටහනක් යයි ගෙන ගිය ලද දැවැන්ත ප්‍රචාරය එහි සංවිධාන කටයුතුවලට දැඩි බලපෑමක් කළේය. පසු කලෙක හිරු පුවත්පත මෙම කරුණ අරභයා දිවයින පුවත්පතට එරෙහිව පුවත්පත් පැමිණිලි කොමිෂම හමුවේ පැමිණිලි කරන ලදී. විභාගය අවසානයේදී දිවයින පුවත්පත මේ පිළිබඳ සමාව අයැද පුවත්පතේ නිවේදනයක්ද පළ කරන ලදී. එහෙත්, දිවයින එසේ කළේ ජාතිවාදීන්ට අවශ්‍ය විනාශය සඳහා අවශ්‍ය පසුබිම නිර්මානය කර දීමෙන් පසුවයි.
දකුණේ සිංහල කලාකරුවන් පමණක් නොව දෙමළ කලාකරුවෝ පවා සිහල දමිල කලා හමුව දෙස සැකමුසු බැල්මෙන් බලන්නට එය හේතු විය. අවසානයේදී සංවිධායකයන් මුහුණ දුන්නේ කලා උළෙල පවත්වන්නේ කෙසේද යන අභියෝගයටයි. ජාතිවාදීන්ගේ ප්‍රහාර හමුවේ බියසුල්ලන් පළා යද්දී එදා අප සමග සංවිධායක මණ්ඩලයේ සිටි අයෝමය ශක්තියක් වූයේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය. කිසි ලෙසකත් පසු නොබෑ ඔහු, සිහල උරුමයට සම්බන්ධ ජාතිවාදීන් පිරිසක් කලා උළෙල පැවති නව නගර ශාලාව වට කරගෙන ගල් මුගුරුවලින් පහර දෙන විට සිටියේ වේදිකාවේය. සිහල දමිල කලා හමුව සාර්ථක වූයේ සංස්කෘතික අවබෝධය පුළුල් කිරීමෙහිලා ඉවහල් වූ වැඩසටහනක් ලෙස නොව, දෙමළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැද සිංහලයන් ලේ හළාගත් සංවේදී සිද්ධියක් ලෙසයි.
සිහල දමිල කලා හමුව අවසන් වනතෙක්ම ගම්ලත් නොසැලී අප සමග සිටියේය. එහෙත්, කෙටි කලකට පසු රාවය පුවත්පතට ලිපියක් ලියමින් ඔහු ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හිරු කණ්ඩායමේ මතවාදය විවේචනය කළ ආකාරය මතකය. එම ලිපිය සොයාගැනීමට බැරි වුවත්, මට මතක ආකාරයට අනුව, ඔහු මතු කළ මූලික කාරණයක් වන්නේ ජාතීන්ගේ ප්‍රශ්නය සලකා බැලිය යුත්තේ පංති අරගල සංදර්භය තුළ බවයි. මේ වකවානුව තුළ දකුණේ ක්‍රියාත්මක වෙමින් පැවති තරගකාරී රැඩිකල් වාම කණ්ඩායම් අතර මෙම කරුණ අරභයා සංවාදයක් තිබිණි. ගම්ලතුන්ට මෙම සියලු කණ්ඩායම් සමග සබඳතා තිබිණි. එහෙත්, ඔහු ඒ කිසිවක නිත්‍ය සාමාජිකයකු නොවීය. එසේම, ඔහු සිය නායකත්වයෙන් පක්ෂයක් හෝ කණ්ඩායමක් ගොඩනඟාගැනීමට කිසි කලෙක උත්සාහ නොකළේය. තම ස්ථාවරයන් ආරක්ෂා කරමින් ඔහු රැඩිකල් වාම පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් සමග එක්ව සුබවාදී දැක්මක් සහිතව කටයුතු කළේය.
1963දී ශාස්ත්‍රවේදී ප්‍රථම පන්තියේ සුපිරි ගෞරව සාමර්ථ්‍යයක් ලබා පසුව 1966දී එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් බටහිර, ඉන්දියානු දර්ශනවාද, දාර්ශනික මනෝ විද්‍යාව, හා බටහිර සෞන්දර්යය විද්‍යාව හැදෑරූ සුචරිත A philosophical Investigation into the Nature and Role of Emotion in Art යන මැයෙන් ඉදිරිපත් කළ නිබන්ධනයට ආචාර්ය උපාධිය හිමි කරගත්තේය. කොළඹ, යාපනය, රුහුණු යන විශ්වවිද්‍යාලවල ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, ශාස්ත්‍ර පීඨාධිපති, උපකුලපති බලතල සහිත අධිපති ආදී ධුර හෙබවූ ඔහු 1979දී දේශපාලන හේතු මත විශ්ව විද්‍යාලයෙන් නෙරපනු ලැබුවේය. දිගු කලක් විශ්වවිද්‍යාලයෙන් බැහැර කරන ලැබ සිට යළි සේවයට බඳවා ගන්නා ලද හේ සුළු කලක් යළිත් සේවය කොට විශ්‍රාම ලැබුවේ ය.
ජීවිතයේ අවසාන අවධියේදී ඔහු මුහුණ දුන් ගැඹුරුම දේශපාලනික ගැටලුව වූයේ තමන්ගේ සිතේ තිබූ කාර්ය සම්භාරයක් ඉටු කිරීම සඳහා අවස්ථාව නොලැබීමයි. එසේ වූයේ මන්ද යන්න විමසා බැලිය යුතුය.
ගම්ලත් වත්මන් සමාජවාදී සමානතා පක්ෂයේ 'පෙරගමන්කරු' වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හිටපු සාමාජිකයෙකි. මේ ඔහු පිළිබඳ සසප ක්‍රියාකාරික ඩබ්ලිව්. ඒ. සුනිල් 2011 දෙසැම්බර් 22දා ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරන හැඳින්වීමකි. "ඔහු පක්ෂයේ විරුද්ධත්වය නොතකා මහාචාර්ය සරච්චන්ද්‍ර අභිනන්දනය කිරීමේ උත්සවයකදී ප‍්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතියකු වූ වි.ජ.මු. ලොකුබංඩාර සමග එක වේදිකාවකට නැගීම නිසා 1989 ජූනි මාසයේ පක්ෂයෙන් නෙරපනු ලැබූ භ‍්‍රෂ්ටයෙකි." සුනිල් මේ ලිපිය ලියා තිබුණේ වසර 12කට පෙර පක්ෂයෙන් නෙරපා හරින ලද ගම්ලත් සහභාගි වූ ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී ඔහු විසින් කරන ලද ඉදිරිපත් කිරීමට පහර දීමටයි.මෙහි යෙදෙන වචන ස්ටාලින් ට්‍රොට්ස්කිව හඹා ගොස් පොරෝ පහර දී ඔහු ඝාතනය කරවූ ආකාරය සිහිගන්වයි.
සමාජවාදී සමානතා පක්ෂය මෙසේද සටහන් කරයි.
සුචරිත ගම්ලත් සිළුමිණ පුන්කලස සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කරන "බුද්ධාගම කියන්නේ අතීතයේ යුගයකට අයත්, ඒ යුගයට සේවයක් කළ ආගමක්. වර්තමානයට ඒක අදාළ නැහැනේ." යන ප්‍රකාශය තුළ දෘෂ්ටිවාදයන් පිළිබඳ ගැඹුරු සත්‍යයක් අඩංගු වන්නේ යයි අපි සිතමු.
තමන් අදහන ශාස්තෘන්ගේ න්‍යායික ඉදිරිපත් කිරීම්වලට යථාර්ථය රාමුගත කරන්නට උත්සාහ කරන අන්ධ භක්තිකයන්ට වඩා සුචරිත ගම්ලත් ඉදිරියෙන් සිටි බව අපේ අදහසයි. සිදත් සඟරාවේ 'වහරනු සෙරෙන් සපයා' යි කියමනෙන් පැවසෙන පරිදි ව්‍යාකරණය ව්‍යවහාරයෙන් උපදින්නා සේ න්‍යායද උපදින්නේ යථාර්ථයෙනි. වාදයෝ කම්කරු පංතිය වෙන් කරති. සංවාද කම්කරු පංතිය එක් කරයි.
වාදයන්ට වඩා සංවාදය සමාජයට ඵලදායී බවට සුචරිත ගම්ලතුන් හා මහාචාර්ය පියසීලි විජේගුණසිංහ අතර ඇති වූ විවාදය දෙස් දෙයි. එයින් වැඩි ඵලදායිතාවක් අත්පත් කර ගත්තේ මෙය විවාදයක් ලෙස සලකා පක්ෂ භජනය කරමින් හුරේ දැමූ අයට වඩා එය සංවාදයක් ලෙස සලකා සිය ඥානය මුවහත් කර ගත් අයයි.
ඒ පිළිබඳව මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සිළුමිණ පුන්කලසෙහි සිහිපත් කළේ මෙසේය: "මගේ ස්ථාවරය වුණේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් කියන එකයි. මිනිසා, මානව සමාජය ඇතුළු සොබාදහම ජය ගැනීම සඳහා කරන විප්ලවීය මැදිහත්වීමෙන් තමා කලාව ඇතුළු අධ්‍යාත්මික සංස්කෘතික උරුමය ගොඩනැඟෙන්නෙ. මහාචාර්ය ගම්ලත් ඊට එරෙහිව කියා සිටියේ කලාවෙන් යථාර්ථය ජයගන්න බැරි බවයි.එය ජයගත හැක්කේ විප්ලවයෙන් හා යථාර්ථය වෙනස් කිරීමේ භාවිතයෙන් බවත් ඔහු කියා සිටියා. ඒක අපෝහක භෞතිකවාදයට ප්‍රතිපක්ෂ යාන්ත්‍රික භෞතිකවාදී ආස්ථානයක් හැටියටයි මා දකින්නේ."
ගම්ලතුන් වනාහි අධ්‍යතන සමාජයට වඩා ඉදිරියෙන් සිටියෙකි. සාමාජිකයාගේ ජීවිතය බද්දට ඉල්ලා සිටි විකොස නම් භාවිතාවෙන් ස්ටාලින්වාදී පෙරටුගාමී පක්ෂය ඔහු නෙරපා දැම්මේත්, බුද්ධි විහීන විශ්වවිද්‍යාල පද්ධතිය ඔහු පිටමං කළේත් ඒ නිසාය. විවිධ වාමාංශික කවවලටද ඔහු අවසානයේදී පිටස්තරයකුම විය. කට්ටිවාදය මැද ගම්ලතුන් වැජඹුණේ කාගේවත් සාක්කුවක නොසිටි, කාටවත් සාක්කුවද නොවූ මිනිසකු ලෙසයි. එහෙත්, ඔහු අඛන්ඩවම අරගළය අත්නොහැර සිටියේය. අපමණ ජීවන දුෂ්කරතා, මරණ තර්ජනාදිය මැද අරගළ බිම හැර දමා පළා ගියේත් නැත. සිය ජීවිතයේ අවසන් අඩ පුරාම ඔහු පොරබැදුවේ තමන්ට සමාජය වෙනුවෙන් කළ හැකි මෙහෙය ඉටු කිරීම පිණිස අවස්ථාව ලබාගැනීම පිණිසයි. ඔහු අප හැර යන්නේද කළ හැකිව තිබුණු තවත් බොහෝ කාර්යයන් සිය සිත්හි හා කුසලතාවන් අවසඟ දෑත්හි සඟවාගෙනයි. ඔහුගේ ජීවිතයම පවත්නා සමාජ ක්‍රමයේ මෙන්ම එහිම ස්ථානගතව තිබෙන පෙරටුගාමී පක්ෂය නම් අරගළ සීමාවේත් එක් කටුක යථාර්ථයක ප්‍රකාශනයකි.මිනිස් සමාජයට සුවිශාල මෙහෙයක් කිරීමේ උවමනාව හා හැකියාව තිබුණු එවැනි මිනිසුන්ට සිය සේවය සඳහා අවස්ථාව ලබා දීමට නොහැකි වීම මහත් අවාසනාවකි.
එහෙත්, මේ සියලු අභියෝග මැද ගම්ලතුන් විසින් සිහල දැයට පුදන ලද විශිෂ්ටම දායාදයක් වන්නේ ඔහු විසින් සම්පාදනය කරන ලද ඉංගිරිසි - සිංහල මහා ශබ්ද කෝෂයයි. ඒ සඳහා කරන ලද දුෂ්කර ව්‍යායාමය ගැන ඔහු සිළුමිණ පුවත්පතට මෙසේ කියුවේය. "මා මේ කාර්යය ඇරඹුවේ 1985 දී. දැන් අවුරුදු විසිපහක් ගත වෙලා. ලංකාවේ හැරුණු විට මෙබඳු කර්තව්‍යයකට වසර විසිපහක් ගත විය යුතු නැහැ. බටහිර ලෝකයේ නම් වසර විසි පහකදී මෙවැනි පොත් පහක් පමණ ලිවිය හැකියි. නිකම් ම මැරෙන්නේ නැතුව ලංකාවේ මෙය ලිවීමත් ඇති. මන්ද ලංකාවේ මෙවැනි කාර්යයකට කිසිම සහයෝගයක්, ආධාරයක් ලැබෙන්නේ නැහැ. ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේයි මා මේ වැඩේට අත ගැසුවේ. නිදර්ශනයක් වශයෙන් මාව විශ්වවිද්‍යාලයෙන් රජය විසින් වසර 13 ක් නෙරපා දමනු ලැබුවා. ඒ දුෂ්කර කාලයේ මගේ මිත්‍රයෝ තමයි කඩදාසි, පෑන් පවා රැගෙන දුන්නේ. වචනයක් පිටපත් කර ගන්න ළමයකුට පඩි ගෙවන්න සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ හැටියට සුළු මුදලක් වැය වුණත් එය ගෙවාගන්න බැරි වුණා."
සිංහල - දමිළ - ඉංග්‍රීසි ත්‍රෛභාෂා ශබ්ද කෝෂයක් සැකසීම ඔහු මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි සමග එක්ව මුලපුරන ලද තවත් ශාස්ත්‍රීය මෙහෙවරකි. අද වන විට එහි පුරෝගාමීහු දෙදෙනාම නික්ම ගොස්ය.මෙවන් අව්‍යාජ, අවංක, දක්ෂ විද්‍යාර්ථීන්ගේ වියෝගය එක් යුගයක අවසානය සනිටුහන් කරන බව මේ මොහොතේ පළ වන නාස්තිකවාදී අදහසකි. දිවියේ අවසන් අවධියේදී මහැදුරු ගම්ලත් විසින් උර දෙන ලද ව්‍යායාමයක් වන්නේ එවැනි විද්‍යාර්ථීන් බිහිකිරීමේ ලා උපයෝගී වන විකල්ප ශාස්ත්‍රීය අධ්‍යයන ආයතනයක් බිහිකිරීමයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
එදා දිවයින ඇතුළු පුවත්පත් කීපයක් හා සිහල උරුමය එක්ව මෙම කලා උළෙල කොටි සංවිධානයේ පොංගු තමිල් වැඩසටහන ලෙස හඳුන්වමින් දැවැන්ත ප්‍රචාරයක් දියත් කරන ලදී. පොංගු තමිල් වනාහි දෙමළ ජනයා තුළ ජාතික හැඟීම් පුබුදුවීම අරමුණු කරගත් වැඩසටහනක් වූ අතර සිහල දමිල කලා හමුව සංවිධානය කළ අපගේ අරමුණ වූයේ එය නොව සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර අවබෝධය පුළුල් කිරීමයි. සහෝදරත්වය ගොඩනැඟීමයි. අපි දෙමළ විමුක්ති අරගළයට ගරු කළෙමු. දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම හිරු කණ්ඩායම ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගත්තේය. එහෙත්, එවකට හිරු කණ්ඩායම පෙනී සිටියේ දෙමළ ජනයාගේ වෙන් වීම තහවුරු කිරීමට නොව, ජාතීන් අතර එක්සත්කම ගොඩනැඟීමටයි. ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩ්‍නැඟෙමින් තිබුණු සිංහල ජාතිකවාදයේ නව අවධිය ගැනත්, ජාතිකවාදය, නව ලිබරල්වාදය හා සමාජවාදය ගැනත් කණ්ඩායම තුළත්, වාමාංශිකයන් අතරත් යම් සංවාදයක් තිබිණි.
වමේ සිට: ධර්මසිරි, සුචරිත, සිවතම්බි, අජිත්, භාෂණ |
දකුණේ සිංහල කලාකරුවන් පමණක් නොව දෙමළ කලාකරුවෝ පවා සිහල දමිල කලා හමුව දෙස සැකමුසු බැල්මෙන් බලන්නට එය හේතු විය. අවසානයේදී සංවිධායකයන් මුහුණ දුන්නේ කලා උළෙල පවත්වන්නේ කෙසේද යන අභියෝගයටයි. ජාතිවාදීන්ගේ ප්‍රහාර හමුවේ බියසුල්ලන් පළා යද්දී එදා අප සමග සංවිධායක මණ්ඩලයේ සිටි අයෝමය ශක්තියක් වූයේ මහාචාර්ය සුචරිත ගම්ලත්ය. කිසි ලෙසකත් පසු නොබෑ ඔහු, සිහල උරුමයට සම්බන්ධ ජාතිවාදීන් පිරිසක් කලා උළෙල පැවති නව නගර ශාලාව වට කරගෙන ගල් මුගුරුවලින් පහර දෙන විට සිටියේ වේදිකාවේය. සිහල දමිල කලා හමුව සාර්ථක වූයේ සංස්කෘතික අවබෝධය පුළුල් කිරීමෙහිලා ඉවහල් වූ වැඩසටහනක් ලෙස නොව, දෙමළ මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වැද සිංහලයන් ලේ හළාගත් සංවේදී සිද්ධියක් ලෙසයි.
සිහල දමිල කලා හමුව අවසන් වනතෙක්ම ගම්ලත් නොසැලී අප සමග සිටියේය. එහෙත්, කෙටි කලකට පසු රාවය පුවත්පතට ලිපියක් ලියමින් ඔහු ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හිරු කණ්ඩායමේ මතවාදය විවේචනය කළ ආකාරය මතකය. එම ලිපිය සොයාගැනීමට බැරි වුවත්, මට මතක ආකාරයට අනුව, ඔහු මතු කළ මූලික කාරණයක් වන්නේ ජාතීන්ගේ ප්‍රශ්නය සලකා බැලිය යුත්තේ පංති අරගල සංදර්භය තුළ බවයි. මේ වකවානුව තුළ දකුණේ ක්‍රියාත්මක වෙමින් පැවති තරගකාරී රැඩිකල් වාම කණ්ඩායම් අතර මෙම කරුණ අරභයා සංවාදයක් තිබිණි. ගම්ලතුන්ට මෙම සියලු කණ්ඩායම් සමග සබඳතා තිබිණි. එහෙත්, ඔහු ඒ කිසිවක නිත්‍ය සාමාජිකයකු නොවීය. එසේම, ඔහු සිය නායකත්වයෙන් පක්ෂයක් හෝ කණ්ඩායමක් ගොඩනඟාගැනීමට කිසි කලෙක උත්සාහ නොකළේය. තම ස්ථාවරයන් ආරක්ෂා කරමින් ඔහු රැඩිකල් වාම පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයන් සමග එක්ව සුබවාදී දැක්මක් සහිතව කටයුතු කළේය.
1963දී ශාස්ත්‍රවේදී ප්‍රථම පන්තියේ සුපිරි ගෞරව සාමර්ථ්‍යයක් ලබා පසුව 1966දී එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ගොස් බටහිර, ඉන්දියානු දර්ශනවාද, දාර්ශනික මනෝ විද්‍යාව, හා බටහිර සෞන්දර්යය විද්‍යාව හැදෑරූ සුචරිත A philosophical Investigation into the Nature and Role of Emotion in Art යන මැයෙන් ඉදිරිපත් කළ නිබන්ධනයට ආචාර්ය උපාධිය හිමි කරගත්තේය. කොළඹ, යාපනය, රුහුණු යන විශ්වවිද්‍යාලවල ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, ශාස්ත්‍ර පීඨාධිපති, උපකුලපති බලතල සහිත අධිපති ආදී ධුර හෙබවූ ඔහු 1979දී දේශපාලන හේතු මත විශ්ව විද්‍යාලයෙන් නෙරපනු ලැබුවේය. දිගු කලක් විශ්වවිද්‍යාලයෙන් බැහැර කරන ලැබ සිට යළි සේවයට බඳවා ගන්නා ලද හේ සුළු කලක් යළිත් සේවය කොට විශ්‍රාම ලැබුවේ ය.
ජීවිතයේ අවසාන අවධියේදී ඔහු මුහුණ දුන් ගැඹුරුම දේශපාලනික ගැටලුව වූයේ තමන්ගේ සිතේ තිබූ කාර්ය සම්භාරයක් ඉටු කිරීම සඳහා අවස්ථාව නොලැබීමයි. එසේ වූයේ මන්ද යන්න විමසා බැලිය යුතුය.
ගම්ලත් වත්මන් සමාජවාදී සමානතා පක්ෂයේ 'පෙරගමන්කරු' වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ හිටපු සාමාජිකයෙකි. මේ ඔහු පිළිබඳ සසප ක්‍රියාකාරික ඩබ්ලිව්. ඒ. සුනිල් 2011 දෙසැම්බර් 22දා ලෝක සමාජවාදී වෙබ් අඩවියට කරන හැඳින්වීමකි. "ඔහු පක්ෂයේ විරුද්ධත්වය නොතකා මහාචාර්ය සරච්චන්ද්‍ර අභිනන්දනය කිරීමේ උත්සවයකදී ප‍්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතියකු වූ වි.ජ.මු. ලොකුබංඩාර සමග එක වේදිකාවකට නැගීම නිසා 1989 ජූනි මාසයේ පක්ෂයෙන් නෙරපනු ලැබූ භ‍්‍රෂ්ටයෙකි." සුනිල් මේ ලිපිය ලියා තිබුණේ වසර 12කට පෙර පක්ෂයෙන් නෙරපා හරින ලද ගම්ලත් සහභාගි වූ ලංකා බැංකු සේවක සංගමය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී ඔහු විසින් කරන ලද ඉදිරිපත් කිරීමට පහර දීමටයි.මෙහි යෙදෙන වචන ස්ටාලින් ට්‍රොට්ස්කිව හඹා ගොස් පොරෝ පහර දී ඔහු ඝාතනය කරවූ ආකාරය සිහිගන්වයි.
සමාජවාදී සමානතා පක්ෂය මෙසේද සටහන් කරයි.
මුල සිට අග දක්වා ම වෘත්තීය සමිති හා මාක්ස්වාදය ගැන පූච්චානම් කතාවක් කල ගම්ලත් "වෘත්තීය සමිති නායකයන් කම්කරුවන්ගේ අතපය බඳින සාමුහික ගිවිසුම් ධනපතියන් සමග ගහන බව හා ධනපති ක‍්‍රමය පිලිගෙන ධනපතියන් සමග කේවෙල් කිරීමේ උපකරන ලෙස ක‍්‍රියා කරන බවත්” ඒ තත්වයෙන් ගොඩ ඒම සඳහා "කම්කරුවන් මාක්ස්වාදය උගත යුතු බවත්” කියා සිටියේ ය.ගම්ලත් කලක් සාමාජිකත්වය දැරූ සසපට අනුව ගම්ලත් මාක්ස්වාදයේ සතුරෙකි. ඔහු මාක්ස්වාදය දන්නේ නැත. ලංකාවේ සිටින මාක්ස්වාදය දන්නා එකම පිරිස සසපයි. එහෙත් ගම්ලත් එවැනි අධානග්‍රාහී අදහස් දැරූවකු නොවේ.
ගෝලීයකරනය හා වර්තමාන ලෝක ධනේශ්වර අර්බුදය තුල වෘත්තීය සමිතිවල හා සමිති නායකයන්ගේ සිදු වී තිබෙන ප‍්‍රතිගාමී පරිවර්තනය ගැන හෝ කම්කරු පන්තිය මුහුන දී සිටින තීරනාත්මක මුලෝපායාත්මක හා ඉදිරිදර්ශනාත්මක ප‍්‍රශ්න ගැන හෝ සඳහනක්වත් කිරීමට ගම්ලත්ට නොහැකි ය. ගම්ලත් මාක්ස්වාදයට සතුරු ය. ඔහු ඒ පිලිබඳ කනින් කොනින් දන්නා දෙය යොදා ගන්නේ අවස්ථාවාදීන්ට වෙස් මුහුනු සැපයීමේ සාස්ත‍්‍රයක් ලෙස ය. මාක්ස්වාදය, ලෝක ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තිය බලමුලු ගැන්වීමේ විද්‍යාත්මක න්‍යාය යි. එම සටන අද දින සිදුවන්නේ කම්කරු පන්තියේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හරහා ය. එහි ලංකා ශාඛාව සමාජවාදී සමානතා පක්ෂය යි.
සුචරිත ගම්ලත් සිළුමිණ පුන්කලස සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී කරන "බුද්ධාගම කියන්නේ අතීතයේ යුගයකට අයත්, ඒ යුගයට සේවයක් කළ ආගමක්. වර්තමානයට ඒක අදාළ නැහැනේ." යන ප්‍රකාශය තුළ දෘෂ්ටිවාදයන් පිළිබඳ ගැඹුරු සත්‍යයක් අඩංගු වන්නේ යයි අපි සිතමු.
තමන් අදහන ශාස්තෘන්ගේ න්‍යායික ඉදිරිපත් කිරීම්වලට යථාර්ථය රාමුගත කරන්නට උත්සාහ කරන අන්ධ භක්තිකයන්ට වඩා සුචරිත ගම්ලත් ඉදිරියෙන් සිටි බව අපේ අදහසයි. සිදත් සඟරාවේ 'වහරනු සෙරෙන් සපයා' යි කියමනෙන් පැවසෙන පරිදි ව්‍යාකරණය ව්‍යවහාරයෙන් උපදින්නා සේ න්‍යායද උපදින්නේ යථාර්ථයෙනි. වාදයෝ කම්කරු පංතිය වෙන් කරති. සංවාද කම්කරු පංතිය එක් කරයි.
වාදයන්ට වඩා සංවාදය සමාජයට ඵලදායී බවට සුචරිත ගම්ලතුන් හා මහාචාර්ය පියසීලි විජේගුණසිංහ අතර ඇති වූ විවාදය දෙස් දෙයි. එයින් වැඩි ඵලදායිතාවක් අත්පත් කර ගත්තේ මෙය විවාදයක් ලෙස සලකා පක්ෂ භජනය කරමින් හුරේ දැමූ අයට වඩා එය සංවාදයක් ලෙස සලකා සිය ඥානය මුවහත් කර ගත් අයයි.
ඒ පිළිබඳව මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සිළුමිණ පුන්කලසෙහි සිහිපත් කළේ මෙසේය: "මගේ ස්ථාවරය වුණේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් කියන එකයි. මිනිසා, මානව සමාජය ඇතුළු සොබාදහම ජය ගැනීම සඳහා කරන විප්ලවීය මැදිහත්වීමෙන් තමා කලාව ඇතුළු අධ්‍යාත්මික සංස්කෘතික උරුමය ගොඩනැඟෙන්නෙ. මහාචාර්ය ගම්ලත් ඊට එරෙහිව කියා සිටියේ කලාවෙන් යථාර්ථය ජයගන්න බැරි බවයි.එය ජයගත හැක්කේ විප්ලවයෙන් හා යථාර්ථය වෙනස් කිරීමේ භාවිතයෙන් බවත් ඔහු කියා සිටියා. ඒක අපෝහක භෞතිකවාදයට ප්‍රතිපක්ෂ යාන්ත්‍රික භෞතිකවාදී ආස්ථානයක් හැටියටයි මා දකින්නේ."
ගම්ලතුන් වනාහි අධ්‍යතන සමාජයට වඩා ඉදිරියෙන් සිටියෙකි. සාමාජිකයාගේ ජීවිතය බද්දට ඉල්ලා සිටි විකොස නම් භාවිතාවෙන් ස්ටාලින්වාදී පෙරටුගාමී පක්ෂය ඔහු නෙරපා දැම්මේත්, බුද්ධි විහීන විශ්වවිද්‍යාල පද්ධතිය ඔහු පිටමං කළේත් ඒ නිසාය. විවිධ වාමාංශික කවවලටද ඔහු අවසානයේදී පිටස්තරයකුම විය. කට්ටිවාදය මැද ගම්ලතුන් වැජඹුණේ කාගේවත් සාක්කුවක නොසිටි, කාටවත් සාක්කුවද නොවූ මිනිසකු ලෙසයි. එහෙත්, ඔහු අඛන්ඩවම අරගළය අත්නොහැර සිටියේය. අපමණ ජීවන දුෂ්කරතා, මරණ තර්ජනාදිය මැද අරගළ බිම හැර දමා පළා ගියේත් නැත. සිය ජීවිතයේ අවසන් අඩ පුරාම ඔහු පොරබැදුවේ තමන්ට සමාජය වෙනුවෙන් කළ හැකි මෙහෙය ඉටු කිරීම පිණිස අවස්ථාව ලබාගැනීම පිණිසයි. ඔහු අප හැර යන්නේද කළ හැකිව තිබුණු තවත් බොහෝ කාර්යයන් සිය සිත්හි හා කුසලතාවන් අවසඟ දෑත්හි සඟවාගෙනයි. ඔහුගේ ජීවිතයම පවත්නා සමාජ ක්‍රමයේ මෙන්ම එහිම ස්ථානගතව තිබෙන පෙරටුගාමී පක්ෂය නම් අරගළ සීමාවේත් එක් කටුක යථාර්ථයක ප්‍රකාශනයකි.මිනිස් සමාජයට සුවිශාල මෙහෙයක් කිරීමේ උවමනාව හා හැකියාව තිබුණු එවැනි මිනිසුන්ට සිය සේවය සඳහා අවස්ථාව ලබා දීමට නොහැකි වීම මහත් අවාසනාවකි.
එහෙත්, මේ සියලු අභියෝග මැද ගම්ලතුන් විසින් සිහල දැයට පුදන ලද විශිෂ්ටම දායාදයක් වන්නේ ඔහු විසින් සම්පාදනය කරන ලද ඉංගිරිසි - සිංහල මහා ශබ්ද කෝෂයයි. ඒ සඳහා කරන ලද දුෂ්කර ව්‍යායාමය ගැන ඔහු සිළුමිණ පුවත්පතට මෙසේ කියුවේය. "මා මේ කාර්යය ඇරඹුවේ 1985 දී. දැන් අවුරුදු විසිපහක් ගත වෙලා. ලංකාවේ හැරුණු විට මෙබඳු කර්තව්‍යයකට වසර විසිපහක් ගත විය යුතු නැහැ. බටහිර ලෝකයේ නම් වසර විසි පහකදී මෙවැනි පොත් පහක් පමණ ලිවිය හැකියි. නිකම් ම මැරෙන්නේ නැතුව ලංකාවේ මෙය ලිවීමත් ඇති. මන්ද ලංකාවේ මෙවැනි කාර්යයකට කිසිම සහයෝගයක්, ආධාරයක් ලැබෙන්නේ නැහැ. ඉතා දුෂ්කර තත්ත්වයක් යටතේයි මා මේ වැඩේට අත ගැසුවේ. නිදර්ශනයක් වශයෙන් මාව විශ්වවිද්‍යාලයෙන් රජය විසින් වසර 13 ක් නෙරපා දමනු ලැබුවා. ඒ දුෂ්කර කාලයේ මගේ මිත්‍රයෝ තමයි කඩදාසි, පෑන් පවා රැගෙන දුන්නේ. වචනයක් පිටපත් කර ගන්න ළමයකුට පඩි ගෙවන්න සල්ලි තිබුණේ නැහැ. ඒ කාලේ හැටියට සුළු මුදලක් වැය වුණත් එය ගෙවාගන්න බැරි වුණා."
සිංහල - දමිළ - ඉංග්‍රීසි ත්‍රෛභාෂා ශබ්ද කෝෂයක් සැකසීම ඔහු මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි සමග එක්ව මුලපුරන ලද තවත් ශාස්ත්‍රීය මෙහෙවරකි. අද වන විට එහි පුරෝගාමීහු දෙදෙනාම නික්ම ගොස්ය.මෙවන් අව්‍යාජ, අවංක, දක්ෂ විද්‍යාර්ථීන්ගේ වියෝගය එක් යුගයක අවසානය සනිටුහන් කරන බව මේ මොහොතේ පළ වන නාස්තිකවාදී අදහසකි. දිවියේ අවසන් අවධියේදී මහැදුරු ගම්ලත් විසින් උර දෙන ලද ව්‍යායාමයක් වන්නේ එවැනි විද්‍යාර්ථීන් බිහිකිරීමේ ලා උපයෝගී වන විකල්ප ශාස්ත්‍රීය අධ්‍යයන ආයතනයක් බිහිකිරීමයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ අභාවය පිලිබද මගේ හද පිරි ශෝකය!
ReplyDeleteගම්ලත් යනු සැබෑ පොරකි. වචන දෙකක් නැත.
ReplyDeleteනමුත් ගම්ලත් විකොස සිටි කාලයේදී ද විරුද්ධ පාර්ශවිකයින් කෙරෙහි අනුගමනය කලේ එකම විකොස ක්‍රියා මාර්ගයයි, නිර්දය විවේචන පිළිවෙතයි.
ඔවුනට අනුව එකම විප්ලවාදී පක්‍ෂය විකොස වේ. ප්‍රධාන හතුරා පාලක පන්තිය හෝ යූඇම්පීය හෝ නොව නසසපය වේ. නසසපයේ හරය යනු පත්තර කඩමාල්ලකි.
ගම්ලත් විකොසින් ඉවත්වීම ඔහුට සිදුවූ වාසනාවන්තම දෙයයි.
මුදලට යට නොවූ ශ්‍රේෂ්ඨයෙකුගේ නික්මයාමකි. මෙතුමාගේ වැනි හඬ, අදහස් යටපත් කර තැබීමේ විපාක අද සමාජය භුක්ති විඳිමින් සිටී.
ReplyDeleteඑතුමා බලාපොරොත්තු වූ විමුක්තිය ලැබුනා යයි පතමි.
තමන් මහා උගතෙකු ලෙස ලොවට පෙන්වීමට උත්සහා දරනා සිටිනා එහෙත් සැබෑවටම ගත් කල තමන් පෙළනා අර්තික අපහසුතාව නිසා ඊර්ෂ්‍යා සහගත කුහකයෙකු බවට පත්ව ඇති මෙම දෙතුන් සියක් දෙනා බලනා කොමෙන්ට් 20 ක් 30 ක් වැටෙනා බ්ලොග් එක ලියනා පැරකුම් නමැත්තාට යමෙක් බෞද්ධාගම හා රට ගැන කතා කරන්නේ නම් ඔහුව පෙනෙන්නේ උම්මත්තකයකු ලෙසය. නැතිනම් එවැන්නන් හදුන්වන්නේ ජාතිවාදීන් ලෙසය.
ReplyDeleteමිට පෙර මොහු සම්පත් අත්තටගේ හා බොදුබල සේනාව ගැන ලිපියක් දැම්මේය. මොහුගේ අරමුණ කුමක් හෝ මාතෘකාවක් ඇදගෙන බෞද්ධයන් හා ශ්‍රී ලංකාව හෙලා දැකීම නිසා "සම්පත් අත්තටගේ බොදු බල සේනාවට එක්වීම හෙවත් කුණට කුණ පෑහීම" ලෙස මාතෘකාවකුත් දැම්මේය. එනමුත් මෙහි සත්‍ය exgossip.com වෙබ් අඩවියේ පළවුණි. ඒ පිලිබදව කිසිදු කතාවක් මේ වෙබ් අඩවිය ලියන "මහා උගතා" කෙරෙන් පළනොවේ. අඩුම තරමේ තමන් ලියු ලිපියට අදාල වූ කරුණු වැරදි බව සදහන් වෙද්දී ඒ සදහා කණගාටුව ප්‍රකාශ කිරීමක් වත් පළනොවේ.
මට පෙනෙනා අන්දමට මෙම බ්ලොග් අඩවියට ලියනා පැරකුම් නමැති තැනැත්තාව දෙයාකාරයට වර්ග කල හැක. එක්කෝ ඔහුගේ අරමුණ රාජපක්ෂ පාලනය පෙරලා දැමීම විය හැක. එනමුත් කිව යුත්තේ මෙලෙස බෞද්ධයන්ට හා රාජපක්ෂ පාලනයට පහර ගසා ලිපි දැමීමෙන් සිදුවන්නේ තව තවත් බෞද්ධයන් රාජපක්ෂ පාලනය කෙරෙහි ලංවිම පමණි. අනික නම් බොහෝ දෙනෙක් පැරකුම් නමැති කුහක පුද්ගලයා තමන්ගේ මානසික මට්ටම මත මෙම ලිපි ලියනා බව අවබෝධ කර ගැනීමය.
නැතිනම් මට කිව හැක්කේ පැරකුම් නමැත්තා පෙලෙනා ආර්ථික ගැටළු නිසා ආවට සමාජය කෙරහි වෛරයෙන් පසුවේ. එමනිසා ඔහුට සිතෙන්නේ අවට සිටිනා හොදින් කා බි ඇඳ පැළඳ සිටින පිරිස් නිල් බලකායේ අයවලුන් ලෙසය. නැතිනම් ආණ්ඩුවේ බත්බැලයන් ලෙසය.
මට නැවතවරක් කියන්නට ඇත්තේ ඔබ හිගමනෙට වැටි ඇත්තෙ ඔබෙ වරදිනි. ඔබෙ හිගන,කලකන්නි කමට රජය හො බෞද්ධයන් පලි නැත.
ඔබ හරියට රැකිවක් නොකර වටපිටවට දොස් දෙවොල් තබමින් සිටිනා විටදි හරියට කැමක් බිමක් නැතිව දුක් විදිනා ඔබෙ දරුවන් ගැන මටත් පියෙකු ලෙස දුකය.
රණතුංග
එකම කමෙන්ටුව කොපි පේස්ට් කරමින් තමන් කාලකන්නියෙකු වූ පමණින් අනිත් උන්ගේත් කාලය කාදමන නුඹ දුටුවිට මටද දුකය.
DeleteAjith Paramus has antisocial traits, he needs help
Deleteඔහුගෙන්ද අප ජීවිතයට ගත යුතු දෑ මෙන්ම නොගත යුතු දෑද බොහෝය. පැමිනියේනම් යා යුතුමය. එහෙත් ඔහු ගියේ තම නම මිනිසුන් අතරේ තබාය. මිනිසුන් අතරේ නම තැබීමටද නොයෙක් නොයෙක් දෑ කළ හැක. එහෙත් තම මතය වෙනුවෙන් නිර්භීතව පෙනි උන්, මුදලට කිසිදිනෙක තම කොන්ද නොනැමු පුද්ගලයකු ලෙස මම ඔහු අගයමි. ඉරුදින තුලින් අප ලද දැණුම කිසිසේත්ම ලඝු කළ නොහැක.
ReplyDeleteඅගේ ඇති කියැවීමක් මිත්‍රයා.
ReplyDeleteගම්ලත් ගේ මාක්ස්වාදය සමග කොතරම් විරුද්ධ උවද මා ලංකාවේ ගරු කරන මිනිසෙකි ඔහු වැනි තම මතයවෙනුවෙන් පෙනී සිට ඒ අනුව ජීවත්වී තමන් කියන දේ අනුව ජිවත් වූ මිනිසුන් දැන් කාලයේ දුර්ලභය. මං හිතන්නේ එවැනි මිනිසුන් අතර දැන් ඉතිරිව ඇත්තේ නලින්ද සිල්වා පමණි.
ReplyDelete//මං හිතන්නේ එවැනි මිනිසුන් අතර දැන් ඉතිරිව ඇත්තේ නලින්ද සිල්වා පමණි.//
Deleteනලින් ද සිල්වා? කැලනිය විශ්ව විද්‍යාලයේ!?!
hiks...
DeleteNalin is a hypocrite his kids study in western universities
Deleteමෙම ලිපිය ගම්ලතුන්ට සාධාරණයක් ඉටු කර ඇති බව මගේ විශ්වාසයයි.
ReplyDeletegamlath bedadun danuma itha agayakala utuya,ohu sabawinma manawa hithawadiyeki
ReplyDeleteහොඳ ලිපියක්
ReplyDeleteගම්ලත්ට සාධාරණය ඉටුකර අැත. මා ඔහු ගැන ෙබාෙද් උගතිමි.ස්තූතියි ඔබට.
ReplyDeleteඅජිත් , ස්වයං තීරණ හිමිකම ගැන ඔයා කියන ලිපිය විජය නන්දන පෙරේරාගේ FB එකේ තියෙන මේ ලිපිය විය යුතුයි . මේක ඒ දෙදෙනාම (ගම්ලත් හා විජේ නන්දන ) ගේ සම සංස්කාරකත්වයෙන් ලියු එකක් . මේ ලින්ක් එකෙන් බලන්න .
ReplyDelete> උදය <
ttps://www.facebook.com/photo.php?fbid=115420151840330&set=a.111578535557825.10036.100001170384417&type=3&theater
http://farm5.static.flickr.com/4118/4776600507_9fbecca552_b.j
ReplyDeleteඅජිත් , ඉහත ලින්ක් එකෙනුත් ඒ ස්වයං තීරණ හිමිකම ගැන රාවයේ පළවූ ලිපියට යන්න පුළුවන් . ඒ ජාතීන්ගේ ගැටලුව ගැන මාක්ස්වාදී අදහසයි .
>උදය <
මීට සති දෙක තුනකට පෙර රාවයේ අතිරේකයක් පල කලා ගම්ලතුන් ගැන. එහිදී අශෝක හඳගම පල කලා මේ වගෙ අදහසක්..
ReplyDelete"ගම්ලත් කියන්නෙ අපි හිතන විදිය වෙනස් කරපු කෙනෙක්"
අජිත්, ඉතා අනගි ලිපියක්. ස්තුතියි...
- Dimithri
dictionary ekak hadhapu eka hondhai. namuth eka hondama newei.sabdhakosha kiyannema jathiwadaye ulpathak. me gana tikak nirmalgen ahala balanna.
ReplyDeletepalitha.
අජිත් පැරකුම් මහත්තයා කියන මේ ශාස්ත්‍රීය ආයතනය නම් , සිහියක් පතක් නැතුව අසාද්‍යව ඇඳේ සිටි ගම්ලත් මහාචාර්ය තුමාට හොරෙන් මයියොක්කා පොවා පවුල් ආරවුල් ද ඇතිකොට එතුමාව , කලින්ම එලොව යැවූ විමල් වීරවංශ ගේ පක්කලියන් වන මහින්ද සෙනරත් ගමගේලාගේ ,සදුන් ප්‍රියංකර විතානගේලාගේ " බෘහස්පති කම් +බස් ඇකඩමිය යි ." හැමෝම දන්නා මේ කතාව ඔය මහත්තයා ටිකක් හොයලා බැලුවත් නරකද ? මේ රොත්තම ලෙඩවී අසරණව හිටපු ගම්ලත් මහත්තයාව පාවිච්චි කරමින් සැරසුණේ ගාණක් හොයා ගන්ටයි . ගම්ලත් මහත්තයාගේ මිනියත් විකුණන් කාපු මේ හැත්ත එතුමා ජීවත්ව උන්නා කෑලි වලටයි විකුනන්නේ ......
ReplyDelete.... ජිනේ ....
ඊලාම් ගීතය ලියූ මහාචාර්ය සුචරිත ගම්ලත් ශාන්තුවරයෙක් කරාවිද?
ReplyDeleteටැමිල් නෙට් වෙබ්අඩවිය මහාචාර්ය සුචරිත ගම්ලත් ඇල්ටීටීඊය වෙනුවෙන් කළ සේවය විස්තර කරමින් ඔහුගේ අභාවය ඊලාම් සටනට බලවත් පාඩුවක් බව සඳහන් කරයි. සූකරබාහු, සුචරිත ගම්ලත් තමාගේ බෙදුම්වාදී කුප්පිඩි වැඩපිළිවෙලට දැක්වූ සහාය ගැන වර්ණනා කරයි. පාස්ටර්වරයෙක් ගම්ලත් ස්වර්ග රාජ්‍යයට යායුතු අයෙකු බව සඳහන් කරයි. මේවා අසන දකින විට අනාගතයේ සුචරිත ගම්ලත් ශාන්තුවරයෙකු බවට පත්වේදැයි සැක උපදී.
සුචරිත ගැන ලියන කියන හැමෝම අමතක කළ කරුණු රාශියකි. ඔහු බාල කාලයේ මහණ වී පන්සලෙන් පාලි, සංස්කෘත, සිංහල උගත්තේය. බෞද්ධ උපාසිකාවකගේ මුදලින් ඉංග‍්‍රීසි භාෂාව උගත්තේය. පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුල් වී උසස් සාමාර්ථයක් ලැබූ පසු සිවුරු හැරියේය. මහාචාර්ය සරච්ච්න්ද්‍ර පස්සේ වැටී අඩි ගහන්නට පුරුදු වී බේබද්දෙක් වූයේය.
ආනන්ද ගුණසේකර නමින් උපැවිදි වූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වශයෙන් පත්ව ආවේය. ඒ අතර ‘නුරා ගිනිදැල්’ නමින් පොතක් ලියා ප‍්‍රකාශයට පත් කළේය. මෙම පොත කියවූ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්, ‘මෙය මහ බාල කවි සහ කතා ඇති පොතක් බවට’ විවේචනයක් ලියා එවූ විට ඔහු කලබල විය. පොතේ සඳහන් එක කෙටිකතාවකින් කියවුනේ තරුණයෙකු ස්වයංවින්දනය ලබන ආකාරයයි. මේ විවේචනය කියවූ ආනන්ද ගුණසේකර නම මාරු කළේය. පළමුව සුචරිතරත්න ගම්ලත්හේවා යන නම ගෙන පසුව සුචරිත ගම්ලත් ලෙසට නම වෙනස් කරගත්තේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ සිටියදී ඔහු දේශපාලනයට එක් වූයේය. ඔහුගේ දේශපාලන ගුරා වූයේ ආනන්ද විදුහලේ උගත් අපොස සමත්වීමට නොහැකිව දේශපාලනයට පිවිසි ධර්මකීර්ති බී. ජයසේකර නැමැත්තායි. අන්තිම කසිකබල් කවි ලියමින් සිටි ජයසේකර ‘රතු කඳුළු’ නම් කුඩා කවි පොතක් ප‍්‍රකාශයට පත් කළේය. කවියෙකු වීමට නොහැකි වූ ඔහු තම නම වෙනස්කර කීර්ති බාලසූරිය නමින් දේශපාලනයට ආවේය. ‘විප්ලවකාරී කොමියුනිස්ට් සංගමය’ හෙවත් ‘විරෝධය’ ඔහුගේ පක්ෂයයි. සුචරිත කීර්තිට එක්වී විරෝධයේ වැඩ කළේය. හැන්දෑවට කීර්ති සමග එක්වී කුණුවෙන්ඩ බීම ඔහුගේ ඒ කාලයේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.
සුචරිත ගම්ලත් පොත් ගොන්නක් ලියා ඇති බව ඇත්තකි. මෙයින් වැඩි හරියක් භික්ෂුන් වහන්සේලා ඉතා වෙහෙසී සංස්කරණය කළ පොත බව බොහෝ දෙනෙක් නොදනිති. සුචරිත මේවායේ වචනය දෙක වෙනස්කර තමන්ගේ සංස්කරණ ලෙසින් මුද්‍රණය කර මුදල් හා කීර්තිය ඉපයුවේය. නමුත් ඔහුව විවේචනය කරන්නට බොහෝ දෙනෙක් බිය වූහ. ඒ ඔහුගේ ‘දෙන්නම් බැටේ විචාරයට’ බිය වූ බැවිනි.
මේ අතර පල්ලියේ උපකාරය නිසා ඔහුට බොහෝ පුවත්පත් විවෘත වුණි. සුචරිත ඞීන්ස් පාරේ සාමයික කේන්ද්‍රයට එක්වී බුද්ධාගමට බැට දුන්නේය. ඊට පසු එන්ජී ඕ සමග සම්බන්ධකම් පවත්වමින් සිංහල ජාතියට හා බුද්ධාගමට ඇති තරම් පහර දුන්නේය. මේ අතර ඇල්ටීටීඊයට උපරිම සහය දැක්වීය. ඇල්ටීටීඊයේ ඊලාම් ගීතය ලියාදුන්නේද සුචරිත ගම්ලත්ය.
ඇල්ටීටීඊ හිතවාදීන්, ඊලාම්වාදීන් ඇතුළු සිංහල විරෝධී බෞද්ධ විරෝධි කටයුතුවල යෙදෙන හැමෝටම සුචරිතගේ මරණය විශාල පාඩුවකි. නමුත් මොහුගෙන් සිංහල ජාතියට සිදුවූ අනර්ථය කියා නිමක කළ නොහැකි තරම්ය. ඔහු බුදුදහම ගැන ලියා පළ කර ඇති විශාල පොතේ පවා බුදුදහම හා බොදු ඉතිහාසය විකෘති කළ ස්ථාන බොහෝය.
ඇනකොන්ඩා සුචරිතට නිවන් සැප නොපතයි. ඔහු ස්වර්ගයට යැවීමට කැමති විශාල පිරිසක් සිටින බැවිනි.
http://anacondavit.blogspot.no/2013/04/blog-post.html
යමෙකු උපැවිදි වීම, මත්පැන් බීම, තමන් ලියූ දේ ගැන කලකිරීම, නම් වෙනස් කිරීම ආදී කරුණු පෞද්ගලික දේය. ඒවා හරි හෝ වැරදි හෝ ලෙස කරන අර්ථකථනද පෞද්ගලිකය. ඒවා මත පදනම්ව සුචරිත ගම්ලත්ට එරෙහිව ඉදිරිපත් කරන සෙසු සියලු කරුණු අවලාද හා මඩ ගොන්නක් පමණි. ඒවා අවලාද වන්නේ ඒ කියන කරුණු කිසිවක් සාධක සහිතව ඉදිරිපත් කර නැති බැවිනි. ගම්ලත් ජීවතුන් අතර සිටි කාලයේ කට අරින්නට බියෙන් සිටි බියගුල්ලෝ ඔහු මිය ගිය පසු එළියට පැමිණ මෙසේ සිංහනාද කරන්නට උත්සාහ කළත් නැඟෙන්නේ නරි හූවමය. ගම්ලත්ගේ ශාස්ත්‍රීය කාර්යභාරය ගැන ලියැවුණු එක් ලිපියක හෝ ඇති කරුණු අභියෝගයට ලක් කිරීමට ඔබ අසමත් වී ඇත. ඔබට ඒ සඳහා අවශ්‍ය විනය නැත. ඔබ කරන්නේ ඔබ දන්නා දේය. ඔබ ගැන කණගාටු වීම හැර වාද කරන්නට දෙයක් නැත.
Deleteඔබේ වෙබ් අඩවියට අවශ්‍ය ප්‍රචාරය ලබාගන්න. දිගටම ලියන්න.
ඇනකොන්ඩා හෝ එහි ගිය කතාව මෙතන දාපු ඇනෝ හෝ ඉන්නේ නොර්වේවල බව පෙනේ.
Deleteඇනකොන්ඩා යනු කවරෙක්දැයි දැනගත යුතු නම් එය හෙළිදරව් කිරීමට අප සුදානම්ය .
Deleteග්‍රාහකයෙක්
බොහෝ කාලයක් මේ භාෂා ඇකඩමිය ,ගම්ලතුන් රෝගාතුරවීමේ සිට මෘත දේහය කොල්ල කැවාය කියන කථාන්දරය දක්වා විමසිල්ලෙන් බලා සිටියෙමි
ReplyDeleteගම්ලතුන්ගේ පුද්ගලික ජීවිතය සම්බන්ධ යම් යම් කාරණා ඇද ගැනීම ඔහුට අගෞරවයක් වුනත් ඔහුගේ අවසන් කාලයේදී නාමික භාර්යාව ලෙස සිටි කාන්තාව හෝ ඔහුගේ පවුලේ වෙනත් කිසිවකු හෝ රෝගාතුර මහාචාර්යවරයා පිළිබඳ දැක්විය යුතු සැලකිල්ල නොදැක්වූ බව නොරහසක්.
බෘහස්පති කල්ලියේ අපේක්ෂාව මුදල් ඉපයීම හෝ එසේ නොවන්නට ඇත. එසේම භාෂාව ඉගැන්විම හෝ එසේ නොවන්නටද ඇත. එහෙත් මේ ධර්මසිරිලා, වියන්ගොඩලා, උදේනිලා, ඩබ්. ජසසිරිලා , දිවයිනේ සුමනසේකරලා,රාවයේ විමලනාත්ලා හෝ සන්නස්ගලලා ,මහාචාර්‍යවරයා අතේ සතේ නැතිවී ඩික්ෂනරිය ගසා නන්න පෝල් වී සිටි කාලයේදී සිටියේ කොහේදැයි අපි නොදනිමු. මේ මහත්වරුන් අද හෙට මහාචාරර්යවරයා මැරෙනවාය කියා නිවුස් එක ලැබුණු විගස ෆයර් වී හතර අතේ එතුමාගේ ගුණ වයන්නට ගත් හැටි අපට මතක තියේ. ඔය තිබූ කරුණාවේ දයාවේ නාමයෙන් එතුමාව ලෝකයේ අනිත් කොනට හෝ ගෙනිහින් සුවපත්කරන්නට ලක්සෙට කොඩි දැමූ සන්න්සගලලාට ,එදා අමතක වූවා විය යුතුය.
නාට්‍ය ආශ්‍රිත කලා භාවිතාවන් පිළිබඳ අධ්‍යයන ක්‍රියාවලියකදී මේ "නාමික භාර්‍යාව" විවාහක දෙදරු පියෙක්වූ ගම්ලතුන්ට පංගාර්තු කිරීමට සහය දැක්වූයේද ඔය කියන ධර්මසිරිලාම බව දන්නෝ දනිති. ධර්මසිරිට, ජාගොඩට කරගන්නට බැරිවූ බොහෝ කෙළි මහාචාර්‍යවරයාට හැකි වූ බැවින් එතුමා මිය යන තෙක්ම කරගන්නට බැරිවූ එතුමාගේ( සජීවී වස්තූන් කෙසේ වෙතත්) බුද්ධිමය දේපල කොටසට කටුව ගැහිල්ල මේ කාට කාටත් බරපතල වේදනාවක් වූයේ එතමා මේ උන්දලාගේ කෙරුවාව ඒ වන විටත් වටහාගෙන සිටි නිසා විය යුතුය. එතුමා අවසන් කාලයේ බ්‍රහස්පති කාරයන්ට එකතු වී සිටීම ගහෙන් වැටුනු එකාට ගොනා ඇනිල්ලක් වන්නේ ඒ නිසාය.
බ්‍රහස්පතිකාරයන් අතර සිටින මහින්ද සහ සඳුන් ජවිපෙන් කැඩී ආ කල්ලියේ ය. මහලොකු උගතුන්ද නොවේ. විශ්වවිද්‍යාලයේද නොගොස් ඇතුවා වියයුතුය. ඒත් බ්‍රහස්පති කතාව ,ඔවුන්ගේ ඇකඩමිය පහුගිය කාලයේ නැගලාම ගියේය. බාසාව කොනක සිට හදාරන්නට ඇම්ම තිබූ "එක සීයක" පමණක පිරිසක් මග වියදම් ගෙවාගෙන , මාසෙට පන්ති ෆීසුත් ගෙවාගෙන බ්‍රහස්පතියට එන්නේ මේ කාලයේය. එකෙක්ගෙන් ගන්නේ මාසෙට එක්දාස් දෙසීයකි. දේශකයන්ට දිනක දේශනයකට (පැයතුනක) තුන්හතරදාහක් ගෙවන බව කියයි. මහාචාර්‍යවරයාට එක් දිනක් හෝ මේ පන්තියට උගන්නන්නට නොහැකි වූයේ හදිසියේ උත්සන්න වූ පෙනහළු පිළිකා රෝග තත්වය නිසාවෙනි.
මේ කථාන්දරයේ වැදගත්ම හරියයි. අවසන් කාලයේ මුදල් අතින් හෝ ශාරීරික වශයෙන් දුබලව සිටි ගම්ලතුන්ගේ සහයට ඔය කලින් කී පණ්ඩිතයන් එකෙක්වත් නො ආ නිසාම බෘහස්පතිය වැඩේට බැස්සේය. ගම්ලතුන් බලා ගැනීමේ සිට රෝගයට සුදුසු ආහාර පිළිබඳ සොයා බලන අතරතුර පිළිකා සෛල මර්ධනයට විටමින් B 17 සහිත ආහාර වල අසාමාන්‍ය ශක්තියක් පවතින බව මේ කල්ලිය හොයා ගනී. ඒ අනුව විටමින් B 17 සුලබතම ආහාරය ලෙස මඤ්ඤොක්කා අල ,ආහාර ගිලීමට අපහසු මහාචාර්‍යවරයාට දියර වශයෙන් ලබා දෙන්නේ මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා ප්‍රමුඛ මහරෝහලේ දොස්තරලාගේද අනු දැනුම පිට ය. ධර්මසිරි, විමලනාත්, ගාමිණී කල්ලියට දැන් රජ මගුල් ය. නැට්ටෙන් අල්ලාගෙන "අලියා මේ වගේය "කියා වැනුවා වාගේ "මඤ්ඤොක්කා කොළ කැව්වාය", "මඤ්ඤොක්කා ගිල්ලෙව්වාය" කියන කතන්දර හැදෙන්නේ ඔය පදනමේ හිටය.
පෙනහළු පිළිකාවක් හැදිලාත්, අච්චර හිත් වේදනා තිබිලාත් මහාචාර්‍යතුමා පරමායුෂ විඳින්නට තරම් වාසනාවන්ත විය. සිහිය විකල්වී, ඇඳේම මලමුත්‍රා කරගෙන දුක්විඳින්නට සිදු වුණේද නැත. ඒ එතුමාගේ පින පව ය.
අදහන ධර්මයට, දර්ශනයට හෝ නරුමකමට අනුව අපට එක එක විදිහට මරණය නිර්වචනය කරගත හැකිය. ඒත් කවුරුන් හෝ මිය ගිය පසු ඇත්තටම සිදුවූයේ කුමක්ද කියා මලගියවුන්ගේ අසා ගැනීමට බැරි එක කොයි තරම් නම් නරක කෙලියක්ද කියා හිතෙන්නේ මෙහෙම වෙලාවට ය.
වංශ ගේ පක්කාලියෙකුට මේ වගේ අතේ රෝල් ඇදබානවා හැරෙන්ට මොනවා කියන්ටද ? .......ෂෝක් අනේ .....දිගගගගගගටම ලියන්න මෙයා ....
Delete---- මහින්දලාගේ මයුර සුදු හඳුන් පොල්වල .------
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ 'අනුදැනුම' පිට ගම්ලත් මැතිතුමාට මයියොක්කා පෙවූ බවක් මේ තක්කඩි පවසති . හැකිනම් ඒ බව මහාචාර්ය කාලෝගේ සාක්ෂි ද සහිතව ප්‍රසිද්ධියේ ඔප්පු කොට පෙන්වන ලෙස මේ භාෂා වෙළෙන්දන්ට ( ගම්ලත් මැතිතුමාගේ අනියම් මිනීමරුවන්ට ) අපි අභියෝග කරමු !
Deleteටී .මැදවල