අද අපි බයවෙන්න ඕනැද?

මෙහෙම ගියොත් මෙහෙමත් වේවි. ඒ නිසා Give Peace a Chance කියා අප ලියූ ලිපිය මිනිසුන් බියවද්දන එකක් බව කියමින් අපේ පාඨකයෙක් අදහස් දැක්වීය. 

ඇත්තය. වත්මන් සමාජයේ භාණ්ඩ හා සේවා මෙන්ම දේශපාලනය, ආගම් වැනි දේද අලෙවිය සඳහා භාවිතා කරන ප්‍රධාන උපායමාර්ගය බිය වැද්දීමය. කළු වෙන්නට බියක් සමාජය තුළ ඇති කර ෆෙයා ඇන් ලව්ලි විකුණති. මහළු වන විට ඇට දුර්වල වන බව කියා ඇන්ලීන් විකුණති. ටියුෂන් පංතිවලට පොලිසිය පනින බව කියා දහම් පාසල්වලට ළමයින් ගෙන්වා ගනිති. අපායේ යන බව කියා සම්මාදම්, දාන මාන ලබා ගනිති.

දේශපාලනය විකුණන්නේ බටහිර කුමන්ත්‍රණ, ඉන්දියන් ආක්‍රමණ ආදිය පෙන්වාය. ජාතිවාදය විකුණන්නේ මුස්ලිමුන්ගේ, දෙමළුන්ගේ පවුල්වල ළමයින් වැඩිය, අපේ අඩු නිසා ඔවුන් කවදා හෝ ජනගහණයෙන් අප පසු කරනවාය, අප සුළු ජාතියක් වෙනවාය වැනි හුඹස් භීතිකා හරහාය. 

අපද සමාජය බියපත් කරන බවට ඇතැමෙක් චෝදනා කරති. ඔව්, අපි ඔබ බියපත් කරමු. මෙසේ පරිසරය වනසාගෙන ගියොත් පාරිසරික තුලනය නැති වී ගොස් ලෝකය විනාශ වනු ඇති බවට අපි ඔබ බියපත් කරමු. ධනවාදය විසින් දිළින්දන් හා ධනවතුන් අතර විෂමතා පුළුල් කර මිනිස් සමාජය කාලකන්නිභාවයට හෙළන බවට අපි ඔබ බියපත් කරමු. ජාතිවාදය, ආගම්වාදය‍ හේතුවෙන් මිනිසුන් අතර ගැටුම්, ලේ හැලීම් හා විනාශය නිර්මානය වන බව කියමින් අපි ඔබ බියපත් කරමු. 

ලංකාවේ බලයේ සිටින ඒකාධිපති පවුල තවත් කලක් බලයේ සි‍ටියොත් ලංකාවක් ඉතිරි නොවන බවටද, රට කෑලි කැඩී, සමාජය භේද භින්න වී විනාශ වන බවටද අපි ඔබ බියපත් කරමු. 

අප ඔබෙන් අසන්නේ එහි වරදක් තිබේද යන්නයි. බිය විය යුතු දෙයට බිය විය යුතුය.  

සැහැසි හැඩ එඩියට - අරිටු පවිටෝ බිය නැත
එහෙත් සත් ගූණවත් - දනෝ නිතරම පවට බියවෙති.
- තිරුවල්ලුවර්ගේ තිරුක්කුරල්

උපුටා ගැනීම: http://kuraltranslations.blogspot.com/

බුදුවත් මෙතෙකැයි නොකියැකි පිරිසිඳ
බලවත් මහ දුක් විදුවන හැමසඳ
සිතුවත් බිය වන අටමහ නිරයද
ඔසුපත් එක්සිය සතිසෙක් වෙද

(බුදු වුවත් මේ ප්‍රමාණයැයි කෙළවරක් සීමාවක් නොකිය හැකි නිරතුරුම මහා බලවත් දුක් විඳින්නා වු සිතුවත් භය ඇතිවන අටමහ නිරයන්ද ඒ වට කොට ඔසුපත් නිර එකසිය තිස් හයක්ද වන්නේය.)
-ෝවැඩසඟරාව


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ජනාධිපතිතුමා,ආරක්ෂක ලේකම් ප්‍රමුඛ රණවිරුවන් කොටි ත්‍රස්‌තවාදය පරාජය කල නිසා අපි නං දැන් බියෙන් සැකෙන් තොරව ජිවත් වනවා.

    රටේ භාණ්ඩ මිලේ යම්කසි වැඩිවීමක් තිබුනා. නමුත් දැන් එය යම්කසි ස්ථාවරයකට පැමිණ තිබෙනවා. ඉදිරියේදී හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොට සක්‍රිය වූ පසු ආර්ථිකයේ නැග්මක් ඇතිවේවි.

    ජනාධිපතිතුමාගේ වැරදි ඇති. මොකද එතුමන්ත් මනුෂයෙක්ගේ. නමුත් වැදගත් මේ තමයි එතුමන් කිසිම දිනක රට පාවා දෙන්නේ නෑ. බටහිරට කොන්ද නමන්නේ නෑ. දැන් කියනවා එතුමන්ගේ පවුලේ අය දේශපාලයට ඇවිත් තිබෙනවා කියා. එනමුත් එතුමන්ගේ පවුලේ අය පාර්ලි‌‌මේන්තුවට පත්ව තිබෙන්නේ වැඩිම ජනතා ප්‍රසාදයෙන්, ජන්දයෙන්.

    සමන්

    ReplyDelete
    Replies
    1. සමන්

      "සමන් මල් පියල්ලේ.. ස‍ඳේ රැස් කැරැල්ලේ..
      ප්‍රීති වලාවන් එක්වී..
      සංගීත රාවෙන් මත්වී..
      මගේ රංගනීයේ..
      සමන් මල් පියල්ලේ.. සඳේ රැස් කැරැල්ලේ.. "

      Delete
    2. සමන් @ඔබ මතු උපදින වාරයක් පාසා අහවල් අයගේ නිවෙස් වල කානු පණුවෙක් වී උපදීමට මේ පින් හේතු වාසනා වේවා.

      Delete
    3. සමන්,
      මෙම බ්ලොග් එකේ පලවන ලිපිවල අන්තර්ගතයට එකඟ නොවන සමහරු ඒ පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කරනවා වෙනුවට පැරකුම්හට නොයෙකුත් ආකාරයේ පරිභව කරන විටක ඔබගේ අදහස් කුමක්හෝ වේවා මෙසේ පළකිරීම පැසසියයුතුයි.
      වසර 30කටත් වඩා එහාට ගිය ලංකාවේ සිවිල් යුද්ධය දැනට වසර කිහිපයකට ඉහත නිමවූ අවස්ථාවේ ලංකික අපි බොහෝ දෙනෙක් සැනසුම් සුසුම් හෙලුවා. අපේ අම්මලා කිව්වේ දැන් ඉතින් දරුවෝ ගෙදර එනතුරු ලේ වතුර කරගෙන බල හිටපු කාලය අවසන් කියලා. ඒ අවස්ථාවේ ලංකාවේ අපි විතරක් නෙවෙයි, ලෝකයේ අනෙකුත් රටවල් පවා අලුත් බලාපොරොත්තු ඇතිකරගත්තා ලංකාවේ ආණ්ඩුව ගැන. ලංකාවෙන් පිටවෙලා විදේශ රටවල්වල දිගු කාලයක් ජීවත්වූ මා පුද්ගලිකව අදුනන ලාංකිකයන් කිහිපදෙනෙක්ම ලංකාවේ නැවත පදිංච්යට ආවා.
      නමුත් යුද්ධය අවසන්වෙලා දැන් වසර ගණනාවක් ගිහින්. යුද්ධය අවසානයේ අප ඇතිකරගත් බලාපොරොත්තු කිසිවක් ඉටුවෙලා තිබෙනවාද? යුද්ධය අවසන් වුවත් සාමය උදාවෙලා නැහැ. ඒ සාමය නැතුව ලංකාවට ඉදිරියට යන්නට බැහැ. ඉන්දියාව ඇතුළු අන්තර්ජාතික ප්‍රජාව ලංකාවෙන් ඈත් වෙමින් පවතින්නේ ඒ නිසයි.
      රටට සාමය ලගාකරනු වෙනුවට වත්මන් පාලනය සිය කුටුම්භ රක්ෂණය මුල් කරගත් ඒකායන අරමුණකින් තම විරුද්ධවාදීන් මර්ධනය කරමින් සිටිනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ තම විරුද්ධවාදීන්ට පමණයි.
      ඔබ මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය ගැන සඳහන් කරනවා. රටක ආර්ථික දියුණුවේ අඩිතාලම ඒ රටේ පසුතළ සම්පත්. ඒ අතින් රටක මහා මාර්ග, ගුවන් තොටුපළ සහ වරාය දියුණුවීම හොඳ දෙයක්. නමුත් හරියට ශක්‍යතා අධ්‍යයනයක් නොකර තමන්ගේ ගම දියුණුකිරීම සහ නම දාගැනීම පිණිස ඉදිකළ වරාය සහ ගුවන් තොට මහා ධනස්කන්දයක් වියදම් කරමින් රටේ ජනතාවට මහා බරක් පැටවූ සුදු අලි බවට පත්ව තිබෙනවා.
      නයට අරගෙන මේ දාගේනයන බජව්ව දිගටම පවත්වාගෙන යාම සඳහා ජාතිවාදය අවුස්සමින්ද, රටට විදේශ කුමන්ත්‍රණ ඇතිබව පවසමින්ද රටේ මිනිසුන්ගේ අවධානය වෙන අතකට හැරවීමේ ප්‍රයත්නයක මේ පාලනය නිරතවෙලා සිටිනවා.
      ලංකාවට මේ මොහොතේ වඩාත් අවශ්‍යව ඇත්තේ සාමය සහ නීතිය ස්ථාපිත කරන්නාවූ පාලනයක්. එවිට රටේ සංවර්ධනය මිනිසුන් මත බලහත්කාරයෙන් පැටවියයුතු නැහැ.

      Delete

    4. @ saman

      oya wihilu karanawada ?

      Delete
    5. විහිළුවක් උනත් නැතත් බහුතර ජනතාව සිතන්නේ ඔහොම තමයි උන්ට හිතන හැටි උගන්නලා කට පාදන් කරවලා

      Delete
    6. පැනසර නොවන නිරිඳුන් ලද රජ සැපත
      ගොරතර නිරා දුකටත් වැඩියෙන් විපත

      මේ විහිලුව මං නිවෙයි කලේ මේ විහිලුව කලේ අලගියවැන්න මුකවෙටි තුමා සුභාෂිතයෙන්.

      Delete
  2. Saman is a Retarded man or a real déka punnekk..

    ReplyDelete
  3. සයිමන් උන්නැහේApril 6, 2013 at 2:30 PM

    සේනාවෙයි ඔබෙයි අතර තියෙන්නේ සොච්චම් වෙනසක් කියල තෙරුම් අරන් වගේ..
    සේනාවෙයි ඔබෙයි තර්ක හරිම තර්කානුකූලයි.. ඒත් ඒ යථාර්තයම නොවෙන්න පුලුවන්...
    බිය වැද්දීම හැර මිනිසුන්ගේ අදහස් වෙනස් කිරීමට වෙන විධියක් හිතන්න කැමතිම නෑ වගෙයි..
    සේනාවේ බිය වැද්දීම් වලට වඩා ඔබේ බියවැද්දීම් මා පිළිගත යුතුයයි සිතීමට ක්‍රමයක් යෝජනා කරන්න.
    මා හොද නරක තෙරුම් ගන්නා සරලම මාර්ගය "අත්තානම් උපමං කත්වා... " ඔබ බොහෝ අදහස් ඉදිරිපත් කරන්නේ බිය වැද්දීම් වලින්...
    මෙවැනිම බියවැද්දීම් සහිත ලිපියකට මා දැමූ කොමෙන්ටුවක් මතක් කරන්නම්..
    " උඹ දෙමළට දෙවන්න යන්නේ සිංහලය බය කරලද උන්ගේ ප්‍රචන්ඩත්වය අපිට වගේම උන්ටත් සිය දහස් වාරයකින් අත්විදින්න වෙනව කියල උඹ වගේම දෙමළත් තේරුම් ගන්නැත්තන් මක් කරන්නද"

    සයිමන් උන්නැහේ

    ReplyDelete
  4. “Fear and panic are two separate emotions. Fear’s healthy. Panic’s deadly.”
    -quote from a movie Chasing Mavericks-

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා