විදුලි බිල වැඩි කිරීමට එ‍රෙහි මහජන ව්‍යාපාරය

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ගන්නා ක‍්‍රියාමාර්ග සඳහා ඒකාබද්ධ වන ලෙස විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ඉල්ලීමක් කරයි. 

එහි නිවේදනයේ මෙසේ දැක්වේ

වර්තමාන ආණ්ඩුව ජනතා අදහස් නොතකා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවද බළල් අතක් කරගනිමින් ජනතාවට දැරිය නොහැකි අයුරින් විදුලි බිල නැවත වැඩිකර ඇත.

පවතින ජීවන වියදම හමුවේ ජීවත් වීම බරපතල ප‍්‍රශ්ණයක් වී ඇත. සාමාන්‍ය ජනයා මෙම විදුලි බිල වැඩිකිරීම හරහා කබලෙන් ලිපට ඇ`ද දමන තත්ත්වයක් ඇති වී ඇති බව පැහැදිලිය.
 

ආණ්ඩුව ජනයා අපහසුතාවයට පත්කරන මෙම තීරණය අවලංගු කරවීම සඳහා වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධත්වයෙන් ගොඩනැගුණු විදුලි බිල වැඩිකිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ලෙස අප පහත සඳහන් ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.


  • අපේ‍්‍රල් 30 - දිවයින පුරා පත‍්‍රිකා බෙදීමේ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම
  • මැයි 03 - දිවයින පුරා ස්ටීකර් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම
  • මැයි 06 - දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කිරීම
  • මැයි 09 - විරෝධතා පා ගමනක් කොළඹ දී පැවැත්වීම
මෙම ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කර ජනයාට සහන සැලසීම සඳහා අප ව්‍යාපාරය හා ඒකාබද්ධ වන ලෙස ඔබ සංගමයට/ සංවිධානයට සහෝදරත්මකව ආරාධනා කරන්නෙමු.
ව්‍යාපාරයේ මීළඟ රැස්වීම - 2013.05.02 දින සවස 4ට බැංකු සේවක සංගම් කාර්යාලයේ දී


පහත පළ වන්නේ විදුලි බිල වැඩි කිරීමට එරෙහි ්‍ව්‍යාපාරය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යවන ලද සංදේශයයි.

අතිගරු ජනාධිපති,
මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,
අරලියගහ මන්දිරය,
ගාලූ පාර,
කොළඹ 03.


ගරු ජනාධිපතිතුමනි.


විදුලි බිල වැඩිකිරීමට ගත් තීරණය අවලංගු කර ජනතාවට සහන දෙන ලෙස ඉල්ලීම
 

රජය විසින් ජනතාවගේ අදහස් වලට ද පටහැනිව යමින් හා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ යෝජනා ද නොසලකාහිරිමින් ජනයාට දැරිය නොහැකි ආකාරයේ විදුලි බිල වැඩි කිරීමක් සිදුකිරීම බරපතල ගැට`ඵවකි.
මෙතෙක් කල් පැවැති ආණ්ඩු විසින් සිදුකළ සියලූ විදුලි ගාස්තු සංශෝධන වලදී හැකි උපරිම අයුරින් ඒකක 120 ට අඩුවෙන් විදුලිය භාවිතා කරන පාරිභෝගිකයින් ආරක්‍ෂා කළේය. එහෙත් ඊට ඉඳුරාම පටහැනිව යමින් ඔබ රජය විදුලි ගාස්තු වැඩිකිරීමට ගනු ලැබූ තීරණය වැඩකරන ජනතාව මෙන්ම සමස්ථ ජනතාව කබලෙන් ලිපට දැමීමට කටයුතු කිරීමක් බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ලෙස අප ඔබ වෙත දන්වා සිටින්නෙමු.


මෙම වසරේ ලංකා විදුලි බල මණ්ඩලයේ මුළු වියදම රුපියල් කෝටි 25,600 ක් බව සඳහන් කර තිබුණද එම වියදමින් රුපියල් කෝටි 2,800 ක් ඉතා දූෂිත ගිවිසුම් මත තාප විදුලි බලය ලබාදෙන පෞද්ගලික සමාගම් වෙත ගෙවීමට වෙන් කරනු ලබන මුදල් බව දැනටමත් හෙළිදරව් වී ඇත. එමෙන්ම තවත් රුපියල් කෝටි 1500 ක් පමණ නාස්තිය හා දූෂණය හේතුවෙන් වැය වෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සාක්‍ෂි විමසීම්වලදී හෙළිදරව් විය. මේ ආකාරයට විදුලි බල මණ්ඩලය තුළ පවත්නා දූෂණ හා නාස්තිකාර වියදම් පියවීමට මේ රටේ ජනතාවට සිදුවීම බරපතල අසාධාරණයකි.


ශ‍්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති වියදම් අතුරින් රුපියල් කෝටි 2500 ක්ම වැඩිවීමට හේතුව විදුලිය නිපදවීමට ඛනිජ තෙල් සංස්ථාව ලබාදෙන තෙල් ලීටරයක මිල රුපියල් 65 සිට රුපියල් 90 දක්වා වැඩි කිරීමය. ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත යන අවස්ථාවකදී මෙරට පමණක් විදුලිය සඳහා සපයන තෙල් වල මිල ඉහල යන්නේ රුපියල බාල්දු කිරීම නිසාය. වසර 2012 දී පමණක් රුපියල 18% කින් බාල්දු විය. මෙම තත්ත්වයට වගකිව යුත්තේ විදුලි පාරිභෝගිකයා නොව අදාළ වැරදි ආර්ථික තීරණ ගන්නා නිලධාරීන්මය.
වැඩ කරන ජනතාවගෙන්, කුඩා ව්‍යාපාරිකයින්ගෙන් සහ කුඩා කර්මාන්තකරුවන්ගෙන් වැඩියෙන් අයකර ධනවතුන්ට සහ මහා පරිමාණ කර්මාන්ත කරුවන්ට හැකි උපරිමයෙන් සහන ලබාදීම මෙම විදුලි ගාස්තු වැඩිකිරීමේ නියම හරය වී ඇත. නව ගාස්තු ක‍්‍රමය අනුව අඩුවෙන්ම විදුලි බිල භාවිතා කරන ගැමි ජනතාවගේත් රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ගේත් විදුලි බිල 40% සිට 120% දක්වා වැඩි වී ඇත. අඩු ආදායම්ලාභී ගෘහස්ථ පාරිභෝගිකයාට විදුලිය වෙනුවෙන් ලබා දුන් රුපියල් බිලියන 34 ක සහනාධාරය මේ වන විට රුපියල් බිලියන 12 දක්වා කප්පාදුකර ඇත.


විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට කියමින් මේ ගාස්තු වැඩිකරනුයේ රට වැටී ඇති මෙම දරුණු ආර්ථික අර්බුදය ජනතාව පිට පැටවීමට විනා අන් යමක් නොවන බැව් අපගේ විශ්වාසයයි. අඩු මිලට විදුලිය දීමට කියමින් තව තවත් ගල් අඟුරු බලාගාර හැදුවත් රටේ රුපියල බාල්දු වේ නම් හෝ අති විශාල ටෙන්ඩර් මගඩි මගින් දූෂණය ඉහ වහා යයි නම් හෝ ජනතාවට නම් ලැබෙන සහනයක් නැත. සිදුවිය හැක්කේ රට තව තවත් ණය බරින් මිරිකීමත් පරිසරය තව තවත් දූෂණය ලක් වීමත් පමණි.


එබැවින් අප විසින් ඉදිරිපත් කරනු ලබන පහත සඳහන් යෝජනා අතුරින්  ඕනෑම යෝජනාවක් හෝ යෝජනා කිහිපයක් ක‍්‍රියාත්මක කොට නව විදුලි මිල සූත‍්‍රය අත්හිටුවා අසාධාරණ ගාස්තු වැඩිකිරීම නතර කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.


  • පුද්ගලික විදුලි බලාගාර සමඟ විදුලි බල මණ්ඩලය ඇති කරගෙන තිබෙන ගිවිසුම් සියල්ල අහෝසි කර නියම විගණනයක් හරහා විදුලි ඒකකයක් පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගැනීම.
  • රුපියල බාල්දු කිරීම හරහා සිදුවන පාඩුව මගහරවා ගැනීමට විදුලි බල මණ්ඩලයට ඊට සරිලන සහනාධාරයක් ලබා දීම.
  • ඛනිජ තෙල් සංස්ථාව විදුලිය නිපදවීමට විදුලි බල මණ්ඩලයට ලබාදෙන තෙල් ලීටරයක මිල නැවත රුපියල් 65 දක්වා අඩු කිරීම.
  • රුපියල් බිලියන 20 කට වඩා වැඩි වාර්ෂික පාඩුවක් ලබන ශ‍්‍රී ලංකන් හා මිහින් එයාර් ගුවන් සේවාවන්ට ලබාදෙන හා සමාන සහනාධාරයක් විදුලි බල මණ්ඩලයට ලබාදීම.
  • මිහින් එයාර් සමාගම වසාදමා ඊට වාර්ෂිකව වැයවන මුදල විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම.
  • දැයට කිරුළ වැනි සැණකෙළි නවත්වා එවැනි සැණකෙළි වෙත වැය කෙරෙන මුදල් ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලි බල මණ්ඩලයේ පාඩු පියවීමට යෙදවීම.

විදුලි බල මණ්ඩලයේ හෝ වෙනත් රජයේ ආයතනවල නාස්තිකාර වියදම් පියවීමට මේ රටේ ජනතාව බැදී නැත. එසේ හෙයින් මේ පිළිබඳව දැඩි අවධානය යොමුකර විදුලි පාරිභෝගිකයාට සහන සැලසීමට ඔබතුමා ඉතා කඩිනමින් පියවර ගනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.


මෙයට විශ්වාසී
පහත සඳහන් වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන වෙනුවෙන් අත්සන් කළේ


සමන් රත්නප‍්‍රිය, ඞී. එම්. ඞී. අබේරත්න,තිලක් කාරියවසම්, ජෝෂප් ස්ටාලින් (පිළිවෙලින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය, ශ‍්‍රි ලංකා සොබා සාමුහිකය, ලංකා ගුරු සංගමය)


සාමාජික සංවිධාන
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය - සමන් රත්නප‍්‍රිය
ලංකා බැංකු සේවක සංගමය - අමරපාල ගමගේ
ලංකා වෘත්තීය සමිති සම්මේලනය - ඞී. ඩබ්. සුභසිංහ
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
ලංකා ගුරු සංගමය - ජෝෂප් ස්ටාලින්
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය - ධර්මසිරි ලංකාපේලි
ජාතික සේවක සංගමය - සුරංග නාවුල්ලගේ
තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමය - ඒ. ඩබ්. ඞී. රණතුංග
ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනය - ඞී. එම්. ඞී. අබේරත්න
ලංකා කම්කරු සම්මේලනය - ජගත් හේමචන්ද්‍ර
එක්සත් කම්කරු සම්මේලනය - ලීනස් ජයතිලක
ශ‍්‍රි ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය - චින්තක බණ්ඩාර
ස. ලංකා රාජ්‍ය කළමනාකර සහකාර නිළධාරීන්ගේ සංගමය - උදේනි දිසානායක
ලංකා ජාතික වතු කම්කරු සමිතිය -
රක්ෂණ සේවක සංගමය - ආර්. එස්. නන්දලාල්
රා. පළාත් රාජ්‍ය කළමනාකාර සහකාර සේවා සංගමය - එන්. එම්. විජේරත්න
ශ‍්‍රි ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය - ඩබ්. ඒ. ඞී.විමලරත්න
රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනය - ජේ. එම්. එල්. ආර්. ජයසුන්දර
දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ - සම්පත් රාජිත
එක්සත් සෞඛ්‍ය සේවා සංගමය - ඕ. විමලසේන
එක්සත් ජාතික තැපැල් සේවක සංගමය - එච්.ඒ. ආර්. නිහාල්
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය - නාලක හෙට්ටිආරච්චි
ස්වාධීන වරාය සේවක සංගමය - ලාල් බංගමුවගේ
එක්සත් පොදු සේවක සංගමය -
රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය - එම්. ඞී. ආර්. අතුල
ලංකා වතු නිළධාරීන්ගේ සංගමය - ධම්මික ජයවර්ධන
වාරිමාර්ග පොදු සේවක සංගමය -
ස්වාධීන තටාක සේවක සංගමය - යු.ජේ. එස්. රංජිත්
ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව
ර. කළමනාකාර සහකාර සේවා සංගමය (ඨගක්‍ගීගඹග*
රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය
විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක මණ්ඩලය -
ස. ලංකා විශ‍්‍රාමික සංවිධාන එකමුතුව - එස්. සිංගප්පුලි
ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා සේවක සංගමය - සුසන්ත යාපා
යහපාලනය ස`දහා වන ස්ත‍්‍රින්
ට‍්‍රාන්ස්පේ‍්‍රරන්සි ඉන්ටර්නැෂිනල් ශ‍්‍රි ලංකා - එස්. රනුක්ගේ
අපි පුරවැසියෝ - සමන්ත ඇපා
ශ‍්‍රි ලංකා සොබා සමුහිකය - තිලක් කාරියවසම්
පරිසර සංරක්ෂණ භාරය - සජීව චාමිකර
ජාතික විදුලි පාරිභෝගික ව්‍යාපාරය - බන්දුල චන්ද්‍රසේකර
කැෆේ සංවිධානය - කීර්ති තෙන්නකෝන්
ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය ආචාර්යවරුන්ගේ සංගමය - සාලිය චන්ද්‍රකුමාර

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා