ප්‍ර‍බන්ධ සාහිත්‍යශූරියා පොලිසිය ද? කොණ්ඩයා ද?

පොලිසිය කියන ආකාරයට කොටදෙනියාවේ සේයා දැරිය දූෂණය කර මරා දමා තිබෙන්නේ එය කළ ආකාරය ගැන සවිස්තර පාපොච්චාරණයක් පොලිසියට කළ බව කියන දුනේෂ් ප්‍රියශාන්ත නම් සැකකරු නොව සමන් ජයලත් ඔහුගේ වැඩිමහල් සහෝදරයායි. 

එතකොට දුනේෂ් ප්‍රියශාන්ත නම් සැකකරු කළ බව කියන විස්තරය ඔහුගේ ප්‍ර‍බන්ධයක් ද? පොලිසියේ ප්‍ර‍බන්ධයක් ද? නැතිනම් මාධ්‍ය ප්‍ර‍බන්ධයක් ද?

දැන් මේ අලුත් කතාවත් ප්‍ර‍බන්ධයක් නො වේ යයි විශ්වාස කරන්නට තිබෙන සහතිකය කුමක් ද? 

කෙසේ වුවත්, මෙම දූෂකයා අහිංසක දැරියක් දූෂණය කළාට අමතරව ශ්‍රී ලංකා පොලිසිය ද නිරුවත් කර තිබේ. 

දුෂ්ඨයා අලුත් වන වාරයක්, වාරයක් පාසා වීරයින් වන පොලිසියට සිදු වන්නේ කුමක් ද යන්න මට තේරෙන්නේ නැත. 

කොහොම වුණත්, දැන් මේ මාර විමර්ශනය නිසා අඩු තරමේ සැකකරුවන් සිව්දෙනෙකු පොලිසියේ දස වධවලට භාජනය වී සමාජ වෛරයට ඉලක්ක වී මරණය අසලට ම පැමිණිය හ. 

නිරපරාදේ අත්අඩංගුවට ගත් පාසල් සිසුවා ගැන ජනමාධ්‍ය කතා කළෝ ය. එහෙත්, ඒ හා සමාන ලෙස දුනේෂ් ප්‍රියශාන්ත ගැනත් දැන් ජනමාධ්‍ය කතා කරයි ද? 

අසරණ මානසික රෝගියකු බව පෙනෙන දුනේෂ් ප්‍රියශාන්ත ඇල්ලූ ආකාරය හා ඔහු කළ පාපොච්චාරණය ගැන සජීවී විස්තර කථන සිදු කළ ජනමාධ්‍ය දැන් කියන්නේ කුමක් ද? 

වරද භාරගන්නට තරමට ඔහුට දුන් වධ බන්ධන පිළිබඳ පොලිසිය වගකියනවා ද? මානසික රෝගියකු යයි අනුමාන කළ හැකි කොණ්ඩයා නමින් ජනමාධ්‍ය විසින් නාමකරණය කර තිබෙන දුනේෂ් ප්‍රියශාන්ත නම් රෝගියාගේ මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් ගැන පෙනී සිටින්නේ කවුරු ද?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මට මෙහෙම ගැටලුවක් තියෙනවා...
    උගත්, ධනවත්, සමාජ සම්බන්ධතා ඇති ශ්‍රීලාන්කිකයො දාස් ගනනක් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, නවසීලන්තය, යුරෝපා රටවල් ඇතුලු දියුනු ප්‍රජාතන්‍රවාදී රටවල නිත්‍ය පුරවැසියන් විධට ජීවත් වෙනවා...
    මොවුන් ඒ රටවල පොලීසි, උසාවි මහජනයාට වදනොදී ප්‍රශ්න විසදන හැටි අකිනවා.. ලන්කාවට වඩා දියුනු ක්‍රමවේද, දියුනු සමාජ තත්ව අදකිනවා...

    මම අහන්නේ මහජන මුදලින් ඉගෙනගෙන (බොහෝවිට ලක්ශ ගනනක් වටිනා මූලික උපාධියකුත් මෙහෙන් නොමිලේම අරගෙන ) දියුනු රටවලට ගිහින් ඉන්න උන්දැල පහුගිය අවු. 20ටම ලන්කාවෙ සමාජ සාධාරනත්වය, යහපාලනය, මේ වගේ අකටයුතුකම් නවත්වීම වෙනුවෙන් කල එක දෙයක් කියන්න?

    ReplyDelete
    Replies
    1. හැක, හැක,
      එළ පැරඩි කමෙන්ටුව!!!

      Delete
    2. ඕස්ට්‍රේලියාවට ගිහින් ඉන්න හාදයෙකුට රිදිල වගේ...

