පොයින්ට් 38 රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 ස්වයංක්‍රීය පිස්තෝල ඉල්ලා අඬන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ කරන වැඩ බලන්න කවුළුවක්

එක් දිනක පාර්ලිමේන්තු රැස්වීමක් සඳහා රුපියල් ලක්ෂ 46ක් වැය වන බව කතානායක කරු ජයසූරිය මහතා 2015 ඔක්තෝබර් 21දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මන්ත්‍රීවරුන් තමන් කරන කාර්යය ගැන බැරෑරුම්ව සිතිය යුතු බව පෙන්වා දෙමිනි.

මේ ලක්ෂ 46 මහජන මුදල් ය. මෙය වැය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් පමණි. පාර්ලිමේන්තුව නඩත්තු කරන්නටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නඩත්තු කරන්නටත් එමෙන් කීප ගුණයක මුදලක් දවසකට වැය වේ. ඒවාත් මහජන මුදල් ය.

එහෙම තිබියදී බොහෝ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි නො වෙති. සහභාගි වන බන්ධුල ගුණවර්ධන වැනි අය මහජන කාලය ජාතිවාදය ඇවිස්සීම සඳහා භාවිතා කරති. 

දිනේෂ් ගුණවර්ධන වැනි අය සෙංකෝල උස්සති. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වැඩි දෙනෙක් සභාගත කෙරෙන පනත් කෙටුම්පත් ඇතුළු ලේඛන කියවන්නේ නැත. 

පාර්ලිමේන්තු ක්‍රියාවලි පිළිබඳ අවදියකින් නැති විශාල මන්ත්‍රීවරු පිරිසක් සිටිති.

පොයින්ට් 38 රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල ඉල්ලා පාර්ලිමේන්තුවේ අරගලයක් ඇති බව ද අසන්නට ලැබේ. මුන් මහජන නියෝජිතයෝ ද මිනීමරුවෝ ද?

අප විසින් පාර්ලිමේන්තුවට පත් කර යවන ලද මන්ත්‍රීන් වැඩි දෙනෙකුට සිය තනතුර වනාහි තීරු බදු රහිතව කාර් මිළ දී ගැනීමට හෝ එම බලපත්‍රය විකුණා අත යටින් ගාන කපා ගැනීමට හෝ ඇමතිකම්, කොන්ත්‍රාත්, කොමිස් ජාවාරම් ආදියට හෝ බලපතක් පමණි. 

Manthri.lk මන්ත්‍රීවරුන්ගේ කාර්යදර්ශනය .තරමක් දුරට නිරීක්ෂණය කරන වෙබ් අඩවියකි. අලුත් පාර්ලිමේන්තුව වෙනුවෙන් නම් තවමත් එය සූදානම් කර නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්වීම්වලට, කාරක සභා ආදියට සහභාගි වන ආකාරය, සභාව ඇමතීම්, ප්‍රශ්න ඇසීම් හා ඡන්දය දෙන ආකාරය ආදිය මහජනයාට පහසුවෙන් විශ්ලේෂණය කළ හැකි ආකාරයක් එමගින් සකස් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. 

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය, හැන්සාඩ් වාර්තා ආදිය parliament.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය. 

ඔබ විසින් පත් කර යවන ලද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කුමක් කරන්නේ ද යන්න සොයා බැලිය යුතු ය. මම අජිත් පී. පෙරේරාට හා පාලිත තෙවරප්පෙරුමට ඡන්දය දුන්නෙමි. අජිත් පී. පෙරේරාගේ කාර්යදර්ශනය ගැන සතුටු විය හැකි මුත් පාලිත තෙවරප්පෙරුම පාර්ලිමේන්තුවේ යමක් කරනවාද යන්න පෙනෙන්නේ නැත. 

ඔබේ මන්ත්‍රීවරයා පිළිබඳවත් ඔබ සොයා බලන්න. මීළඟ ඡන්දයෙන් එම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පත් කර යැවිය යුතු ද යන්න ඒ අනුව නිගමනය කළ හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පාලිත තෙවරප්පෙරුම ගේ වැඩ කිඩ ඇත්තේ පාරාලිමේන්තුවේ නොව එළියේ ය!

    1. ලිංවලට බැස මලකඳන් ගෙඩ ගැනීම

    2. තම අතින් කොන්ක්‍රීට් පරීක්‍ෂා කිරීම

    ReplyDelete
  2. මෙතන සමස්තයාර්ථය මන්ත්‍රී වරුන් වඩාත් හොඳ ගිනි අවි ඉල්ලනවා කියන එක නේද? නැත්නම් කවුරුවත්, පිස්තෝලයක් වෙනුවට රිවෝල්වර් එකක් ඉල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන්. .38 කියා තිබෙන්නේ, රිවෝල්වර් පමණයි. මිලිමීටර් 9 න් තිබෙන්නේ, පිස්තෝල පමණයි.

    අපේ රටේ 'ගිනි අවි සහ ගිනිකෙළි' තවම ඉවර නැති බවත්, ඒ පාහර ක්‍රියාදාමය දිගටම පවත්වාගෙන යාම සඳහා, 'දේශපාලඥයන්' (දේශපාලනඥයන් නොවේ) සෑහෙන දුරට දායක වන බවත් පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තු නියෝජිතයන්ට දෙන තොරතුරු ෆයිල් එකට විචාරක ගේ රිවෝල්වර පිස්තෝල පෝස්ට් එකත් දැම්මනං ඔය කවුරුවත් පිස්තෝල ඉල්ලන එකක් නෑ (රිවොල්වරයෙන් වෙඩි තිබ්බම හිස් කොපු බිම වැටෙන්නැති බව)

      Delete
  3. පහුගිය ඡන්දෙ (මහමැතිවරණය) වෙලාවෙ නරක මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න එපා කියල ටිකක් ලොකු සද්දයක් තිබුනට ඡන්දදායකයො ඒකට එච්චර ඇහුම්කන් දීපු බවක් පෙනුනෙ නෑ නේද? අර ජවිපෙ ජාතික ලැයිස්තුෙවන් පත් කරල තිබුන මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වුනු එක සහ එතනදි එයා කියල තිබුනු දේ හරියටම හරි.

    ReplyDelete
  4. පැරා - අපටත් බොලොගාලා නියෝජිනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඕනෑ

    මේ කොමෙන්ට් එක ගිනි අවි සහ ගිනි කෙලි වලට අදාල නෑ ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රීලට අදාලයි කියා සිතෙනවා.

    ඉළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරයක් මන්ත්‍රීන් කොට්ථාශ මට්මමෙන් තොරා ගන්නවා ලු, හොඳ දෙයක්, ඒත් කලාතුරකින් විතරක් ගෙදර ඉන්න මට ඒ නියෝජිතයා හමුවෙලා මගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න බැරිවෙයි, මට පාර්ලිමෙන්තු නියෝජිතයෙකුගෙන් ඉල්ලන්න තියෙන්නේ පෞද්ගලික ඉල්ලීම් නෙවෙයි, පොදු පහසුකම් නිසියාකාරව නියාමනය ගැන යෝජනා වැනි දේ. මේවාට මම දවස්ගනන් රස්තියාදුවීගෙන මන්ත්‍රීලා පස්සේ යන්නේ නෑ, එහෙම ගිහින් මගේ ඉල්ලීම කරත් උන් හිනාවෙයි මම පිස්සෙක් කියලා. සමාජ මාධ්‍ය හරහා මේ වැනි ඉල්ලීම් යෝජනා පහසුවෙන්ම යොමු කරන්න පුළුවනි.

    මට ඕනැ මගේ කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රීෙයක් නෙවෙයි, සමාජ මාධ්‍ය නියෝජනය කරන මන්ත්‍රීයෙක්, මේකට සුදුසු සාහිත්‍ය කාරයෝ, දේශපාලන විචාරකයෝ, නැතිනම් තියරිකාරයෝ නෙවෙයි, පාලිත තෙවරප්පෙරුම වගේ උණ කාරයෝ, මගේ ඉල්ලීම - පැරා ගහන්නකෝ කොක්කක් මිනිහට, කියල දෙන්න පාර්ලිමේන්තුවට ගෙන්න පුළුවන් හොද යෝජනා / වැඩ පිලිවෙල වල්, ඔය මනුස්සයින්ට මගපෙන්නන්න පුළුවන් අය නැති එක අවුලක්.
    ඉළඟට ඉල්ලමු සෝෂල් මිඩියා නියෝජිකයන්ට පාර්ලිමේන්තු කෝටා එකක් පටන්ගැම්මට, කොහොමත් තව අවුරුදු 10න් විතරයනකොට නියෝජිතයෝ සේරම සෝෂල් මීඩියාකාරයෝ වෙයි.

    ReplyDelete
    Replies
    1. අඩු ගණනේ සමාජ ජාල මාධ්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්ත, ඒ මගින් වැදගත් මතවාදත් නියෝජනය වන බවත්, හොඳ සන්නිවේදනයක් පවත්වාගතහැකි බවත්, මහජන අදහස් කෙලින්ම ප්‍රකාශ කිරීමට හැකි බවත්, තේරුම් ගන්න අය 10 දෙනෙක් විතර පාර්ලිමේන්තුවට අවශ්‍යයි ආරම්භයක් හැටියට.

      Delete
  5. විමල් වීරවංශ එයාපෝට් එකෙන් හරවා එවපු දවසේ ඒගැන කතා කරඵු විපක්‍ෂය . කොපමන මහජන මුදලක් කා දැමුවාද ? මුං පාර්ලිමේන්තුවේ ඉන්නේ උන්ගේ යාලුවන් ගැන කතා කරන්න ද? අම්මපා විමල්ට අසාධාරණයක් සිදුවුවානම් නීතියෙන් පිහිටක් ගන්න තිබුනා නේද ? පාර්ලිමේන්තුවේ කාලය නොකා !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා