Posts

Showing posts from August, 2021

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු හිරේ

Image
  August 26, 2021   admin   Media   People ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ වන විටත්, මඩකලපුවේ දෙමළ මාධ්‍ය නිදහස් මාධ්‍යවේදියකු වන ගෝකුලම් මාස නවයක කාලයක සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටියි. ඔහුට එරෙහිව එල්ල කරනු ලබන චෝදනාව වන්නේ ඔහු ෆේස්බුක්හි කළ පළකිරීම් මගින් තහනම් කරන ලද දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ප්‍රවර්ධනය කරනු ලබන බවයි. 2020 නොවැම්බර් 29දා ගෝකුලන් අත්අඩංගුවට ගනු ලැබුවේ සෑම මසකම නොවැම්බර් 27 දින පැවැත්වෙන මහවිරු සැමරුම් පැවැත්වීමට රජය ඉඩ නොදීම පිළිබඳ අදහස් සමග කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූප පළකිරීම නිසාය. මුල් ඡායාරූපයේ සිටින්නේ ඔහුය. මේ අසල තිබෙන ඡායාරූපයේ සිටින්නේ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු වන කීර්ති රත්නායකයි. පසුගිය අගෝස්තු 14දා පොලිසියේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටියි. චීන රජය සමග කටයුතු කරන, ශ්‍රී ලංකාවේ සිටින තලිබාන් ත්‍රස්තයන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට පහරදීමට ඉඩ ඇතැයි තානාපති කාර්යාලයේ නිලධාරියකුට දැනුම් දුන්නේය යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට

ඩෙල්ටා ප්‍රභේදය නිසා එක්සත් ජනපදයේ එන්නත්වල ඵලදායීතාව අඩුවෙලා

Image
  August 26, 2021   admin   Health කොවිඩ්-19 වයිරසයේ ප්‍රමුඛතම ස්වරූපය බවට පත්වී තිබෙන  ඩෙල්ටා ප්‍රභේදය  හේතුවෙන් කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාව 91% සිට 66% දක්වා පහත වැටී තිබෙන බව එක්සත් ජනපදයේ Centers for Disease Control and Prevention (CDC) ආයතනයේ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. එහෙත්, CDC ජර්නලයේ පසුගිය අගෝස්තු 24දා පළවූ  Morbidity and Mortality Weekly Report (MMWR)  නම් වාර්තාවේ සඳහන් වන ආකාරයට කොවිඩ්-19 එන්නත්කරණයේ වාසි තවදුරටත් වැදගත් වෙනවා. මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ එක්සත් ජනපදයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන ඇරිසෝනා, ෆ්ලොරිඩා, මිනෙසෝටා, ඔරිගන්, ටෙක්සාස් හා උටා යන රාජ්‍ය හයෙහි සෞඛ්‍ය සත්කාර සේවකයන් 4,000ක් වෙතින් 2020 දෙසැම්බර් මැද සිට 2021 අගෝස්තු මැද දක්වා කාලය තුළ ලබාගත් තොරතුරු මතයි. මෙම අධ්‍යයන කාලය තුළ කොවිඩ්-19 එන්නත්වල කාර්යක්ෂමතාවේ සාමාන්‍යය 80%ක් බව අධ්‍යයනය පවසනවා. මෙම සෞඛ්‍ය සේවකයන් අතරින් 83%ක් එන්නත් ලබාගෙන තිබුණා. ඔවුන් අතරින් 65%ක් ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ද, 33%ක් මොඩර්නා එන්නත ද, 2%ක් ජොන්සන් සහ ජොන්සන් එන්නත ද ලබාගෙන තිබුණා. එන්නතේ කාර්යක්ෂමතාව අඩුවීම පරිස්සමෙන්

ලංකාව පෙනෙන තෙක් මානයක ආලෝක ධාරාවක් දැකිය නොහැකි අඳුරු බිම්ගෙයක

Image
  August 25, 2021   admin   Politics පළමු කොරෝනා රැල්ලේ සිට අනුගමනය කරන ලද ප්‍රායෝගික නොවන, අත්තනෝමතික ක්‍රියාමාර්ග දැන් දැන් අවසානයක් දකිමින් තිබේ. කොවිඩ්-19 රජයේ පාලනයෙන් ගිලිහෙමින් තිබෙන තරමට මිනිසුන් පරිස්සම් වෙන්නට පටන්ගෙන තිබේ. මේ දිනවල ලාංකිකයන් රජයේ නිරෝධායන ඇඳිරි නීතියට අනුව කටයුතු කරන ආකාරය කොවිඩ්-19 කාර්ය සාධන බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ද ප්‍රශංසාවට ලක්වී තිබේ. මේ අතර නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින ජනතාවට ලබාදුන් රු. 10,000ක බඩු මල්ල ද අඩු ආදායම්ලාභී පවුල්වලට පමණක් සීමා කර තිබේ. කොවිඩ්-19 වයිරසය ආදායම් සීමා ගැන තකන්නේ නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. නිවෙස්වල නිරෝධායනය වන මිනිසුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාගැනීමේ නිල විකල්ප මාර්ගයක් ද නැත. අඩු ආදායම්ලාභීන් යයි රජය සලකන ජනතාවට අමතරව තවත් විශාල පිරිසකට මේ වෙන විට කොවිඩ්-19 හා ඒ සම්බන්ධ ඇඳිරි නීති ආදිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වී තිබේ. කොරෝනා වසංගතයෙන් දේශපාලන වාසි ගැනීම දැන් සම්පූර්ණයෙන්ම අවසන් වී තිබේ. එහෙත්, ආර්ථික ලාභ ප්‍රයෝජන නම් තවමත් අවසන් නැතුවා විය හැකිය. ජනාධිපති ගෝඨාභයගේ චක්ගෝලයකු වන දිලිත් ජයවීර

වසංගතයට විසඳුම නවීන විද්‍යාවද?

Image
  August 23, 2021   admin   Philosophy   Politics අජිත් පැරකුම් ජයසිංහ මං නූගත් මිනිහෙක්. මගේ නූගත්කම ඇතුළෙ මං කොවිඩ්-19 අධි වසංගතය ගැන සිතන ආකාරය නවීන විද්‍යාවෙ දෘෂ්ටිවාදීමය රාමුවට පිටින් තියෙන්නෙ. මං තේරුම් ගන්න විදියට නවීන විද්‍යාවෙ දෘෂ්ටිවාදය මිනිස් ජීවිතය පහසු කිරීම. දරුවන් ලැබෙන එක සම්බන්ධයෙන් වර්තමානයේදී නවීන විද්‍යාවේ තර්කනය ගැවසෙන්නේ වේදනා නොවිඳීමට තිබෙන අයිතිය සමගයි. දැන් මිනිස් ගැහැණු සතා කියන්නෙ ස්වාභාවික ලෙස දරුවකු ලබන්නට බැරි සතෙක්. සියලු දරු උපත් රෝහල්වල සිදුවිය යුතුය කියන එකත් දැන් පැරණි ඉලක්කයක්. මං හිතන්නෙ මේ වසංගතය මානව පරිණාමයේ එක්තරා යුගයක/ අවධියක අවසානය සලකුණු කිරීම සඳහා උදා වූ අවස්ථාවක්. අපි ඒ අවස්ථාව පාවිච්චි කළොත් මානවයාගේ පැවැත්ම තිරසාර වෙන්න පුළුවන්. හැබැයි, ඒක මිල අධික ඔප්ෂන් එකක්. නූතන සමාජ දේශපාලනික හර පද්ධතිය ඇතුළෙ අපි මරණය සලකන්නෙ බැහැර කළ යුතු දෙයක් හැටියට. මේ සිදුවන දේ ඇතුළෙ අපට මරණය ජීවිතයේම කොටසක් ලෙස ඇතුළාන්තයට ගන්නට බලකරනවා. එතකොට අපට ජීවිතය කියන්නෙ හැම මොහොතක්ම විඳිය යුතු සීමිත අවස්ථාවක්. ඈතම අතීතයේ සිටි මිනිසා වගේ අපට නිරන්තරයෙන් ජීවිතය වෙනුවෙන්

මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?

Image
  August 22, 2021   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ පළමු කොරෝනා ඇඳිරි නීතියෙ ඉඳලම මං ඇඳිරි නීතිවලට විරුද්ධයි. දැනුත් විරුද්ධයි. හැබැයි, ශාරීරික දුරස්ථභාවය රැකගන්නට, වාතාශ්‍රය පවත්වාගන්නට, ප්‍රසිද්ධ ස්ථානවලදි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරන්නට, දෑත් සේදීම දිරිගන්වන්නට, සංචරණය සීමා කරන්නට පියවර ගන්නවාට, එන්නත්කරණයට මං පක්ෂයි. හැබැයි ඉතින් මේකත් කියන්න ඕනැ. ඔය එකක්වත් ස්ථිර විසඳුමක් නෙමෙයි. ඒ බව මුළු රටම එන්නත් කරපු ඊශ්‍රායලය වැනි සමාජයන්ගෙන් පවා පෙනෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් කරන මගේ මිතුරකු කී පරිදි ඔවුන් මේ වන විට හතරවන එන්නතත් ලබාගෙන. සයිනොෆාම් එන්නත් දෙක ලබාගෙන මාස හයකට පසු ෆයිසර් එන්නත් මාත්‍රා දෙකත් ලබාගත් ශ්‍රී ලාංකිකයෙකුත් මියගිහින්. ලංකාවෙ මේ මොහොතෙ රැල්ලක් යනවා ලොක්ඩවුන්, ලොක්ඩවුන් කියලා. මේ ලොක්ඩවුන් ප්‍රවර්ධකයන්ට අවශ්‍ය ඇඳිරි නීති දාලා රට අක්‍රිය කරලා මිනිසුන් නිවෙස්වල රඳවන්න. එතකොට කොවිඩ්-19 බෝවීම අඩුවෙලා මරණ සංඛ්‍යාවත් අඩුවෙයි කියා ඔවුන් හිතනවා. ඒක වෙන්න පුළුවන්. හැබැයි, කොයි තරම් කාලයක් රට වසා තැබුවොත්ද? සති දෙකෙන් ඔය දේ වෙයිද? මාසෙන් වෙයිද? කවු

වසංගතය එක හත කරන ජනමාධ්‍ය

Image
  August 21, 2021   admin   Media අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2021 අගෝස්තු 22 මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ. මේ අතර රජය විසින් එන්නත්කරණය වේගවත් කර තිබේ. එන්නත්කරණයෙන් මෙන්ම කොවිඩ්-19 වැළඳීමෙන් ද ප්‍රතිශක්තිය ගොඩනැගේ. සමාජය වේගයෙන් සමූහ ප්‍රතිශක්තියක් ගොඩනගාගනිමින් තිබේ. එන්නත ලබාගත් අයට කොවිඩ්-19 වැළඳීම සාමාන්‍ය තත්වයක් වී තිබේ. එහෙත්, වරක් රෝගය හැදුණු අයට නැවත හැදෙන බව වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. මේ අතර වයිරසය විකෘති වෙමින් අලුත් ප්‍රභේද නිර්මාණය වෙමින් තිබේ. මුළු ලෝකයම සාමූහිකව මෙම වසංගතයට එරෙහිව අරගල කළ යුතුය. සියලුදෙනා ආරක්ෂිත වන තෙක් කිසිවෙකු සුරක්ෂිත නැත. වර්තමාන ලෝකය විශ්ව ගම්මානයකි. එහි ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාවන්ගේ ස්වභාවය අනුව, ලෝකයේ කොහේ හෝ අඳුරු මුල්ලක මතුවන කොවිඩ්-19 වයිරස් ප්‍රභේදයක් හේතුවෙන් මුළු ලෝකයම අවදානමට ලක්වේ. දැඩි ලෙස ගෝලීයකරණය වූ ලෝකයක ගෝලීය ව

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම පරිණත කතාවකි

Image
  August 20, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ 2021 අගෝස්තු 20දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා කරන ලද ප්‍රකාශය වඩා පරිණත ලෙස තත්වය හා ප්‍රතිපත්ති පැහැදිලි කරන එකක් බව පැවසිය යුතුය. කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එන්නත්කරණය බව ජනාධිපතිවරයා පැවසීය. රටේ සියලුම ජනතාව එන්නත්කරණය කිරීම සඳහා එන්නත් ලබාගැනීම සඳහා රජය විසින් දරණ ලද ප්‍රයත්නය ඔහු පැහැදිලි කළේය. එහිදී ඔහු විශේෂයෙන් සඳහන් නොකළ ද ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන කොවැක්ස් පහසුකම මෙහිදී ඉතා වැදගත්ය. කෙසේ හෝ මෙරට ජනගහණයෙන් ලක්ෂ 50කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකක් ලබාදී තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. සැප්තැම්බර් 10දා වන විට ජනගහනයෙන් 100%කට එන්නත ලබාදෙන බව ඔහු පැවසීය. ඔහු අදහස් කරන්නට ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි ජනගහනය විය යුතුය. එසේම, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ගන්නා ලද පළාත් අතර සංචරණ සීමා, ග්‍රාමසේවා වසම් හුදකලා කිරීම්, ඇඳිරි නීතිය, රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම, උත්සව නැවැත්වීම්, ඇතැම් ව්‍යාපාර නැවැත්වීම් ආදිය ද ඔහු පෙන්වා දුන්නේය. පළමු කොවිඩ් රැල්ලේදී එක දිගට මාස කී

ගුවන් යානයක එල්ලී පළා යන්නට පුළුවන්ද?

Image
  August 17, 2021   admin   Life කාබුල් නුවරින් පිටත් වන ගුවන් යානාවල එල්ලී පළායන්නට උත්සාහ කරන මිනිසුන් ගුවන් යානාවලින් බිමට වැටී මියයන කණගාටුදායක දර්ශන මේ දිනවල දකින්නට ලැබෙනවා. ගුවන් යානාවල හෝ වෙනත් එවැනි වාහනවල යම් යම් ස්ථානවල සැඟවී තැනින් තැනට යන පුද්ගලයන්ට ඉංග්‍රීසියෙන් stowaway (ස්ටව්අවේ) කියන වචනය භාවිතා වෙනවා. එනමින් ඉංග්‍රීසි චිත්‍රපටයකුත් තිබෙනවා. එහි කතාව අඟහරු බලා යන අභ්‍යවකාශ යානයක සැඟවී සිටින ගගනගාමියකු නොවන මිනිසකු නිසා ඇතිවන තත්වයක් පිළිබඳවයි. එහි ට්‍රේලරය මෙතැනින් බලන්න: බොහෝ විට, මෙවැනි ගමන්වල යෙදෙන අය සැඟවෙන්නේ ගුවන් යානයේ රෝද හැකිලී රැඳවෙන ස්ථානයේයි. එම විවරය නැවත විවෘත වන්නේ ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදීයි. ඇෆ්ගනිස්ථානයේ ගුවන් යානයෙන් වැටුණු මිනිසුන් එල්ලී ගියේ එහි බඳේ කිසියම් තැනක විය හැකියි. එසේ එල්ලී යන්නන් අධික සුළඟ නිසා ඉතා පහසුවෙන් ගුවන් යානයෙන් බිමට වැටෙනවා. රෝද රැඳවෙන ස්ථානය තුළ සැඟවෙන අය හැකිළෙන රෝද වලට සිරවී පොඩිපට්ටම් වන්නට පුළුවන්. එපමණක් නොවෙයි, ගුවන් යානා එන්ජින්වල අධික ශබ්දය නිසා ඔවුන්ගේ කණ් බිහිරි වන්නට පුළුවන්. ගුවන් යානය ඉහළට එසවෙන විට අධික ශීතල

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?

Image
  August 16, 2021   admin   Politics ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්. ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්. ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට, ගුවන් තොටුපළට, තෙල් ගබඩාවලට, මහ බැංකුවට වගේ ආර්ථික ඉලක්ක රැසකට එල්ටීටීඊ සංවිධානය පහරදුන්නා. ලංකාවෙ හමුදාව කොටින්ගේ අරමුදල් සම්පාදනයට ජාත්‍යන්තර සහයෝගයෙන් කරපු බාධා ආදියත් ආර්ථික ප්‍රහාර තමයි. කවුරුහරි හිතනවා නම්, වසංගතයෙදි ආර්ථිකය වැදගත් නැහැ, ආර්ථිකය කඩාවැටෙන්න ඇරලා වසංගතය පාලනය කරන්නට පුළුවන්ය කියලා, එය ඉතා පටු කල්පනාවක්. වෛද්‍ය සේවා පවත්වාගැනීම වසංගතයක් පාලනය කිරීමේදී ඉතා වැදගත්. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවන්නට ඕනැ. එන්නත්, ඖෂධ, ගිලන් රථ සේවා, මහජන සෞඛ්‍ය සේවා ආදිය පවත්වාගෙන යන්න ඕනැ. ඒවාට අවශ්‍ය ධනය ඉබේ පහළවෙන්නෙ නැහැ. ඒවා උපයන්නට අනෙක් අය ව

එන්නත නොදී ඝාතනය කළ වැඩිහිටියන්ගේ රුධිරය ඔබේ දෑත්වලත් තැවරී තිබේද?

Image
  August 15, 2021   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021-08-14 කොවිඩ් ආසාදිතව මියගිය අය 5222ක පිරිස අතරින් 5022දෙනෙකු කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අගෝස්තු 10දා පැවසීය. මියගොස් තිබෙන අය අතරින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙන්නේ 23දෙනෙකු බව ද ඔහු සඳහන් කළේය. මෙලෙස එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය පුද්ගලයන්ට වෙනත් රෝගාබාධ රැසක් තිබූ බවද ඔහු පැවසීය. පසුගිය වසරක පමණ දත්ත විශ්ලේෂණය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගතවේද ඒකකය විසින් අගෝස්තු මුලදී නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන පරිදි කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන් අතරින් 77%ක්ම වයස අවුරුදු 60ට වැඩි අයයි. මරණවලින් 15%ක් පමණ සිදුවන්නේ නිවාසවලම බව ද වාර්තාවේ දැක්වෙන අතර මෙම පිරිසෙන් ද බහුතරය වැඩිහිටියෝය. එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීම උදෙසා ලෝක සෞඛ්‍ය සංවිධාන‍යේ එන්නත්කරන   උපදේශක විශේෂඥ කණ්ඩායම (SAGE) විසින් ජනගහන ප්‍රමුඛතාකරණය සම්බන්ධ නිර්දේශ ප්‍රතිපත්තියක් නිකුත් කරන ලදී. එයට පාදක වන්නේ  කෝවිඩ්-19 වසංගතය තුළ හඳුනාගත් සා

සීමාවන් අවශ්‍යය. එහෙත්, සීමාවන්ට ද සීමාවක් අවශ්‍යය

Image
  August 13, 2021   admin   Politics අජිත් පැරකුම් ජයසිංහ වසංගතවේදයට බොහෝ කලින් ඉඳන් වසංගත තියෙනවා. ලෝකෙ අපි නොදන්නා බොහෝ දේ තියෙනවා. වසංගත එන්නෙ ගහණයන් පාලනය කරන්න වෙන්නත් පුළුවන්. වසංගතවලට ඔරොත්තු දෙන ජීවීන්ගෙ ජාන ඉදිරියට යනවා. මිනිස් ඉතිහාසය කියන්නෙ වසංගත ඉතිහාසයකුත් තමයි. වසංගත වගේම ජාතියක් තමයි යුද්ධත්. යුද්ධ කරලා මිනිසුන් එකිනෙකා මරාගන්නවා. එකෙනුත් ජනගහණය පාලනය වෙනවා. යුද්ධවලදි අපි සතුරන් මරන්න කිසිම ලෝභකමක් නැහැ නේද? එතකොට වසංගතවලින් මිනිසුන් මැරෙද්දි ඇයි මේ මෙච්චර අනේ අපොයි! වසංගත සමිබන්ධ මානුෂවාදී ප්‍රවේශයන්ගෙ සීමාව තීරණය කරන්නෙ වසංගතයේ ගැඹුර විසින් මිසක් මිනිසුන් විසින් නෙමෙයි. ඒ වගේම විවිධ සමාජයන්ට වසංගත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්නට පුළුවන් විිවධ ආකාර තිබෙනවා. ලංකාවට නවසීලන්තය වෙන්න බැහැ. ඒක පුරවැසියන්ගෙ රටක්. ලංකාව මිනිස් කසල ගොඩක්. දැවැන්ත පරිමාණෙන් වසංගතය පැතිරුණු ඉතාලියේ තවමත් දිළිඳු ජනයාගේ කාඩ්පතට මාසෙ කන්න විතරක් නෙමෙයි එහෙ ඉන්න ලාංකික ශ්‍රමිකයන් වගේ අයට නම් ලංකාවටත් කීයක් හරි එවන්න පුළුවන් තරමෙ මුදලක් වැටෙනවා. එක ලෙඩාටත් ලොකු ලොක්ඩවුන් දාන රටවලට විශාල විදේශ සංචිත ති

ලොක්(කා)ඩවුන් හරියටම කරමු

Image
  August 12, 2021   admin   Health   Politics ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව ද අද එවැන්නක් සිදුවිය හැකිය. එයට හේතුව, දුරදිග බලන්නට අවශ්‍ය දැක්වක් ජනාධිපතිගේ සිට පහළට පාලකයන් කිසිවකුට නැතිකමයි. කොවිඩ්-19 සම්බන්ධයෙන් අප මෙම වෙබ් අඩවියේ අවුරුදු එකහමාරක පමණ සිට ලියා ඇති ලිපි කියවන්න. අප ඒ පිළිබඳ මත ඉදිරිපත් කරනවිට පදනම් කරගත්තේ ලෝක ඉතිහාසය, සමාජ විද්‍යාව මිස අප නොදන්නා වසංගතවේදයක් හෝ වෛද්‍ය විද්‍යාවක් නොවේ. ඒ හා සම්බන්ධ කරුණු අප හැමවිටම ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි මූලාශ්‍රවලින් ලබාගත්තෙමු. ලංකාවේ වර්තමාන තත්වය ගැන අපට කියන්නට තිබෙන්නේ මෙයයි. ලංකාව කොවිඩ්-19 සම්බන්ධයෙන් උපරිමයකට යමින් සිටියි. රජයේ එන්නත්කරණ වැඩසටහන හා අති විශාල පිරිසකට රෝගය ආසාදනය වී සුවවීමත් සමග සමූහ ප්‍රතිශක්තියේ වර්ධනයක් සිදුවේ. රටේ ජනතාව වගකීමෙන් කටයුතු කරනවා නම් රෝගය සමග සටන් කිරීමට පුළුවන. ඒ සඳහා මාර්ගය වන්නේ කොවිඩ් සමග ජීවත් වෙමින් තමන්ගේත්, සෙසු අයගේත් ජීවිත ආරක්ෂා කරගැනීම පිළිබඳ සමාජයට විධිමත් අන්දමින්

එලකිරි ලොක්ඩවුන් එකක් කරන හැටි

Image
  August 10, 2021   admin   Health   Security උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි විවිධාකාර සංවිධාන හා පුද්ගලයන් විසින් උපදෙස් දෙනු දැකිය හැකිය. ඒ පිළිබඳ උපදෙස් දෙන්නට දැනුමක් අපට නැත. පුරවැසියකු ලෙස යම් නිරීක්ෂණ කිහිපයක් නම් කළ හැකිය. රට වසන්නට උපදෙස් දෙන එක් බලවේගයක් වන්නේ අති වාමාංශික පිරිසයි. ඔවුන් උද්ඝෝෂණවලට ද පක්ෂය. ඔවුන්ගේ මූලෝපාය පවත්නා ක්‍රමය උපරිම වශයෙන් අර්බුදයට පත්කර වාමාංශික බලයක් ගොඩනගාගැනීම විය හැකිය. එහි වරදක් නැත. රට මේ මොහොතේ පවතින අවදානම් ආර්ථික තත්වය තුළ තවත් ලොක්ඩවුන් එකක් දරාගැනීම රජයට අසීරුය. රජයේ සේවක වැටුප් කප්පාදුවක් වැනි ක්‍රියාමාර්ගයකට යාමට රජයට සිදුවනු ඇත. එය මධ්‍යම පංතිය මත රඳා පවතින වාමාංශිකයන්ට තවත් වාසිදායකය. සිංහල ජාතිවාදී රාජපක්ෂ පවුල් පාලනයේ විනාශය කුමන තත්වයක් තුළ වුව ප්‍රගතිශීලීය. එයට වඩා ප්‍රතිගාමීත්වයක් පහසුවෙන් නිර්මාණය වන්නේ නැත. පැහැදිලි ස්ථාවරයක් නොමැතිව මේ මොහොතේ රජය කරන සියලු දෙයට විරුද්ධ වන සමගි ජන බලවේගය වුණත් මෙතරම් නරක නොවනු ඇත. එහෙත්, වැඩක් න

එන්නත් වැඩ්ඩො හමුදාවද?

Image
  August 9, 2021   admin   Health   Politics   Security අජිත් පැරකුම් ජයසිංහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් තමයි රට පුරාම වැඩිම එන්නත් ප්‍රමාණයක් ලබාදෙන්නෙ. ඔවුන් ඒ කාර්යය කරන්නෙ ඉතා අවම කාර්ය මණ්ඩලයකින්. ඒ විතරක් නෙමෙයි, ප්‍රතිපාදනත් නැහැ. ඔබ දන්නවාද, එන්නත්කරණ වැඩසටහන් කරන කාර්ය මණ්ඩල තමන්ගෙ කෑම බීම සපයාගන්නෙ තමන්ගෙම වියදමින්. එහෙම නැතිනම්, ඒ වැඩේට උදව් කරන දේශපාලන හා මහජන සංවිධානවල උදව්වෙන්. එන්නත් ගන්න එන අයට කිරි තේ බෙදන්න තියා ඒ අයගෙ ගෙවල්වලට කිරිපිටි පැකට් එකක්වත් ගෙනියන්න දැන් ඔවුන්ට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ තැන් ඉතා අපිළිවෙලයි. ඒක ඇත්ත. මේ වෙනකොට කොරෝනා ව්‍යාප්තිය වැඩිවෙන්නත් එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ කොවිඩ් එන්නත්කරණ ස්ථානවල තිබෙන දැඩි තදබදයයි. ඒ බොහෝ තැන්වල පෝලිමක් කළමනාකරණය කරන්නට පොලිස් නිලධාරියෙකුවත් නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඒවා කරන්න විදියක් නැහැ. ඔවුන් කරන්නෙ කොහොමහරි පෝලිමේ එන අයට එන්නත දෙන එක විතරයි. ඔවුන් එන්නත් දෙන්නෙත් දියත උයන වගේ ෆොටෝවලට ලස්සන තැන්වල නෙමෙයි. පාසල් ගොඩනැගිලි වගේ තැන්වල. මේ වගේ ලස්සන ෆොටෝ ගන්න පුළුවන් විදියට මිනිසුන්ට උපකාර කරන්නට තරම්