Posts

Showing posts from October, 2020

පුරවැසියන් ආණ්ඩුවට උදව් කළ යුත්තේ ඇයි?

Image
  October 30, 2020   admin   Opinion   Politics අජිත් පැරකුම් ජයසිංහ වර්තමානයේ බලයේ සිටින්නේ කුමන්ත්‍රණ න්‍යාය ඔස්තාද්ලා පිරිසකි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, බටහිර විරෝධය, ඇමරිකන් විරෝධය, මුස්ලිම් විරෝධය, දෙමළ විරෝධය, ස්ත්‍රී විරෝධය, සමලිංගික හා අනෙකුත් සුළුතර ලිංගික විරෝධය පමණක් නොව ගොවිගම ආධිපත්‍යවාදය පවා ප්‍රවර්ධනය කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව හා එහි නායකයන් වාසනාව පැත්තෙන් ගත් කල මෑත ඉතිහාසයේ අවාසනාවන්ත ම පාලකයෝ ය. ඒ කොරෝනා වයිරසය නිසා ය. කොවිඩ්-19 විසින් ලෝක බල දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් (paradigm shift) නිර්මාණය කරනු ඇත. එය කුමක් වනු ඇද්දැයි පුරෝකථනය කරන්නට බැරි තරම් ලෝකය තවමත් සිටින්නේ කොරෝනා වයිරස ප්‍රහාරය ඇතුළේ ය. එන්නතක් සොයාගෙන හෝ සමූහ ප්‍රතිශක්තිකරණය ගොඩනගාගෙන හෝ ලෝකය මුළුමනින් ම මෙම අර්බුදයෙන් එළියට ඒමට තව අවුරුදු ගණනාවක් ගත වනු ඇත. එම කාලසීමාව තුළ, ලංකාවේ පාලකයන්ට සිදුවන්නේ අවුරුදු කීපයකින් වයසට යනු බලාසිටීම පමණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධුර කාලය තුළ ඔහුට රට වෙනුවෙන් කිසිවක් කරන්නට අවස්ථාව ලැබේදැයි සැක සහිත ය. කළ හැකිව තිබුණු එක ම දෙය වන රට කොවිඩ්-19න් බේරාගැනීමේ අව

ජාසිංහ, පබා නැති නිසා ඇති වී තිබෙන ගැටලුව කුමක් ද?

Image
  October 29, 2020   admin   Communication   Media අජිත් පැරකුම් ජයසිංහ අද මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාත පුරා ම නිරෝධායන ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ඇඳිරි නීති නැති ප්‍රදේශවල ජනයා පවා ආහාර, බෙහෙත් ආදිය එක්රැස් කිරීම සඳහා වෙළඳසැල් ඉදිරිපිට පොදිකනු දැකිය හැකි විය. එය කොරෝනා වයිරසයේ පැතිරීමට හිතකර තත්වයකි. මෙම ඇඳිරි නීතිය පනවනු ලබන්නේ දීර්ඝ සති අන්තයේ ජනතාව විනෝද ගමන්, නෑදෑ ගමන් ආදී සංචරණයන්හි යෙදීම සීමා කිරීමට ය. එහෙයින් මෙය මුළු දිවයිනට ම බලපැවැත්වුව ද ප්‍රශ්නයක් නැත. එහෙත්, රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ හැකි තරම් දුරට අගුලු ලෑම් අවම කර ආර්ථිකය පවත්වාගැනීම නිසා රටේ වෙනත් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවා නැත. එම ප්‍රදේශවල ආර්ථික හා ජීවනෝපාය කටයුතු සාමාන්‍ය අන්දමින් සිදු වේ. බස්නාහිර පළාතට ම පනවා තිබෙන ඇඳිරි නීතිය සඳුදා උදේ පහට ඉවත් කරනු ඇත. ඉහත ඡේදයේ සඳහන් කළ ටික ජනතාවට අවබෝධ වන විදියට වගකීමෙන් යුතුව කියන්නට සමත් සන්නිවේදකයකු නැතිකම ජනතාවට ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති වීමට ප්‍රධාන හේතුවයි. කොවිඩ්-19 සම්බන්ධ ආණ්ඩුවේ ප්‍රධාන සන්නිවේදකයා වන හමුදා

ඒකාධිපති කොරෝනා වයිරසය

Image
  October 24, 2020   admin   Politics   Uncategorized අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020-10-25 රට පුරා වේගයෙන් කොරෝනා වයිරසය පැතිරෙමින් තිබේ. එහෙත්, සමාජ ව්‍යාප්තියක් නැතැයි කියන්නට රජය උත්සාහ කරමින් සිටියි. කොරෝනා වයිරසයටත් වඩා වේගයෙන් රජයේ ඒකාධිපති වියරුව පැතිරෙමින් තිබේ. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට දරන ප්‍රයත්නය එහි ප්‍රධාන ලක්ෂණයකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත ඇතැම් ඒකාධිපතිවාදී වගන්ති ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදු වී තිබේ. එහෙත්, ද්විත්ව පුරවැසියන්ට රටේ ජනාධිපති ධුරය ඇතුළු වගකිව යුතු තනතුරු දැරීමට ඉඩ දීමේ කොන්දේසිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් කටයුතු කරන්නේ අනම්‍ය ලෙසයි. වත්මන් ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියකුව සිට අධිකරණයේ පවා විභාග වූ, එසේ තිබියදීත් පූර්ණ ලෙස පැහැදිලි නොවූ ක්‍රමවේද ඔස්සේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් අයෙකි. වගකිව යුතු නිල තනතුරක් දරන්නේ නැතිව, ජනාධිපතිවරයාට සමීපව බලවත් පුද්ගලයකු බවට පත් වී සිටින බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ඇමරිකානු පුරවැසිභාවය මෙන් ම ලංකාවේ බලය අතහැර දැමීමට

රෙදි නැති කළ විස්ස

Image
October 23, 2020   admin   Cartoon   Politics 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභයගේ ආණ්ඩුව විසින් කෙසේ හෝ සම්මත කරගන්නා බව අපි දැන සිටියෙමු. බැසිල්ට ඇමරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්නට පුළුවන් සංශෝධනයක් වෙනුවෙන් ඔහු වියදම් නොකර සිටියි ද? එපමණක් නොව, ගෝඨාභය රාජපක්ෂට ද තමන්ගේ දේපල තිබෙන, පුතාගේ රට හා තමන්ගේ සැබෑ මව්රට වන ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිකම නැවත ලබාගත හැකි ය. අදින් පසු කවදාවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවකින් සිදු නෙවන දෙය වන්නේ හැඟීම්බර වෙමින් පොරොන්දු වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන එක ය. තව අවුරුද්දක්වත් යනකල් කොරෝනා නිසා බැරි ය. ඉන් පසු ආර්ථික අර්බුදය නිසා බැරි ය. මේ ආණ්ඩුවේ මහජන ජනප්‍රියත්වය දිනෙන් දින දරුණු ලෙස පිරිහෙමින් තිබෙන නිසා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන එක ඔවුන්ට කිසි සේත් ම කළ නොහැකි ය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මතු වූ විරෝධයෙන් ම එය ප්‍රදර්ශනය විය. ආණ්ඩුව 20වන සංශෝධනය සම්මත කරගත්තේ ජාතික ව්‍යාපාරය අවුල් කර දමමිනි. එය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග වැනි අයගේ නායකත්වය අර්බු

අද දවස හුඹස් බිය හා එඩිතරකම අතර සටනකි

Image
  October 22, 2020   admin   Politics 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධය ගොඩනැගෙමින් තිබේ. ඒ මදිවාට ආණ්ඩුව බලයට ගෙන ආ සිංහල ජාතික ව්‍යාපාරය ද භික්ෂු බලවේගය ද ආණ්ඩුවෙන් ඛණ්ඩනය වෙමින් තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ අවුරුද්දක් ගතවෙමින් තිබේ. ඔහු හා ඔහු විසින් ඉහළ තනතුරුවලට පත් කරගත් විශ්‍රාමික හා සක්‍රිය හමුදා බලවේගය රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට පමණක් නොව බුද්ධිමත් මුලපිරුම්වලට ද අසමත් වී තිබේ. මේ මොහොත වන විට රට පුරා කොරෝනා වයිරසය පැතිරෙමින් වසංගතයට රට ගොදුරු වෙමින් තිබේ. විවිධ ලොක්ඩවුන් හා ඇඳිරි නීති ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයේ පෙණහැල්ල නිව්මෝනියාවට ගොදුරු වී හමාර ය. 20වන ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථා සංශෝධයෙන් අගමැතිවරයා හා පාර්ලිමේන්තුව දුබල කරමින් ජනාධිපතිවරයා ඒකාධිපති බලතල පවරා ගත්ත ද ඔහුට මෙකී ඒකාධිපති බලතලවලින් කළ හැකි කිසිවක් නැත. ඕනෑ නම් පිස්සු කෙළීමට පුළුවන. එහෙත්, ඔය වයස පිස්සු කෙළින්නටවත් වයසක් නොවේ. එහෙත්, පිස්සු කෙළින්නට සූදානම් උන්මත්තකයන් පිරිසක් ඔහුගේ ඇසුරේ ඇති බව පෙනේ. අප එසේ අනුමාන කරන්නේ මාකඳුරේ මදුෂ් ඝාතනය සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍

මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

Image
  October 21, 2020   admin   Crime   News 2015 සිට 2019 දක්වා පැවති ආණ්ඩුවෙහි බොහෝ අඩුපාඩු තිබුණේ ය. ඉන්පසු බලයට පත් වූ ආණ්ඩුවෙහි ඊටත් වඩා අඩුපාඩු තිබේ. අඩුපාඩු හැර කියන්නට එතරම් දෙයක් තවම දක්නට ද නැත. එහෙත්, 2019ට පෙර පැවති ආණ්ඩුව සමයේ පොලිස් අත්අඩංගුවේ සිටි අපරාධකරුවන් විවිධාකාරයෙන් මියගියේ නැත. මේ ආණ්ඩුවේ පාලනය තුළ පසුගිය සති දෙකක පමණ කාලය තුළ පොලිස් අත්අඩංගුවේ සිටි තිදෙනෙක් මියගියහ. පූගොඩ 21 හැවිරිදි තරුණයකු පොලිස් අත්අඩංගුවේදී මියගියේ ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට කරන ලද පහරදීම් නිසා ය. ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් කර තිබේ. සැරයන්වරයකු හා බාහිර පුද්ගලයන් පිරිසක් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මැදිවියේ කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් ද ප්‍රදේශවාසීහු සැක කරති. ඒ පිළිබඳ පොලිසියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් ද පැවැත්විණි. එහෙත්, කිසිවකු අත්අඩංගුවට ගෙන නැත. වඩාත් ම මතභේදයට තුඩු දී තිබෙන්නේ මාකඳුරේ මධුෂ් නමැති අපරාධකරුගේ මරණයයි. අවුරුදු එකහමාරකට ආසන්න කාලයක් පොලිස් අත්අඩංගුවේ සිටි ඔහු මෑතදී කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දෙන ලදී. ඔහ

අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද අන්තවාදයකි

Image
  October 20, 2020   admin   Philosophy අජිත් පැරකුම් ජයසිංහ නබිතුමාගේ රූපයක් ඇඳීම හේතුවෙන් ප්‍රංශයේ ගුරුවරයකුගේ ගෙල කපා මරා දැමීමට අන්තවාදියකු ක්‍රියා කළේ ය. එයට විරෝධය පාමින් නබිතුමාගේ රූප ඇඳීමේ හා ෂෙයා කිරීමේ රැල්ලක් ආරම්භ වී තිබේ. ඒවා සමග සම්බන්ධ වන විට සිහියේ තබාගත යුතු තවත් කරුණු තිබේ. අන්තවාදය ඉස්ලාම් අන්තවාදයට පමණක් සීමා වන්නේ නැත. කිසිදු වාහනයක රියදුරාගේ දර්ශන පථයට බාධා වන කිසිවක් සවි කිරීම තහනම් ය. එමගින් රියදුරාට පාර නොපෙනී පාරේ යන අයට අනතුරු සිදු විය හැකි ය. පොලිසිය එවැනි වාහනවලට දඩ ගසා එම බුදු පිළිම ඉවත් කරන්නට කටයුතු කළ විට සමාජ මාධ්‍යවල පොලිසියට බනින ආකාරය දුටු විට මට නම් ඒ අන්තවාදයත්, ඊට පෙර කී අන්තවාදයත් අතර වෙනසක් පෙනෙන්නේ නැත. ඒ පොලිස් නිලධාරියා වාහනයකට යට කර මරා දැමීමට ඉඩ ඇති බෞද්ධ අන්තවාදියෝ මෙහි සිටිති. අන්තවාදය එතැනින් අවසන් වන්නේ නැත. දේශපාලනික අන්තවාදයක් ද තිබේ. එවැනි අන්තවාදීන් තමන්ගේ දෘෂ්ටිවාදීමය නායකයන් හෝ දේශපාලන නායකයන් සම්බන්ධ ක්‍රියාමාර්ගවලදී ප්‍රතිචාර දක්වන්නේ ද සමාන අන්දමිනි. ඉතා නවීන දාර්ශනිකයන්ගේ දේශීය නියෝජිතයන් ලෙස පෙනී සිටින, සාමාන්‍ය ජනතාවට නොතේර

කොවිඩ්-19 දැඩි අවදානමක් ඇති මතුගම සිට

Image
  October 18, 2020   admin   Health අජිත් පැරකුම් ජයසිංහ අප ජීවත් වෙන මතුගම ප්‍රදේශයේ මේ වන විට දැඩි කොරෝනා අවදානමක් මතු වී තිබේ. සියලු කොවිඩ්-19 ආසාදනයන් බ්‍රැන්ඩික්ස් පොකුරට යා කරන මුත්, මතුගම ආසාදිතයන් බ්‍රැන්ඩික්ස් සමග සම්බන්ධ වන ආකාරය අපැහැදිලි ය. මේ පොකුර හමුවන්නේ ස්වේච්ඡාවෙන් පීසීආර් පරීක්ෂණ සිදු කරගත් හෙද නිලධාරිනියකගේ හා බස් සේවකයන් පිරිසකගේ ඉදිරිපත් වීම නිසා ය. එහෙත්, ප්‍රජා ව්‍යාප්තියක් නැති බවටත්, සියල්ල බ්‍රැන්ඩික්ස් බවටත් ගායනයක් පුන පුනා අසන්නට ලැබේ. එය රජයේ මතය නිසා අප එයට අභියෝග කරන්නේ නැත. විකල්ප මතයක් දරන්නට රජයට ඇති අයිතියට අපි ගරු කරන්නෙමු. මතුගම කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය දෙස නිරීක්ෂණය කරන අපට දැකිය හැකි වන්නේ පූර්ණ අපිළිවෙලකි. ආසාදිතයන් රෝහල්ගත කිරීම, ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම හා නිරෝධායනයට යැවීම පමා වීම් සහිතව, හැකි මට්ටමෙන් කරනු දැකිය හැකි ය. ආශ්‍රිතයන් හඹා යාම මෙහි ඉතා සංකීර්ණ ය. ඒ නිසා කිසිවකුට දොස් කීමෙන් වැඩක් නැත. ක්‍රියාවලි අතර දැවැන්ත පරතරයන් තිබේ. එම අඩුපාඩු ඇත්තෙන් ම ධාරිතා සම්බන්ධ ගැටලු ය. දැනට තිබෙන ආරංචි අනුව, හමු

ජනතාවට එක ඇඟිල්ලක් දිගුකරන විට ඇඟිලි හතරක් පාලකයන් වෙත

Image
  October 16, 2020   admin   Health   Politics   Uncategorized අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020-10-16 දෙවෙනි කොරෝනා රැල්ල අප්පා නැති දරුවෙකි. හදාවඩා ගන්නට හෝ කෙනෙකු නැත. කොරෝනා ලංකාවෙන් තුරන් කිරීමට හෙවත් සීරෝ කිරීමට සිටි හීරෝලා ආගිය අතක් නැත. බොහෝ දෙනෙක් ජනතාවට බනිති. ජනතාවට මුඛ ආවරණය අමතක වූ බව, එය මුඛයේ වෙනුවට බෙල්ලේ එල්ලෙමින් තිබුණු බව, මීටරේ පරතරේ නොතිබුණු බව, දෑත් නොසේදූ බව කියන්නේ හරියට මේ රටේ ජනතාව කොරෝනා වයිරසය නිෂ්පාදනය කළා සේ සලකාගෙනය. මේ රටේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා පවා පසුගිය කාලයේ තම පෞද්ගලික සෞඛ්‍යය ගැන පවා නොතකා මුඛ ආවරණ, මීටරේ පරතරය, ස්පර්ශය තඹයකට නොතකමින් දේශපාලන මාධ්‍ය සංදර්ශන තබනු අපට දක්නට ලැබිණි. කොරෝනා දෙවෙනි රැල්ල සමග ඔවුන් මාධ්‍යවලින් අතුරුදහන් වී ගොසිනි. අජිත් රෝහණ දමා ජනතාවට බනින එක ලේසි ය. ජනතාවට ආදර්ශ දුන් අය සොයන එක ඊට වඩා අමාරුය. දෙවෙනි රැල්ලෙහි කොවිඩ්-19 ආසාදනය පළමු වරට හඳුනාගත් රෝගියාට අපහාස කිරීමට රජයේ ස්වාධීන රූපවාහිනී සේවය පවා කටයුතු කළේය. ඒ පිළිබඳ රජය මේ මොහොත වනතෙක් කණගාටුව හෝ පළ කර නැත. ජනාධිපතිවරයාගේ නම වැරදියට පළ

පාලකයිනි, ඇඟිලි හතරක් ඔබ දෙසට

Image
  October 16, 2020   admin   Cartoon ශ්‍රී ලංකාවේ නැවත මතු වී තිබෙන කොරෝනා රැල්ලට වගකිව යුත්තේ ජනතාව යයි අඟවමින් දේශපාලකයන් ද නිලධාරීන් ද ජනතාවට බනිනු ඇසේ. දේශපාලකයන් මෙයත් මතක තබාගත යුතු ය. ජනතාව වෙත එක ඇඟිල්ලක් දිගු කරන විට ඔවුන් දෙසට ඇඟිලි හතරක් නැතිනම් අඩුගානේ තුනක්වත් දිගු වේ. Adapted from praja.lk

ඔපරේෂන් බදිඋදීන්

Image
  October 15, 2020   admin   Cartoon ආණ්ඩුවේ බදිඋදීන් ඇල්ලීමේ දැවැන්ත මෙහෙයුම ගැන අපට කියන්නට තියෙන්නේ මෙයයි. මෙපමණයි. Adapted from praja.lk

කුණු බිස්නස්, හේලීස් හා පරිසර යුක්තිය

Image
  October 15, 2020   admin   Development   Economy   Industry අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ හේලීස් සමාගමක ගොඩගසා තිබෙන රෝහල් කසළඅඩංගු බහාලුම් 242ක් එරටටම ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ මධ්‍යම පරිසර අධිකාරියට නියම කළේය. එසේම, එම බහාලුම් මෙරටට ගෙන්වීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයාට නියම කරන ලදී. ශ්‍රී ලංකාවට කසළ ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කරන ලද පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මේ පිළිබඳ අදහස් දක්වමින් ෆේස්බුක් සටහනක් තබා තිබිණි. “මේ ප්‍රශ්නය පැන නැගුනු මොහොතේ දහස් ගණනක් සහෝදර ජනතාව හා පරිසරවේදීන් මේකට එරෙහිව හඬ නැගුවා. ආනන්ද සාගර හිමියන් වගේම තවත් පරිසරවේදීන් තොරතුරු සොයල දුන්න. ඒවගේම රජයේ නිලධාරීන් අපත් සමග හිටියා. ඔවුන් සියල්ල නොසිටින්න අපට මෙහෙම නඩුවක් උසාවියට ගෙනියන්න ඉඩ නොතිබෙන්න තිබුන. මම එහෙම කියන්නේ පරිසර අරගල වලට තනි අයිතිකාරයෝ නැහැ කියල මතක් කරන්න. අපි මොනවා කලත් පරිසර අධිකාරියේ , පරිසර අමා

කොවිඩ්-19 වැළඳුණු මතුගම මිතුරකුගේ කතාව ඇසුරින් අපේ අනාගතය

Image
  October 14, 2020   admin   Health   Kalutara   Matugama අජිත් පැරකුම් ජයසිංහ මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි. ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය. මෙම බස්රියේ තවත් සැලකිය යුතු පිරිසක් ගමන් කරන්නට ඇති බව අපගේ මිතුරා පැවසීය. මෙම බසයේ ආශ්‍රිතයන් ගණන ඉතා විශාල මෙන්ම සොයාගැනීම දුෂ්කර ද විය හැකිය. මෙම ලිපිය ලියන්නට මොහොතකට පෙර, සවස 4ට පමණ මම එම මිතුරාට දුරකථනයෙන් කතා කළෙමි. සුළු රෝග ලක්ෂණ සහිත අප මිතුරා පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමෙන් පැය 20කට පමණ පසුව පවා තවමත් සිටින්නේ ඔහුගේ නිවසේය. දැනට ක්‍රියාත්මක වැඩසටහන්වල කාර්යක්ෂමතාවෙහි ගැටලු තිබේ. පීසීආර් පරීක්ෂණ කරන කාලය හා ප්‍රතිඵල ලැබෙන කාලයත්, ඉන් අනතුරුව ක්‍රියාමාර්ග ගැනීමට ගතවන කාලයත් අතර පුළුල් පරතරයක් තිබේ. පීසීආර් පරීක්ෂණවලින් පසු ඒවාට මුහුණ දුන් පුද්ගලයන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔවුන්ට උපදෙස් දීමෙහි ග

එකම අත්වැරැද්ද දෙවෙනි වරටත් කරන්නේ නම්, එය අත්වැරැද්දක් නොව තෝරාගැනීමකි

Image
October 13, 2020   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 මුල් සමයේදී පසුගිය මාර්තුවේ සිට මාස ගණනක් ඇඳිරි නීති දමාගෙන ආර්ථිකය කඩාබිඳ දමද්දී අපි එදා ද එය මුග්ධ වැඩක් බව පැවසුවෙමු. එහෙත්, ඒ වන විට, ආණ්ඩුව සිටියේ මැතිවරණ උණක හා දේශපාලන බලයෙන් ඔලුව ඉදිමුණු අධික මුග්ධකමක ය. කොවිඩ්-19 පාවිච්චි කර ඡන්දයෙන් තුනෙන් දෙකේ ජනවරමක් ලබාගැනීමට ආණ්ඩුවට තිබූ උවමනාව නම් ඉටු වූ බව පෙනේ. එහෙත්, රටට ලැබුණේ කුමක්ද? එදා එසේ ඇඳිරි නීති දමා රටේ ම ආර්ථිකය විනාශ කර දැමුවේ නැතිනම්, මේ මොහොත වන විට ලංකාවට ඇත්ත ලොක්ඩවුන් එකකට යාමට හැකියාව තිබිණි. දැන් ආර්ථික වශයෙන් එසේ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකාවට නැත. එදා ඇඳිරි නීතිය දැන් උගත් පාඩමකැයි එය උත්කර්ෂයට නැගූ නිලධාරීහු දැන් කියති. හේතුව ඒ වීරෝදාර විසඳුම දැන් දෙන්නට බැරි වීමයි. සැබෑ කොරෝනා වයිරස අභියෝගයකට ලංකාව මුහුණ දී සිටින්නේ දැන් ය. වයිරසය කොහෙන් ආවාදැයි සොයාගැනීම ඉතා දුෂ්කර තත්වයක් තිබේ. කොහෙන් ආවත්, දැන් එය බෙහෙවින් පැතිර තිබේ. එය ආ පාර සෙවිය යුතුය. එහෙත්, මේ ටිකත් දැනගත යුතුය. එය කොහෙන් හෝ ලංකාවට එන එක වළක්වාගැනීම පහසු නැත. ගුවන් තොටුපළ වසා දැමු

මිනිසා වැඩ කරන්නේ කුමටද?

Image
  October 11, 2020   admin   Opinion   Philosophy අජිත් පැරකුම් ජයසිංහ පාරවල ඉදිකිරීමක් සිදුකරන විට වාහන හැසිරවීමට ඉදිකිරීම් සමාගම විසින් කම්කරුවන් යොදවනු ලැබේ. පහසු, එහෙත්, වගකීම් සහගත මෙම කාර්යය සඳහා බොහෝ විට යොදවනු ලබන්නේ ශ්‍රී ලාංකික කම්කරුවන්ය. පසුගිය දිනෙක දේශීය කොන්ත්‍රාත්කාර සමාගමක් ඒ සඳහා චීන කම්කරුවකු යොදා තිබෙනු දුටු මට එම කම්කරුවා කෙතරම් කඩිසර අන්දමින් එම කාර්යය පවා කරන්නේදැයි සිතිණි. ශ්‍රී ලංකාවේ චීන කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක වන බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘතිවල චීන කම්කරුවෝ සේවය කරති. නිල වශයෙන් 15,000ක් සිටින බව කීව ද, ඇත්ත සංඛ්‍යාව ලක්ෂයක් පමණ විය හැකි බව ඉදිකිරීම් කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. චීන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන්ගෙන් 30-40% අතර ප්‍රමාණයක් චීන ශ්‍රමිකයෝය. දැන් දැන් දේශීය ඉදිකිරීම් සමාගම් ද චීන කම්කරුවන් සේවයේ යොදවන බව පෙනේ. චීන කම්කරුවෙකුට මසකට එක්සත් ජනපද ඩොලර් 1,000ක් පමණ වැටුප් ගෙවන බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරි නිස්සංක විජේරත්න මෑතදී මාධ්‍යයකට ප්‍රකාශ කර තිබිණි. එය ශ්‍රී ලාංකික මුදලින් රු. ලක්ෂ දෙකකට ආසන්නය. ශ්‍රී ලාංකික පුහුණු ඉදිකිර