1990දී කළ ඝාතනය වෙනුවෙන් යුක්තිය ඉටු වන්නට වසර 25ක් ගත වීම
පානදුර මහාධිකරණය විසින් ජුනි 20දා වැදගත් තීන්දුවක් දෙන ලදී. කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සේවය කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ද සිල්වා සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ ඇතිව අට වසරක සිර දඬුවමක් නියම කරන ලදී.
ඒ රොෂාන් ද සිල්වා 1990 වසරේ හොරණ පොලිසියේ අපරාධ ස්ථානාධිපති ලෙස සේවය කරන සමයේ අවුරුදු 16ක් වයස් වූ ඉංගිරියේ පදිංචිව සිටි ළමයෙකු මරා අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි.
මේ වනාහි 1989 කැරැල්ල අවසන් වෙමින් පැවති සමයයි. මෙසමයේ මෙවැනි ඝාතන දහස් ගණනක් මේ රටේ සිදු විය. මේ වනාහි එවැනි අපරාධයකට වරදකරුවකුට දඬුවම් ලැබුණු අතිශය දුලබ අවස්ථාවකි.
එය ද සිදු වී තිබෙන්නේ වසර 25කට පසු ය. වසර 25කට පසු හෝ යුක්තිය ඉටු වීම සතුටු විය හැකි කාරණයකි. එහෙත් වසර 25ක්!
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
ඒ රොෂාන් ද සිල්වා 1990 වසරේ හොරණ පොලිසියේ අපරාධ ස්ථානාධිපති ලෙස සේවය කරන සමයේ අවුරුදු 16ක් වයස් වූ ඉංගිරියේ පදිංචිව සිටි ළමයෙකු මරා අතුරුදහන් කිරීම සම්බන්ධයෙනි.
මේ වනාහි 1989 කැරැල්ල අවසන් වෙමින් පැවති සමයයි. මෙසමයේ මෙවැනි ඝාතන දහස් ගණනක් මේ රටේ සිදු විය. මේ වනාහි එවැනි අපරාධයකට වරදකරුවකුට දඬුවම් ලැබුණු අතිශය දුලබ අවස්ථාවකි.
එය ද සිදු වී තිබෙන්නේ වසර 25කට පසු ය. වසර 25කට පසු හෝ යුක්තිය ඉටු වීම සතුටු විය හැකි කාරණයකි. එහෙත් වසර 25ක්!
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
සුමුදු 2015-06-18 18:07:26
ReplyDeleteමම දන්න විදියට මේ නිලධාරියා කෙළින් වැඩකරන දක්ෂයෙක්. පිඟන් හෝදන අය අතින්ම තමයි පිඟන් බිඳෙන්නේත් (නි) //
අපූරු කොමෙන්ට් එකක් තිබුන ලංකාදීපෙ. වැඩ කරන අය අතින්ලු පිගන් බිදෙන්නෙත්.ඒක නිසා අවුරුදු 16 ක ළමයෙක් මරන එක අවුලක් නෑලු. මාර මිනිස්සුනෙ මේ රටේ ඉන්නෙ.
ඒ කොමෙන්ට් එක දැකල උතුර දකුණ මාරු වුනා. අවුරුදු 16 ක සිසුවෙක් මරන එක මෙච්චර සරල කරල. ඒ සිසුවට අයිතිවාසිකම් නැද්ද.
අවුරුදු 16 කියන්නෙ බාලවයස්කාරයෙක්.අධිකරනයෙන් පවා සහන හිමිවන වයසක්.
සුමුදු ඔබේ පවුලෙ කෙනෙක් මෙහෙම පොලීසියෙන් මැරුවොත් ඒත් ඔබ ඔහොම කියනවද
ඔබේ දරුවන් වගෙ තමයි අනෙක් දරුවනුත්. කැත කතා කියන්න එපා
මේ නිලධාරිය කරල තියන එකම මිනීමැරුම මේක වෙන්න බෑ.මේ අයට මිනීමරනව කියන්නෙ අමුදුංකොල කනව වගෙ වැඩක්.ඔය නිළධාරියගෙ පවුලෙ කෙනෙකුට ඔහොම වුනොත් දැනෙන වේදනාවම තමයි අනෙක් අයටත්.
මේ රජය ගැන මට පැහැදීමක් ඇතිවුනා. එජාප රජයන් වල වැරදි කළ අයගෙත් ෆයිල් තියාගෙන උන් හුරතල් කරපු එකයි පහුගිය ආණ්ඩුව කළේ. දැන් හරියට නීතිය ක්‍රියාත්මක වන බව පේනවා.
මරණ දඩුවම ලැබුන නම් සතුටුයි. කමක් නෑ මේත් ඇති.
89 .90 වකවානුව ගැන සිතන විටත් පපුව හිරවෙනවා. “අපේ විනිශචයන් කෙසේ වෙතත් අවසාන විනිශ්චයේදී නම් ඒ කිසිවකු බේරී නොයනු ඇත. බුද්ධාගමේ ක්‍රමයට නම් ආසන්න කම්ම යටතේ කරන ලද පින්කමක් සිහි නොවීම අපාගත වනු ඇත“ කියල හිත් සනසා ගන්නට වෙලා තියෙන්නෙ
ReplyDeleteඅවුරුදු විසිපහක් යනු ලොකු කාලයකි.
ReplyDeleteඑදා පොලිස් පරීක්ෂක අද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු වී ඇත! ඔහු පැන්ෂොන් යාමට පෙර නඩුව අවසාන වූ එක ලොකු දෙයකි.
පැන්සොන්, සල්වෙසොන්, හරි හරි බලමුකෝ
Deleteලොකු සීයා, ප්‍රගීත් එක්නැලිගොඩ, රවිරාජ්, ලසන්ත, ඝාතන වලට ගෝඨාභය එල්ලුම්ගස් යන්න තව කොච්චර කල් යයිද?
ReplyDeleteමේකට හේතුව මේ ලමයාගේ පවුල්වල අය අවුරුදු 25 තිස්සේ යුක්තිය වෙනුවෙන් සටන් කිරීම.. සමහරවිට යමක් කමක් තිබුනු පවුලක උදවිය වෙන්න ඇති... නැතිනම් අවුරුදු 25 තිස්සේ නඩුව අල්ලල දාන්න කියලා පොලීසියෙන් කොයිතරම් බාපෑම් කරන්න ඇත්ද?
ReplyDeleteවැලිකඩ ඝාතන, උතුරේ ඝාතන ආදියේ ඉව්න්දිතයින්ගේ පවුල් මේ විදිහට යුක්තිය හබා යන්න ඔනෑ
පැරා ල නම් ටයර් උඩ යන්නෙ නැතුව කොහොම හරි අනිත් උන් බිල්ලට දීල බේරුනා.... කොහොම උනත් නීතිය ක්‍රියාත්මක වීම ගැන නම් සතුටුයි....
ReplyDeleteඅජිත් පැරකුම්ගේ අවධානයට;
ReplyDeleteලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලැගුම්හලක බූරුවා ගසද්දී අත්අඩංගුවට ගත් බව ඊයේ (18) පුවත් වෙබ් අඩවි ගණනාවක පළවී තිබිණි. රැය පහන්වනතුරු බූරුවා ගසමින් සිටින විට පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව එම වැටලීම සිදුකර තිබිණි.
මේ බූරුවා ගැසූ ජනතා නියෝජිතයන් ගැන අපට කේන්තියටත් වඩා ඇතිවන්නේ දුකකි. ලැගුම්හලකට ගොස් කළ හැකි බොහෝ දේ තිබියදී මේ මෝඩ මනුස්‌සයා කර තිබෙන්නේ බූරුවා ගැසීමය.
අඩුම වශයෙන් බූරුවා ගැසීමේ "ක්‍රීඩාව" අතිශය ජනප්‍රිය මළ ගෙදරක් හෝ ඒ ප්‍රදේශයේ මේ හාදයාට හොයාගන්නට තිබුණේ නැද්ද? එක්‌කෝ මේ ප්‍රාදේශීය සභාවේ මහත්මයා දේශපාලනයට ආධුනිකය. එසේත් නැත්නම් උන්නත් දාහයි මළත් දාහයි කියා වැඩ කරන පුද්ගලයෙකි.
ඒ දෙකම නොවේනම්, බයගුල්ලෙකි. ලැගුම් හල්වල, සංචාරක හෝටල් වල ජෝගි නැටූ, චණ්‌ඩිකම් පෙන්නූ ප්‍රාදේශීය සභාපතිවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඕනෑතරම් සිටියදී ඔවුනගෙන් උපදෙස් ගැනීමට මේ සභාපතිවරයාට අමතක වූයේ ඇයි?
අකුරැස්‌ස, තංගල්ල වැනි ප්‍රදේශ තිස්‌සමහාරාමයට එතරම්ම දුර ප්‍රදේශද නොවේ. ලැගුම්හල්වල කළ යුතු දේත්, කළ හැකි දේත් ඊට පසු වෙන දේත් පිළිබඳව නියම උපදෙස් ඔහුට ටක්‌කෙටම ලබාගත හැකිව තිබියදී දෙකයි පනහේ වැඩ කරන්නට යැම ගැන ප්‍රාදේශීය සභාපතිතුමා ඒ පුටුවට පත්කර යෑවූ ජනතාව දොස් කියන බව ඉර හඳ මෙන් විශ්වාසය.
ජනතාවගේ ඒ කේන්තිය සාධාරණය. පොලිසිය කුදලාගෙන යනතුරුත් මේ හාදයා මොන කෙංගෙඩියක් කළාද? සහෝදර ජනතා නියෝජිතවරු මෙවැනි අවස්‌ථාවක හැසිරෙන ආකාරය ගැන අබමල් රේණුවක හෝ දැනුමක්‌ද එතුමාට තිබී නැත.
අඩුම වශයෙන් පත්තර බලන්නේද නැත. සහෝදර දේශපාලනඥයන්ගේ පුවත්පත් වාර්තා කියෙව්වත් ඔහුට හැදෙන්නට තිබිණි. පොලිසිය ඉදිරියේ "සිංහයින්" සේ හැසිරෙන ඒ කුක්‌කන්ගෙන් හෝ හරි පාඩමක් ඉගෙන නොගැනීමම අඩුවකි.
බූරුවා ගැසීම "සුළු" කාරණයක් හැටියට එතුමා සිතන බවක් පෙනේ. එය එතරම් සුළුවෙන් ගැනීම යුතු නොවේ. එතුමාගේ සීනියර් කට්‌ටිය පටන් ගත්තේද බූරුවා ගසනවාටත් වඩා සුළුවෙනි. දැන් ඒ අය පොලිසිය සමග මිත්‍ර සමාගම් පවත්වන්නේ නයිට් ක්‌ලබ් වල සිට බවද ඇත්තය.
එහෙත් බූරුවා ගැසීම ප්‍රාදේශීය මට්‌ටමෙන් සුළුකොට නොතැකිය යුතු බව අපි එතුමාට මතක් කරදෙමු. තමන් පත් කළ ජනතාවගේ බලාපොරොත්තු අපේක්‍ෂා ඉටුකරන්නට යන ජනතා නියෝජිතයෝ "ආධාරකරුවන්" සමඟ බූරුවා ගැසීම සුළු පටු කාරණයක්‌ද?
එක් අතකින් එතුමා කල්පනා කරන්නට ඇත්තේ සහෝදර දේශපාලනඥයන් කරන "ලොකු වැඩ" කරන්න යනවාට වඩා සුළු දෙයක් කර පාඩුවේ සිටීම සුදුසු බවය.
කොමිස් කුට්‌ටියක් ගත හැකි මට්‌ටමේ ව්‍යාපෘති, කීයක් හෝ සොයාගත හැකි රැකියා ව්‍යාපෘති, ලයිසමක් සොයාගෙන බාර් එකක් දැමීම, වැනි කාරණාවලට වඩා බූරුවා පාරක් ගසා කීයක් හරි හොයාගැනීම "නම්බුයි" යනුවෙන් එතුමා සිතනවා විය හැකිය. එසේ සිතීමේද වරදක් නැත.
යහපාලනය යටතේ මහජන නියෝජිතයන්ට මෙවැනි "සුළු සුළු" කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවේ යෑයි ද එතුමා කල්පනා කරනවා විය යුතුය. එතුමා එසේ සිතීමේ සාධාරණ හේතුවක් තිබේ.
එනම් දින සියයේ වැඩ සටහන යටතේ, මහජන නියෝජිතයන්ට ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දෙන බවට පොරොන්දුවක්‌ද ඇතුළත්ව තිබිණි. ජනතා නියෝජිතයන් පත් කරන ජනතාවම ඒ වැඩපිළිවෙළටද අනුමැතිය දුන්හ.
(ආචාරධර්ම සංග්‍රහය නොව ආචාරධර්ම යන වචනය පවා නොදන්නා දේශපාලනඥයන් සිටීම වෙනමම කාරණයකි) එහෙත් මෙවැනි සුළු සුළු කාරණාවලට මොන ආචාරධර්මද යනුවෙන් එතුමන්ලා සිතනවා විය යුතුය.
තවදුරටත් ජනතා නියෝජිතයින් අපහසුතාවට පත්කිරීමේ මේ නින්දනීය වැඩපිළිවෙළ නවතා දැමිය යුතුය. ආචාරධර්ම පද්ධතිය සැකසිය යුත්තේ "සුළු" කාරණා වලටත් වැටලීම් කරන පොලිසියටත්, ජනතා නියෝජිතයන් පත්කරන ජනතාවටත්ය.