      ලන්කාවෙ මහජන මුදලින් ඉගෙනගෙන සුද්දන්ට කඹුරන ඔහේලට වඩා ලන්කාවෙ අටේ පන්තිය වෙනකන් ඉගෙනගෙන ගාමන්ට වල මහල රටට විදේශ විනිමය ගේන කම්කරුවො, නැතිනම් මැදපෙරදිග දුක්විදින මිනිස්සු වටිනව බන්...

      Delete
    3. කොහෙද යන්නෙ මල්ලෙ පොල්........ මෙතනට අදාලම නැත් .....ඇරත් මේ කොමෙන්ට් එකම තව තැනකත් දැක්කා මැක්ස්ට ෆුල් ජෙලද කොහෙද රටකට පැන ගන්න බැරි උන එක ගැන

      Delete
    4. මොනවා මේ පුද්ගලයා ඇත්තටම ද ඒ කමෙන්ටුව දාලා තියෙන්නේ.

      ඒ කියන්නේ පැරඩියක් නොවෙයි මේක කොමඩියක්.

      Delete
    5. අදාල නැත්ද අදාලද කියන එක තම නැණ පමනින් තේරුන්ගන්න ඔනෙ දෙයක්නෙ....

      මහත්තයො මගෙ ජෙල, තෙල හොයන්නැතිව මම මතුකරපු කාරනාව ගැන කථා කලානම්?
      පහුගිය අවු. 20 ටම ලන්කාවෙන් ඉගෙනගෙන, සමහරවිට ලන්කාවෙන් වෘතීය සුදුසුකමුත් අරගෙන දියුනු, ප්‍රජාතන්ත්‍රවාදී රටවලට සන්ක්‍රමනය වෙලා ඉන්න ලාන්කිකයො (විශේසයෙන්ම සිංහලයෝ, දෙමලු නම් තමන්ගේ සිහින රාජ්‍ය වෙච්ච ඊලම හදාගන්න හරි උදව් කලා කියතැහැකි (ඒක හරියි කියනව නෙමේ), මේ රටේ යහපාලනා, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුරැකීම, රජයේ අකටයුතුකම්වලට එරෙහිවීම ආදිය වෙනුවෙන් කල එක දෙයක් කියන්න...

      (රටින් පිටුවහල්වීසිටි සමහර මාධ්‍යවේදීන් හැරෙන්නට, සුනන්ද දෙශප්‍රිය, සදරුවන් සේනාධීර, ගාමිනී වියන්ගොඩ වගේ මිනිස්සු හැකිපමනින් වැඩකලා)

      Delete
    6. Max,
      පැරා මෙතනට නම් මේ කොමෙන්ටුව අදාල නෑ නමුත් අපේ Max තුමාගේ ප්‍රශ්නයට නම් අදාලයි.
      මේක මම් මාතලන් අඩවියෙත් http://uduwaage.blogspot.com/ හිත් සදහන් කළා

      Max තුමෝ මේකට ඔබතුමා පිළිතරු දුන්නනම්.

      " මිට සති 3 ට විතර ඉස්සර මගේ මිතුරකුගේ උපාධි සහතිකය විදේශ කටයුතු අමත්යන්සය මහින් සහතික කරවා ගැනීමට මා ගිය සිද්දිය.
      දැනට දින 2ට පෙර එහි දෙවැනි ජවනිකාව අවසාන කිරීමට මට හැකි උනා.

      මුලින් සති 3 ට පෙර මොරටුව සරසවියෙන් සහතික කරවා ගත් එම සහතිකය විදේශ කටයුතු අමාත්‍යංශයේ Consular Affairs Division වෙත ඉදිරි පත් කළා
      එහිදී ඔවුන් සදහන් කලේ 0094 (0) 11 2385571 අංකය අමතන ලෙසයි මෙය කිසිවකු පිළිතුරු නොදෙන බව තේරුම් ගත් මම ඔවුන්ගේ ප්‍රදාන නොම්මරය මගින් අදාල අංශය ඇමතුවා ඔවුන් සදහන් කලේ අදාළ සහතිකය නැවත විශ්ව විද්‍යාලයට fax කරන ලද බවයි නමුත් විශ්වවිද්‍යාලය ඔවුන්ට නැවත fax නොකරනලද බව සදහන් කළා. මෙවිට විශ්වදිද්යාලය ඇමතු මට දැනගන්න උනේ ඔවුන්ට එවැනි fax පතක් නොලැබුණු බවයි.

      නැවත Consular Affairs Division ඇමතු මට ඔවුන් සදහන් කලේ මෙය විශ්ව විද්‍යාලයේ වරදක් බවයි.

      මෙලෙස දෙපසට බෝලය යැවීමෙන් දුරකථන ඇමතුම් 15 පමණ පසු විශ්වවිද්‍යාලයට අදාළ සහතිකය ලැබුණු බවත් එය සහතිකර නැවත නැවත Consular Affairs Division යැවූ බවත් සදහන් කළා.

      දෙවැනි දිනයේ දී Consular Affairs Division ඇමතු මට සදහන් කලේ අදාළ සහතිකය සුදානම් බවයි, දැන් මම අදාළ අංශයට ගිය විට Consular Affairs Division හි මෙය ලබාදීමට පැයක් පමණ ගතවන බව සදහන් කළා, අවසානය එය ලැබුනේ පැය 2 ට පසුවයි.

      විනාඩි 20ක වැඩක් සදහා දින 12කුත් පැය 2 ගතවුනා. මෙහිදී මා තේරුම් ගත්තේ නිලදාරීන් බොහෝදෙනා කිසිදු වැඩක් නොකරමින් කාලය කාදමන අයුරුයි. ඔවුන්ගේ වැඩ අවසන් වීමට විනාඩි 10 පමණ කාලයේදී එකයකු අත්සන් කල අතර තවයකු මුද්දර ඇලවීමත්, තවෙකකු stiker ඇලවීමත් තවකකු
      සීල් ගැසීමත් බලාසිටිම පිළිකුල් සහගතයි."

      ජනතාව ලෙස කරුණා කර ඔබ මෙම දෙපාර්තමේන්තුවට නිකමට ගොස් බලන්න එච්චර ඕනනෑ මේ 0094 (0) 11 2385571 නොම්බරය අමතා බලන්න
      ඔබට තවදුරටත් මෙය බලන්න http://www.mea.gov.lk/index.php/en/contact-us/43-ministry-of-foreign-affairs/2-consular-affairs-division
      කිසිවකු මෙම දුරකථනයට පිළිතුරු නොදෙයි.

      මෙයට වැරදි රට අතහැර ගිය මිනිසුන් නෙමෙයි රටේ ඉන්න ඔබත් මමත් (මම මේ බ්ලොගයේ මෙය සහදන් කර මගේ වගකීම යම්පමනකට ඉටුකලා ) වැනි තමන්ගේ වැඩේ කරගැනීමට පමණක් උනන්දුවන මිනිසුන් සහ ගැහැනුන් නිසයි.

      මේ නිසා රට දිනෙන් දින පිරිහෙන්නේ අන්තර්ජාතික වෙළදාමේ අපට තරගකාරී ලෙස දීමට රජය බාදා කිරීමත් මෙවැනි මෝඩ රාජ්‍ය සේවකයන්ට වටුප්ගේවිමෙන් රට හිගමනට වැටීමත් නිසයි.

      සමාවෙන්න පැරා මාතෘකාවට මෙය රුජු ලෙස අදාල නැතත්, මෙවැනි හේතු නිසා තමයි අප මුහුණ දෙන ප්‍රශ්න බොහොමයකට හේතුව.

      Delete
    7. ඇත්තටම Max යනු පැරඩියක් හෝ කොමඩියක් නොවෙයි ට්‍රැජඩියක්.

      ඔහු ගේ කතාවේ ඇති ට්‍රැජඩිය තමයි නොදන්නා කම.

      (පසුව මේ ගැන ලියන්නට අදහස් කරමි)!

      Delete
  2. පොලීසියට සුපුරුදු විදිහට කොණ්ඩයාට ගුටි බැට සංග්‍රහය දීල පොලිස් ප්‍රබන්ධය ඌ ලවුව කියවගන්න ඇති. කොණ්ඩයගේ අයියටත් ඔය වැඩේමයි වෙන්නේ. මේ පඩත්තරයන්ට හෙන වදින්නෙත් නැත්තන් වෙන දඬුවමක් හරි තියෙන්න ඕනේ. තව පොඩ්ඩෙන් අර බාල්ක වල එල්ලල පහර දීපු එවුනුත් බයට පාපෝච්චාරනය කරනව.

    ReplyDelete
  3. මේ සිදුවීමේදී පොලීසියේ බොහෝ අඩුපාඩු ඇති බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.නමුත් අදාල දැරියගේ දුෂකයාගේ DNA වාර්ථාව තවමත් නොලැබීම මේ බොහෝ ප්‍රශ්නවලට හේතුවක් නේද?

    ReplyDelete
    Replies
    1. DNA වාර්තාව ලැබිලයි තියෙන්නේ. කොණ්ඩයා බේරෙන්න ඇත්තේ DNA වාර්තාව අනුව නොගැලපීම නිසා වෙන්න ඕනේ.

      Delete
  4. මේ අපරාධය වටා සමහර මාධ්‍ය අයාතන රඟපෑ භූමිකාව .....?

    ReplyDelete
  5. දැන් සමහරු (මාධ්‍ය) සුදනෝ වගේ අනිත් උන්ට බනිනවා.. පොලොසියට හපන්.. හැක හැක..

    ReplyDelete
  6. http://officialracism-srilanka.info/index.php

    මෙන්න තවත් ලාංකික චන්ද ප්‍රතිපලයක්.

    ReplyDelete
  7. PAra,s comment is admirable...but responce comments of Australian Sri Lankan,,not warranted..to this matter...the biggest problem...lies with the Police...some ignorant..officers...found the easy way to solve the problem by torturing the suspects..to obtain..their premeditated confessions...just please their ..superiors...whom,...acted more ignorantly..,,by passing all rules and methods....

    ReplyDelete
  8. PAra,s comment is admirable...but responce comments of Australian Sri Lankan,,not warranted..to this matter...the biggest problem...lies with the Police...some ignorant..officers...found the easy way to solve the problem by torturing the suspects..to obtain..their premeditated confessions...just please their ..superiors...whom,...acted more ignorantly..,,by passing all rules and methods....

    ReplyDelete
  9. අදද රෙන චැනලය ප්‍රවෘත්ති ප්‍රකාශයේදී සේයාගේ ඝාතකයා ලෙස කොණඩයා හදුන්වා දුන්නා. මම මගෙ බ්ලොග් එකේ සදහන් කළේ අදද රෙන චැනලය අධිකරනයට පෙර රහසිගතව නඩුව විභාග කළාද කියාය. නැත්නම් අදද රෙන චැනලයේ ජනමාදිලියන්ට කොණ්ඩයා ඝාතකයා බව තීන්දු කරන්නට ක්‍රමයක් නැත.

    ඇත්තටම ටයිල් බාස් පනබේරාගත්තේද සිසුවාට පින්සිදුවන්නටය. නැත්නම් කොටකෙතන සැකකරුවන්ට සේ මහාදිකරනයෙන් නිදහස් වන තුරු සිටීමට සිදුවේ. එසේ සිටියානම් ඔවුන් නිදහස් වුනත් යළි නඩුව විභාග කරන ලෙස ඉල්ලා අයුතු ජනරාශි ඇතිවනු ඇත. කොටකෙතන සිද්ධියේදී පොලීසිය පවුල් පිටින් හිරකර වරින් වර සැමියට හා බිරිදට පහර දෙමින් වරද පිළිගන්නා ලෙස බලකර ඇත.

    සිසුවාට සමාජ අනුකම්පාවක් ලැබීමත් නීතීඥයන් මදිහත්වීමත් නිසා ටයිල් බාස්ද බේරුනි. නමුත් කොණ්ඩයාට ඒ කිසිම සිවිල් බලයක් නැත. අර කැකිල්ලෙ කතාව මෙන් එල්ලුම් ගහට අපූරු සුදුස්සෙකි.කාත් කවුරුවත් නැත. කොණ්ඩසොයුරියද කීවේ එක පාර නොමරා ටික ටික මරන ලෙසයි. ඇයට අයුතු ජනරාශිවලින් හිරිහැර වීම ඊට හේතුව විය හැක.

    පොලිස් මැරයන් අසරනයන් සිව් දෙනෙකුට දුන් වධ හිංසා ගැන කතාවක් නැත. මානසික රෝගියකු වන කොණ්ඩයා ට සිදුවූ වධ හිංසා ගැන කිසිම කෙනෙක් කතා නොකරයි .
    අදෝමැයි

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහට කොහෙන් කෙළවර වෙයිද මන්දා. තව කීයක් පාපෝච්චාරනය කරයිද මේ විදිහට?

      Delete
  10. අපරාද විද්‍යාව කියල විෂයක් තියෙන්නේ අපරාධකාරයෝ උපක්‍රමසීලීව හඳුනාගන්න විෂය තිබෙන්නේද එක විශ්ව විද්‍යාලයක විතරයි දන්නා විදියට බන්දවාගන්නෙත් ඉතාම සීමිත ශිෂ්‍ය සංක්‍යාවක් .මම දන්නා පමණින් එල්ලලා මිනිසුන්ට වදදීම එහි අඩංගු නැත .අපේ රටේ විෂය උගත් අය යොදාගන්නේ පොලිස් මහත්වරුන්ගේ ගොඩවෙදකමින් අපරාධකරු සොයාගත් පසුව සම්මුක සාකච්චාවලට වෙන්න ඇති.නමුත් විය යුත්තේ එහි අනිත්පැත්ත නොවේද.නැතිනම් සිදුවන්නේ අපරාධයක් හරහා අපරාධකාරින් නිෂ්පාදනය කිරීමකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා