ගල් ගසා පොලිස් නිලධාරීන් මරන ලංකාවක් වෙනුවෙන් මහින්ද අගමැති කරමු!

Read in English: 

RAJAPAKSA CAMPAIGNERS OF SRI LANKA PROMOTE IS TYPE STONING TO DEATH OF POLICE OFFICERS WHO PROBE THEIR CRIMES


මෙන්න මහින්දගේ ගෝලයන් මහින්ද අගමැති කරගෙන කරන්න බලාපොරොත්තු වන දේවල්.

මේ වීඩියෝවේ කතා කරන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කර තේරී පත් වූ ඩී.වී. උපුල් ය. ඔහු මේ වෛරී ප්‍රකාශය කරන්නේ නාමල් රාජපක්ෂ වේදිකාවේ තබාගෙන ය.

මෙම වෛරී ප්‍රකාශය ඉතා පැහැදිලිව ම රාජ්‍ය විරෝධී ප්‍රකාශයක් වන අතර, රාජ්‍ය සේවකයන් පිරිසකට එල්ල කරන ලද මරණ තර්ජනයක් ද වේ. එසේම, එය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය වැනි ප්‍රචණ්ඩත්වයක් ප්‍රවර්ධනය කරන ත්‍රස්තවාදී ප්‍රකාශයක් ද වේ.

ඔහු ගල් ගසා මරා දමන බව කියන්නේ රාජ්‍ය නිලධාරීන් පිරිසකි. එම නිලධාරීන් විසින් කර තිබෙන එක ම දෙය නීතිය ක්‍රියාත්මක කරමින් පැමිණිලි විභාග කිරීමයි.

මහින්ද රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ හිතවතුන් මෙය හඳුන්වන්නේ පලිගැනීමක් ලෙසයි. එහෙත්, ඇත්ත වශයෙන් ම පසුගිය කාලයේ දේශපාලකයන් රාජ්‍ය බලය පාවිච්චි කරමින් කරන ලද දූෂණ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීමට තවමත් රජය සමත් වී නැත.

දූෂණවලට සම්බන්ධ වූවන්ට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන් සොරකම් කළ රාජ්‍ය ධනය හා දේපල ආපසු භාර දී පුනරුත්ථාපනය වී සමාජගත වීමට අවස්ථාවක් ලබා දිය යුතු බව අපි කලින් ද යෝජනා කළෙමු.

එහෙත්, විමර්ශන කරන නිලධාරීන්ට මේ අන්දමින් තර්ජනය කරන පුද්ගලයන්ට නම් කිසිදු බුරුලක් නො දිය යුතු ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ ප්‍රකෝපකාරී ප්‍රකාශයට විරුද්ධව ක්‍රියා නොකළහොත් පොලීසිය දැන්ම ම බිය වී ඇති ද යන්න කිව හැකි වේවි.

    ReplyDelete
  2. Do you write anything about John Amaratunga who openly instigated his stooges to attack Pradesheeya Sabha members? Is Batalanda story a lie? Did Ranil not organize death camp in Batalanda? Is it an imagination? You must have criticized the minister who assaulted the police constable who in the High way. Yesterday he was sworn in as a minister under Yahapalanaya. Kate kageth killota hunu! But they destroyed terrorism and developed the country, but what about 45 billion Arjuna Mahendaran, Ravi, Ranil clique?

    ReplyDelete
    Replies
    1. අපි ඔබ කියන ඔය සියලු දේ ගැන ලියා ඇත. ඔබට අවශ්‍ය නම් ඒ ගැන පසුගිය ලිපිවලින් සොයා ගත හැකි ය. අපි ඒ කිසිවක් වෙනුවෙන් පෙනී නො සිටින්නෙමු. එසේම, කිසිවෙක් වෙනුවෙන් ද පෙනී නො සිටින්නෙමු. අපි මහින්දට එරෙහි වන්නේ ඔහු විසින් නියෝජනය කරනු ලබන්නේ අධම දේශපාලන ක්‍රමයක් නිසා ය.

      යම් විවේචනයක් කළ විට එය තේරුම් නො ගෙන වෙනත් එකක් විවේචනය නො කරන්නේ ඇයි ද යනුවෙන් ඇසීම මුග්ධ ලක්ෂණයකි. කරුණාකර යථාර්ථය තේරුම් ගන්න. පුද්ගලයන්ට සේවය කිරීම වෙනුවට සමාජ යහපත වෙනුවෙන් අරගල කරන්න.

      අප කරන්නේ එයයි.

      Delete
    2. මහාතිත්ථJune 1, 2015 at 11:00 AM

      ඇනෝ -

      මහින්ද යුද්ධයට දේශපාලන නායකත්වයක් දුන් බව ඇත්තය - මම ද ඒ නිසා ඔහුට ගරු කරමි - එහෙත් ගරු කිරීම යනු ගාණක් දමා නැති බ්ලෑන්ක් චෙක් එකක් නොවේ - තවද ඉංගිරිසියේ ප්‍රකට කියමනක් නම් Two Wrongs do not make One Right යන්නයි - අර්ජුන මහේන්ද්‍රන් + රනිල් ගේ වැඩකිඩ නිසා රාජපක්ෂවාදී ගෝලයන්ගේ වැඩ යට නොයයි - එමෙන්ම යට යාමට ඉඩ දිය යුුතු ද නොවේ -
      අප අර අන්තර්ජාතික යුධ අපරාධ පරීක්ෂණය ගැන කතාවේදීත් අම්බානකට අනාගත්තේ අපේ මේ මුග්ධ ප්‍රතිපත්තිය නිසාය - අරුන් නොසණ්ඩාල වැඩ කළ පළිය‍ට අපි කරන නොසණ්ඩාල වැඩේ සාධාරණීකරණය වන්නේ නැත -

      Delete
  3. සම්මත වි ඇති නිථිය ක්‍රියාත්මක කරන රායේ නිලධාරීන්ට විරුද්ධව කතා කරන මේවගේ පොල්බූරුවන්ට මනාප දී බලයට පත්කර ඇත්තේ මහජනතාව විසින්මයි. ඒ මනාප ක්‍රමය තවදුරටත් තියාගන්නමයි මුන් සේරම වලිකන්නෙ ජේවීපිය කියන්නෙ ඒ තියන සමානුපාතික ක්‍රමය යටතේ මනාප ලකුණු කිරිමේ ක්‍රමය ලෝකයේ ඇති හොඳම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය බවකි. මුන් සේරටම ඕන මේකට “මිනීකන්නන්ගේ දේශය “ කියන නම රෙජිස්ටර් කර ස්ථාර කරන්නයි.

    ReplyDelete
  4. හම්බන්තොට වැනි ග්‍රාම්‍ය, නොදියුනු (ආර්ථික වශයන් පමනක්ම නොව සමාජීය වශයෙන් පවා ) , උගත්තු හිග සිංහලබෞද්ධ අන්තවාදීන්ගෙන් පිරුනු දිස්ත්‍රික්කයකින් මේ වගේ උන් බලාපොරොත්තු විය හැක..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත. පාදඩකමින් උන් දෙවෙනි වෙන්නේ නැගෙනහිර පළාතේ මහමදිකයන්ට විතරයි.

      Delete
  5. මේක අති භයානක ප්‍රවනතාවයක් . කලින් වැරදි කරපු අයට දඬුවම් නොදී උන්ව අතකොලු කරගෙන තමන්ගේ ජරා පැවැත්ම උන් හරහා ආරක්ෂා කර ගත්තේ තමන්ගේ නායකයමයි කියලා මේ හරකට නොතේරෙන්නේ මුගේ ඇඟ මිස මොලයක් නැති නිසා.

    එක නෙමේ ප්‍රශ්නේ . මේ ලිපිය ලියලා විතරක් ඔබට අත පිහිදා ගන්න පුලුවන්ද? මේ වෛර සහගත ප්‍රකාශයට , රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කිරීමට එරෙහිව යමක් කල යුතුයි නේද ? මා ඉන්නේ විදේශ ගතවයි . කරුණාකර මට පහදා දෙන්න මෙවන් දෙයකට එරෙහිව නීතිමය පියවර ගන්න ආකාරය.

    මේ වාගේම වීඩියෝවක් ෆේස්බුක් එකේ සංසරණය වෙනවා දැන් . www.youtube.com/watch?v=2UPD5mimOYI. මේකත් ගරු අගමැති තුමාට වෛරී සහගත මඩ ගැහීමක් බවයි මගේ අදහස.

    ReplyDelete
  6. මහින්දගේ ගෝලයන්ගේ මෙවැනි ප්‍රකාශ ගැන එතරම් පුදුම වෙන්න දෙයක් නැහැ.මේ මිනිහාම නේද පාක්ෂිකයෝ වාහනයට නැග්ග කියලා මහා සද්දෙන් බැන්නේ.

    ReplyDelete
  7. ගල් ගහන්න එපා බං ගහපං විස්කි.නැත්තං උඹලා වගේ උත්තම පකයෝ නොන්ඩි වෙනවා.

    ReplyDelete
  8. ක්‍රිෂ්ණාJune 1, 2015 at 8:04 PM

    ගල් ගහන්න එපා බං ගහපං විස්කි.නැත්තං උඹලා වගේ උත්තම පකයෝ නොන්ඩි වෙනවා.

    ReplyDelete
  9. mehema minissuntath chande denavane.

    ReplyDelete
    Replies
    1. machan, umbata lankawe system eka amathakada ?

      Delete
  10. මෙ මිනිසුන්ට සිවිල් නිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැටහීමක් නැත.මොඩකම හිසවසා ඇත.මහින්ද කිසි දිනක හම්බන්තොට කිසිවෙකුට දකුනු පලාතෙ මහ ඇමති පදවිය ලැබෙන්නට සැලැස්සුවෙ නැත ,නුගත් මොඩයින් දෙශ පාලනයට ගෙනාවෙය,චන්ඩි මල්ලී,ඉන්දික,මේ උපුල් නිදර්ශනයන්ය,මහින්ද පැරදී ගෙදර ගිය පසු "මරලා හරි බලය ගත්තෙ නැත්තෙ ඇයි?" යනුවෙන් ඇසුවේ ඔවුන් මහින්ද හොදින් අදුරන නිසා බව අපි වටහා ගනිමු,ඉහත පුද්ගලයින් මහින්දට විරුධ වුව හොත් ඔවුන්ටද මරන ලැබෙයි,එය ඒ අය දන්නා සත්‍යයකි.මොවුන් චන්දයෙන් පලවා හැරීමට ජනතාව ක්‍රියා කලයුතුය,නීතියද ක්‍රියාත්මක කල යුතුය.

    ReplyDelete
  11. මෙ මිනිසුන්ට සිවිල් නිතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන වැටහීමක් නැත.මොඩකම හිසවසා ඇත.මහින්ද කිසි දිනක හම්බන්තොට කිසිවෙකුට දකුනු පලාතෙ මහ ඇමති පදවිය ලැබෙන්නට සැලැස්සුවෙ නැත ,නුගත් මොඩයින් දෙශ පාලනයට ගෙනාවෙය,චන්ඩි මල්ලී,ඉන්දික,මේ උපුල් නිදර්ශනයන්ය,මහින්ද පැරදී ගෙදර ගිය පසු "මරලා හරි බලය ගත්තෙ නැත්තෙ ඇයි?" යනුවෙන් ඇසුවේ ඔවුන් මහින්ද හොදින් අදුරන නිසා බව අපි වටහා ගනිමු,ඉහත පුද්ගලයින් මහින්දට විරුධ වුව හොත් ඔවුන්ටද මරන ලැබෙයි,එය ඒ අය දන්නා සත්‍යයකි.මොවුන් චන්දයෙන් පලවා හැරීමට ජනතාව ක්‍රියා කලයුතුය,නීතියද ක්‍රියාත්මක කල යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා