මහින්දගේ ජීවිතාරක්ෂාව

මහින්ද රාජපක්ෂට මරණ තර්ජනයක් තිබෙන බව අමුතු මාධ්‍ය සංවිධානයක් විසින් පැමිණිලි කරන ලදී. 

ඇත්තට ම මහින්දට පැති ගණනාවකින් ජීවිත තර්ජන තිබේ. 

මේ පැමිණිලි කරන අය ම මොන කුමන්ත්‍රණයක හවුල්කරුවන් ද යන්න පැහැදිලි නැත. මහින්දගේ ජීවිතයට අනතුරක් කර එයින් තම සතුරන් අපකීර්තියට පත් කර මොන අන්දමකින් හෝ ගොඩ යන්නට හදන අය මේ පැමිණිලිකරුවන් පිටුපස ඉන්නවා විය හැකි ය. 

අනෙක් පැත්තෙන්, මහින්ද මේ දිනවල කටයුතු කරන්නේ සිය ජීවිතාරක්ෂාව ගැන තඹයකට මායිම් නො කර කිසියම් උමතු ආකාරයකට ය. ජනවාරි 8දාට පෙර උවමනාවටත් වඩා ආරක්ෂාව සහිතව ගමන් බිමන් ගිය ඔහු ජනවාරි 9දා සිට ආරක්ෂාව ගැන කිසිදු තැකීමකින් තොරව තැන් තැන්වල සැරිසරයි. 

ඔහු හිටපු ජනාධිපතිවරයෙකි. එසේම ආරක්ෂාව පිළිබඳ තදබල අවදානමක් ඇත්තෙකි. එවැනි අය පළමුව තම හැසිරීමෙන් ආරක්ෂාව සලස්වා ගත යුතු ය. අවදානම් සහගත ලෙස හැසිරීමෙන් ඔවුහු තම ජීවිතය අවදානමේ හෙළා ගනිති. ඔහුට දේශපාලනය කිරීමට තිබෙන අයිතියට අපි ගරු කරමු. එහෙත්, ඔහුගේ පිහිටෙන් එතෙර වන්නට බලා සිටින ඔහුගේ අනුගාමිකයන් කරන්නේ ඔහුගේ ජීවිතය බිලි දී හෝ තමන්ට පාරක් කපා ගැනීමට බව ඔහු පළමුව අවබෝධ කර ගත යුතු ය. 

හිටපු ජනාධිපතිවරයකුට හිමි නිල ආරක්ෂාවට වඩා ආරක්ෂාවක් මහින්ද රාජපක්ෂට ලැබිය යුතු බවට විවාදයක් නැත. ඒ වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කළ යුතු ය. එසේම, ඔහුට ජීවිත අවදානමක් තිබේ නම්, ඔහුගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු රජය උපදෙස් දෙන පරිදි හැසිරීමට ද ඔහු කැමති විය යුතු ය. 

යුද්ධය සම්බන්ධයෙන් කීර්තිය පමණක් නොව, එහි අතුරුඵල ද ඔහු භාර ගත යුතු ය. ඔහුට තිබෙන ජීවිත තර්ජනය එක් අතුරුඵලයකි. එහිදී ඔහුගේ ජීවිතය වෙනුවෙන් සමාජයට තිබෙන වගකීමට ඔහු ද අනුගත විය යුතු ය. ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇති පුද්ගලයකු ලෙස හැසිරීමේ වගකීමක් ඔහුට තිබේ. 

රජීව් ගාන්ධි වැනි පුද්ගලයකු පවා ඝාතනය කළ කොටි සංවිධානය නැවත නැගී සිටීම සඳහා මහා පරිමාණ ඉලක්කයක් තෝරා ගැනීම ගැන පුදුම විය යුතු නැත. 

මහින්ද මැරීම සඳහා ඔත්තු දීම පිණිස කොටි සංවිධානයෙන් කෝටි ගණන් අල්ලස් ගෙන අසු වූ පසු මහින්ද ළඟ බලු කුක්කන් බවට පත් වූ අය ද මහින්ද ළඟ සිටින නිසා ඔහු කොහොමත් පරිස්සම් විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පිස්සුද පැරා, දැන් හිටපු ජනාදිපති කියන්නෙ වේලිච්ච වට්ටක්කයක් තරම වැඩක් නැති යල්පැනගිය විශ්‍රාමිකයෙක්. ඔය තියෙන අරක්ශාවත් රටට බරක්. හරිනම් ඕකත් ඉවත්කරන්න කිලයි අපි කියන්න ඕනෙ. කවුරුත් එයාව මරන්න වෙහෙසෙන්නෙ නැහැ. නිකන් බොරුවට පච ප්‍රචාර නොකර ඉන්නව ඕයි. අනික ඔය හිටපු නායකයො මරල දැම්මත් අපිට මොකද? කොහොමත් තව ටික දවසකින් ස්වභාවිකම මැරෙන නිසා ලොකු පාඩුවක් වෙන්නෙත් නැහැ. රටටත් හොඳයි දේශපාලන ස්ථාවරත්වයකට හේතු වෙන නිසා.

    ReplyDelete
  2. ඔය අවසානයට කියා ඇති කේස් එකට පරීක්ෂණයක් තිබුණා ද?

    ReplyDelete
  3. පැරා මේ ලියන ලිපිවලින් සතපහක වැඩක් නොවන බව මම දනිමි. පැරාගේ ලිපි කියවන්නේ ඉතා ටික දෙනකු පමණ ය. මා දන්නා කිසිම දේශපාලනඥයෙක් පැරා ලියන ලිපියක් නො කියවයි. ජාතික ව්‍යාපාරයේ ඇත්තෝ ද පැරාගේ ලිපිවත් ඒ පුවත්පත්වල ලිපිවත් නො කියවති. ඡන්දදායකයන්ගෙන් පනස්දාහකට එක් අයකුවත් පැරාගේ ලිපි කියවන්නේ නැති බව පැහැදිලි ය. එපමණක් නොව ඒ කියවන අයගෙන් ද බොහෝ දෙනකු සිතන්නේ පැරා සංගත ව නොලියන බවත් ලිපිවල පරස්පර ඇති බවත් පැරාට එල්ලයක් නොමැති බවත් ය. ඔවුන්ට අනුව ලිපිවල ඇත්තේ විසුරුණු ස්වභාවයකි, පැරාගේ ලිපිවල අන්තර්ගතය මාතෘකාව සමග බැඳී නැත.

    එසේ නම් මේ ලිපි ලිවීමේ තේරුමක් ඇත් ද යන ප්‍රශ්නය අසන්නට ඇතැමුන් පෙළඹෙනු ඇත. පැරා ලියන්නේ ඔහුට එයින් සතුටක් ලැබෙන බැවිනි. එමෙන් ම පැරා ලියන්නේ ගුරුවරයා දුන් පූර්ව නිර්ණිත මාතෘකාවකට අනුව ලියන පාසල් රචනා නො වේ. පැරා බොහෝ විට මාතෘකාවක් ගැන සිතන්නේ ලිපිය ලිවීමෙන් පසුව ය. මේ සියල්ලෙන් කියැවෙන්නේ පැරාගේ ආත්මාර්ථකාමී, අනෙක් අය නොසලකන, උද්ධච්ඡ ආකල්පය යැයි කිසිවකු කීමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. එතකොට පැරාගේ ලිපි වලට පිස්සු වැටිච්ච වගේ කොමෙන්ට් කරන අනෝලා කවුද?

      Delete
  4. හරක් මස් හිගයක් ඇතිවුනොත් විතරයි මෙයාට ජීවිත තර්ජන ඇතිවෙන්නේ.

    ReplyDelete
  5. එල්ටීටී එකට,දෙමල ප්‍රභාකරන් නැතිවුනාට,සිංහල ප්‍රභාකරන් කෙනෙක් වාගෙ ඉන්න මහින්දව හොඳට ගැලපෙනව.ඒ හින්ද මහින්දට,කලබල වෙන්න ඕන නැහැ.

    ReplyDelete
  6. puka thamaa, me paraala lasthiwenne mahinda marawala illan kawe kiyanna

    ReplyDelete
  7. //මහින්ද මැරීම සඳහා ඔත්තු දීම පිණිස කොටි සංවිධානයෙන් කෝටි ගණන් අල්ලස් ගෙන අසු වූ පසු මහින්ද ළඟ බලු කුක්කන් බවට පත් වූ අය ද මහින්ද ළඟ සිටින නිසා ඔහු කොහොමත් පරිස්සම් විය යුතු ය.//
    මේ කියමන වඩාත් උචිතයි...!

    ReplyDelete
  8. ඇලෙක්ස් ඩිලාජ්June 12, 2015 at 9:45 AM

    මහින්ද යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ - ඉදින් ඊළම නැතිවීම නිසා කුපිතව සිටින ලොව පුරා කොටි හිතවාදීන් මහින්දට කමිකසේ හෝ වෙනත් ආකාරයක ප්‍රහාරයක් එල්ල කිරීමට බලා සිටින බව අරුමයක් නොවේ - ඒ නිසා මහින්ද පරෙස්සම් විය යුතුය - මන්ද තවත් අතකින් මහින්දට ප්‍රහාරයක් එල්ල වුවහොත් එය රටේ සිංහල පමණක් නොව දෙමළ ජනතාවද අනාරක්ෂිත තත්ත්වයට පත්වනු ඇත - මන්ද කැමැත්තෙන් හෝ (වඩාත් විය හැකි පරිදි) අකැමැත්තෙන් සිංහල වාර්ගික ජාතිකවාදීන් පිරිසක් සමඟද මහින්දට ගමනක් යාමට සිදුවිය හැකි නිසා ය - එබැවින් මහින්දට අනතුරක් සිදුවුවහොත් මේ පුද්ගලයන් මොන ක්‍රියාමාර්ග ගනු ඇතිද යන්න සැකසහිතය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා