Posts

Showing posts with the label 1989

ඉසයිප්‍රියා යනු 1989දී මරා දමන ලද චාමනී ගීතාංජලී මුතුහෙට්ටිගම ද?

Image
මෙම ඡායාරූපයේ සිටින තරුණියන් දෙදෙනාගේ හැඩරුව චාමනීගේත්, දීපිකාගේත් හැඩරුවට බෙහෙවින් සමාන වන්නේ කුමන අහම්බයකින් ද? හිනිදුම තලන්ගල්ලේ පදිංචිව සිටි චාමනි ගීතාංජලී මුතුහෙට්ටිගමගේ (24) සහ ඇගේ යෙහෙළියක වූ දීපිකා හෙවත් ස්වර්ණලතා (26) 1988 දෙසැම්බර් 08 වන දින ගාල්ලේදී හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මරා දමන ලදී. ඔවුන්ගේ මළසිරුරු හමු නො වූ හෙයින් ඔවුන් අතුරුදහන් වූවන් ලෙස සැලකිණි. රූමත් තරුණියක වූ චාමනී ගීතාංජලීගේ සේයාරුවක් ඇගේ මරණින් අනතුරුව ද කාලයක් යන තෙක් අකුරැස්සේ ඡායාරූපහලක ප්‍රදර්ශනයට තබා තිබූ ඡායාරූප අතර තිබෙනු මම දැක ඇත්තෙමි. මේ දෙදෙනා මරා දැමීම රටේ මහත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියකි. ඇත්තෙන් ම ඔවුන් දෙදෙනා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනව වැඩ කළ කාන්තා අංශයේ සංවිධායිකාවෝ දෙදෙනෙකි. ඔවුන්ගේ පෙම්වතුන් දෙදෙනා ද 1989 වසරේ අගභාගයේදී මරා දමන ලදී. චාමනීගේ පෙම්වතා මිය යන විට ජනතා විමුක්ති පෙරමුණේ කලුතර දිස්ත්‍රික් කමිටු සාමාජිකයකු වූ අතර, කුරුණෑගල පදිංචිකාරියක වූ දීපිකාගේ පෙම්වතා මිය යන විට කලුතර දිස්ත්‍රික් ලේකම්වරයා විය. චාමනී හා දීපිකා මරා දමන ලද කාලයේ ඔවුන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ ...

1990දී කළ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු වන්නට වසර 25ක් ගත වීම

Image
පානදුර මහාධිකරණය විසින් ජුනි 20දා වැදගත් තීන්දුවක් දෙන ලදී. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ ඇතිව අට වසරක සිර දඬුවමක් නියම කරන ලදී. ඒ රොෂාන් ද සිල්වා 1990 වසරේ හොරණ පොලිසියේ අපරාධ ස්ථානාධිපති ලෙස සේවය කරන සමයේ අවුරුදු 16ක් වයස් වූ ඉංගිරියේ පදිංචිව සිටි ළමයෙකු මරා අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි.  මේ වනාහි 1989 කැරැල්ල අවසන් වෙමින් පැවති සමයයි. මෙසමයේ මෙවැනි ඝාතන දහස් ගණනක් මේ රටේ සිදු විය. මේ වනාහි එවැනි අපරාධයකට වරදකරුවකුට දඬුවම් ලැබුණු අතිශය දුලබ අවස්ථාවකි.  එය ද සිදු වී තිබෙන්නේ වසර 25කට පසු ය. වසර 25කට පසු හෝ යුක්තිය ඉටු වීම සතුටු විය හැකි කාරණයකි. එහෙත් වසර 25ක්!  මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අප...

මර්වින් ජේ. කුරේගේ දරුවන් පිළිස්සී මිය ගියේ ඇයි?

Image
මර්වින් ජේ. කුරේ බොහෝ තරුණයන් වීදි අද්දර ටයර් සෑවල දැවී ගිය 1989 වකවානුව වනවිට පානදුර ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වූ හිටපු විදුලිබල හා බලශක්ති ඇමති මර්වින් ජේ. කුරේගේ පුත්‍රයා සිය නිවසේ සිටියදී පිළිස්සීමෙන් මිය ගොස් තිබේ. මර්වින් ජේ. කුරේගේ දියණිය කුමාරි කුරේද මියගියේ පිළිස්සීමෙනි. මයිකල් හෙවත් මහින්ද සමරසිංහ, මංගල සමරවීර, චන්ද්‍රිකා බංඩාරනායක, රාවුෆ් හකීම්, වත්මන් නැගෙනහිර මහඇමති නජීබ් යයි අප අනුමාන කරන නජීබ් කෙනෙකු ආදීන් සම්බන්ධ කුමන්ත්‍රණකාරී සිද්ධි මාලාවකට පසු කුමාරි කුරේ 2005දී රාවුෆ් හකීම්ගේ නිවස ඉදිරිපිටදී ගිනිතබාගෙන පසුව මිය ගියාය. අප පුරුදුවී සිටින්නේ භෞතිකවාදීව සිතන්නට නිසා 1989 සිද්ධි සහ මර්වින් ජේ. කුරේගේ පවුලේ සිදුවීම් අතර සහසම්බන්ධයක් පෙන්විය නොහැකිය. එහෙත්, ලෝකයේ ඇත්තේ එකම ඇත්තක් පමණක් නොවන බව අපි දැන් විශ්වාස කරමු. කරන කලට පව් මීරිය මී ස ේ  විඳින කලට දුක් දැඩි වෙයි ගිනි ස ේ ඇඳින එපව් දුරලන උ ප ද ේ ස ේ  හරිනු මැනවි තුන් ද ොර අ වකා ස ේ     - ල ෝවැඩ සඟරාව   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න...

බටලන්ද නඩුව ගැන අසා කවුරුවත් බය වෙන්න එපා; බලාපොරොත්තු ඇති කර ගන්නත් එපා

Image
(2009 අගෝස්තු 27 - W3Lanka)  (ඡායාරූපයේ ඇත්තේ ජවිපෙ බත්තරමුල්ලේ අලුතෙන් හැදූ කාර්යාල ගොඩනැඟිල්ලයි. 1989දී මිය ගිය අහිංසකයන් වෙනුවෙන් ඉදි කරන ලද අහිංසකයන්ගේ ආරාමය නම් ස්මාරකය බත්තරමුල්ලේ ම තවත් තැනත අත්හැර දමා තිබේ.) නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරීන් නීතියට එකඟව ක්‍රියා කළ යුතු ය. උසස් වීම් සහ විවිධ වරප්‍රසාද බලාපොරොත්තු වෙමින් නීතියේ කඩතුරාවට, නිල ඇඳුමට මුවා වී නීතියට පටහැනිව ක්‍රියා කිරීමට කිසිවකුට නොහැක. අද ජාතික වීරයකු හෙට ජාති ද්‍රෝහියකු විය හැකි හෙයින් අප සියලු දෙනාම නීතියට අනුව සාධාරණව ක්‍රියා කළ යුතු ය.  මෙසේ පවසන්නේ සාහිත්‍ය විචාරකයකු හා ලේඛකයකු ලෙස ද ප්‍රකට ගම්පහ මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චි මහතා ය. ඔහු එසේ පැවසුවේ 1987 – 89 මහා භීෂණ සමයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනකු පැහැර ගෙන ගොස් බටලන්ද වධකාගාරයේ අයුතු ලෙස සිරකර තැබීමේ සිද්ධියට අදාළව පවරා තිබූ නඩුවෙන් මරණය සිදු කිරීමේ අරමුණින් පැහැර ගෙන යාමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට ඊයේ (26) සිට බරපතල වැඩ සහිත වසර පහ බැගින් සිරදඬුවම් නියම කරමිනි....