තංගල්ල පොලිසියේ හා හිරු ටීවී එකේ අරක්කු අල්ලන රියලිටි පඩ ෂෝ එක

ඒ සුදා හා මේ සුදා 
දුමින්ද සිල්වාගේ පවුලට අයිති හිරු රූපවාහිනිය මාර ඔපරේෂන් එකක් කරලා. කතරගම පැත්තේ ගල් අරක්කු විකුණන පොට් එකකට පනපු මේ හිරු ටෙලිවිෂන් එකේ සීඅයිඒ කියලා මාධ්‍ය කල්ලියක් හා තංගල්ල පොලිසියේ නළුවෝ පිරිසක් මාර වීරෝදාර විධියට අල්ලනවා ඇල්ලිල්ලක්.

මොනවද? කුඩුද? නෑ ගල් අරක්කු.

මාර සූක්ෂම උපායකුත් අනුගමනය කරලා. පොලිසිය කියන විධියට දැන් ඒගොල්ලන් තාක්ෂණය එක්කලු ඉන්නෙ. අරක්කු විකුණන කට්ටියට හැරෙන්නවත් බැරිලු. පෝය දවසෙ නේද කියලත් අහනවා.

හැබැයි ඒ කාන්තාව නම් එඩිතර ගැහැනියක්. අරක්කු නීති විරෝධී වුණාට ගෙදර ලාච්චුවේ තියෙන සල්ලි නීති විරෝධී නැහැනේ. ඒ නිසා ඒ සල්ලි ටික අතපතගාගෙන යන එකට ඇය විරුද්ධ වෙනවා. පොලිසිය අපට පෙනෙන විධියට ඒ සල්ලි මංකොල්ලකෑමකුයි කරන්නේ.

අපරාධ මර්දන මෙහෙයුම් පවා දැන් රියැලිටි ෂෝ බවට පත් කරගෙන. සරළව කිව්වොත් මේව පඩ ෂෝ විතරයි.

දැන් මේ සීඅයිඒ එකට අහුවෙන්නෙ නැද්ද හිරු ටීවී එකට, දුමින්ද සිල්වාට සල්ලි ගලා ආපු හැටි. එතකොට වෙලේ සුදා එක්ක තිබුණ ගනුදෙනු එහෙම දන්නෙ නැද්ද? එහෙව් ටෙලිවිෂන් චැනල් එකකට අගමැතිතුමා තමන්ගේ මංගල සම්මුඛ සාකච්ඡාව දුන්න විශේෂ හේතුවක් එහෙම මේ සී.අයි.ඒ. එකට අහුවෙන්නෙ නැද්ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔබත් සමග 100% ක්ම එකඟයි.පොයක් දවසට අරක්කු ටිකක් අල්ලන එක තමයි .අද දවසේ දැවැන්තම කාර්ය වෙලා තියෙන්නෙ.ඔය මාධ‍ය්‍යය ආයතන බහුතරයක ආයොජනයන් මොනවද කියල ජනතාව දන්නව.(රන්ජන්)

    ReplyDelete
  2. කොන්දේසි විරහිතව දුමින්ද සිල්වලාට ඡන්දෙ දෙන්නෙත් ගං කබරයින්. හිරු ටීවී, ස්වර්ණවාහිනී වලින් මේවගේ චාටර් වෙන්නෙත් ගං කබරයින්. ටී වී එකේ මේවා රහ කර කර බලන්නෙත් ගං කබරයින්.

    ReplyDelete
  3. කුඩු මුදලාලි කෙනෙක් බව දැන දැනම දුමින්ද සිල්වා ට ඉස් ඉස්සෙලාම නොමිනේශන් දුන්නෙ කවුද මෙයා?

    ReplyDelete
    Replies
    1. පුක පැලුවත් මෙයාලාට චන්දෙ දෙන්න සැදී පැහැදී ඉන්න ඔයාලා වගේ කං කබරයින් ඉන්නකොට මොන පක්ෂෙකට වුනත් නොමිනේෂන් දෙන්න වෙනවා මෙයා....

      Delete
    2. //Anonymous June 4, 2015 at 4:51 AM //

      ගන් කබරයා???

      මා කොලඹ ඉපිද, රාජකීය විද්යාලයේ අද්යාපනය ලබා නැගෙනහිර කොලඹ මැතිවරන බල ප්‍රදේශයේ චන්ද දායකයෙක් මි.

      ඔබ කොහෙන්ද?

      Delete
    3. //"මා කොලඹ ඉපිද, රාජකීය විද්යාලයේ අද්යාපනය ලබා නැගෙනහිර කොලඹ මැතිවරන බල ප්‍රදේශයේ චන්ද දායකයෙක් මි."

      ඉතින් අපට අල ද මෙයා... නැගෙනහිර කොළඹ ගං කබරයා...

      මම හම්බන්තොට වීරකැටියේ... ගියෙ රාජපක්ෂ සෙන්ට්‍රල්...

      Delete
    4. සා රස,

      මේ ගං කබර කතාව කිසි තේරුමක් නැති තර්කයකි. සාමාන්‍යයෙන් ගම්බද සිංහල ගැමියන් යුධ ජයෙන් පසුව රාජපක්ෂලාට දැඩි පක්ෂපාතීත්වයක් දැක්වීම නිසා විරුද්ධවාදීන් මෙම වදන පාවිච්චිකලත් මමනම් නූගත් ගැමියන් හෙළා දැකීම තරයේ ප්‍රතික්ෂේප කරමි.
      කෙසේ නමුදු පසුගිය රාජපක්ෂ රජය මගින් ගැමි සිරිත් විරිත් උත්කර්ෂයට නංවමින් එම ගැමියන් දේශප්‍රේමී මායාවකින් මුලාකොට ගෙනගිය අශීලාචාර අසාධාරණ දූෂිත පාලන තන්ත්‍රය අපගේ දැඩි පිළිකුලට හේතුවිය. වත්මන් රජයේද මෙවන් හිරිකිත බොරුකාර කපටි තක්කඩි පුද්ගලයන් රැසක් සිටින්නේ විපක්ෂයට අභියෝග කිරීමට මෙනි.

      කෙසේ නමුත් බහුතර දැන-උගත්කම අඩු පිරිසක් පසුගිය රජය ගැන තවමත් විශ්වාසය තබා සිටිති. කෙසේ වුවත් මීට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධවූවන්ද මට හමුවී තිබේ. උදා:- අප වත්තේ ගස් කප්පාදු කිරීමට පැමිණෙන වියපත් පුද්ගලයාට හරිහැටි සිංහල ලියාගැනීමටවත් නොහැක. නමුත් හේ පසුගිය මැතිවරණයේදී හංසයා දිනවීමට කැපවී ක්‍රියා කළේය. මා හොඳින් දන්නා මුස්ලිම් තරුණියක් දේශපාලනය ගැන මෙලෝ මගුලක් නොදන්නා අතර සිය පියා කියූ නිසා "අන්සයාට" ඡන්දය දෙන බව කීය. මෙබඳු සිංහල කතුන්ද බොහෝය.

      ඊයේ මම දැනට විදෙස්ගතව සිටින ඉතා සංකීර්ණ තාක්ෂණික විෂයයකින් ආචාර්ය උපාධි ලබාසිටින මිතුරෙක් සමග කතාබහ කළෙමි. පසුගියවර දැඩිව හංසයා දිනවීමට මුහුණුපොතේ කෑගැසූ හෙතෙම නැවතත් රාජපක්ෂලාට ඡන්දය දීමට සිතෙන බව කීවිට මම දැඩිලෙස මවිත වුණෙමි. ඔහු හංසයාට ඡන්දය දී තිබෙන්නේ හෙළ උරුමය කෙරෙහි විස්වාසයෙනි. දැන් ඔහු දැඩිව කලකිරී ඇති අතර මා ඔහුට පැරණි අශීලාචාර පාලනය ඊට විසඳුම නොවන බව දැඩිලෙස අවධාරණය කළෙමි. නමුත් ඇත්තටම විකල්පය කොහිද? මට දැන් සියලු දෙස්පලුවෝ එපාවී සිටින අතර මුන්ගේ විගඩම් බැලීමෙන් මගේ ලෙය කෝප වී පිත ඇවිස්සෙනු ඇත.

      පැරකුම්/ සාරස අප දැන් කළයුත්තේ කුමක්ද?

      Delete
    5. @ AnonymousJune 4, 2015 at 7:06 PM

      අනේ නිකන් යනවා ඕයි යන්න කෙප්ප කෙළින් නැතුව. යන්න. තමුසේ මොනවාද හලෝ ගං කබරයින් ගැන දන්නේ.

      // ගම්බද සිංහල ගැමියන් යුධ ජයෙන් පසුව රාජපක්ෂලාට දැඩි පක්ෂපාතීත්වයක් ....

      මේකෙන් ම මුගේ දැනීමේ තරම තේරෙනවා.

      ගං කබරයින් කියන්නේ රාජපක්ෂපාතීන් නෙවෙයි. දේශපාලනය, ආර්ථික, සමාජ කාරණා ගැන සත පහක දැනීමක් නැති මෙලො හසරක් නැති උන් ටිකක්. ඩෙෆින්ෂන් එක තමා ගැමි, නූගත්, සිංහල, බොද්ධ.

      මේකුන්ව මැනිපියුලේට් කරන එක හරිම සිම්පල් වැඩක්. 1983 ඇල්ලේ ගුණවංශ, සිරිල් මැතිව්ලාගේ වගේම 2009 රාජපක්ෂලාත් කරේ මුන්ව මැනිපියුලේට් කරන එක. මුන්ව එක පක්ෂෙක කියලා වෙන් කරන්න බෑ. රනිල්, මහින්දලා ඩීල් දා ගත්දී මුන් ගම් වල මරා ගන්නවා, පක්ෂ බේදෙට.

      ලංකාවේ අමාරුවෙන් බලය අල්පු හැම තක්කඩියම - බණ්ඩාරනායක, ජේ ආර්, මහින්ද, හැම එකෙක්ම, මුන්ව මැනිපියුලේට් කරලා තමා එතෙන්ට ආවේ. පංච මහා බලවේග, ධර්මිෂ්ඨ සමාජය, මහින්දයාගේ 'අපේ කම', මේ හැම 'ගිමික්' එකක්ම ගෙනාවේ මුන් ව ෆෝම් කරලා ලාබෙට චන්ද ටික මංකොල්ල කන්න.

      'සා රස' ගේ සමරිසි ඉස්කොලේ ලොල්ලො (රනිල් ප්‍රම්‍රඛ) සෙට් එකට 'ලෙජිටිමේට් විදියට' මේ රටේ බලයට එන්න බැරි හේතුව වෙන්නෙත්, පොරවල්ලා ගං කබරයින්ගේ සිතුම් පැතුම් අඳුරන්නේ නැති වීමයි. සා රසලාගේ ඉස්කොලේ කටිටියගේ දේශපාලනයත් සෙක්ස් ලයිෆ් වගේ තමා - ලෙජිටිමේට් නෑ.

      ඊළඟට, ලංකාවේ මේ දක්වා හැම වින්නැහියකම මුල වෙන්නෙත් මේ ගං කබරයින්. 1956, 1971, 1983-2009, 1988/89, 2014, මේ හැම එකකම. හැබැයි, මේ හැම එකකින්ම නන්නතාර වෙන සමාජ පන්තියත් ගං කබරයින්මයි. උදාහරණයක් විදියට, 83-09 දෙමළ ජාතිවාදී කෝළහළයේදි මැරුණේම ගමේ කොල්ලො. යෝෂිතලා නෙවෙයි.

      තවත් දෙයක් තියෙනවා, 71,89 ඇරෙන්න, අනිත් හැම අවස්ථාවක් පිටුපස්සෙන්ම කහ සිවුරක් තියෙනවා (හේන්පිටගෙදර ඤාණසීහ, ඇල්ලේ ගුණවංශ, ඥානසාර). ඒකට හේතුව, ගං කබරයින්ගේ න්‍යායාචාර්ය වෙන්නේ ගමේ පන්සලේ සාදු. පොරවල්නට ඊට වඩා ලොකු ඹ්ඩර් එකක් නෑ. බණ්ඩාරනායක, මහින්ද මේකත් හොඳටම දැනන් හිටියා.

      කවදා හරි අනගාරික ධර්මපාලතුමා වගේ කෙනෙක් ආපහු ඉපදිලා, අර හිට්ලර් කරා වගේ ගං කබරයින්ව ගෑස් කරලා 'ජෙනොසයිඩ්' කරනකන් (අඩුම වශයෙන් මතවාදමය විදියට වත්), මේ රටට යාමක් නෑ -

      මීට,
      ගං කබරයින් ආශ්‍රිතව ජීවත් වන්නෙක් (මුන් එක්ක ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි).

      Delete
    6. හුංගම පිලිප් වැන්ඩ්‍රාස්ටීවන්June 4, 2015 at 10:22 PM

      /මා කොලඹ ඉපිද, රාජකීය විද්යාලයේ අද්යාපනය ලබා නැගෙනහිර කොලඹ මැතිවරන බල ප්‍රදේශයේ චන්ද දායකයෙක් මි. /

      Sa rasa රාජකීය ඉස්කෝලේට ගියාට වඩා වෙන දෙයක් කරලම නැද්ද ? නැත්තං තවත් ඉස්කෝලේ යනවයෑ?
      මං අහන්නේ... රාජකීය ඉස්කෝලේට ගිහිං නැගෙනහිර කොලඹ මැතිවරන බල ප්‍රදේශයේ චන්ද දායකයෙක් වෙච්චි එකම මොනතරංද....
      එහෙනං..
      හැබැවටම..
      නැගෙනහිර පැරීසියට වඩා නැගෙනහිර කොලඹ මැතිවරන බල ප්‍රදේශයේ පොස් පොරවල් ගොඩාරියක් ඉන්නවයෑ.
      දන්නැති හින්දයි අහන්නේ අයිබෙං
      මම හුංගම කනිෂ්ටෙට නොවැ ගියේ.

      Delete
    7. //"මා කොලඹ ඉපිද,//

      කොලඹ උපදින
      මීයන්,
      කපුටන්,
      බල්ලන්,
      පනුවන්,
      ඌරන්,
      කබරයින්.
      කොලඹින් පිට ප්‍රදේශ වල උපදින මිනිස් දරුවන්ට වඩා උසස්ද ?

      පසුගිය අවුරුදු 100 ඇතුලත කොලඹ උපන් පිරිසෙන් 95% කගේ දෙමව්පියන් හෝ මුතුන්මිත්තන්, ලංකාවේ පිටිසර ප්‍රදේශ වලින් පහත රැකියා සදහා කොලඹට සංක්‍රමණය වුවන්ය.

      1.වාරාය කම්කරුවන් හෝ ලිපිකරුවන්.
      2.මැනිං හෝ ශා.ජෝන් වෙළෙන්දන් හා නාට්ටාමීන්.
      3.දුම්රිය කම්කරුවන් හා මහාමාර්ග කම්කරුවන් .
      4.රෙදි මෝල්,බීසීසී හෝ වෙනත් ෆැක්ටරි කම්කරුවන්
      5.ගැල්කරුවන් , රියදුරන් හා රියදුරු සහයකයින්.
      6.මං පහරන්නන් ,ගැට කපන්නන් හා ජාවාරම්කරුවන්.
      7.මදාවියන් හා ගණිකාවන්.
      8.යාචකයින්.

      සා රස ,
      හැකිනම් ඔබේ කොළඹ පවුලේ ඉතිහාසය ඔබම කියන්න.

      සාමාන්‍ය අයට ගෙදර වැඩ-
      ------------------------------
      සිතන්න.
      *ඉහල පාංතිකයන් සිංහල බ්ලොග් වලට 24 පැයේ කොමෙන්ට් කරයි ද?
      *හීනමාන කාරයින්ගෙන් සිංහල බ්ලොග් අවකාශය බේරාගන්නේ කෙසේද?
      *පාසැල් , විශ්වවිද්‍යාල හා තමන් ගැන උදම්අනන අය UNLOCK කරන්නේ කෙසේද ?
      * "කොළඔ සන්නිය" චිත්‍රපටයක්ද ? ඩොක්‍යුමෙන්ට්‍රියක් ද?

      Delete
  4. නිසැක මෝඩයෙක්June 4, 2015 at 1:33 AM

    හන්දි ගානේ "සැක ධාතු" ප්‍රදර්ශන කරන කොට ගරු දුමින්ද සිල්වා මැතිතුමාගේ අයියා වන රෙනෝ සිල්වා මැතිතුමාගේ හිරු ටෙලිවිෂන් චැනල් එකට පිං සිද්දවෙන්න අපිටත් "නිසැක ධාතු" වන්දනා කරගන්න ලැබුනා. මෙපින් බලෙන් 2015 මහමැතිවරණයේ දී ගම්පහ වැඩිම නිසැක බෞද්ධ එජාප මනාපයෙන් පාර්ලිමේන්තුවට පත්වේවා.

    ReplyDelete
    Replies
    1. දුමින්දලා රෝමානු කතෝලිකයන් හැබැයී ජැක්සන් ඇන්තනී වගේම නිසැක බෞද්ධයන්.

      තම තමන්ට කුමන හෝ ආගමක් ඇදහීම අයිතියක් ඇත.
      නමුත්,
      1.වක්‍රාකාරයෙන් බුදු දහමේ පිලිවෙත් පද්ධතීයට අදාල නාමයන් විවිධ විශේෂණ
      පද (නිසැක ධාතු /සැක ධාතු ) වලින් විනාශ කිරීම.(හිරූ)

      2.බුදුන්ගේ පරපුරට මහින්ද රාජපක්ෂව සම්බන්ධකර බුදුන්ගේ පරපුරට
      නිගාකිරීම.(ජැක්සන් ඇන්තනී)

      ලංකාවේ සැබෑ බෞද්ධයන් සිටියදී ,මේ අන්‍යාගමිකයන් නිසැක බෞද්ධයන්
      විමට දඟලන්නේ ඇයි ?
      මෙවැනි ක්‍රියාවල යෙදෙන්නන් තම තමන්ගේ බඩවඩා ගැනීමට එහා ගොස්
      ඇතිබව තේරෙනකොට සැබෑ බෞද්ධයන් ප්‍රමාද වැඩිය.

      Delete
  5. Dumindage kudu allanna oya thakshanika sahaya denne nadda?

    ReplyDelete
  6. " හිරු " කීවොත් කුඩුම තමා

    ReplyDelete
  7. එජාප සන්නිවෙදන බලකායෙ උන්ට දවසට 1600/= ගානෙ දෙන්නෙ, රනිල්ට හිතවත් ආසන සන්විධායකයන්ට ලක්ශ 50 ගානෙ දෙන්නෙ ඔය එහෙන් මෙහෙන් එන සල්ලි වලින් තමයි. උන්ට 1600 ගානෙ දෙන එකෙයි දුමින්ද සිල්වා යහතින් ඉන්න එකෙයි අතරෙ සම්බන්ධෙ උබ දන්නෙ නැද්ද?

    ReplyDelete
  8. ela. http://nelumyaya.com/?p=2964

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා