ඉසයිප්‍රියා යනු 1989දී මරා දමන ලද චාමනී ගීතාංජලී මුතුහෙට්ටිගම ද?

මෙම ඡායාරූපයේ සිටින තරුණියන් දෙදෙනාගේ හැඩරුව චාමනීගේත්, දීපිකාගේත් හැඩරුවට බෙහෙවින් සමාන වන්නේ කුමන අහම්බයකින් ද?
හිනිදුම තලන්ගල්ලේ පදිංචිව සිටි චාමනි ගීතාංජලී මුතුහෙට්ටිගමගේ (24) සහ ඇගේ යෙහෙළියක වූ දීපිකා හෙවත් ස්වර්ණලතා (26) 1988 දෙසැම්බර් 08 වන දින ගාල්ලේදී හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මරා දමන ලදී. ඔවුන්ගේ මළසිරුරු හමු නො වූ හෙයින් ඔවුන් අතුරුදහන් වූවන් ලෙස සැලකිණි. රූමත් තරුණියක වූ චාමනී ගීතාංජලීගේ සේයාරුවක් ඇගේ මරණින් අනතුරුව ද කාලයක් යන තෙක් අකුරැස්සේ ඡායාරූපහලක ප්‍රදර්ශනයට තබා තිබූ ඡායාරූප අතර තිබෙනු මම දැක ඇත්තෙමි.

මේ දෙදෙනා මරා දැමීම රටේ මහත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියකි. ඇත්තෙන් ම ඔවුන් දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව වැඩ කළ කාන්තා අංශයේ සංවිධායිකාවෝ දෙදෙනෙකි.

ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනා ද 1989 වසරේ අගභාගයේදී මරා දමන ලදී. චාමනීගේ පෙම්වතා මිය යන විට ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වූ අතර, කුරුණෑගල පදිංචිකාරියක වූ දීපිකාගේ පෙම්වතා මිය යන විට කලුතර දිස්ත්‍රික් ලේකම්වරයා විය. චාමනී හා දීපිකා මරා දමන ලද කාලයේ ඔවුන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ නායකයන් වූ අතර ප්‍රේම සම්බන්ධකම් ඇති වන්නේ ඒ කාලයේ ය.

චාමනී ගීතාංජලී හා දීපිකා මරා දැමීම එදා මහත් සමාජ කම්පනයක් හා ආන්දෝලනයක් ඇති කළ සිද්ධි විය. මම චාමනීගේ පියා හා පෙම්වතා සමග කතා කර ඇත්තෙමි. ඔවුන් සිටියේ දැඩි ශෝකයක ය.

කොටිගල කඳවුර නම් ප්‍රකට වධකාගාරයකදී මෙම තරුණියන් වධ දී, දූෂණය කර, මරා, ගිං ගඟේ මළ සිරුරු පා කර යැවූ බව එකල වාර්තා විය. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ බිල්ලකු මාර්ගයෙන් බව ද මම අසා ඇත්තෙමි. ඔවුන් මගින් ඔවුන්ගේ පෙම්වතුන් හා වෙනත් පක්ෂ නායකයන් අත්අඩංගුවට ගන්නට හමුදාව උත්සාහ කරන්නට ඇත. එහෙත්, ඔවුන් ප්‍රේමයේ නමින් සිය පෙම්වතුන් හා අනුරාගයේ නමින් පක්ෂය පාවා නො දී මරණය වැළඳ ගත්තේ යයි මම සිතමි.

මෙම ඡායාරූප හා වීඩියෝව දකින විට මට සිහිපත් වන්නේ චාමනී ගීතාංජලීවයි.

මම වෙනත් කිසිවක් නො කියමි.

ඇය ඉසයිප්‍රියා නම් වන්නී ය.









මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. 1) ප්‍රභාකරන්ගේ පුතා මැරුවා/මැරුණා කියන එක වැදගත් නෑ. ඌ හිටියා නම් ලොකු චරිතයක් වෙනවා දෙමළ ජාතිවාදී ප්‍රජාව අතරේ. ඊලඟ බෙදුම්වාදී නායකයා බිහිවෙන්න ඉස්සරම අවසන් කරලා දැම්මා නම් ඒක යහපත් දෙයක් මිසක් අයහපත් දෙයක් නෙවේ. ඕක දන්න නිසා තමයි සුසෙයි ළමයිනුයි ගෑණුයි බෝට්ටුවක දාලා හමුදාවට එවුවේ මැරුම් කන්න කලින්. උන් භාරගත් එකත් වැරදියි මගේ පුද්ගලික අදහස.

      2) දෙවැනි එක තමයි ඔය දෙමළ විමුක්ති කොටි චැනල් එකේ ත්‍රස්තවාදීන් වෙනුවෙන් මතවාදය වපුරාපු මාධ්‍යවේදිනියක් කියාලා හඳුන්වන ත්‍රස්ත ප්‍රවර්ධන නිලධාරිනි ඉස්ප්‍රියාව දූෂණය කරලා මැරුවයි කියන එක. ඒකත් වැඩක් නැති ගොබ්බ කතාවක්. ඇයි ? දැන් අයිසිස් කාරයොන්ගේ හොඳට කන්ටෙන්ට් ප්‍රඩියුස් වෙනවා හොලිවුඩ් කොලිටි එකට.

      බෙලි කපන, එල්ලන, ගිණි තියන, වතුරේ ගිල්වන ඔය සිය ගණන් වීඩියෝ මම බලලා තියෙනවා ඒවා නිකන් මූවිස් වගේ. ඒවා හදන්නේ, ඒවායේේ වැඩ කරන්නෙත් ප්‍රොෆෙෂනල් අයිසිස් මීඩියා ඔෆිසර්ලා තමයි.

      ඔය ඉස්ප්‍රියා වෙනුවෙන් කඳුළු හලන උන් දැනගන්න ඕනේ ඉස්ප්‍රියා සහ අයිසිස් මීඩියා ඔෆිසර්ලයි අතරේ වෙනසක් නැහැ කියලා. දෙගොල්ලම කළේ/කරන්නේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය හා ඒ වෙනුවෙන් පෙනී සිටීම. උන්ට සාධාරණ අවසානයක් ලැබෙන්න ඕනෑ කියලා එකක් නෑ.

      අනික දෙපැත්තෙන්ම වෙන දෙයක්නේ ඕක. යුද්ධේ කියන දේ තේරුම් ගන්න බැරිකමයි ඔය. අවි ආයුධවලින් කරන ලේ ගලන යුද්ධ ගත්තාම ධාර්මික යුද්ධ කියලා ජාතියක් නෑ. උන් අපේ ගම් පවුල් පිටින් කපලා කොටලා දානවා.. අපේ උනුත් ඒවයේ ඇරියස් අල්ලනවා. ඕවයේ යතාර්තය ගැන දැනගන්න ඇක්ටිව් සර්ව් කරපු ඥාතියො මිත්‍රයො එහෙම ඇතිනේ. අහලා බලන්න. ඕක තේරුම් ගන්න ඕනෑ ඔය මොනිටර් පිටිපස්සට වෙලා කොටන බූරු හැත්ත.

      Delete
  2. මෙරට මුස්‌ලිම් ජාතිකයන් 07 දෙනකු සිරියාවේ අයිසීස්‌ සංවිධානය හා එක්‌ව සටන් වදින බවට තොරතුරු ලැබී තිබේ.මොවුන් අවුරුදු 20 - 40 අතර වයසේ පසුවන බව තමිල්වින් වෙබ් අඩවිය කියයි.
    කටුනායක ගුවන් තොටුපළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පුෂ්පකුමාර මහතා විසින් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පකිස්‌තානු ජාතිකයා වූයේ ඛාන් සහීර් මොහොමඩ් ය. අන්තවාදී මූසලුවන්ගෙන් රට බේරා ගනිව්. අපේ සුපිවිතුරු සිංහල බෞද්ද රණ විරුවන් පාවා නොදියව්.

    ReplyDelete
    Replies
    1. ඉතින් දැන් මොනවද කරන්න ඕන ? සිරියාවට ගිහින් උන්ව උස්සගෙන එන්නද කියන්නෙ?

      අනේ නිකන් බොරු ආතල් නොදී හිටු

      Delete
  3. යුධ අපරාධ වෙලා නැහැ කියන්නේ කොහොමද මේ වගේ පින්තුර දකින කොට,මේ වගේ කතා අහන කොට.

    ReplyDelete
  4. මිලෙච්චත්වය පතුරපු උන් මිලෙච්චත්වයටම ගොඳුරු වන්නේය..

    අවි ගත්තෝ අවියෙන්ම නසිති...

    ReplyDelete
    Replies
    1. අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී 
      අවසානයේ උන් හැම අවියෙන් නසිතී 
      ලෝක සොබාවය එහෙමයි දන කියතී 
      මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී 

      Delete
  5. අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී 
    අවසානයේ උන් හැම අවියෙන් නසිතී 
    ලෝක සොබාවය එහෙමයි දන කියතී 
    මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී 

    ReplyDelete
  6. කනගාටුවෙමි.....

    ReplyDelete
  7. .
    පැරා පිස්සු කතා ලියන්න එපා!

    සිංහල සොල්දාදුවන් සිංහල කෙල්ලන්ට වද දී මරා දැම්මට දෙමළ කෙල්ලන්ට හොඳට සලකන්න ඇති.

    ReplyDelete
  8. අවාසනාවකට කොටි සංවිදානය බෙදුම්වාදයත් ජාතිවාදයත් වෙනුවෙන් සටන් කලේ .එසේ නොවී ලාංකීය නිර්දන පන්තිය වෙනුවන් සටන් කලානම් රාජ්‍ය ත්‍රස්ත වාදය පරාජය කොට ජයග්‍රහණයන් ලබාගත හැකිව තිබුන.

    ReplyDelete
  9. දෙවනි ලෝක යුද්ධය අවසානයේදී ටසා්වියට් හමුදාවත් මහා පරිමානයෙන් ස්ත්‍රී දූෂණ කලා නමුත් එයට වගකිව යුත්තේ හිඩ්ලර්ට චන්දය දුන් ජර්මානුවන්මයි. මෙතනත් එහෙමමයි. ඉසිප්‍රියා ගේ මරණයට වගකිවයුත්තේ එල් ටී ටී ඊ සංවිධානයේ වර්ගවාදී පාලනය ඉවසා සිටි ඉසිප්‍රියා වැනි අයමයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මා අද පල කල ලිපියේ සඳහන් කර තිබෙනවා. මම හිතනවා රතු හමුදා එසේ කිරීම වැරදි ය කියල.

      Delete
  10. පැරා,

    මෙහිදී සිදුවීම ඔයිට වඩා සියුම්ව බැලිය යුතුයි. ඔබට පේනවා ඇති සෙබළු ඇයට ගවුරවාන්විත ලෙස සලකනවා ඔවුන් ඇයව නිරුවතින් ඇදගෙන යන්නෑ
    මේ කාන්තාවන් දෙදෙනාට උඩුකය වසාගැනීමට සුදු රෙද්දක් ලබාදෙනවා. මොවුන්ව නිරුවත් කර ගෙනයාමට හේතුව ඔබත් මමත් දන්නලෙස මරාගෙන මැරෙන බෝම්බ පැළද සිටීමයි.

    ඔවුන් බොහෝ විට අත්අඩංගුවට ගත් මෙම සෙබළු විසින් මරාදැම්ම විය නොහැයි ඔවුන්ට අණ ලැබෙන්න ඇති මොවුන් තව විශේස අංශයකට යොමු කරන්න
    එහිදී මෙසේ මරාදමුවා වියහැකියි.

    මතක ඇති මේ කාලයේදී LTTE ත්‍රස්තවාදී නායකයන් විදේශ සහයෙන් ආරක්ෂිතව රටින් පිටවීමට උත්සහ කලා, මේ අවස්ථාවේ ඉහලින් කියන්න ඇති කිසිවකු අත්අඩංගුවට නොගන්න. මෙවැනි අණ ලැබුනාම සිදුවන්නේ මිනි මැරීමට හුරුවූ හමුදා කාණ්ඩ වලට අත්අඩංගුවට පත් මේ මිනිසුන් ලබාදීමයි
    එහිදී ඔවුන්ගේ ඉරණම විසදීම සිදුවි ඇත.

    මට මෙහිදී jack higgins eagle has landed ප්‍රබන්දයේ https://www.youtube.com/watch?v=TzI4rszduWU
    යුදෙව් ජාතික ගැහැණු ළමය ගාතනය කිරීමට ගෙනයන විට විශේෂ හමුදාවත් සාමාන්‍ය හමුදාවත් අතර ඇතිවන අරගලය මතකයට එයි.
    German Paratroopers කිසි විටකත් මෙම ගාතන අනුමත නොකරන අතර අදාල තරුණිය නිදහස් කිරීමට උත්සහ ගනී.

    යුද්ධය කොහොමත් දරුණුයි ප්‍රශ්නය ඇත්තේ යුද්ද ඇතිවීමට හේතු වන කරුණු ඉවත් නොකිරීමයි.

    මා දැක්ක කරුණක් නම් මෙවැනි මිනීමැරුම් වලට කම්පා වන ජනතාව මෙට හේතුවන කරුණු ගැන කම්පා නොවීමයි.

    මිට ඉහතදී රාජ්‍ය පරිපාලනයේ අක්කර්යක්ෂමතාවය පිලිබදව මා දැක්කේ බොහෝදෙනා ඊඉ අස්සන්වේදී බව සහ කුනුරසය ඇති ගාතන පිළිබද බොහෝ දෙනා කම්පා වෙයි.

    මම නම් මෙවැනි මිනීමැරුම් ගැන කම්පා නොවෙමි මන්ද මේ අවස්ථාවට ප්‍රශ්නය උඩු දිව්ව විට ප්‍රතිපලය මෙවැනි තුච්ච තත්වයයි නමුත් පරිපාලන අක්‍රමිකතා
    පිළිබද මම කම්පාවෙමි මන්ද මෙවැනි වියසනයන් වලකා ගත හැක්කේ එවැනි අක්‍රමිකතා නිරාකරණය කිරීමන් නිසා.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔයකියන හමුදාවේ 'විශේෂ අංෂ' වලින් මැරුවහම ඒව මිනීමැරුම් නෙමේද? 87-89 කාලෙත් 'ප්‍රා' වගේ විශේෂ අංශවලින් කලේ මිනීමැරුම් නෙමේ වෙන්ටැ... මෙහෙමත් හරක්

      Delete
    2. Max,

      //හමුදාවේ 'විශේෂ අංෂ' වලින් මැරුවහම ඒව මිනීමැරුම් නෙමේද?//

      ඒවා මිනීමැරුම් නෙමෙයි කියල කියල තියෙන්නේ කොහෙද ?

      ගියවර// රසිකොලොජිස්ට් - RasikologistOctober 6, 2015 at 8:04 PM
      "ඇත්තටම Max යනු පැරඩියක් හෝ කොමඩියක් නොවෙයි ට්‍රැජඩියක්.

      ඔහු ගේ කතාවේ ඇති ට්‍රැජඩිය තමයි නොදන්නා කම."


      //
      මිට පෙර පැරා ගේ http://www.w3lanka.com/2015/10/blog-post_6.html හි ඔබ ඔබේ නොදන්නා කම ප්‍රදර්ශනය කලා.
      ඇත්තටම රසික සමග එකග වෙනවා, මුලින්ම Max ඔබ යමක් කියවා තේරුම්ගැනීමට පුරුදු වන්න!

      Delete
  11. මට ලියන්න දෙයක් හිතා ගන්න බෑ..
    හැබැයි ජිවිතයක් කියන්නේ ජිවිතයක්.. දෙමල.. සිංහල.. මුස්ලිම්.. සිරියානු.. ඇමෙරිකානු .. පලස්තීන .. ඉශ්‍රයෙල්.. මොන ජාතියක උනත්..

    ReplyDelete
    Replies
    1. යුද්ධයේදී දිනපතා මැරි මැරී ජීවත්වූ සිංහල අම්මලා බිරින්දෑවරු දූ දරුවන්ගේ දුක, කොටි බෝම්බ වලින් මැරුණු සියළු ශ්‍රී ලාංකික ජනතාවගේ විලාපයත් මේ වගේ ජාත්‍යන්තරයට යනව නම්..මැරුනේ මොන ජාතියට අයත් වුනත් මිනිසෙක් නම්..ඒක හෙලා දැකිය යුතුයි..

      Delete
  12. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/1092-1989

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මිනිසුන් බලන්නේ 2009 ගැන විතරයි එත් අමතක කරන්නෙ ඇයි
    අවුරුදු 30 මැරුණ සිoහල දෙමළ මුස්ලිම් මිනිසුන් ගැන
    මෙ විදිහට හරි යුද්ධය ඉවරයක් කලෙ නැති නම් අද්ත් දහස් ගානක් මැරෙනවා

    ReplyDelete
  15. මට හිතෙන්නෙ පැරාට හිතපු තැනට යන්න ලැබුනේ නැ ;හැබැයි මෙතන පැරා බුලක් කෙලලා තියනවා : අනිත් පැත්තේ නැ නැ පැති දෙක තුනේ ඇයෝ හරියට ඒක යුස් කරේ නැ ;

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා