148වන උපන් දිනය සමරන අපි කාගේත් බාප්පලාට සුබපැතුම්!

"මාව පොලිසිය අරගෙන ගියේ 16 වැනිදා පාන්දර 2.00 ට විතර. පොලිසියේ ඕඅයිසී මහත්තයා ගෙදරට ඇවිත් පොඩ්ඩක්‌ එළියට එන්න කිව්වා. මම ගියා. පස්‌සේ මාව මගට එක්‌කගෙන ඇවිත් ජීප් එකට දාගත්තා. ඒ සමගම තට්‌ටය තිබුණු සුදු මහත පොලිස්‌ නිලධාරියෙක්‌ බෙඩ් ෂීට්‌ එකක්‌ වගේ රෙද්දක්‌ මගේ ඔලුවට දාලා තද වෙන්න බැන්දා. එතන ඉඳන් කිසි දෙයක්‌ පෙනුනේ නැහැ.

“ඔවුන් මාව අරගෙන ගියේ කාමරයක්‌ වගේ තැනකට. ඒ ගෙනිහින් ඇඳුම් සියල්ල ඉවත් කර මාව නිරුවත් කරලා හොඳටම පහර දුන්නා. සේයා ඝාතනය කළේ උඹ ඒ නිසා ඒක භාර ගනින් කියලයි ඔවුන් මට පහර දුන්නේ. මගේ නිරුවත් ඡායාරූප ගත්තා. පස්‌සේ අත් දෙක පිටුපස්‌සට තියලා බැඳලා බාල්කයක එල්ලලත් ගැහුවා. පහුවදා තමයි මාව පොලිසියට ගෙන ආවේ.

“මට බිරිඳයි දරුවයි මතක්‌ වෙලා ඇඬුණා. විශාල බයක්‌ දැණුනා මිනිස්‌සු ඔවුන්ට මොනවා හරි කරදරයක්‌ කරයි කියලා."
- කොටදෙනියාවේ සේයා සදෙව්මි නමැති දැරිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද 32 හැවිරිදි එක් දරු පියා.  (උපුටා ගැනීම: දිවයින)

"මාව පොලිසියෙන් අරගෙන ගියේ 16 වැනිදා උදේ නවයට විතර. ගෙදරට ආපු පොලිසියේ මහත්තුරු මගේ අම්මට බැණ බැණ මාව කාමරයකට දාගෙන ගොඩක්‌ වෙලා ප්‍රශ්න කළා. ෆේස්බුක් එකේ තිබුණ සේයා දැරියගේ ෆොටෝ එකක්‌ මම මගේ ෆේස්බුක් මිතුරන් අතරේ ෂෙයා කළා. සේයා මැරුණට පස්‌සේ කවුරු හරි ඒක ෆේස්බුක් එකට දාලා තිබුණේ. පොලිසිය ඒ ෆොටෝ එක පෙන්න පෙන්න මම සේයාගේ පිංතූර තියන් හිටියේ ඇයි කියලා ඇහුවා. ඒක ෆේස්බුක් එකේ තිබුණේ කිව්වම ඔවුන්ට මම කියන දේ වටහා ගන්න බැරි වුණා.

“පස්‌සේ මගේ අම්මා හඬා වැටෙද්දී මාව පොලිසියට අරගෙන ආවා. පොලිසියට ගෙනාවට පස්‌සේ දන ගස්‌සලා මට හොඳටම ගැහුවා. ගහන අතර කිව්වා කැලුම් අයියා ඔක්‌කොම පිළි අරගෙන තියෙන්නෙ, එයාව පෑලියගොඩ පොලිසියේ තියාගෙන ගහනකොට සේයා මැරුව විදිහ ඔක්‌කොම කියලා. ඒ නිසා දැන් ඇත්ත පිළිගනින් කියලා. මට කියන්න දෙයක්‌ තිබුණේ නැහැ. ඒත් පොලිසිය මට ගැහුවා.

“මගේ ඇඳුම් ගලවලා පහර දුන්නා. ඒ අතරේ මගේ නිරුවත් පිංතූර අරගත්තා. සම්පූර්ණයෙන්ම ඇඳුම් ගලවලයි පහර දුන්නේ. 17වැනිදා මාව සීඅයිඩී එකට භාර දුන්නා. එදාත් ඔවුන් මගෙන් ප්‍රශ්න කරන ගමන් දනගස්‌සවලා මට හොඳටම ගැහුවා." මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.
- කොටදෙනියාවේ සේයා සදෙව්මි නමැති දැරිය දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද 17 හැවිරිදි පාසල් සිසුවා.  (උපුටා ගැනීම: දිවයින)

මේ හා සමාන තවත් කතාවක් කවුරුත් අසා තිබේ. රට රටවල පොලිසි අතර තරගයක් පැවැත්විණි. තරගයේදී කරන්නේ හාවෙකු කැළයට මුදා හැර පොලිසියට නියමිත කාලය තුළදී ඌ සොයාගෙන එන්නට පැවරීමයි. මේ තරගයට සහභාගි වූ කිසිදු පොලිස් කණ්ඩායමකට හාවා සොයා ගත නො හැකි විය. ලංකාවේ පොලිස් කණ්ඩායමේ වාරය එළඹිණි. 

කාලය අවසන් වන්නට කලින් පොලිස් කණ්ඩායම ලේ පෙරෙන, ඉදිමුණු සිරුරැති තඩි වලහෙක් රැගෙන කැළෙන් එළියට ආවේ ය. “මම තමයි හාවා!" වලහා පිළිගත්තේ ය. 

ලංකාවේ පොලිසියට අදට අවුරුදු 148ක් පිරෙයි. ඒ කාලේ ඇඳපු ඇඳුම මෙන් ම පොලිසියේ තවත් බොහෝ දේ ද වෙනස් වී තිබේ. එහෙත්, ඇතැම් පැරණි සම්ප්‍රදායන් තවමත් ඉතිරි වී තිබේ. මේ වැරදිකරුවන් අල්ලන ක්‍රමය එවැනි එකකි. 

පොලිසියේ තවත් 'සම්ප්‍රදායක්' වන්නේ අල්ලසයි. විශේෂයෙන් ම රථවාහන පොලිසිය මෙම චෝදනාවට නිතර ලක් වෙයි. 

කොහොම වුණත් 148වන උපන් දිනය සමරන අපි කාගේත් බාප්පලාට සුබපැතුම්!


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 248 ක් ගියත් බලු වලිගෙ වගේ තමා. වෙනස් වෙන්නෑ.

    ReplyDelete
  2. මේකට හේතුව මේ අවු. 148 න් 145 විතරම පොලීසියෙන් වෙන අකටයුතුකම්, මැරකම් ඉවසාගෙන මිනිස්සු කටවක් පුකවල් වහගෙන සිටීම...

    පහුගිය අවු. කිහිපෙදි සමාජ මාධ්‍ය, අන්තර්ජාලය වගේ ඒවට පින්සිද්ද වෙන්න තමා මෙච්චරවත් මේවා ගැන කතිකාවක් ඇතිවෙන්නේ..

    රටේ සිටින මානවවාදී උගතුන්, නීතීඥයින්, ආගමික නායකයින්, දේශපාලඥයින්, මාධ්‍යවේදීන්, කලාකරුවන් එකතුවෙලා පුරවැසියන්ගේ විව්‍යස්තාපිත අයිතීන් කඩවෙන වෙලාවකදී වින්දිතයින්ට නීති ආදාර, රැකවරන ලබාදීමට බලවත් සිවිල් අයිතීන් සුරැකීමේ සන්විධානයක් (ඇමරිකාවේ ඇති American Civil Liberties Union) වගේ හදන්න පුලුවන්නම් මේ තත්වය අවු. 5 යනකොට වෙනස් කරන්න පුලුවන්..

    ReplyDelete
  3. පොලීසිය මේ තත්වයට පත්වුණේ ඇයි? ඔන්න ඕක හොයලා පිලියමක් යොදන්න කාටවත් ඕනේ නැහැ.

    අර හාවා කතාව ලෝකයටම පොදුයි වගේ. පොලීසිය ඉන්නේ මහා පීඩනයක් යටතේ. පීඩනය මුදාහරින්නේ සැකකරුවන් වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරීමෙන්.

    සේයා සදෙව්මි සිද්ධියේදීත් මුළු රටම කෑගහන්න පටන්ගත්ත මිනීමරුවන් අල්ලපියව් කියලා ඒ නිසා මොකෙක්හරි අල්ලන්නයි බැලුවේ.

    තව පැත්තක් තියනවා. ඔව්වට පොලීස් අරමුදලෙන් සම්මාන සහ තෑගි මුදල් හම්බවෙනවා. ඒ නිසාත් උනන්දුවෙනවා මොකෙක් හරි අල්ලලා උසාවි දාන්න.

    මේ ටික නම් කියන්නේ හරිම ලැජ්ජාවෙන්. යුද්ධ කාලේ පොලීසියත් හමුදාව වගේම ආරක්‍ෂක බංකර් වල සේවයේ යොදවා තිබුණා. යාබද හමුදා බංකර් වලට ගහන්න එන LTTE ත්‍රස්තවාදීන් හමුදා වෙඩි පහරින් මියගියාට පසු පොලිස් නිළධාරීන් එනවා ඒ මළමිනී ඉල්ලාගෙන ඒවාටත් තෑගි හම්බ වෙනවලු. මෙන්න මේ ක්‍රමය තමයි නවත්තන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. පොලිසියට ත්‍යාග ලබාදීම කරන්නේ රජයයි.එයට පොලිස් නිලදාරින්ට චෝදනා කර පලක් නැත.ඔබ පවසන මළමිනී විකුණා කෑමේ කථාව අසාදාරන එකකි.එය සැබෑවක් වක් නම් සාමාන්‍ය සිවිල් මිනිසුන් පවා මරාදමා පොලිසියට මුදල් ලබා ගත හැකියි නේ.යුද්ධයේදී පොලිසිය විසින් ත්‍රස්තවාදීන් මරාදැමූ විට ඔවුනට ත්‍යාග මුදල් ලැබූ බව සැබෑය,අවි, උපකරණ වාහන ආදියත් සමඟ නම් ලැබෙන ත්‍යාග මුදලද වැඩිය.මෙහි සැබෑ ප්‍රශ්නය කුමක්ද? යුද්ධය සඳහා පොලිසිය යොමු කල රජයන් මේවට වගකිවයුතුය.පොලිසිය යුද්ධ කිරීමට නොදනී.ඔවුනට වඩා කොටි ත්‍රස්තයන් යුධ පුහුණුව ලබා ඇත.එසේම තමන් විසින් කලයුතු යුද්ධයෙන් කොටසක් පොලිසියට බෙදා දුන් ත්‍රිවිධ හමුදාවන්ද මෙයට වගකිවයුතුය. ඔබ ලැජ්ජා වෙනවා නම් ඒ කරුණ වෙනුවෙන්ද ලැජ්ජා වියයුතුය.පසුගිය යුද්ධයෙන් යුධ හමුදාවට පසුව වැඩිම මරණ හා තුවාල ලැබූ සහ ආබාධිතයන් සිටින්නේ පොලිසියේ බවත් කිවයුතුය.

      Delete
    2. වෘතීය පීඩනය කියන එක හෑම රැකියාවක් කරන කෙනෙකුටම තියෙන්න පුලුවන්... එහෙම කියල තමන්ගේ වෘතීය බලය අවභාවිතා කරන්න කාටවත් බෑ... දැන් දොස්තරල පීඩනය කියල ලෙඩ්ඩුන්ට මැරෙන්න බෙහෙත් දුන්නොත්, ලංගම රියදුරන් පිස්සො වගේ එලෙව්වොත්, කාර්‍යාලවල සේවකයො, ගුරුවරු කුනුහරුප කියාගෙන දැගලුවොත් හරියයිද?
      මේවයෙත් එහෙම උන් නැත්තේ නෑ.. නමුත් පොලීසියෙ තරම් තම බලය අයුතු ලෙස පාවිච්චි කරන කිසිම රාජ්‍ය සේවයක් නෑනෙ.....
      අනෙක ලෝකයේම පොලීසි මෙහෙමයි කියන්න බෑ... බ්‍රිතාන්‍යේ හෝ ඕස්ට්‍රේලියාවේ පොලීසි වල හැසිරීම ගැන අද්‍යනය කරන්න

      Delete
    3. බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියන් පොලිසි ගැන කියන ඔබ ඇමරිකන් පොලිසිය ගැන කථා නොකර සිටියි.සිවිල් මිනිසුන්ට වෙඩි තබන පොලිසි අතරින් ඇමරිකානු පොලිසිය සිටින්නේ ඉහල තැනකය.ලංකාවේ පොලිසිය පමණක් නොව සියලුම රාජ්‍ය ආයතන තවමත් සිටින්නේ වැඩවසම් යුගයකය,දොස්තරට සර් නොකියා ඩොක්ටර් කියා කීවොත් ලෙඩාට ලැබෙන්නේ අඩු සැලකිල්ලකි.මෙවන් සමාජයක පොලිසියෙන් පමණක් යහපත බලාපොරොත්තු වියහැකිද? අනිත් කරුණ මා මෙතන පොලිසිය නිවැරදි කරන්නට අදහස් කලේ නැත විචාරක මහතාගේ අදහසකට මගේ අදහස එකතු කළා පමණයි.ඒ මහතා කියන්නේ පොලිසිය කොටි ත්‍රස්තවාදී මළසිරුරු වලින් මුදල් ඉපයූ ආකාරය ගැනයි.එසේනම් පාසල් දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගත් ත්‍රිවිධ හමුදා නිලදාරීන් ගැනත් ඒ මහතා ලජ්ජා වියයුතු නැතිද?.

      Delete
    4. ඇමරිකානු පොලීසිය ගැන ඔබ මට උගන්වන්නට සුදුසුකම් ලබා නැතැයි සිතමි.. මා වසර 4ක්ම ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඇත.. ආචාරශීලිත්වය අතින් ඇමරිකානු පොලීසිය වෙනත් බටහිර පොලීසි වලට වඩා වැදි වෙනසක් නැත.. ඔබ කියන පරිදි ඇමරිකානු පොලීසිය සිවිල් පුද්ගලයින්ට නිකරුනේ වෙඩි තබන්නේ නැත.. නමුත් ඇමරිකාවේ පොලිස් වෙඩි තැබීම් වෙනත් දියුනු රටවලට (ලංකාව වැනි රටවලට සාපේක්ශව නොව ) වැඩි එහි ගිනි අවි මිලදී ගත හැකි නිසා අපරාදකරුවන් අතර බ්‍රිතාන්‍යට වඩා ගිනිඅවි සුලබ නිසාය.. ඒ ඇරෙන්න ලන්කාවේ කාකි බාප්පලා මෙන් පොලීසියට ගෙන්වන මිනිසුන්ට පහරදීමට ඔවුන්ට බ්ලයක් නොමැත.
      ප්‍රශ්න කිරීම් අතින් ඇමරිකානු පොලීසියට පුද්ගලයෙකුට පහරදීමක් තබා බිය ගැන්වීමක් හෝ කල නොහැකිය...
      ඇමරිකානු පොලීසිය පෙන්වා ලන්කාවේ පොලීසිය සුද්ද කරන්නත යන්නා මෝඩයෙක් විය යුතුයි..

      Delete
    5. ඔබේ උගත්කම සහ ඇමරිකානු උසස් අද්‍යපනය වෙනුවෙන් සුභ පතමි.ඔබ අගය කරන ඇමරිකන් පොලිසිය නිරායුධ මිනිසුන්ට වෙඩිතබන සහ අත්අඩංගුවට ගැනීමේදී පහරදෙන අන්දම දැක්වෙන විඩීයෝ මා නම් දැක ඇත. පිරිමි පොලිස් නිලදාරීන් ඉදිරිපිටම මීට වසර 2 පමණ පෙර ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලදාරිනියක නිරුවත් කර ඇගේ ගුද මාර්ගය පරික්ෂා කරන ඇමරිකන් පොලිසියේ වීඩියෝ දර්ශනයක් දුටිමි.ලංකාවේ පොලිසිය ගැන සිතමින් ඇමරිකන් පොලිසිය සුද්ද කරන ඔබද සෑහෙන තරම් මෝඩයෙක් යයි සිතමි.

      Delete
    6. ඔය නමින් කොමන්ට් කරන කෙනා අර ලන්කාවේ ඉන්න පුකේ වම්මු වගේ බටහිර විරෝදියෙක්ද කොහෙද? ගොන් බිජ්ජො ඇමරිකාවේ ඔබ කියන දේවල් උනොත් ඒ ගැන ලොකු ඉන්වෙස්ටිගේෂන් එකක් යන බවත් ඒකට සම්බන්ධ උන්ට රස්සාවත් නැතිව හිරේ ලගින්න වෙන බවත් දන්නෙ නැත්ද? ලන්කාවෙ මට පොලීසියෙන් ආයුද පෙන්නන්න ගිහින් මරාපු සිද්දි ගැන නඩු අහල එක පොලිස් කාරයෙක් පහුගිය අවුරුදු 10 ඇතුලතදිම හිරේ දාපු නෙමේ ඉන්ටඩික් කරපු එක අවස්තාවක් පෙන්නපන්..
      උබ ඇමරිකාව ගැන මට උගන්නන්න එන්න වීඩියෝ බලලද ගොන් තඩියො?
      ඇමරිකාව වගේ රටකට වැස්සකට වත් ඇවිල්ල නැති උබ වගේ ලන්කාවෙ ඉන්න ගොන් තඩියෙක් බොරු කියනකොට ඒකට උත්තර දෙන එක ඇමරිකාව සුද්ද කිරීමක් නෙමේ...
      මෝඩ හු**තො.. ඔය ඔලුවෙ තියෙන ගොන් බටහිර/ ඇමරිකානු විරෝදෙ අත ඇරල වැරදි දේ වැරදි විදිහට දකින්න පුරුදු වෙයන්...
      උබල වගේ වම්මු ඔලු හෝදපු කාලකන්නි වේ.පුතාල නිසා තමා රටට මෙහෙම වුනේ..

      Delete
    7. @ jay-c zOctober 3, 2015 at 1:17 PM
      මහත්මයා උපකල්පන අනුව කතාකරන අතර මම කතාකරන්නේ අත්දැකීම් පදනම් කරගෙනයි. පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක් බවත් සන්නද්ධ සේවා ඊට වඩා හාත්පසින් වෙනස් බවත් මහත්මයාට අමතකද? මා කියා තිබෙනවාද සමස්ත පොලීසියේම චර්යාවයි මා පෙන්වන්නේ කියා. මහත්මයා නොදන්නා දේවල් කතාකරන්නේ ඇයි? පොලීසිය යුද්ධයට යෙදෙව්වේ/යොදවන්නට වුණේ මහත්මයා වැනි අය යුද්ධයට බැඳුනේ නැති නිසයි. හමුදාවට සෑහෙන තරම් පිරිස් බැඳුනානම් පොලීසිය යුද්ධයට යවන්නේ නැත. පොලීසියට ප්‍රමාණවත් තරම් යුද පුහුණුවක් දුන්න බව මහත්මයා දන්නේ නැහැ නේද? යුද්ධයේ කොටසක් පොලීසියට දුන්නේ හමුදාව විසින් නොවේ සේනාධිනායකයා විසින්. යෝජනාව ගෙනාවේ ආරක්ෂක කවුන්සිලය. හැබෑටම මහත්මයා හතේ පන්තියට විතර අධ්‍යාපනය ලබුවෙක්ද මෙවැනි දේවල් නොදන්නේ?

      හැම පොලිස් නිලධාරියාම මළමිනී විකුණාගෙන කෑවේ නැත. නමුත් ත්‍යාග වලට රහ වැටුන පිරිසක් ඒ වෙනුවෙන් පමණක් යුද්ධ කරන්නට පෙළඹී සිටියා. මහත්මය ලැජ්ජා වෙන්න ඕනේ මහත්මයාගේ නොදන්නාකම ගැනයි. හමුදාවට පසුව වැඩිම පිරිසක් මියගියේ හෝ තුවාල ලැබුවේ එවකට ග්‍රාමාරක්ෂක සේවය ලෙස හැඳින්වුන අද සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයන්.

      මහත්මයාගේ කවුද පොලීසියේ ඉන්නේ? එහෙම නැත්නම් මහත්මයා පොලීසියේද?

      Delete
    8. විචාරක මහත්මයාට හිතිච්ච දේ තමා මටත් හිතුනේ.. මම හිතන්නේ ඔය jay-c z කියන හාදයා පොලීසියට සම්බන්ද හෝ පොලිස් නිලධාරියෙක්ව දන්න එකෙක්..
      ඒක තමා ලන්කාවේ පොලීසිය ගැන කරන විවේචන ගැන දරාගන්න බැරිව නොදන්න ඇමරිකානු පොලීසියක් ගැනයි හමුදාවක් ගැනයි කියවන්න යන්නේ...

      Delete
    9. max නමින් පෙනී සිටින ඔබට කියන්න කැමතියි මා පුකේ වමෙක් හෝ බටහිර විරෝදියෙක් නොවන බව.මා ලංකාවෙන් පිට නොගිය බවත් ඇත්තයි.මා අසන්නේ මෙයයි.වැරදි කරන්නේ ලංකාවේ පොලිසිය පමණද? අනෙකුත් වෘත්තිකයන් නිවැරදි ලෙස තම කාර්ය භාරය ඉටුකරනවාද?.ලිංගික අල්ලස් ගන්න විදුහල්පති වරු, දිසාපති වරු ලංකාවේ නැතිද?.තමන්ගේ රෝගීන් දුෂණය කර මරා දමන දොස්තරවරු ලංකාවේ නැතිද? දේශපාලකයෙකුගේ රථයක් වෙනුවෙන් දඩ පත්‍රිකාවක් ලියූ පොලිස් නිලදාරියාට සිදුවූ දේ මතක ඇතැයි සිතමි.මුළු මහත් සමාජයම කුණුවී ගඳ ගසන විට පොලිසියෙන් පමණක් සාදාරනය බලාපොරොත්තු විය හැකිද?.ඔබ ඇමරිකාවේ ජීවත්වූ නිසාම මුළු ඇමරිකාව අතැඹුලක් සේ දන්නේ යයි නොසිතමි.විදේශ ප්‍රවෘත්ති සේවා බලන විට ඔබ වර්ණනා කරන ඇමරිකාවේ පොලිසිය ගැනත් යම් දේවල් දන ගන්නට ලැබුණි.ඇමරිකාවේ මිනිසුන් පොලිසිය අනවශ්‍ය පරිදි මිලිටරීකරණය වී ඇති බව කියමින් උද්ගෝෂණය කරන්නේ විනෝදයට යයි සිතමි.අපහාස කිරීමට මාද දන්නා මුත් අනෙකුකගේ බ්ලොග් අඩවියක එසේ කිරීම අනෙකුකගේ ඉඩමක මලපහ කිරීම හා සමාන වන නිසා එසේ නොකරමි.............විචාරක මහතා!!!! යුද්ධයට සහභාගී වුවේ ඔබ පමණක් යයි සිතන අහංකාර මානසිකත්වයෙන් බැහැරවී ටිකක් නිහතමානී වන්න බලන්න. ඔබ හරි හමුදාවන්ට ප්‍රමාණවත් තරම් පිරිසක් නොබැඳීම ඔබේ හෝ මගේ වරදක් නොවේ.ඒ නිසාම පොලිසියට යුද්ධ කිරීමට සිදුවීමත් ඔබේ වරදක් නොවේ තමයි.පොලිසියට ඔබ සිතන ආකාරයේ යුධ පුහුණුවක් ලැබී නොතිබුණු බව කියන්න ඕන.ඔවුන් අතරින් ඇති බහුතරය දැන සිටියේ T 56 අවිය ගැලවීමට,සවි කිරීමට සහ යන්තමට වෙඩි තබන්නට පමණයි.නමුත් විශේෂ කාර්ය බලකායට මේ කියමන අදාළ නොවෙන බව කියන්න ඕන.ත්‍යාග වෙනුවෙන් යුද්ධ කළා යයි කීම කියන්නට ඔබට අයිතියක් ඇතත් එය ඔබේ දේවේශ සහගත කියමනක් ලෙස කියන්නෙමි.ඒ ගැන දන්නෝ දනිති.යුද්ධයෙන් දෙවනුව වැඩිම මරණ සහ තුවාල කරුවන් අයත් වන්නේ සිවිල් ආරක්ෂක බලකායට යන්න මුසාවකි.එය පොලිසිය යන්න නිවැරදි වියයුතුය තෙවනුව නාවික හමුදාවත් සිව් වැනිව ගුවන් හමුදාවත් එම අවාසනාවන්ත වාර්තාවට හිමිකම් කියයි........අවසන් වශයෙන් මා කියන්නේ මෙයයි යකාගේ හැටියට විමානය යන කියමනට අනුවයි පොලිසිය පවතින්නේ.කුණුවූ සමාජයක හොඳ පොලිසියක් තිබෙන්නට හැකිදැයි අසමි...පස් පඩන්ගුවේ පොලිසියටම දොස් පවරන අතරේ මේ ගැනත් සිතීම වැදගත් නැතිද?......තවත් කරුණක් කියන්නට කැමතියි හැමෝම පොලිසියට දොස් පවරන අතරේ පොලිසිය වෙනුවෙන් කෙනෙකු කතා කිරීම තහනම් දෙයක්ද?

      Delete
    10. @ jay-c zOctober 3, 2015 at 7:06 PM
      අනේ මහත්තයෝ දැන්වත් ඔය සවුත්තුවීම නවත්තගන්නකෝ. මහත්තයා නොදන්නා විෂයයක් ගැන කතා කරන්න කරන්න මහත්තයා නිකම්ම නිකම් නිකමෙක් වෙනවා.

      පොලීසියට 'ප්‍රමාණවත් තරම්' පුහුණුවක් දුන්නා කියන එකේ තේරුම දන්නවාද? පුලුවන්නම් පොත්පත් වලින්වත් හොයා බලන්න යුද්ධයේදී defensive role කියන්නේ මොකක්ද කියා. අන්න ඒ අහවල් එක කරන්න තමයි පුහුණුව දුන්නේ offensive role එක කරන්න නෙවේ. ඒක කොරගන්න බැරිවීම වෙනම කතාවක්. පොලීසියේ අයයි දෙවනුවට වැඩිම මරුනේ කියන කරුණට අදාළ සංඛ්‍යා ලේඛන ගත්ත තැන කියන්න.

      ඇයි මහත්තයෝ මෙහෙම ලැජ්ජා නැතිව කථා කරන්නේ. හිතන්න මහත්තයා ඉංජිනේරුවෙක් කියා. මම මහත්තයා එක්ක ඉදිකිරීම් ක්‍ෂේත්‍රය ගැන වාද කරන්න යනවානම් මගේ මෝඩකම තමයි පෙන්නන්නේ. ඒ වගේමයි ආරක්‍ෂක විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදැන, පහුගිය යුද්ධ කාලේ පොලීසිය කළේ මොනවාදැයි නොදැන නිකම් බෑඟිරි ගාන්නේ ඇයි?

      බලන්නකෝ මහත්තයා නිකම් සිඟිති කතා කියනවනේ. T 56 විතරක් නෙවේ පොලීසිය LMGත් පාවිච්චි කළා. ඔවුන්ට යුද හමුදා ආධාරක අවි සහාය ලැබුනා අවශ්‍ය අවස්ථා වලදී. මොකද්ද මහත්තයෝ යන්තමට වෙඩි තබනවා කියන්නේ. යන්තමට වෙඩි තියන්න ගියොත් තුවක්කුවේ ගැස්සීම නිසා බට් එක මූනේ ඇනිලා හොම්බ රිවෙට් වෙනවා. අදවත් දැනගන්න.

      කවුද උන්නැහේ කිව්වේ මම විතරයි යුද්දෙට සහභාගිවුණේ කියලා. මොලය උඩ වාඩිවී ඉන්නකොට ඔයවගේ හිතෙනවා. නැගිටලා මොලයට හුලන් ටිකක් වදින්න ඉඩ අරින්න එතකොට යථාර්ථය පෙනෙනවා.

      පොලීසිය වෙනුවෙන් කතාකරන්න ඕනෙම කෙනෙකුට අයිතිය තියනවා. නමුත් විෂයය කරුණු නොදැන තමන්ගේ පුහු බව පෙන්නනකොට අපිට දෙකොනින් හිනායනවා.

      Delete
  4. හාවාගෙ කතාවෙන් 1000ක් දේ එකපාර කියවෙනවා..මරු හිකිස්
    අවුරුදු කීයක් ගියත් මේ කහලගොඩ සුද්ද කරන්නනං බැරි වෙයි

    ReplyDelete
  5. කොහොම වුණත් 148වන උපන් දිනය සමරන අපි කාගේත් බාප්පලාට සුබපැතුම්!

    අපිට?

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත්තේ 1866 දී. ඒ නිසා අද පොලීසිය සමරන්නේ තමුන්ගේ 149 වන සංවත්සරය (148 නොවේ).

    ReplyDelete
  8. ශ්‍රීලංකා පොලිසියට වසර 149 පිරුණේ පසුගිය මාසේ, පොලිසිය නිල වශයෙන් ආරම්භ වෙන්නේ 1866 සැප්තැම්බර් මස 3 වෙනිදාය.

    ReplyDelete
  9. 1866 ඉඳන් 2015ට අවුරුදු කීයද? කියපියව් 148යි කියල. නැත්තං තොගෙ.......

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා