ඩයස්පෝරාවත් එක්ක මොන කතා ද?

රට තුළ තිරසාර සංවර්ධනය සහ සාමය ඇති කිරීම සඳහා දෙමළ ඩයස්‌පෝරාව පමණක්‌ නොව ලොව පුරා සිටින සියලුම ශ්‍රී ලාංකික ඩයස්‌පෝරාවන් සමග සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස්‌ දී තිබෙනවා. ඒ අනුව රජය ජාති ආගම් වර්ග භේදයකින් තොරව සියලුම ඩයස්‌පෝරාවන් සමග රටේ සංවර්ධන කටයුතු සඳහා සාකච්ඡා කරනවා. මෙම සාකච්ඡා සඳහා අතරමැදියන් නැහැ. කිසිවකු පවසනවා නම් තමන් එවැනි සාකච්ඡාවල අතර මැදියන් කියා ඒ සම්බන්ධව රජය කිසිදු වගකීමක්‌ දරන්නේ නැහැ. රටට සේවය කිරීමට ආධාර උපකාර කිරීමට කැමැති ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට ශ්‍රී ලංකා රජය සමග සෘජු සාකච්ඡා පැවැත්විය හැකියි. ඉදිරියේදී සියලුම ඩයස්‌පෝරාවන් සහභාගී වන උත්සවයක්‌ පවත්වන්නත් රජය පියවර ගන්නවා. (විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහිෂිනි කොලොන්න - උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි)

ලක් රජය හා ලාංකික ඩයස්පෝරා බොහොමයක් අතර කිසියම් සංවාදයක් දිගට ම පැවතිණි. එහෙත්, පසුගිය සමයේ මෙම සංවාදය ජාතිවාදී ලෙස විභේදනය වීමක් සිදු වූ අතර දෙමළ ඩයස්පෝරාවන්ගෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඈත් වෙමින් කොටි සංවිධානය වෙත සමීප විය.

දෙමළ ඩයස්පෝරාවන් මුළුමනින් ම කොටි සංවිධානයට නතු වූයේ නැත. මහින්ද රාජපක්ෂ රජය මෙම දෙමළ ඩයස්පෝරාවන් සමග යහපත් සම්බන්ධකම් ගොඩනගා ගැනීමට සමත් වූයේ නැත. රජයේ ජාතිවාදී ප්‍රතිපත්ති හා බලය බෙදා ගැනීම කෙරෙහි දක්වන ලද තදබල විරෝධය මෙම තත්වයට හේතු විය.

දෙමළ ඩයස්පෝරාවන් දිනාගෙන ඔවුන් ලංකාවේ සමාජ සංවර්ධනයට දායක කර ගැනීමට උත්සාහ කිරීම සාධනීය පියවරකි. 

එසේම, ලාංකික දෙමළ ජනයා අතර තවමත් තිබෙන බෙදුම්වාදී ප්‍රවණතා පරාජය කිරීමට ද, කොටි සංවිධානය වැනි දෙමළ ස්වෝත්තමවාදී බලවේග මුළුමනින් ම දුබල කිරීමට ද මෙම සම්බන්ධය ඉවහල් කර ගත හැකි ය. 

එය සමස්තයක් ලෙස ම ලංකාවේ ජාතිවාදී ප්‍රවණතා පරාජය කර, සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ප්‍රජාවන් අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීමට යොදා ගත හැකි ය. 

සෑම පාර්ශ්වයක් ම මෙම සාකච්ඡා ගැන සුබවාදී විය යුතු ය. ලංකාව දේශපාලන වශයෙන් එක් කිරීමටත්, ජනවාර්ගික සීමා අතික්‍රමණය කරමින් ලාංකික දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීමටත් ඉවහල් වන මෙම සාධනීය පියවරට අපි සුබපතමු. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඩයස්පෝරාවන් හැටියට මව්බිම හැර යන්නට බල කෙරුනු මිනිසුන් සමාජ සංවර්ධනයට උදව් කර ගැනීම කියන එකෙන් අදහස් කෙරුණේ මොකක්ද? ඒ අයට තරම්වත් සමාජ සංවර්ධනය ගැන යහපත් අදහසක්, ඉස්සරහට යන්න පුළුවන් අදහසක් ලංකාවේ මොන රජයකටවත් තියෙන බවක් පෙනෙන්න නෑ. එහෙම අය, ඒ තත්වය ගැන විවේචනයක් තිබුණ අයව දායක කරගන්න යන්නේ මොන විදියේ ‘සමා සංවර්ධනයකට‘ද ? මේ අභියෝගය තිබුණත් ඇත්තටම මේ පියවර අගය කළ යුත්තක් බවට අවුලක් නැතිව එකඟ වෙන්න පුළුවන්

    ReplyDelete
  2. මේ ඩයස්පෝරා යන වචනය මේ දක්වාම අවභාවිතා වුණාය කීවොත් නිවැරදියි. බයියන් ගේ වේදිකාවල, දිවයින පත්තරේ අහවලා ගේ ලිපිවල ඩයස්පෝරා=දෙමළ යනුවෙන් සිතායි ඒ දිනවල ලියූවේ. "විදේශ ප්‍රකාශිකාව" ගේ ප්‍රකාශයේ ඒ වරද කර නැහැ.

    මේ ගැන මා ලියූ ලිපිය මෙන්න.
    http://rasikalogy.blogspot.com/2015/01/diaspora-wth.html


    .

    ReplyDelete
    Replies
    1. කකා කියන කතාව සම්පුර්ණ ඇත්ත. මොකද දැන් අපිට පඩ,ජී,කක්කා,ශුක්‍ර,ජංගි, පුක වගේ දේවල් ගැන කිව්ව මතක් වෙන්නේ කකාව. අන්න ඒ වගේම තමයි ඩයස්පෝරාව කිව්ව ගමන් හිතෙන්නේ දෙමල කියලා.

      Delete
  3. පැරාගේ යාලුවා දීප්ති කුමාර ගුණරත්න ඊයේ ආව ජාතික රුපවාහිනීයේ සජීවී වැඩසටහනකට. රෑ 10 ඉදලා 12 විතර වෙනකං ගියා. දීප්තිට සිංහල භාෂාව හැසිරවීමේ ගැටලුවක් තියෙනවා වගේ. මිනිහා කතා කරපු කිසිම දේක හරයක් නෑ. පොර විනාඩි 20 ක් විතර කතා කළා කියමුකෝ. අන්තිමේදී බලද්දී පොර ඒ විනාඩි 20 ම මොකුත් කියලා නෑ වගේ. කියපු දේකුත් නෑ අහපු දේකුත් නෑ. එතන ගාමිණී වියන්ගොඩ මහත්තයා ඉදලා කරපු කතාව නිසා හොදයි. නැත්තන් මගේ වෙලාවත් අපරාදේ දීප්තිගේ කතාව බලලා.

    පැරා ඒ වැඩසටහන බැලුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් උබ මොකුත් අහල නම් නෑ....

      Delete
  4. දෙමළ ඩයස්පෝරාව කියන වචනයම වැරදියි. ඇත්තෙන්ම ලංකාවේ ජීවත්වන සෑම දෙමළෙක්ම තමිල්නාඩු ඩයස්පෝරාවකට අයිති කෙනෙක් හැටියට සලකන්න පුලුවන්. මොනද ලංකාවේ දෙමලු දෙමල කියලා පෙන්වන හැමදේම තමිල්නාඩු ෆොටෝ කොපි. වෙ එකක් තියා හින්ද ආගම කියන එක (ඊනියා හින්දු ආගම) ගත්තත් නියම ලෝකල් හින්දු ආගම අයිති සිංහලයන්ට සහ වැද්දන්ට.
    අනිත් එක ඇයි ඩයස්පෝරා කියන එව්වා එක්ක ගනුදෙනු කරන්නේ. ඒකීය පුද්ගලයො එක්ක සාකච්ඡා කරන්න බැරිද?

    ReplyDelete
  5. යුද්ධය පැවති වකවානුවේ ලංකාවේ බුද්ධි ගලනය කොයිතරම්ද කියලා හිතෙන්නේ පිටරටකට ගියාමයි. මේකට හේතු කිහිපයක් තිබුනත් ප්‍රධානතම හේතුව ලංකාවේ දේශපාලනය, නීතිය සහ සාධාරණත්වයේ බිඳවැටීම පිළිබඳව බොහෝදෙනා තුල ඇති කලකිරීම කියලයි මටනම් හිතෙන්නේ. තමන්ගේ දරුවන්ට ලංකාවේ අනාගතයක් නැහැ කියන හැගීමක් බොහෝදෙනා තුල තිබෙනවා. යුද්ධය දිනපු දවස්වල මරා දීපු ටෝක් එක අහලා ලංකාවට ආපහු ආව අයත් හිටියා. පිටරටවල සිටින මේ ලාංකිකයන්ගේ සේවය ලබාගන්න පුලුවනිනම් එක ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වලට ලොකු පිටුවහලක් වේවි.

    ReplyDelete
  6. I like to draw your attention to this new development! Now UNO calls: northern provincial "GOVERNMENT"! Yahapalana foreign minister never voices against this. Yahapalanaya has achieved many of its goals! Separate state is being carved out gradually. Diaspora's role is this endeavor is very important.

    ReplyDelete
  7. මහිෂිනි කොලොන්නගේ ගේ කතා ගැන කියනවා නම් එයා සිංහලයන්ව රවට්ටන්න බොරු කියනවා
    මෙයාලා මේ කරන්න හදන්නේ පිට රට කොටි ගෙනැල්ලා පොංගු තමිල් උත්සව පවත්තන්න. ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයට මුදල් ලබා ගන්න. ඒ මදිවට දැන් මේක මෛත්‍රීපාලගේ වැඩක් කියා ප්‍රචාරය කරලා ලෙඩක් වැටුනාම ඒක මෛත්‍රී පාල පිටින් යවලා රනිල් බේරෙන්න කටයුතු කරන බවත් පේනවා.

    ReplyDelete
  8. ඔවු අහක යන නයි රෙද්ද අස්සේ දාගමු ආයෙත්.කනකොට තවත් දේශහිතේෂින්ට වැඩ තියෙනවනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා