බ්‍රිතාන්‍ය අගමැතිට බරපතලයි; ගැබිණි සහකාරිය සුවයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට කොවිඩ්-19 වැළඳී ඇති බව පරීක්ෂණ මගින් තහවුරු වුණේ පසුගිය මාර්තු 26දා ය. ඔහු පසුගිය මාර්තු 5දා රෝහලට ඇතුළත් කරන ලද අතර ඔහුගේ රෝග ලක්ෂණ උත්සන්න වීම නිසා පසුගිය අප්‍රේල් 6දා දැඩි සත්කාර ඒකකයකට ඇතුළත් කරන ලදී.
Translations by Creative Content Consultants
දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට පෙර ඔහුට ඔක්සිජන් ද ලබා දුන් බව වාර්තා වේ.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා 55 හැවිරිදි අයෙකි. ඔහුගේ තත්වය බරපතල වන අතර මේ වන විට ඔහු අවශ්‍ය විටදී තම ධුරයේ වැඩ බලන ලෙස විදේශ ලේකම් ඩොමිනික් රාබ් හට උපදෙස් දී තිබේ.
මේ අතර, බොරිස් ජොන්සන්ගේ 32 හැවිරිදි සහකාරිය වන කැරී සිමන්ඩ්ස් හට ද කොවිඩ්-19 රෝග ලක්ෂණ හේතුවෙන් හුදකලාව සිටීමට සිදු විය. මේ වන විට ඇගේ තත්වය සුව අතට හැරී ඇති බව ඇය ට්විටර් මගින් දැනුම් දුන්නා ය ඇයට කොවිඩ්-19 රෝග ලක්ෂණ තිබුණ මුත් රෝගය තහවුරු වූ බවක් වාර්තා වන්නේ නැත. ඇය එළඹෙන ග්‍රීෂ්ම ඍතුව ආරම්භයේදී දරුවකු ප්‍රසූත කිරීමට නියමිත ය. මෙම දෙපළ විවාහ වීමට තීරණය කර ඇති බව හා ඇය ගැබ්ගෙන ඇති බව පසුගිය පෙබරවාරියේදී නිවේදනය කළ හ.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election