අගමැති ගැන විශ්වාසය පළුදු වූයේ කෙසේ ද?

මහින්ද රාජපක්ෂ කඳවුරේ දේශපාලනඥයන් විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවේ අරමුණ ඉතා පැහැදිලි ය. එය මහින්ද රාජපක්ෂ ද කියයි. ඔවුන් කියන්නේ එය ගෙන එන්නේ පළිගැනීම්වලට එරෙහිව බවයි. 

මේ පළිගැනීම් යනු මොනවා ද? 

මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය නම් පොලිස් අංශය නීති විරෝධී බව ඔවුන් කරන තර්කයට කිසිදු පදනමක් නැත. විමර්ශන විධිමත් කිරීම සඳහා පොලිස් ඒකක පිහිටුවීමේ බලය ආරක්ෂක අමාත්‍යාංශේට තිබේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය හොබවන කාලයේ ආගමික පොලිස් ඒකකයක් පවා පිහිටවූයේ ය. එය පැත්තක තිබ්බත්, ත්‍රස්ත විමර්ශන කාර්යාංශය, වලානේ පිහිටි විශේෂ විමර්ශන ඒකකය වැනි අංශ ද මෙවැනි ම ඒවා ය. කවුරුවත් ඒවා නීති විරෝධී බව කියන්නේ නැත. 

පසුගිය ආණ්ඩුවේ දේශපාලනඥයන් විමර්ශනවලට කැඳවන්නේ, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ හා ඔවුන් රිමාන්ඩ් කරනු ලබන්නේ ඔවුන් කළ වැරදි හේතුවෙන් ගොනු කරන ලද පැහැදිලි චෝදනා මත පදනම්ව ය. කිසිවෙකු හේතු විරහිතව අත්අඩංගුවට ගෙන නැත. මහින්ද රාජපක්ෂ 2010 ජනාධිපතිවරණයෙන් පසු සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා පළමුව අත්අඩංගුවට ගෙන පසුව චෝදනා නිර්මානය කළ අයුරු සමාජයට තවම අමතක නැත. 

නිදසුනක් ලෙස, ජුනි 12දා නාමල් රාජපක්ෂ රහස් පොලිසියට කැඳවා තිබේ. ඒ පසුගිය දිනෙක ඔහු සහභාගි වූ රැස්වීමකදී දකුණු පළාත් ඇමති ඩී.වී. උපුල් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්ගේ සිට නියෝජ්‍ය පොලිස්පති දක්වා ගල් ගසා මරා දමන බවට කළ ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කරන්නට ය. එම ප්‍රකාශය කරන අවස්ථාවේ නීතිඥයකු වන නාමල් රාජපක්ෂ ද හිනා වෙවී වේදිකාවේ සිටියේ ය. 

මේවා පැහැදිලි නීති උල්ලංඝනයන් ගැන කරන විමර්ශන මිස පළිගැනීම් නො වේ. 

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ සමග හවුල්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දේශපාලකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීගේ සිට පළාත් පාලන මන්ත්‍රීවරයා දක්වා ම මහා පරිමාණ සොරකම්, වංචා, දූෂණවලට සම්බන්ධ ය. මේවා ස්පර්ශ කර තිබෙන්නේ උඩ ම මට්ටමෙන් යන්තමින් පමණි. හරි නම්, පළාත් පාලන මට්ටම දක්වා ම මේ පරීක්ෂණ විහිදිය යුතු ය. 

මහින්ද කඳවුර යනු මේ මහා දූෂණ සාගරයයි. විශ්වාස භංගය යනු ඔවුන්ගේ එක ම ගැලවීමයි. විශ්වාසය භංග වී තිබෙන්නේ තමන්ට නීතියෙන් තහවුරු වී තිබුණු මුක්තිය සම්බන්ධයෙනි. 

එසේ නොමැතිව අගමැතිවරයා සම්බන්ධයෙන් මහජන විශ්වාසය භංග වන්නට තරම් හේතු කිසිවක් ඉදිරිපත් කරන්නට රාජපක්ෂ කඳවුර සමත් වී නැත. ඔවුන් මහ ලොකුවට කතා කරන භාණ්ඩාගාර බිල්පත් සිද්ධිය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වන්නට ද ඔවුහු අසමත් වූ හ. 

මෙම විශ්වාස භංග ප්‍රයත්නය භංග කර දැමිය යුතු ය. එය කළ යුත්තේ මහජන බලයෙනි. 

විශ්වාස භංගය පරදවා, 20වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන වහා මහ මැතිවරණය පැවැත්විය යුතු ය. මේ පිළුණු වූ පාර්ලිමේන්තුව අහෝසි කර දැමිය යුතු ය. එහි සිටින පල් සොරුන් නැවත පාර්ලිමේන්තුවට පත් නො කර ගත යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙම ක්‍රියාව සඳහා අවශ්‍යවන විචාර බුද්ධිය, එළැඹෙන මහ මැතිවරණයකදී ඡන්ද්දායකයින්හට පහළවේවායයි පතමු.

    ReplyDelete
  2. විශ්වාසභංග නෙමේ මහින්ද ගේ ග්‍රහයෝ තමයි භංග වෙලා තියෙන්නේ.

    ReplyDelete
  3. Summon of Namal is a lie fabricated by Namal himself

    ReplyDelete
  4. it is very obvious that ,corrupted mahinda clan trying their best to stop on going investigations.....Rajapaksa family trying to escape jail ,,instigating his henchmen in parliament ....looking at their behaviour it is visible...what they wants....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා