උපුල් ශාන්ත සන්නස්ගල නිහඬ විය යුතු නැත

උපුල් නිහඬ ය. ඉංගිරිසියෙන් කියන ආකාරයට නම් ඩෙඩ් සයිලන්ට් ය. 

ඒ ඇයි කියා දුරකතන ඇමතුමක් දී අසන්නට තරම් ඔහු හා මා අතර සම්බන්ධයක් නැත. මා සිතන අන්දමින් මා ඔහු දෑසින් දැක තිබෙන්නේ ද එක් වතාවක් පමණි. 

උපුල්ගේ ටියුෂන් පංති කෙරුවාව ගැන නම් මගේ පැහැදීමක් නැත. එහෙත් ඔහු සිංහල වැනි නො සැලකිල්ලට ලක් වී තිබුණු වැදගත් විෂයක් මාකට් කළ කිරිල්ල ඇත්තෙන් ම ලොකු වැඩකි. එහෙත් උපුල්ගේ සිංහල වෙළඳපොළ නිසා සමාජයේ සිංහල දැනුම වැඩි වී ඇති බවක් නම් නො පෙනේ. ඔහුගේ පාරිභෝගිකයන් ඔහු නො තකා හැරියේ හරියට දෙල්කඳ පොළේ වෙළෙන්දියන් නො සලකා හරින අන්දමට ය. මාකටිං හා ජීවිතය එකක් නො වන බව උපුල් ඡන්ද කෙරුවාවෙන් ඉගෙන ගන්නට ඇතැයි සිතමි. 

මේ උපුල් ගැන මා මීට කලින් ලියූ සටහන් කීපයකි. ඔහුගේ අම්මා කෘතිය මට අනුව නම් හොඳ නවකතාවකි. 


ජීවිතයේ ක්ෂතිමය අත්දැකීම් මුළු ජීවිත කාලය තුළ ම හොල්මන් කරන එක උපුල්ටත්, විමල්ටත්, මටත් පමණක් නොව චාල්ස් ඩිකන්ස්ට පවා වූ දේ ය. 

උපුල් සෑහෙන්න කතා කළ අයෙකි. උපුල් කීමෙහි බිනීමෙහි දක්ෂයෙකි. ඔහු කතා කරන හැටි අහන් ඉන්නට ආසා ය. ඔහු රසවත්ව ලියන්නට ද දනියි. ඒ නිසා ඔහුට ග්‍රාහක සමාජයක් තිබිණි. එවැනි අයට අනෙක් අය ඉරිසියා කරති. ඒ නිසා බනිති. බනින විට සමාජය තමන් තුළ ඇති ඉරිසියාවත් කුළු ගන්වාගෙන ඒ බැනිලි භාර ගනිති. උපුල්ට බැන වැදුණු අය, උපුල් ඡන්දයෙන් පැරදුණු විට ‘හූ! හූ! ඇද්ද උඹට!' යි කියමින් කොකා පෙන්නූ අය හා උපුල් නිහඬ වී සිටින විට ‘ඇති යන්තං! ඌ ඉවරයි,' කියා සතුටු වන අය තමන්ගේ සතුට ගැන ආපසු හැරී කල්පනා කරනවා නම් වඩා හොඳ ය. 

ඡන්ද කාලේ උපුල් තමන් ගැන සෑහෙන්න ලොකුවට හිතාගෙන සිටියේ ය. එහෙත් ඡන්ද දායකයන් උපුල්ට දැක්වූයේ නිශේධනීය ප්‍රතිචාරයකි. කොළඹ දිස්ත්‍රික්කය දුෂ්කර පොළවකි. මා සිතන පරිදි උපුල්ට වඩා ඡන්ද ගත් අය ඇත්තෙන් ම දේශපාලනයේදී උපුල්ට වඩා දක්ෂයෝ ය. 

එහෙත්, ඡන්දයෙන් පසු උපුල් කලකිරී තිබෙනවා වෙන්නට පුළුවන. ඔහු මැතිවරණයට විශාල මුදලක් වියදම් කළේ ය. ඒ ගැන ඔහු එතරම් සිතිය යුතු නැත. මන්ද, පසුගිය කාලේ නො ගෙවා සිටි ආදායම් බදු ප්‍රමාණය ගණන් හදා බැලුවොත්, ඡන්ද කෙරුවාවට ගිය වියදම එයින් ද සුළු කොටසක් බව ඔහු දනියි. 

සමහර විට ඔහුගේ තරගකාරී ටියුෂන් මුදලාලිලා ඔහුගේ වෙළඳපොළ ඩැහැ ගත් නිසා දැන් එය ආපසු දිනා ගැනීමට ඔහු මහන්සි වී ටියුෂන් කරනවා වන්නට පුළුවන. 

ඔහු ලියන්නට පටන් ගත් කොළඹ කතාව නතර වී තිබෙනු දුටිමි. නැවත පටන් ගෙන නැති නම් ආපසු පටන් ගන්නා ලෙස ඉල්ලා සිටිමි. ආපසු රූපවාහිනියට ද ගොඩ වෙනවා නම් හොඳ ය. 

හඬක් තිබෙන මිනිසුන්ට නිහඬ වන්නට ඉඩ දිය යුතු නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. උපුල් ශාන්ත ඇත්තටම මහින්ද පාලනය පෙරලා දමන්නට හා නව ආරක දේශපලනයක් ඇතිකිරීමට සෑහෙන මහන්සි වූවෙකි. ඔහුගේ පෞද්ගලික ජීවිත්යේ වැරදි තිබෙන්නට පුලුවන. ඔහු ආදර්ශය ගත්යුත්තේ ඔහුගේ පක්ෂ නායකයගෙන්මය. වසර ගනනාවක් නොයෙක් නින්දා අපහාස මැද අතිශය දුෂ්කරවූත් අත්නොහලාවූත් අධිශ්ඨානයකින් කටයුතු කිරීමෙන් නැවතත් ඔහු අගමැති බවට පත්ව ඇත්. උපුල් නිහඬ වියයුතු නැත

    ReplyDelete
  2. උපුල් ගේ ජීවන ගමන ගත්තොත් පොර අදහන්න වටින මිනිහෙක්...
    ඒත් මරා පාලනය පෙරලන්න ගිය සටනට කර ඇරිය නිසාත් , 2014 අග භාගයට කලින් අමාරු කාලවල ඒකාධිපතියාට විරුද්ධව (භාරගන්නෙත් නැ, ප්‍රස්තික්ෂේප කරන්නෙත් නෑ මතක්කරගන්න ) කරලියට නොආ නිසාත් කොලඹ පැවති තද තරගය මිනිහා පැරදීම එච්චර පුදුමයක් නෙමෙ.
    හැබැයි එවැනි ලිබරල් මතවාද ඇති මිනිස්සු අනිවා දේශපාලනයේ ඉන්න ඔනෑ.. රටේ අධ්‍යාපන ඇමති වියයුතු කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ඔව්, හරියට බන්ධුල ගුණවර්ධන සහ මෝහන් ලාල් ග්‍රේරෝ වගේ ටියුෂන් කාරයෙක් ම තමයි අධ්‍යාපන ඇමති වෙන්න ඕනෑ!

      Delete
    2. රසික උන්නැහේ ගොන් කතා කියන්න එපා... සන්නස්ගල ලිබරල් අධ්‍යාපනයේ වටිනාකම, සාහිත්‍ය, ජාතිවාදය/ආගම්වාදය පිටුදැකීම, ග්‍රාමීය පාසැල් වල ගුරුවරුන්ගෙ අඩුපාඩු ගැන ලියල ඇති දෙයක් වත් කියවල ඉන්න...

      ලන්කාවෙන් ඉගෙනගෙන පිටරටක ගිහින් රස්සාවක් තලන එකෙක් තමන්ගෙ හැකියාවෙන් ලන්කාවෙ ලමයින්ට පාඩමක් උගන්නලා සල්ලි හොයන මිනිහෙකුට ටියුෂන් කාරයා කියල ගැරහීම දැක්කහම මට කුහකකම වගේ වචනයක් මතක් උනා...

      Delete
    3. රසික උන්නැහේ ගොං කථා කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද ඕයි !

      Delete
  3. පැරා,

    ඔබ ඔහුට දෙසපලනයට ආරාදනා කරන අතර
    //පසුගිය කාලේ නො ගෙවා සිටි ආදායම් බදු ප්‍රමාණය ගණන් හදා බැලුවොත්, ඡන්ද කෙරුවාවට ගිය වියදම එයින් ද සුළු කොටසක් බව ඔහු දනියි. //

    ඉතා පැහැදිලියි ඔහු අවංක පුද්ගලයකු නොවන බව එහෙත් ඔබ ඔහුගෙන් ජනතාවගේ සංවර්දනය බලාපොරොත්තු වීම කුමන විහිලුවක්ද ?

    සිංහල, දෙමල මිනිසුන් අතර ජනවාර්ගික අර්බුදයක් නෑ, නමුත් දෙමල ජනයාට එවැනි අර්බුදයක් ඇති බවට සිතීමට ඕනෑතරම් හේතු පවතී
    උදාහරණයක් :- ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගැනීමට ඔබ ගියොත් සිදුවන රස්තියාදුව ඔබ දන්නවා ඇති නමුත් සිංහලයන් වන අප එය ජාතිවාදීව නොදකිමු, සිතන්න ඔබ දෙමල ජාතිකයෙක් උනා කියල ඔබට මෙය උනොත් ඔබේ මනසට දැනෙන්නේ කුමක්ද ? මා දෙමල වීම නිසා මෙය වැනි අඩුපාඩු මට සිදුවන බවයි. නැත්තම් සිංහල ආණ්ඩුව නිසා මෙය අපට සිදුවන බවයි.

    ඇත්තෙන්ම සිදුවිය යුත්තේ පරිපාලනය විනිවිද බාවයෙන් වේගයෙන් සිදුවීමයි.

    දැන් අපි උපුල් ශාන්ත සන්නස්ගල වෙත යොමුවෙමු ඔහු හැමවිටම ජනවාර්ගික ජාතිවාදී ආගම්වාදී සහ කුලවාදී ප්‍රශ්න අපට ඇතිබව කියමින් තම චන්ද වැඩිකර ගැනීමයි සිදුකරන්නේ, අනෙක් අතට ඔහු සිංහල ජාතිවාදය පමණක් ගැන කියමින් දෙමල ජාතිවාදය ගැන කතා නොකරමින් පිරිබාහරන් වැනි මිනිමරුවකු වීරයෙක් කිරීම මගින් ඔහු උත්සහ කලේ කොලබ සුළුජාතික චන්ද කඩා ගැනීමයි (අර ශුක්‍රානු කතාව මතක ඇති ) ප්‍රශ්නය නම් ඔහු සුලුජතින් අතර ප්‍රසිද්ද නොවූ අතර සිංහල ජාතිකයන් අතර පිළිකුල් සහිත ප්‍රසිද්දීයකුයි ලැබුවේ.

    මෙය බලන කෙනෙක් අසයි ඇයි ඔහු නවීන තක්ෂණය ගැන කතාකලා නේද කියල, මතක තියාගන්න සුන්දර කතා නෙමෙයි වැදගත් ඒවා ක්‍රියාවට නගන වැඩපිලිවලයි වැදගත්. උදාහරණ :- අපි කියනවා නවීන තාක්ෂණයෙන් පරිගණක ගත කර ඉක්මනින් සේවය දෙනවා කියල
    මොකද්ද මේ පරිගණක ක්ගතකිරීම ?

    අපරටේ අමාත්‍යංශ බර ගණනාවක් පවතිනවා ඒ සියලු අමාත්‍යංශ සම්බන්දවන ආයතනයක් තමයි කච්චේරිය,
    අපරටේ කිසිදු වැඩපිළිවලක් නෑ කච්චේරියේ ඇති තොරතුරු එකවර ඕනෑම අමාත්‍යංශයක් මගින් ලබාගන්න (අද අන්තර්ජාල පහසුකම් ඇති අපරටේ මෙය
    ඉතා පහසුවෙන් කලහැකියි ) මෙය නොමති නිසා හැමවිටම විශාල රස්තියදුවීම් අල්ලස්දීම් සිදුවෙනවා.

    අපට විදේශ වෙළදාමේ තරගකාරීව යෙදීමට නොහැකි වී ඇත්තේ මෙවැනි අඩුපාඩු නිසයි.
    පුරවැසියන් ලෙස අප රජයට බලකළ යුත්තේ මෙවැනි දේවල් සිදුකර ගැනීමටයි.

    උපුල් ශාන්ත සන්නස්ගල වැනි අය ඇමතිවරු වූ විට නොකරන්නේ ත් එයයි.

    ReplyDelete
  4. ඕක වැරදි මතයක්... සන්නස්ගල නොවේ ඔනෑම ව්‍යාපාරිකයෙක් 100% අවංකව බදුගෙවන්නෑ... වෙනකක් තබා ව්‍යාපාරයක් කල මගේ පියාත් ආදායම්බදු ගෙවන්නේ හැකිතරම් අදු ගිනුම් වාර්තා පෙන්වමින්...
    සන්නස්ගල කොහේද දෙමල ජාතිවාදයට කත් ඇද්දේ... ඔය ශුක්‍රානු කතාව අර ගෙවිදු කුමාරතුන්ග කියන කාලකන්නියාගේ බොරුවක්නෙ..
    හැබැයි සන්නස්ගල 2000 විතර ඉදන් සෝම හිමි ප්‍රචලිත කල සිංහලබෞද්ධ-තලිබාන් පන්නයේ සන්ස්කෘතියට නම් ගැහැව්වා... ඒක වරදක් නොවේ...
    මටපේන්නේ ඔබට තියෙන්නේ සන්නා ජේවීපෙර්ය හා සමාජවාදය පසෙකලා ලිබරල්වාදයට ඒම ගැන ඇති ඇරියස් එකක්

    ReplyDelete
    Replies
    1. Max,

      //ඔය ශුක්‍රානු කතාව අර ගෙවිදු කුමාරතුන්ග කියන කාලකන්නියාගේ බොරුවක්නෙ.. //

      මෙය තිබුනේ සන්නස්ගල ලියපු පොතක. මේගැන ගෙවිදු සන්නස්ගල සිටින වාද පිටියේ ඔහු ප්‍රශ්න කලවිට සන්නස්ගල ප්‍රතික්ෂේප කරන්නේ නෑ

      //කොහේද දෙමල ජාතිවාදයට කත් ඇද්දේ//
      1987 කාලයේ සිට ඔහු LTTE වෙනුවෙන් පෙනීසිටිය.

      //මටපේන්නේ ඔබට තියෙන්නේ සන්නා ජේවීපෙර්ය හා සමාජවාදය පසෙකලා ලිබරල්වාදයට ඒම ගැන ඇති ඇරියස් එකක්//

      මම කිසි විටක වාමාංශික දේසපාලනය පිලිගන්නේනෑ . නිදහස් වෙළදාම ගැන මම පුර්ණ විශ්වාසය තබනවා, සන්නස්ගල පිලිබදව ඇත්තේ
      ප්‍රයෝගික ගැටළුවක් පමණයි.

      මගේ අදහස ආගම් වාද ජාතිවාද කුලවාද වලට විරුද්දව ඉතා දැඩි නීති ගෙන ආ යුතුයි. සහ ක්‍රියාත්මක විය යුතුයි.

      Delete
  5. උප්ල් ගැන උඹ කියන ඔක්කෝම හරි ඒත් එයාට පොලිටික්ස් බෑ...

    ගිය මැයි පලවෙනිද කැම්බල එකේ කතා කරපු හැටි දැක්ක ගමන් මම දැනගත්ත මෙයා අනාථ වෙනවා කියලා..

    ඒ නිසා ආයේ එනවා නම් එයාට යන්න වෙනවා විමල් වීරවංශගේ ටියුෂන් ක්ලාස් එකකට..

    ReplyDelete
  6. උපුල් කැඩුනු බිඳුනු යමක් ඇත්නම් එය ගොඩ නගාගන්නවා විය යුතුයි.
    ටිකක් කල්දෙමු.

    ඔහු කිය යුතු දේ කෙලින්ම කියයි
    ජාතිවාදයට විරුද්ධයි
    ඔහු තර්කානුකූලයි....
    මාතලන් කියන්නා වාගේ පාර්ලිමේන්තු යන්න නම් පොලිටික්ස් ඉගෙන ගත යුතුයි.
    ජනරාල්ට පාර්ලිමේන්තුවේ දොර නෑරුනේ ඇයි
    යන්නත් මෙතනට අදාලද? වැනි දෙයක්...

    ReplyDelete
  7. මම උපුල්ගේ අනුගාමිකයෙක් නොවේ. සමහර වෙලාවට ඔහු අපේ අැතුලට කතා කරනව. මම ඒකට කැමතියි.. අපේ අැතලෙ තියන ජරාව ඔහු පෙන්නනව.. සමහරැ ඒකට අකමැතියි...https://www.youtube.com/watch?v=YMkXAmwfxas

    ReplyDelete
  8. උපුල් ශාන්ත සන්නස්ගලට හරියන්නෙ උපදේශක වගේ තනතුරක්.
    අපේ රටේ ඡන්ද වලින් දිනන එක වෙනමම ආර්ට් එකක්. ඒක සන්නස්ගලට බෑ. (ඒක ඇත්තටම ගත්තොත් රනිල්ටත් බැරි වැඩක්. ඔහු යූ ඇන් පී නායකයා නිසා නොවුනනම් චන්ද දහදාහකට වඩා ගන්න එකක් නෑ.)
    ඒත් මේ තර්කයෙන් ඔහු නිහඬව සිටිය යුතු බව අදහස් වෙන්නේ නෑ. පැරාගේ ආරාධනයට මමත් එකතු වෙන්න කැමතියි. සන්නස්ගලගේ අම්මා නවකතාව වගේම ඔහු ලියන බොහොමයක් ලිපි ඉතා හරවත්. ඒවයින් රිදෙන එවුන් එක එක කතන්දර කියනව තමයි. ඒත් ඔහුගේ ඕනෑම ලිපියක් පුළුවන් කෙනෙක් ඉන්නවනම් විවේචනය කරල පෙන්නන්න.

    ReplyDelete
  9. උපුල් මහ මැතිවරණයට විශාල මුදලක් වියදම් කළේයැයි ලියා තිබූ නිසා මෙය ලිවීමට සිත් විය.

    විශාල යන්න සපේක්ශකය. එජාප / ශ්‍රීලනිප ප්‍රධන පක්ෂ දෙකෙන් ඉදිරිපත් වන කෙනෙක් අනිවාර්‍‍යයෙන්ම වියදම් කළ යුතු මුදලක් තිබෙනවා. කොටින්ම, මහ පක්ෂ දෙකෙන් එකකින් නාම යෝජනා ගන්න ඉන්ටවීව් බෝඩ් ගියාම අනිවාර්‍‍යයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි කීයක් පක්ෂෙට දෙනවාද, කීයක් තනියම වියදම් කර ගන්න පුළුවන් ද කියන එක.

    ඔයා මරුටියක් ගන්නැතුව බෙන්ස් එකක් ගන්නවානම්, බෙන්ස් එකේ වියදම දරන්න ලෑස්ති වෙන්න ඕනෙ. බැරිනම් මරුටියෙ යන්න ඕනෙ. සැවොම බෙන්ස් වලින් ම යා යුතුයි කියලා නීතියක් තවම දාලා නෑනෙ. බෙන්ස් එකක් අරං මේක පෙට්‍රල් බොනවනෙ කියන එක එච්චර තේරුමක් ඇති කතාවක් නෙමෙයි.

    උපුල් ඡන්දෙට වියදම් කළ ගාන බැලුවොත් ඒක අනිවාර්‍‍යයෙන්ම මහ පක්ෂ දෙකෙන් එකකින් ඉල්ලන කෙනෙකු ට වියදම් කරන්න සිදු වෙන අවම ගාන හෝ ඊට වැඩි ගානක් තමයි. ඒ නිසා වියදම් වුනු මුදල, මුදල් ප්‍රමාණයක් ලෙස සැලකිය යුතු ගානක්. හැබැයි උපුල් තරඟ කල දිස්ත්‍රික්කය සඳහා මහ පක්ෂ දෙකෙන් තරඟ කළ, දිනන්න බලා ගෙන තරඟ කළ, අයගෙන් අඩුවෙන්ම වියදම් කළ කිහිපදෙනා අතරෙ උපුල් ඉන්නවා කියලා කියන්න පුළුවනි.

    උපුල් ගැන දන්න අය දන්නවා උපුල් හෙන ලෝබයා කියලා. ඡන්දෙට වියදම් වුනු ගාන තමන් දන්නවාද කියලා එක එක අපේක්ෂකයන් ගෙන් අහලා බැලුවොත්, මම හිතනවා, මහ පක්ෂ දෙකෙන් දිනන්න බලා ගෙන ඉල්ලපු අය අතරින්, උපුල් විතර වෙන කාටවත් බැරිවෙයි වියදම් වුනු ගාන අන්තිම සතේට ගණන් කරලා කියන්න.

    උපුල් තමන් ගෙ ව්‍යාපාරික කටයුත්තකින් වුනත් වියදම් වුනු ගාණවත් හොයා ගන්න බැරිවුනොත් ඒ ගැන සෑහෙන දුක් වෙනවා. ඉතින් ඡන්දෙට වියදම් වුනු ගාන ගැන උපුල් තාමත් හිතනවානම් මම ඒ ගැන පුදුම වෙන්නේ නෑ. (ඒක නො ගෙවපු ආදායම් බදු වලට වඩා අඩුයි කියලා හිත හදාගන්න එයාට බෑ.) හැබැයි, මම හිතනවා, උපුල් නිහඬ, වියදම් වුනු මුදල ගැන හිතලා දුක් වෙන නිසා නෙමෙයි. උපුල් ටික දවසකට නිහඬ වෙලා ඉන්නේ, කොටින්ම සත්හඬට ලියන්න ගත්ත කතාව ලියන එක පවා එයාට එපා වුනේ, මට හිතෙන විදියට, එයා, එයා ගැනම මවා ගෙන හිටපු ෆැන්ටසිය බිඳ වැටුනු නිසා කියලා.

    ReplyDelete
  10. ඕකා මොනවා කිව්වත් ඕකට චන්දෙ දෙන්නේ සිංහලයෝ විතරයි. ඔයා චන්දෙට ගියොත් ඔයාටත් චන්දෙ දෙන්නේ සිංහලයොම විතරයි.

    ReplyDelete
  11. උපුල් එයාම කියන පරිදි දූරියන් වගෙයි ගඳයි ඒත් රසයි...සමහරු ආසයි...සමහරුන්ට පිළිකුල්...මම නම් කැමතියි උගේ රැඩිකල් කෙලින් ටෝක් වලට. රනිල් ඌ පාවිච්චි කලේ UNP එකට ප්‍රචාරයක් ගන්න. රනිල් ඌට ලංවෙන ඕනෑම කොල්ලෙකුට අරිනව වගේ...උපුල්ටත් ඇරියා !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා