Posts

Showing posts from April, 2020

ජනාධිපති කැඳවූ ඡන්දය ජුනි 30 පැවැත්විය යුතු ය

Image
April 29, 2020   admin   Democracy   Governance අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විධායක බලතල පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කොවිඩ්-19 අවදානම දොරට තට්ටු කරමින් තිබියදී ය. එපමණක් නොව, නාමයෝජනා භාරගෙන මැතිවරණය තහවුරු කරගැනීම සිදු වන තෙක් ජන ජීවිත අවදානමේ සීමා පැනවීම පවා කල් දැම්මේ ය. ඔහුගේ අභිප්‍රාය වූයේ පැරණි පාර්ලිමේන්තුව අවලංගු කරගැනීම බව පෙනේ. ඒ හා සමාන උවමනාවක් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ඇති බවක් ද නොපෙනේ. බස්නාහිර පළාතේ දිගින් දිගට ම ඇඳිරි නීතිය තබාගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අවශ්‍ය සූදානම් කිරීම කළ නොහැකි ය. මැයි 15 වන විටත් ඇඳිරි නීතිය පැවතුණහොත් දැනට නියම කරගෙන තිබෙන දිනය වන ජුනි 30දා ද මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා පවසයි. මේ අතර, විපක්ෂය ඉල්ලා සිටින්නේ කොවිඩ්-19 මර්දන කටයුතු සඳහා අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ව්‍යවස්ථාදායකයේ සම්බන්ධය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. රජයට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව විපක්ෂය කෙතරම් ශපථ කළත් පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයා කැමැත්තක් නොදක්වන බව පෙනේ. ඒ

HOW TO PREPARE HAND SANITIZER SOLUTION

Image
April 28, 2020   admin   English   Health OPERATIONAL GUIDELINES ON PREPAREDNESS AND RESPONSE FOR COVID-19 OUTBREAK FOR WORK SETTINGS, Ministry of Health and Indigenous Medical Services – Sri Lanka Raw Materials required Ethyl Alcohol >90% or Isopropyl Alcohol >90% Hydrogen peroxide 3% Glycerol 98% Food colouring (blue or green) Water (Properly boiled and cooled up to room temperature) Method of preparation In order to prepare 100 millilitres of the hand sanitizer, 85 millilitres of Ethyl Alcohol or Isopropyl Alcohol, 4 millilitres of Hydrogen peroxide, Few drops of food colouring and 1.5 millilitres of Glycerol, is required. Add any one kind of alcohol mentioned above into an adequately large bottle (150 millilitres or more). Then add Hydrogen peroxide to the bottle. Mix it and add Glycerol to the mixture. Then add water to the mixture until the total volume of the mixture becomes 100 millilitres. Finally, the bottle with the mixture should be clos

කොරෝනා වයිරසය අත ළඟ. අපි කුමක් කරමු ද?

Image
April 27, 2020   admin   Health   Politics අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන මොහොත වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. බස්නාහිර පළාතේ ජනතාව පුරා මාසයකටත් වඩා නිවෙස්වලට කොටු වී උපරිම කැපවීම් කළත්, අවසානයේදී දකුණු කොරියාවේ රෝගය වේගයෙන් පැතිරීමට ඉවහල් වූ සුප්‍රකට 31වන රෝගියා විසින් කරන ලද කාර්යය අවසානයේදී කළේ රජය විසින් ම ය. හමුදා සාමාජිකයන් ද මෙහිදී වින්දිතයන් පිරිසක් පමණක් නිසා ඔවුන්ට දොස් පැවරිය නොහැකි ය. කෙසේ වෙතත්, අවසානයේදී වැරදි කළමනාකරණයක් හෝ අවාසාව හෝ විසින් තත්වය නරක අතට හරවන ලදී. නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම, පවත්වාගැනීම වැනි කොවිඩ්-19 සමග සටන් කිරීමේ අත්‍යවශ්‍ය කටයුතුවලදී හමුදාවෙන් ලැබුණු සේවය ප්‍රශංසනීය බව අප අමතක නොකළ යුතු ය. ඒවා ඒ අන්දමින් කළ හැකි වෙනත් ආයතනයක් ලංකාවේ නැත. ඇඳිරි නීති ඉවත් කර රටේ ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය කරන්නට රජය විසින් කරන ලද සැලසුම්වලට කුමක් වේ ද යන්න අපැහැදිලි ය. තවත් බොහෝ කලක් ඇඳිරි නීති පවත්වාගෙන යා යුතු බවට සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලැබෙමින් තිබෙනවා විය හැකි ය. කොවිඩ්-19 සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව සමාජ අර්බුද

ඇඳිරි නීතිය සාර්ථක ද?

Image
April 25, 2020   admin   Development   Life අජිත් පැරකුම් ජයසිංහ මෙම සටහන තබන අප්‍රේල් 24 දින මධ්‍යම රාත්‍රිය වන විට කොවිඩ්-19 ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිරෙන බවට සාධක ලැබෙමින් තිබේ. මේ වන විට ආසාදිතයන් සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ. කෙසේ වෙතත්, ආසාදිතයන් හඳුනාගැනීම වැඩි වීමට හේතුව PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීම විය හැකි ය. සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් විශ්වාස කරන්නේ රෝගීන් අයත් වන්නේ හඳුනාගත් පොකුරු කීපයකට බව සහ වයිරසයේ සමාජ ව්‍යාප්තියක් නොමැති බවයි. එහෙත්, ඇතැම් රෝගීන්ට වයිරසය ආසාදනය වූ ආකාරය තවමත් අභිරහස් ය. මේ අතර, ඇඳිරි නීතියට මාසයක් සම්පූර්ණ වී හමාරයි. බස්නාහිර පළාතේ නම් ඇඳිරි නීතිය එක දිගට ම මාසයකට වඩා ක්‍රියාත්මකයි. මෙය ඇඳිරි නීතියක් යයි කීවත්, ඇත්තෙන් ම එයින් සිදු වී තිබෙන්නේ ආර්ථිකය අඩපණ වීම පමණයි කියා කිව හැකියි. පොරොන්දු වූ පරිදි භාණ්ඩ බෙදාහැරීමේ ජාලයක් නිර්මාණය කරන්නට රජය බරපතල විදියට අසමත් විය. ඒ නිසා සිදුවන්නේ තිබුණ කඩවල ම පිටුපස දොරෙන්, බොහෝ විට වැඩි මිළට, භාණ්ඩ විකිණීමයි. මේ කඩවල මෙන් ම, රජයෙන් ලබාදෙන රු. 5,000 දීමනාව ලබාගැනීමට අදාළ කටයුතු සඳහා ද ජනතාව නිතර නිතර රැස්

කොවිඩ්-19ට වැඩි පිරිසක් සාගතෙන් මිය යාවි – ලෝක ආහාර වැඩසටහන

Image
April 22, 2020   admin   Food   International ඉදිරි මාස කීපය තුළ ලෝකයෙහි අති දැවැන්ත සාගත ඇති වන බව ලෝක ආහාර වැඩසටහන (WFP – World Food Programme) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. තත්වය දැඩි සේ නරක අතට හැරුණොත් ලොව රටවල් 40ක් පමණ සාගතවලට ගොදුරු විය හැකි බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා වන ඩේවිඩ් බීස්ලි පවසනවා. එම රටවල් අතරින් 10ක දැනටමත් මිලියනයකට වඩා ජනතාව සාගින්නෙන් පෙළෙනවා. අලුත් සාගත තත්වය නිසා ලොව පුරා මිනිසුන් මිලියන 130ක් පමණ අලුතින් සාගින්නට මුහුණ දෙන බව ද එම සංවිධානය පවසනවා. ලොව දැනටත් සාගින්නෙන් පෙළෙන මිලියන 800කට වැඩි ජනතාව සමග ගත් විට ලොව සාගින්නෙන් පෙළෙන ජනයා බිලියනය ඉක්මවිය හැකියි. අභ්‍යන්තර ගැටුම්, ආර්ථික අවපාතය, ආධාර නොලැබී යාම මෙන් ම තෙල් මිළ පහළ යාම ද හේතුවෙන් දැඩි ආහාර හිඟයන් ඇති විය හැකියි. කොවිඩ්-19න් මිය යනවාට වැඩි පිරිසක් ආර්ථික හේතු මත මිය යාමට ඉඩ ඇති බව ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරයා දැනුම් දුන්නා. ලෝක ආහාර වැඩසටහන විසින් මෙම සතියේ නිකුත් කරන ලද වාර්ෂික වාර්තාව මගින් සාගතයට ගොදුරු විය හැකි රටවල් 5

කොරෝනාවෙන් බේරී නිවැරදිව කඩේ යන හැටි

Image
April 22, 2020   admin   Life ඊශා කප්පරගේ ඇඳිරි නීති ඉවත් කිරීමත් සමඟ අප ගමන් බිමන් යාම විශාල ලෙස වැඩිවෙනවා. මේ නිසා ඉදිරියේදී ⁣කොරෝනා පැතිරීම වැඩි වෙන්නටත් ඉඩ තියෙනවා. අප කොරෝනාවලට බිය වුවත් ඒ සමඟ ජීවත් වීමටත් හුරු විය යුතුයි. ඉන් බේරීමට උපරිම වශයෙන් උත්සාහ කිරීම වැදගත්. එය සමාජ වගකීමක්. හේතුව අප රෝගීන් වන හැම විටම රෝග වාහකයන් ද වන නිසායි. කොරෝනා වයිරසය සමග ජීවත් වන ප්‍රායෝගික ආකාරයන් අප විසින් ම නිර්මාණය කරගත යුතුයි. පහත සාකච්ඡා කරන්නේ අපට ගත හැකි පියවර කීපයකුයි. අප පරිස්සම් වන්නේ ජීවී ශරීර කොටසක් මගින් හෝ අජීවී මතුපිටකින් හෝ අප තුළට වයිරසය ඇතුළු වීම වළක්වාගැනීමටයි. ඔබට උණ, කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් වෙළඳසල්වලට යන්නට එපා. ඔබ මාසික ආදායම් ලබන කෙනෙක්නම් මසකට සෑහෙන කෑම බීම එකවර, එක් අයෙක් ගොස් ගෙන එන්න. ඒ සඳහා බඩු ලැයිස්තුවක් පවුලේ සැම එක්ව සකස් කරන්න. වෙළඳපොළට යන වාර ගණන හැකි තරම් අවම කරන්න. ඔබට අවශ්‍ය දේ පමණක් මිල දී ගන්න. එය ඔබගේ ජාතික වගකීමකි. මේ දිනවල ඇඳුම් පැළඳුම් මිල දී ගැනීම අවදානම් සහගතයි. ඒවා බොහෝ අය ස්පර්ශ කර තිබිය හැකියි. ඇඳුම්, පැළඳුම් මිල දී

ලෙස්ටර් සිංහල සිනමාවේ සුන්දරම ගීතයක් ‘රන්සළු’ චිත්‍රපටයෙන් ගලවා දැමුවේ ඇයි?

Image
April 21, 2020   admin   Cinema අජිත් පැරකුම් ජයසිංහ (කැත්ලීන් ජයවර්ධනගේ විචාරයක් ද මෙම ලිපියෙහි උපුටා දක්වනු ලැබේ) සිංහල සිනමාවෙ ලස්සන ම ගීත දෙකක් ගැන කතා කරමින් මෙම සටහන පටන් ගනිමු. මේ ගී දෙක ම අඩංගු වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ රන්සළු චිත්‍රපටයේයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නිර්මාණය කළ රන්සළු චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ 1967දීයි. ඊට පෙර ඔහුගේ රේඛාව (1956), සංදේශය (1960), ගම්පෙරළිය (1963), දෙලොවක් අතර (1966) යන චිත්‍රපට නිර්මාණය කළා. ගම්පෙරළිය චිත්‍රපටය සමග සාපේක්ෂව ගත් කල දෙලොවක් අතර, රන්සළු යන චිත්‍රපට එතරම් ඇගයීමකට ලක් නොවුණ බවයි මගේ අදහස. රන්සළු පෙන්වා වසරකට පසු ප්‍රදර්ශනය කළේ ගොළු හදවත චිත්‍රපටයයි. එය විචාරක ඇගයීමට ලක්වුණත්, එවැනි ම සුන්දර චිත්‍රපටයක් වන අක්කර පහ එතරම් ඇගයීමට ලක් වුණේ නැහැ. රන්සළු චිත්‍රපටයේ සංගීත නිර්මාණය අමරදේවයන්ගේයි. මට මතක අයුරින් ගීත රචක ලෙස නාමාවලියේ දැක්වෙන්නේ මහගම සේකරයන්ව පමණයි. (නිවැරදි කිරීමට යටත්ව). එහි අඩංගු වන ගීයක් ලෙස ප්‍රසිද්ධ වී ඇත්තේ ‘සිරිපා පියුමේ රොන්සුණු තැවරේ’ ගීතය පමණයි. එහෙත්, මෙහි තවත් මනස්කාන්ත ගීයක්

මහ මැතිවරණය පැවැත්විය යුත්තේ ඇයි?

Image
April 19, 2020   admin   Development   Politics අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාව පළමු අදියරේදී කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත් බව පෙනේ. එයට ඉවහල් වූ මූලික කාරණා දෙකක් තිබේ. කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කර රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම වාසනාව (ඇඳිරි නීති පැනවූ වෙලාවේ පොඩි මැණිකේ දුම්රිය ගිය විදිය මතකද? එමගින් කොළඹින් උතුරට වයිරසය ප්‍රචාරය නොවුණේ වාසනාව නිසා ය) කෙසේ වෙතත්, කොරෝනා වයිරසය තවමත් සමාජයට පැතිර නොමැති බවට හා වයිරසය පැතිරී යන ආකාරය තවමත් හඳුනාගත හැකි තරමට පාලනය කරගෙන සිටින බවට සෞඛ්‍ය බලධාරීන් කරන ප්‍රකාශය පිළිගත හැකි ය. ආණ්ඩුව හෙවත් ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීප පිරිස මුලින් සිතා සිටියේ කොවිඩ්-19 තුරන් කර ලෝකයෙන් පළමුවෙනි වී මහ මැතිවරණය පවත්වා හයෙන් පහක ඡන්ද ලබාගෙන දිනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙළවලා ම ගන්නට ය. ඒ මට්ටමට ම සාර්ථක නොවුණත්, ඔවුන් අසාර්ථක බව හෝ එම අරමුණ සාක්ෂාත් කරගන්නට බැරි බව හෝ කියන්නට බැරි ය. මෙවැනි අභියෝගාත්මක කාලයකදී පවා බලය වෙනුවෙන් තිබෙන කෑදරකම සමග බැඳුණු උන්නතිකාමය ර

යාචකයන් ඉවත් කිරීම හා ආපදා ධනවාදය

Image
April 18, 2020   admin   Development   Economics   Life අජිත් පැරකුම් ජයසිංහ ආපදා ධනවාදය යන යෙදුම ප්‍රචලිත වුණේ ධනේශ්වර ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක වූ නයෝමි ක්ලයින්ගේ THE SHOCK DOCTRINE නම් කෘතිය සමගයි. ආපදාවන් උපයෝගී කරගෙන ධනවාදය සිය උවමනාවන් ඉෂ්ඨ කර ගන්නා ආකාරය නයෝමි ක්ලයින් සිය කෘතියේ නේවා දෙයි. යුද්ධ, ස්වාභාවික ආපදා ආදී ව්‍යසනයන්ගෙන් කම්පිත ජනතාවන් හා රටවල් මතින් නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය ලෝකය තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ගත් අන්දම ඇය පෙන්වා දෙයි. ඉරාක සිවිල් යුද්ධය මැද ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයේ තෙල් සම්පත් ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් නම් බහුජාතික සමාගම්වලට හිමි වන පරිදි නීති සැකසූ අන්දම ඇය සිය කෘතියේ උදාහරණයක් ලෙස දක්වයි. ලංකාවේ ආණ්ඩුව සුනාමියෙන් පසු වෙරළේ සිට මීටර් සියයක් මෙපිටින් පදිංචි වීම තහනම් කර වෙරළ ධීවරයන්ගෙන් කොල්ල කන්නට දැරූ උත්සාහය පිළිබඳව ද ඇය සිය කෘතියේ සඳහන් කරන්නී ය. තවත් නිදසුනක් ලෙස, යුද්ධය මුවාවෙන් ත්‍රිකුණාමලය වරාය ආසන්නයේ ඉපැරණි ගම්මානයක් වන සාම්පූර්හි වැසියන් 2007 ජුලි මාසයේදී ඉවත් කර එම කලාපය හමුදාව යටතට පවරාගත්තේ විශේෂ ආර්ථික අරමු

කොවිඩ්-19 එන්නතක් නැතිව අප තව කෙතරම් කල් සිටිය යුතු ද?

Image
April 17, 2020   admin   Health   International   Life අජිත් පැරකුම් ජයසිංහ කොවිඩ්-19 සම්බන්ධයෙන් ලංකාව දැනට අනුගමනය කරන උපායමාර්ගය මගින් රෝග ව්‍යාප්තිය බොහෝ දුරට පාලනය කරගෙන තිබෙනවා. එහෙත්, රෝගයට ස්ථාවර විසඳුමක් සොයාගැනීමට නම් එක්කෝ ශ්‍රී ලංකාව තුළ වයිරසය බිංදුව කර නැවත රෝගය මෙරටට නොපැමිණය හැකි පරිදි වසා දැමීම හෝ රටට පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීම සිදු කළ යුතුයි. එය ප්‍රායෝගිකව දුෂ්කරයි. එසේ කළත්, වයිරසයට ප්‍රතිශක්තිය ගොඩනගන එන්නතක් හෝ වයිරසය විනාශ කළ හැකි ඖෂධයක් සොයාගන්නා තෙක් පූර්ණ විසඳුමක් ලැබෙන එකක් නැහැ. කෙසේ වෙතත්, නව කොරෝනා වයිරසයට එරෙහිව එන්නතක් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක පර්යේෂණ සිදුවන බවක් නම් වාර්තා වන්නේ නැහැ. හෙළ වෙදකමින්, ආයුර්වේදයෙන් සහ තවත් විවිධ ප්‍රාතිහාර්ය මගින් සොයාගන්නා වෙදකම් නම් තව ටික දිනක් යන විට හැම පඳුරක් ගානේ ම සොයාගන්නට පුළුවන් වේවි. ඔවුන්ගේ වෙදකම් හේතුවෙන් රෝග ව්‍යාප්තිය වැඩිවීම පාලනය කරගැනීම නම් පහසු වෙන එකක් නැහැ. නව කොරෝනා වයිරසයට එන්නතක් හෝ ඖෂධයක් හෝ සොයාගැනීමට තව කොපමණ කලක් ගතවෙයි ද? මේ වන විට ඒ සඳහා අධි වේගයෙන් පර්