Posts

Showing posts with the label දේශපාලන සිරකරුවෝ

නිදහස් වූ කිරිල්ලිය තමලිනී සහ සිරගත දේශපාලන සිරකරුවෝ

Image
ඡායාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි මම එක් වතාවක් තමිලිනීව දැකලා තිබෙනවා. 2002දී යාපනයේ පැවැත්වුණු කලා උළෙලකදීයි. දෙමළ කලාකරුවන් මෙන් ම දකුණේ සිංහල කලාකරුවන් ද සහභාගි වූ මෙම කලා උළෙල සංවිධානය කිරීමේදී කොටි සංවිධානයත් වැඩ කොටසක් කළා. ඒ සංවිධායිකාවන් අතර බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ලාගෙන සිටි තමිලිනීත් හිටියා. ඇය ඒ වන විටත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාවයි. ඇය සහ අනෙකුත් කොටි සෙබළියන් අතර තිබුණු සම්බන්ධය නිරීක්ෂණය වුණේ වාමාංශික දේශපාලන සංවිධානයක සහෝදර සම්බන්ධයක් වගේ. තමිලිනී කියන්නේ ඉතා දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නියක්. ඇය දේශපාලනික වශයෙන් බලවත් ස්ථානයකට පැමිණියේ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි දේශපාලනය නිසායි. 2009 මැයි 17 දා රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. වසර තුනක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි ඇයට අධි චෝදනා ගොනු නො කර පුනරුත්ථාපනයට යොමු කිරීමට නීතිපතිවරයා කටයුතු කළා. පසුව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් පුනරුත්ථාපනය වූ ඇය නිදහස්ව සාමාන්‍ය ජීව...

අධිකරණයෙන් වරදකරු නොවී වසර 10, 15 හිරේ ඉන්නා ලංකාවේ සිරකරුවෝ

Image
දින නියමයක් නොමැති රැඳවියන් නිසා බන්ධනාගාර තුළ තදබදය වැඩිවී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසූ බව සිරස වාර්තා ක‍ළේය. ඔහු පැවසූ පරිදි ඇතැම් රැඳවියන් වසර 10ක පමණ කාලයක සිට එලෙස බන්ධනාගාරය තුළ කාලය ගෙවා දමති. මේ වන විට බන්ධනාගාර තුළ දින නියමයක් නොමැති රැඳවියෝ 5,000කට අධික සංඛ්‍යාවක් සිටිති. දින නියමයක් නොමැති රැඳවියන් වෙනුවෙන් දිනකට රුපියල් ලක්ෂ 13 අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, නීතිපති දෙපාර්තුමේන්තුවේ ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තත්ත්වය පිළිබඳව නිතීපතීවරයා ද දැනුවත් කළ බවය. මෙහි දින නියමයක් නොමැති රැඳවියන් යයි කියන්නේ කාටද? මොවුහු එක්කෝ ඇප නොදී නඩු දින නියමයක් නැතිව කල් දැමූ අය විය යුතුය. නැතිනම්, ඇප නොදී නඩු කල් දමමින් හෝ නැතිනම් නඩුත් නැතිවම සිරගත කරගෙන සිටින මිනිසුන් විය යුතුය. ඇතැමෙකුට ඇප නියම කළත් ඇප තැබීමට කෙනෙකු නැතිවා වෙන්නට පුළුවන. කෙසේ හෝ වේවා, අධිකරණයෙන් වැරදිකරු නොකර සැකකරුවන් මෙතරම් පිරිසක් වසර 10ක් පමණ කාලයක‍් රඳවාගෙන සිටිනවානම් එතැන රටේ...

වරදක් කර ඇතිනම් සාධාරණව නඩු අසා දඬුවම් කරනු! නැතිනම් නිදහස් කරනු!

Image
සරත් ෆොන්සේකා දේශපාලන සිරකරුවෙකි.  ඔහු වැනි තවත් දේශපාලන සිරකරුවෝ සිය ගණනක් බන්ධනාගාරව සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අත්අඩංගුවට පත් වී වසර ගණනාවක් ගත වී තිබියදීත් නඩු පැවරීමට පවා රජය අසමත් වී තිබේ.  නඩුවලින් නිදහස් වූ ඇතැමුන් ද තවමත් රැඳවුම් භාරයේ ය.  මෙවැනි දේශපාලන සිරකරුවෝ දෙසියකට අධික පිරිසක් මේ වන විට දින ගණනක් තිස්සේ වැලිකඩ, කලුතර හා වවුනියාව ආදී බන්ධනාගාරවල ආහාර වර්ජනයක නියැලී සිටිති. ඔවුන්ගේ ඉල්ලීම මෙයයි. වරදක් කර ඇතිනම් සාධාරණව නඩු අසා දඬුවම් කරනු! නැතිනම් නිදහස් කරනු! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ෆොන්සේකාට ආණ්ඩුවෙන් නිදහස නො ලැබෙනු ඇත.

Image
මේ දිනවල නැවතත් සරක් ෆොන්සේකා ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.  ඔහු සිරගත කර වසර දෙකක් ගත වීමත් සමග ම ආණ්ඩුව ඔහු නිදහස් කරනු ඇතැයි ජනමාධ්‍ය විසින් බලාපොරොත්තු, සංවාද ඇති කෙරෙමින් තිබේ.  ජනවාරි පළමුවෙනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද, ඉන්පසු පෙබරවාරි සිව්වැනිදා ඔහු නිදහස් කෙරෙනු ඇතැයි ද කියැවෙමින් තිබී, ඒවා ඉටු නො වූ තැන දැන් එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර ඔහු නිදහස් කෙරෙනු ඇතැයි කියැවෙමින් තිබේ.  අපේ නිරීක්ෂණය අනුව නම්, මෙසේ කියැවෙමින් තව සිංහල අවුරුදු බොහෝ ගණනක් ගත වනු ඇත.  ෆොන්සේකා නිදහස් කිරීම ද ජාතික ප්‍රශ්නයට විසඳුම් දීම සේ හැමදාමත් කතා කරමින් සිටින, එහෙත් කිසිදා සිදු නො වන දෙයකි.  මේවා ගැන බලාපොරොත්තු තබාගෙන කටයුතු කරන්නෝ එල්ලී පැද්දෙන එළුවාගේ වෘෂණ කෝෂ කන්නට එය වැටෙන තෙක් ඌ පසුපස ගිය නරි වැනි ය. මේ අතර, තවත් නඩු දෙකකින් ද ෆොන්සේකාගේ සිර දඬුවම් තවත් දීර්ඝ කර දීමට ආණ්ඩුව වග බලා ගන්නා බව සිකුරු ය.  ෆොන්සේකාට නිදහස ලබා ගැනීමට නම් ඔහු ලිඛිතව සමාව ඉල්ලිය යුතු බව ජනාධිපති පුත්‍ර නාමල් රාජපක්ෂ අද දිවයිනට පවසා තිබේ.  ලිඛිතව සමාව ඉල්ලුවත්, නිදහස ස්...

දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දී නිදහස් කිරීම අද දවසේ වැදගත් ම දේශපාලන පියවරකි

Image
(2010 ජනවාරි 23 -W3Lanka) සමාජ සංවර්ධනය හැම විට ම සාමකාමී ආකාරයෙන් සිදු වන්නේ නැත. ඉතිහාසයේ ඇතැම් යුග අතිශය ප්‍රචණ්ඩ ය. විටෙක ප්‍රචණ්ඩත්වය අසාධාරණයට එරෙහි ප්‍රතිචාරයකි. කෙසේ වෙතත්, ඉතිහාසය ගොඩනැඟී ඇත්තේ ප්‍රචණ්ඩත්වය ද ඇතුළත්ව ය.  ඉතිහාසයේ තීරණාත්මක චලනයන්ට සාධනීය ලෙස දායක වූ ඇකැම් ප්‍රචණ්ඩ නායකයන් සමාජයේ වීරයන් වී ඇත. ජෝර්ජ් වොෂින්ටන් හෝ ලෙනින් හෝ චේ ගෙවාරා හෝ නෙල්සන් මැන්ඩෙලා හෝ පමණක් නොව මහින්ද රාජපක්ෂ හෝ සරත් ෆොන්සේකා හෝ අයත් වන්නේ ද මෙම ප්‍රභේදයටයි. ඔවුන් අතර දේශපාලන දෘෂ්ඨිවාදයන් පිළිබඳ බරපතල වෙනස්කම් තිබීම වෙන ම කරුණකි.  සිය ප්‍රචණ්ඩ අරගල ඔස්සේ ඉතිහාසයේ තීරණාත්මක සාධනීය ප්‍රතිඵල ලබා දීමට අසමත් වූ නිසා ඇතැමෙකුට වීරත්වය අහිමි වී තිබේ. ඉන්දියාවේ සුභාෂ් චන්ද්‍රබෝස් හෝ රෝහණ විජේවීර හෝ ප්‍රභාකරන් හෝ අයත් වන්නේ මෙම ප්‍රවර්ගයටයි. එහෙත් ඔවුන් විසින් නායකත්වය දෙන ලද අරගලයන්ගේ ප්‍රතිඵලය ශුන්‍යය නොවේ.  ඉතිහාසය චලනය වී ඇත්තේ පවත්නා තත්වයන්ට අභියෝග කර ඒවා වෙනස් කිරීම සඳහා සමත් වූ හෝ අසමත් වූ පුද්ගලයන් විසින් සපයන ලද දායක්වය ද උකහා ගනිමිනි. පවත්නා තත්වය ඉවසා දරා සිටින පු...

යුද අපරාධ චෝදනා මගහරවන්න දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්න

Image
(2010 ජනවාරි 10 -W3Lanka) බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයේ හදිසි නීති රෙගුලාසි යටතේ සහ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවාගෙන සිටින දේශපාලන සිරකරුවන් 96 දෙනෙකු විසින් ජනවාරි 05 වනදා ආරම්භ කරන ලද උපවාසය මේ වන විට අනුරාධපුරය, ති‍්‍රකුණාමලය, යාපනය, බුස්ස හා මීගමුව බන්ධනාගාර හා රැඳවුම් කඳවුරු වෙත ද පැතිර තිබේ. උපවාසයේ නිරතව සිටින කොටි සැකකරුවන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වී ඇත්තේ තමනට නඩු පවරන ලෙස හෝ චෝදනා නොමැතිනම් නිදහස් කරන ලෙසය. ආහාර හා ජලය වර්ජනය කර ඇති උපවාසකරුවන්ගෙන් කීපදෙනෙකුගේම තත්වය බරපතල වීම නිසා මේ වන විට රෝහල්ගත කර තිබේ. මෙම දේශපාලන සිරකරුවන් බොහෝ දෙනෙකු වසර ගණනාවක් තිස්සේ නඩු නොමැතිව රඳවා සිටින අයයි. රජය පසුගිය සමයේ භාර වූ කොටි නායකයන් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලදී. පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් සිය ගණන් මරා දැමීම හා නිරායුධ සිංහල හා මුස්ලිම් වැසියන් සිය ගණනින් මරා දැමීම පිළිබඳ වග කිව යුතු ඇතැම් කොටි නායකයන්ට ඇමති පදවි ද පිරිනමා තිබේ. නඩු නොපැවරිය නොහැකි කරුණක් සොයා ගත නොහැකිහදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවා මෙම රැඳවියන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ග...