ජනතාවගෙන් කොටසක් මහින්ද පසුපස යන්නේ ඇයි?

ලංකාවේ දූෂිත වන්නේ දේශපාලකයන් හා නිලධාරීන් පමණක් නො වේ. ජනතාව ද අතිශය දූෂිත ය.

සුදුසුකම් නැතිව දේශපාලනයෙන් රස්සා ගත් අයට, නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර හෝ මහජන මුදලින් වැටුප් ලබන අයට, මහජන මුදලින් කළ කොන්ත්‍රාත් ආදියෙන් යටි මඩි ගසා ගත් අයට, ආණ්ඩුවේ කඩ අඩු කුලියට ලබා ගැනීමේ වරප්‍රසාද ලත් අයට, කැළෑ කපන්නන් ඇතුළු පරිසර සංහාරයන්ගෙන් මුදල් ගරා ගන්නන්ට, මහජන මුදලින් කුණු කොල්ලෙට පොහොර ගන්නා අයට, දේශපාලකයන් ඇසුරින් වාසි ලබා ගත හැකි මැරවරයන්ට, වැඩි සමාජ ඇසුරක් නැති, රූපවාහිනියෙන් යැපෙන ගෘහනියන්ට ආදී සැලකිය යුතු පිරිසකට මහින්ද වීරයෙකි.

මේ අය අතරින් විශේෂයෙන් ම දෙමළ මුස්ලිම් සංහාරයට කැමති ජාතිවාදීන්, සුළුතර ආගම්වලට වෛර කරන සිංහල බෞද්ධ ආගම්වාදීන්, ස්ත්‍රීන් හා ලිංගික සුළුතරයන් හෙළා දකින්නන් ඇතුළු ස්වෝත්තමවාදීන්ට මහින්ද වීරයෙකි. මන්ද, ඔහු හැමවිට ම එවැනි පසුගාමිත්වයන් සමග සිටින්නෙකි.

ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් තබා තමන්ගේ හිමිකම් ගැනවත් නො දනිති. ඔවුන්ට මහින්ද රජෙකි. මහින්දගේ පවුල රජ පවුලකි. ඔවුන් කා තමන් ළඟට වැටෙන කටුව රජ බොජුනකි. මහින්දලාගේ බොරු ප්‍රචාරවලින් ඔවුහු අන්ධ වී සිටිති.

මේ වනාහි අනුකම්පා කළ යුතු, එසේම, අයාලේ යන්නට නො දී කෙවිටෙන් දැක්කිය යුතු හරක් පට්ටියකි. මෙයට ජනතාව යි කියා ද සමහරු කියති.

මෙම සමාජ තීරය සුවිසල් එකක් වුණත්, එය රටේ බහුතරය නො වේ. මහින්ද ජනාධිපතිවරණය පැරදුණේ එහෙයිනි. දැන් මේ සමාජ කණ්ඩායම වේගයෙන් හැකිළෙමින් සිටිති. එහෙත්, ඔවුන් මත යැපෙන මහින්ද ඇතුළු දේශපාලකයන් දිගට ම ඔවුන් ගොනාට අන්දාගෙන යන නිසා රටේ සිදු වන සාධනීය වෙනස්කම් ඉදිරියේ ඔවුහු බාධාකාරී වෙති. 

එහෙත්, මෙම පසුගාමී සමාජ බලවේගයට රටේ අනාගතය තීරණය කරන්නට දෙනවා ද යන්න ගැන ගැඹුරින් සිතිය යුතුව තිබේ. 

මෙම සමාජ තීරය ඇමතීම අත්‍යවශ්‍ය ය. එහෙත්, ඒ ඔස්සේ පමණක් ඔවුන් මිථ්‍යාවෙන් මුදා ගැනීම හෝ යථාර්ථය අවබෝධ කර දීම හෝ කළ නො හැකි ය. මෙම සමාජ කණ්ඩායම සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ කිසියම් බුද්ධිමත් මෙහෙයවා ගැනීමකි. ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී කණ්ඩායම, ජවිපෙ වැනි පක්ෂ මේ පිළිබඳ ගැඹුරින් සිතිය යුුතු ය. ඔවුන් මෙම බලවේගය වෙත පිවිසිය යුතු ය. ඔවුන් දැනුවත් කළ යුතු ය. ඒ වෙනුවෙන් වෙන ම ප්‍රචාරණ යාන්ත්‍රණයක් සකස් විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This is exactly right. These people need compassion and should be guided out of their misery.

    ReplyDelete
    Replies
    1. But how can that be done? Does any lunatic admit that his brain does not function as usual..?

      Delete
  2. ## ඔවුහු ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් තබා තමන්ගේ හිමිකම් ගැනවත් නො දනිති. ඔවුන්ට මහින්ද රජෙකි. මහින්දගේ පවුල රජ පවුලකි. ඔවුන් කා තමන් ළඟට වැටෙන කටුව රජ බොජුනකි. මහින්දලාගේ බොරු ප්‍රචාරවලින් ඔවුහු අන්ධ වී සිටිති## .ඇත්තටම අපේ රට පිරිහෙන්නේ මේ පිරිස නිසා , මහින්ද කෙරුවේ වැඩිපුරම මේ පිරිස සතුටු කිරීම , ඔබ කියන ලෙස JVP එකට මේ පිරිස තරමක් හෝ වෙනස් කිරීමේ හැකියාව ඇත , ඔවුන් වැඩිපුර මේ පිරිස සමග සිටින නිසා

    ReplyDelete
  3. මේකට තමයි ගොබෙල්ගේ න්‍යයාය කියන්නේ.
    එකම දේ නැවත නැවත කියලා මහින්දට කැමති අය ගැන යම් මතයක් හංවඩු ගසන්නයි මේ හදන්නේ.
    පුලුවන්නම් මහින්දට විරුද්ධ අයගැන විචාරයක් කරන්න

    ReplyDelete
  4. පසුගාමී අන්තවාදී බලවේගයන් තමා මෙච්චර කලක්ම රට තුළ බලය ලබා හිටියේ ඒ නිසා ගමණ පහසු එකක් නොවෙයි. වඥ්චාව ආත්මය කොටගත් බුද්ධිමතුන් නොව ප්‍රඥාවන්තයයින් නිහඬව නොසිට සක්‍රියව දායක වීම මීට වඩා වේගවත් විය යුතුයි

    ReplyDelete
  5. ලෝක ජනගහනයෙන් පහෙන් එකක් වඳින්නේ පුදන්නේ කුරුසේ ඇන ගසා මරා දැමූ තමා මරනෙයන් නැගිට්ටා කියා ලපටි වන්චාවක් දැමූ හාදයෙක් ව හා ඊට අනුබල දුන් ඔහු ගේ මෑනියන් ව ය....

    පැරා ලා ඒ ගැන කතා කරන්න බය ය...

    ReplyDelete
  6. ඇන්න නේද පැරා අඬන්න බලාගෙන උන්නු එකාගෙ ඇහැට..? දැන් ඉතින් එන කොමෙන්ට් ඇඬිලි බලා ගන්න පුළුවන්..!!

    ReplyDelete
  7. ඇලෙක්ස් ඩිලාජ්June 9, 2015 at 10:23 AM

    //// ජනතාවගෙන් කොටසක් මහින්ද පසුපස යන්නේ ඇයි? ///
    1. අවුරුදු 30 ගණනක් හිඟන්නාගේ තුවාලයක් බවට පත්ව අපේ රට සෙමෙන් ලේ වහනය කරමින් මරණයට පත්කරමින් තිබූ සිවිල් යුද්ධය නිමා කිරීම සඳහා දැවැන්ත නිර්භිත දේශපාලනික නායකත්වයක් ලබා දීම
    2. ත්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීම
    3. ජේ ආර් ජයවර්ධන රජය සමයෙන් පසු ලංකාවේ දැවැන්තම යටිතල පහසුකම්වල පෙරළිය ඇති කිරීම
    4. ආර්ථික වර්ධන වේගය දිගින් දිගටම ඉතා ඉහළ මට්ටමක් තබා ගැනීමට හැකිවීම
    5. රටේ බහුතර ( ග්‍රාමීය ) ජනතාවට විවිධ වූ සහන ලබා දීම ( දිවිනැගුම , පොහොර සහනාධාරය )
    6. බටහිර ජාතීන්ගේ විවිධ න්‍යාය පත්‍රවලට එරෙහිව ( බොරුවට හෝ ) ජාත්‍යන්තරව විකල්ප බල‍වේග සමඟ අත්වැල් බැඳ ගැනීම
    7 . දිගුකාලීන් ස්ථාවරත්වයක් රාජ්‍යයේ පවත්වා ගැනීම
    මහින්දගේ නරකද මේ තරම්ම හෝ මීට වඩා දිග ලැයිස්තුවක් ඇති විය හැක -එහෙත් පැරාගේ රසිකයන් බහුතරකට ඒ ලැයිස්තුව කටපාඩම් බැවින් මෙතන පළකිරීමට නොවෙහෙසමි -
    තවත් අනාවැකියක් - දිලිත් ජයවීර ආදි ප්‍රබල ඇඩ් කප්පිත්තන් ලවා නිසි පරිදි ඊළඟ මැතිවරණය මෙහෙයවුවොත් යහපාලනය සමඟ කළකිරී ඇති ජනතාවද එක් කරගෙන යූ එන් පී යට හා ‍ඊනියා මෛත්‍රී පාර්ශ්වයට දුවන්නට තැන් නැති කරමින් වෙනත් පක්ෂයකින් හෝ මහින්ද රාජපක්ෂ ඊළඟ අගමැති වනු ඇත - පැරා ට නැවතත් හිට්ස් වැඩි කරගනිමින් මහින්ද විරෝධින්ට වේදිකාවක් සැපයීමට අවස්ථාව ලැබෙනු ඇති
    එතෙක් ඉවසන්න

    ReplyDelete
    Replies
    1. අඩන්න එපා බබා මහින්ද මාමි චොකා අරන් එනවනේ , බබා බලලයන්න හිරගෙට)

      Delete
    2. 2005 දී මහින්ද ජනාධිපති නොවුනා නම්, තවමත් පැරා සුළු ජාතික ප්‍රජාවට නොලැබුනා යැයි කියන අයිතිවාසිකම් ලබාදීමට ( ඔහු කියන අාකාරයට එය දේශපාලන ප්‍රජාවන් පළල් කිරීමකි) ලිපි ලියමින් දේශන කරමින් යන අතර ඔහුගේ බිරිඳ තම දරුවන් දෙමළ විමුක්ති සටන්කාමීන්ගේ (ත්‍රස්තවාදීන් නොවේ) බෝම්බ ප්‍රහාර වලින් රැක ගැනීමට ඔවුන්ගේ පාසැල ඉදිරිපිට මුර කරනු අැත.

      Delete
  8. [සුදුසුකම් නැතිව දේශපාලනයෙන් රස්සා ගත් අයට, නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර හෝ මහජන මුදලින් වැටුප් ලබන අයට, මහජන මුදලින් කළ කොන්ත්‍රාත් ආදියෙන් යටි මඩි ගසා ගත් අයට, ආණ්ඩුවේ කඩ අඩු කුලියට ලබා ගැනීමේ වරප්‍රසාද ලත් අයට, කැළෑ කපන්නන් ඇතුළු පරිසර සංහාරයන්ගෙන් මුදල් ගරා ගන්නන්ට, මහජන මුදලින් කුණු කොල්ලෙට පොහොර ගන්නා අයට, දේශපාලකයන් ඇසුරින් වාසි ලබා ගත හැකි මැරවරයන්ට, වැඩි සමාජ ඇසුරක් නැති, රූපවාහිනියෙන් යැපෙන ගෘහනියන්ට ආදී සැලකිය යුතු පිරිසකට මහින්ද වීරයෙකි.

    මේ අය අතරින් විශේෂයෙන් ම දෙමළ මුස්ලිම් සංහාරයට කැමති ජාතිවාදීන්, සුළුතර ආගම්වලට වෛර කරන සිංහල බෞද්ධ ආගම්වාදීන්, ස්ත්‍රීන් හා ලිංගික සුළුතරයන් හෙළා දකින්නන් ඇතුළු ස්වෝත්තමවාදීන්ට මහින්ද වීරයෙකි]

    පැරාගෙ කටේ මසුරන් දාන්න ඔනෑ මේ කථාවට.. රටේ සිංහලබෞජ්ජයින්ගෙන් 60% විතර ඇආයෙ ඇරපු අතක් නෑ මේ අච්චුවම තමා...
    ස්ත්‍රීන් හෙලා දැකීම, ගොන් බටහිර විරෝදය වගේ ඒවට මුස්ලිමුන්ගෙන් බහුතරයත් සෙට්, ඒත් මහින්ද සිංහලබෞද්ද ජිහාඩ් එක රන් කල නිසා අර ජිහාඩ් කාරයො මහින්දට චන්දෙ දෙන්නෑ..

    ReplyDelete
  9. ජනතාවගෙන් කොටසක් මහින්ද පසුපස යන්නේ ඇයි?

    මේ ප්‍රශ්නෙට කාලෙකට කලින් මෙහෙම උත්තරයක් ලිව්වා මතකයි. (සමහර දේවල් තාමත් ඇත්ත!)

    1. හම්බන්තොට ඉන්නේ එක චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු තමන් කොච්චර දුක් වින්දත් "ගමේ එකා නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    2. මාතර ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දෙමළාට ඇරපු නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    3. ගාල්ලේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "හම්බ ආක්‍රමණය වැළක්වීම පිණිස" ඥානසාර කියන නිසා මහින්ද මාමාට ඡන්දය දෙයි.

    4. මොණරාගල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "නියං ආධාර 2,500 දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    5. පොළොන්නරුවේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "පොහොර සහනාධාරය තව දුරටත් ලබා ගැනීමට" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    6. රතුපස්වල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ජල ප්‍රශ්නය විසඳා දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    7. කොළඹ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ඉස්සර යූ එන් පී ආණ්ඩුවකින් ස්ට්‍රයික් කළ තාත්තාගේ රැකියාව අහිමි කළ නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    8. මහියන්ගනේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහුගේ සොහොයුරෙක් මාවිල් ආරු සටනේදී මියගොස්ය. එනිසා හැමදා ඡන්දය මහින්ද මාමාටය.

    9. දඹානේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "මහ හූරා තරහ කොරගෙන කොහොමද බං? කාර් පොජ්ජක් පෝං පොජ්ජක් හරි දෙන්න ඉන්නෙ උන්නැහේ විතරනෙ" කියා මහින්ද මාමාට ඡන්දය දෙයි.

    10. කුරුණෑගල තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දයාසිරි ලස්සනට සින්දු කියන නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    මුළු රටේම (උතුරු නැඟෙනහිර හැරුණු විට) ඉන්නේ මේ වගේ චතුෂ තුෂර කුමාරලාය. යූ එන් පී එක ඔය තරමට වත් ඡන්ද ගැනීම ගැන පුදුම වන්න.

    ReplyDelete
  10. මේ වනාහි අනුකම්පා කළ යුතු, එසේම, අයාලේ යන්නට නො දී කෙවිටෙන් දැක්කිය යුතු හරක් පට්ටියකි. මෙයට ජනතාව යි කියා ද සමහරු කියති......??????

    ReplyDelete
  11. මෙතනදි වැඩි කාර්ය භාරයක් කළ හැක්කේ ජනමාධ්‍ය වලට වුනත් ඔවුන්ගෙන් කොටසකුත් ඒ වර්ගයේමයි. ඒ නිසා, දේශපාලන පක්ෂ වලට (විශේශයෙන්ම වැල යන පැත්තට මැස්ස නොගසන න්‍යායාත්මකව දේශපාලනයෙහි යෙදෙන පක්ෂ වලට) විශාල වගකීමක් පැවරෙනවා.
    මෙතනදි න්‍යායාත්මක කියල කිව්වෙ න්‍යාය පත්‍රයක් (agenda) අනුව යන කියන තේරුමෙන් නෙවෙයි, න්‍යායයක් (theory) අනුව යන කියන තේරුමෙන්.

    ReplyDelete
  12. හලෝ දැන් යූ ඇන් පී කාරයෝ මහින්ද ය පාග‍ ගෙන කොහොම හරි මහ මැතිවරණය දිනන්න හදන්නේ ඹයා හිතන ලස්සන රට හදන්න ද? ...උන්ටත් ඹ්න පහුගිය කාලේ බැරි වෙච්ච මේ ටික කරගන්න තමයි....(සුදුසුකම් නැතිව දේශපාලනයෙන් රස්සා ගත් අයට, නිකම් ඉඳ හෝ අඩුවෙන් වැඩ කර හෝ මහජන මුදලින් වැටුප් ලබන අයට, මහජන මුදලින් කළ කොන්ත්‍රාත් ආදියෙන් යටි මඩි ගසා ගත් අයට, ආණ්ඩුවේ කඩ අඩු කුලියට ලබා ගැනීමේ වරප්‍රසාද ලත් අයට, කැළෑ කපන්නන් ඇතුළු පරිසර සංහාරයන්ගෙන් මුදල් ගරා ගන්නන්ට, මහජන මුදලින් කුණු කොල්ලෙට පොහොර ගන්නා අයට, දේශපාලකයන් ඇසුරින් වාසි ලබා ගත හැකි මැරවරයන්ට, )
    ..........ඹයාට දැන් ති‍යෙන්නෙ මහින්ද ගැන කුහක කමක් ඉර්සියාවක් විතරයි...ජෙප්පන්ට වගේ මයි..වාසු ගෙයි ඹයා ල ගෙයි අතර තියෙන වෙනස මොකද්ද? ඹයාලටත් කාලෙකට රනිල් දෙවි‍යෙක් කාලෙකට කුජීතයි...හරි සමාජ දැක්මක් ඇතිව හිතනව නම් එහෙම වෙන්නෙ කොහොමද..අවස්ථාවදීන් කවදත් එකයි. කවුරුත් දේශපාලනේ කරන්නෙ පෞද්ගලික වාසි උඩ.එක්කො තමන්ගෙ පක්ෂෙ පුම්බගන්න හරියට ජෙප්පො වගේ..ප්‍රතිපත්තියක් ඹ්න නෑ..එන එන විදියට ගේම් ගහන්නෙ..දැන් අගේට රනිල් ට ජැක ගහන්නෙ..

    ReplyDelete
    Replies
    1. Sahathika aththa ano...
      Dan pahalawela thiyena kethumathiye ranga munnahelata thama hariyata penune naha...😁

      Delete
  13. මගෙ යාලුවෙක් මහින්ද පස්සෙ ගෙහින් මලා

    ReplyDelete
  14. මේකට හොඳම උදාහරණයක් දැක්ක පහුගිය කාලෙ.. මොහාන් සමරනායක මහින්දව දිනවන්න ටීවී වල අරෙහෙ මෙහෙ ජාතිවාද ඇදගෙන නැති යුද්ධ මවාගෙන පස් කෑවෙ මම දේශපාලකයෙක් නෙමෙයි විද්වතෙක් කියාගෙන..

    ඒත් පස්සෙ එලිවුනා මොහාන් ගෙ මායිය තමන්ට නිලවශයෙන් ඉන්න බැරි තනතුරක . ඒ තනතුරට නිල වශයෙන් එන්න තියෙන කෙනාට එන්න නොදී අවුරුදු ගානක් බලෙන් හිටපු විත්තිය..

    ඒකෙන් පැහැදිලියි අර විද්වතා පොලොවෙ පස් කෑවෙ මහින්ද දිනෝල තමන්ගෙ මායියව අයුතු ලෙස අර තනතුරේ තියාගන්න..

    අනෙක් හුඟාක් අප්පුහාමිල ඔහොම තමා..

    ReplyDelete
  15. උඹ ඒ ජඩයන්ගෙන් කෙනෙක් නෙමෙයිද
    උඹ ලියන්නෙ සල්ලිවලට බව හැමෝම දන්නවා
    යූඇන්පී එකේ ඉන්නෙ ඔක්කොම සුද්දවන්තයොද හැබැයි උන් අවංකයි උන් සමාජවාදී ජීවන විලාසිතා පෙන්නවව කිය කිය හොර පොල් කඩන්නෙ නෑ.
    උඹ ඕනැ මීඩියා යුනිට් එකක ඉදල අමතර ආදායමක් හොයා ගනින් .හැබැයි බොරු සිල් ගන්න එපා.
    රුපියල් දෙදාහ මතක් වෙලා රෑ දොගොඩහරියෙත් නැගිටල ලිපි ලියන ********.

    ReplyDelete
    Replies
    1. මට සල්ලි ප්‍රශ්නයක් නම් ඇත. අර ඔබ කියන සල්ලිවලට ලියන මට ගෙවන සල්ලියක් තිබෙනවා නම් එය ලබා ගත හැකි ආකාරයක් දන්වන්න. ඕනෑ තරම් මුදලක් ගනිිමි. හැබැයි ලියන්නේ මේ විධියට තමා ය.

      Delete
    2. Way of writing is excellent, keep it up Para. Well-done!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා