නිදහස් වූ කිරිල්ලිය තමලිනී සහ සිරගත දේශපාලන සිරකරුවෝ
ඡායාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි |
තමිලිනී කියන්නේ ඉතා දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නියක්. ඇය දේශපාලනික වශයෙන් බලවත් ස්ථානයකට පැමිණියේ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි දේශපාලනය නිසායි.
2009 මැයි 17 දා රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. වසර තුනක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි ඇයට අධි චෝදනා ගොනු නො කර පුනරුත්ථාපනයට යොමු කිරීමට නීතිපතිවරයා කටයුතු කළා. පසුව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් පුනරුත්ථාපනය වූ ඇය නිදහස්ව සාමාන්‍ය ජීවිතයක් ගත කළා. ඇය මිය ගියේ අක්මාවේ පිළිකා තත්වයකින්.
2009 ජුලි මාසයේ ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය තුළ සුසමාදර්ශීය වෙනසක් සිදු වුණා. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් මෙන් ම දේශපාලනමය වශයෙන් ද පරාජය වී ඇති සංදර්භයකයි ජාතික ප්‍රශ්නය දෙස බලන්නට අපට සිදු වී තිබෙන්නේ. 2015 වන විට දෙමළ ජාතිවාදය මෙන් ම සිංහල ජාතිවාදය ද පසුබැස ලිබරල්වාදය ඉදිරියට පැමිණ තිබෙනවා.
යුද්ධයට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්ව දෙක වනරජය හා කොටි සංවිධානය පමණක් නොව ඇතැම් අතුරු පාර්ශ්වත් යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදියට වගකිව යුතුයි. නිදසුනක් ලෙස ඇතැම් ජනමාධ්‍ය හා ජාතිවාදී දේශපාලන පක්ෂ යුද්ධයේදී කළ කාර්යභාරයත් සොයා බැලිය යුතුයි. යුද අපරාධ කරන්නට අවි අතට ගන්නට අවශ්‍ය නැහැ. ඒවා ප්‍රවර්ධනය කිරීමත් අපරාධයක්. ඇතැමුන් දැනටත් කරමින් ඉන්නේ එයයි.
ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් යුද්ධයේ ඇත්ත කතාව වාර්තා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් සත්‍ය කොමිෂමක් වැනි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. එහෙත්, තමන්ගේ වැරදි පොදුවේ පිළිගනිමින් පොදු සමාවක් භාර ගන්නට කැමති යුද්ධයේ සියලු පාර්ශ්වවලට ඒ සඳහා අවස්ථාවක් ලබා දිය යුතු බව මා සිතනවා. ඒ පොදු සමාව තුළ යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ආදියට වගකිව යුතු කේ.පී.ගේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා සියලු දෙනා ඇතුළත් කර ගත යුතු බවයි මගේ මතය. මෙය සංයුක්ත අදහසක් නො වන බව මම පිළිගන්නවා. ඒ ගැන සමාජ සංවාදයක් අවශ්‍යයි.
වසර 10ක, 15ක කාලයක් තිස්සේ නඩු නොමැතිව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයත් මේ ගැටලුවේ ම එක කොටසක්. ඔවුන් දේශපාලන සිරකරුවන් නො වේ ය කියනවාට වඩා ජාතික අර්බුදය නිසා දේශපාලන හේතු මත නීති උල්ලංඝනය කළ සියලු දෙනා ගැන අදහස නැවත අර්ථකථනය කර ගත යුතුව තිබෙනවා.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
ඕවා වෙන දේවල් නොවෙයි අජිත්!
ReplyDeleteමේවා වෙන දේවල්.. http://nethfm.com/article/85987 ගැසට් කෙරුණු පළාත් පාලන කොට්ඨාසත් වෙනස් කරනවා දැන් තොපිට වෙනස සැපද?
Deleteදේශපාලන සිරකරුවන් වුවද නොවුවද, නඩු විභාගයකින් තොරව අවුරුදු 10ක් - 15ක් බන්ධනාගාරයේ තබාගැනීම, ඔවුන්ගේ මානව හිමිකම් කඩකිරීමකි. ඔවුන් එසේ රඳවා තබාගැනීම පිළිබඳව, සාධාරණ හේතු දැක්වීමක් කරන්නට, නීතිපතිට නොහැකි නම්, එහි වගකීම එන්නේ රජයටයි. එබැවින්, නොපමාව ඔවුන් පිළිබඳව, සාධාරණ සහ යුක්තිසහගත ක්‍රියාමාර්ගයක්, වහාම ක්‍රියාත්මක කලයුතුයි.
ReplyDeleteමම ගමන් කරමින් හිටියේ ස්කාබරෝවල මාර්කම් පාරේ , මම වාහනය මිල්නර් මාවතට හැරවුවා. පාරේ වාහන තදබදය නිසා මා රිය පැදවූයේ සෙමින්. ඒ සමගම මගේ වාහනයට සමාන්තරව කහ පැහැති හමර් රථයක් ඉදිරියෙන් ආවා. එය පදවාගෙන ආපු තැනැත්තිය ස්ථිර වශයෙන්ම ලංකාවේ දමිළ තරුණියක් බව කියන්න පුලුවන්. ඇයත් මා දෙස බැලුවා. ඇයගේ වත මට හොඳ හැටි දැකලා පුරුදුයි. මෙවැනි තරුණියක් මා දුටුවේ කොහේදිද ? මගේ මතකය දශක ගනනාවක් පසුපසට ගියා. මා කුඩා කාලයේ අපගේ නිවසේ මෙවැනි හැඩරුව තිබූ දමිළ මෙහෙකාරියක් හිටියා. මේ ඇයගේ දියණියක්ද ? එසේත් නැතහොත් මේ වගේ හැඩරුව තිබුණු තරුණියක් මා දුටුවේ හැටන් හි ග්‍රේට් වැලි තේ වත්තේ ලැයිමකද ?
ReplyDeleteඑදා දරිද්‍රතාවයෙන් පෙලෙමින් සත්‍රාසය , චකිතය ,යටහත්කම සමග ජීවත් වූ ඇය අද පුරුශයන් සමග තුල්‍ය ලෙස හමර් රථයක් ස්කාබරෝහි මංමාවත් වල පදවනවා. මෙය තමයි ප්‍රභාකරන් ඔවුන්ට ලබා දුන් නිදහස-ඩයස්පෝරා නිදහස. ඇය නිදහස්. තව දුරටත් ජාතිය, ලිංගය නිසා ඇයව කිසිවෙකු පාගා දමන්නේ නැහ. යටත් පිරිසෙන් කුලවාදී පුරුෂ මූල දමිළ වෙල්ලාල සමාජයටත් ඇයව පාගා දමන්න බැහැ. කහ පැහැති හමර් රථය මා පසුකරමින් ගියා. මම හිස හරවා පසුපස බැළුවා. හමර් රථයේ අංක තහඩුව දුටුවා. ජෙයා 360X. අව්‍යාජ නිදහසේ කිරිල්ලියක්.
මීට කලින් නිදහසේ කිරිල්ලියන් කිව්වේ එල්.ටී.ටී.ඊ එකේ නියෝග ප්‍රශ්න කිරීමකින් තොරව පිලිපදින, කොල ඉරි සහිත නිල ඇඳුම් ඇඳි, සුමාන ගනනකින් දිය නොනාපු ,මුහුෙණ් දහඩිය දූවිලි පෙරුණු , උතුරුකර හිරු රශ්මියට පිලිස්සී ගිය , තුන් වේලම පිට්ටු , බත්, මුරුංගා හොදි කාපු, ගිණි අවියක් අතදරා ජීවිතය විඳීමට ඉඩක් නොමැති මරණය පමණක් වන්දනා කල තරුණියන්ට. ඔවුන් දුටුවේ මරණය පමණයි. ජීවිතය ඔවුනට මග හැරී ගියා. ඔවුන් කුසපත් අදිනවා ස්ඵෝටනය තුලින් කැබලි වී ගොස් විමුක්තිය ලබා ගැනීමට. නමුත් ජෙයා ජීවිතය තුල නිදහසේ ජීවිතය විඳිනවා. ජෙයා නුඹ වචනයේ පරිසමාප්තියෙන් නිදහසේ කිරිල්ලියක්. කොල ඉරි සහිත නිල ඇඳුම වෙනුවට නුඹගේ ගත සරසන්නේ බනානා රිපබ්ලික්හි නිශ්පාදනය කල සේල. වික්ටෝරියා සීක්‍රට් යට ඇඳුම් අඳින නුඹ මුහුනේ තවරන්නේ Lancome ක්‍රීම්. ටිම් හෝර්ට්න් කෝපි සහ සබ්වේ සැන්ඩ්විච් අනුභව කරන නුඹ පිට්ටු , මුරුංගා හොදි කාපු කාපු කාලයක්වත් මතක නැතිව ඇති. ගිණි අවිය වෙනුවට නුඹ අත දරාගෙන ඉන්නේ බ්ලැක් බෙරි ජංගම දුරකථනය. නුඹගේ අනාගතය පාලනය කරන්නේ උඩු රැවුල තියන සරංකාරයෝ නෙවෙයි. නුඹ නුඹගේ අනාගතය පිලිබඳ පාලකයා. සයනයිඩ් කරළට පෙම් බැඳ මරණය සමග ජීවත් වෙන මනුෂ්‍යාභ පිරිසක් විසින් වන්දනා කරන ජීවිතය ජීවත් නොකරවන ජීවිතය විඳීමට ඉඩ නොදෙන දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට බල කෙරෙන පිළිසරණක් නැති දුගති භූමියක ගුරුත්වයෙන් මිදී ඉහල අහසේ පියාසර කරන විහඟ කුමාරිය. නුඹ නිදහස් , සැබවින්ම නිදහස්.
මොක්කුද හැබෑට ඔය කලා කාරයෝ කියන්නේ. හැම මිනිහෙක්ම යම් ආකාරයක කලා කාරයෙක් කියන්න පුලුවන්. නමුත් මෙතනදී නම් කලා කාරයා කියන්නේ ශුවර් එකටම ප්‍රසන්න විතානගේ වගේ ඊලාම් ගැන්සියකට තමයි.
ReplyDelete