ජනාධිපති සපත්තු කඩේ

අප මෙම ඡායාරූපය පළ කරන්නේ හේතුවක් ඇතිව ය.

එය ප්‍රචාරණවාදී ඡායාරූපයක් නොවේ යයි අපි නො කියමු. එය නිකුත් කළේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් හෝ වෙනත් අංශයකින් වන්නට පුළුවන. එහි අරමුණ ජනාධිපතිවරයා සාමාන්‍ය මිනිසකු බව පෙන්වීම විය හැකි ය. 

එහි වැදගත් දේශපාලනික සංඥාර්ථයක් තිබේ. ලංකාවේ දේශපාලකයන් අතරින් බහුතරයක් දෙනා සිතන්නේ තමන් සුවිශේෂ පුද්ගලයන් පිරිසක් ය. දෙවියන් හෝ සොබාදහම විසින් ඓතිහාසික කාර්යභාරයක් සඳහා තෝරා ගත් පිරිසක් ය කියා ය. එබැවින් ඔවුහු සුපිරි මිනිසුන් ලෙස හැසිරෙන්නට උත්සාහ කරති. 

මේ කතාව ලංකාවේ දකුණේ මහින්දට ද, ඔහු අතින් පරාජය වූ ප්‍රභාකරන්ට ද පොදු ය. එසේම, ඔවුන්ගේ අනුගාමිකයන්ට ද අදාළ ය. 

මෛත්‍රීපාල ද කරමින් සිටින්නේ ඓතිහාසික කාර්යයකි. ඒ වනාහි මේ මානසිකත්වය බිඳ දැමීමයි. 

අපට අවශ්‍ය රජුන්, ඒකාධිපතියන් නොව සාමාන්‍ය මිනිසුන් වන නායකකයන් ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔන්න දැන් අවුරුදු එකසිය පනහකට විතර කලින් ඇමෙරිකාවෙ ජනාධිපති වෙලා හිටිය ඒබ්‍රහම් ලින්කන්ව මුණ ගැහෙන්න ගියාලු දන්න අඳුනන පොරක්. ඒ යනකොට මෑන් සපත්තු කුට්ටමක් පොලිෂ් කර කර ඉන්නවලු!

    මේක දැකපු හිතවතා ඇහැව්වලු ලින්කන්ගෙන් "ආ, ඔහේම ද ඔහේ ගේ සපත්තු පොලිෂ් කරන්නේ" කියල.

    ලින්කන් ගත් කටටම කියල තියෙන්නේ "ඇයි ඔහේ පොලිෂ් කරන්නේ කාගේ සපත්තුද?" කියලයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාකටින් කියන්නේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළා නම් ඒක නිල එකක් වෙනවා. දැන් මෙහෙම එකක් දැම්මාම ඒක සාමාන්‍ය කෙනෙක් දාපු එකක් වෙනවා. අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් මෝඩද? ඒ කාලේ මහින්ද හිටි ගමන් සාමාන්‍ය මිනිස්සු අතරට යනවා කියලා ප්‍රවෘත්ති වලට කියනවා. බලද්දි හැම දේම සැලෂුම් කරලා තමයි යන්නේ. අපේ මෝඩ මිනිස්සු ඒ කාලේත් මේවාට රැවටුණා. අදත් රැවටෙනවා. හෙටත් රැවටෙනවා.

      Delete
  2. ජනාදිපති මාද්‍ය අන්ශයෙන් නිකුත් කල එකක්නම් මීට වඩා පැහැදිලි විය යුතුයි මේකෙ කොලිටිය නිකන් අඩු වියදම් ෆෝන් එකකින් ගත්තා වගෙ මටනම්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාකටින් කියන්නේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළා නම් ඒක නිල එකක් වෙනවා. දැන් මෙහෙම එකක් දැම්මාම ඒක සාමාන්‍ය කෙනෙක් දාපු එකක් වෙනවා. අනේ අපේ රටේ මිනිස්සු මේ තරම් මෝඩද? ඒ කාලේ මහින්ද හිටි ගමන් සාමාන්‍ය මිනිස්සු අතරට යනවා කියලා ප්‍රවෘත්ති වලට කියනවා. බලද්දි හැම දේම සැලෂුම් කරලා තමයි යන්නේ. අපේ මෝඩ මිනිස්සු ඒ කාලේත් මේවාට රැවටුණා. අදත් රැවටෙනවා. හෙටත් රැවටෙනවා.

      Delete
    2. සරල මිනිසා සරල ලෙස පාවහන් ගන්නට ගොස් ආපු විදිහ
      https://www.facebook.com/nuwan.nirodha/videos/10153390786358501/

      Delete
  3. සපත්තු කඩේ වැඩකරන සේවක මහතෙක් මෙම ජායාරුපය රැගෙන, සමාජ ජාල වෙබ් අඩවියකට මුදා හැර බවයි ඇති බවයි දැනගන්නට ලැබුනේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඒවා මාර්කටින් කතා බං. උඹලා හරි මෝඩයි.

      Delete
  4. අපට අවශ්‍ය රජුන්, ඒකාධිපතියන් නොව සාමාන්‍ය මිනිසුන් වන මෛත්‍රීපාල වන නායකකයන්. අගමැති වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ නිලධාරින් ඇතුළු සෙසු අය ගල් ගසා මරා දමන දේශපාලනයට ගෙනා පාදඩ චණ්ඩි මල්ලි උපුල් මේ ඔක්කොටම රටට විනකරන අය නොවේ

    ReplyDelete
  5. I don't think this foto a pre-determined shoot for a publicity milage. One might have captured it from his mobile phone to publicize himself (foto shooter). What I noticed is the shoe mart is an ordinary one and President's choice is for ordinary pairs. Para's reference President Maithree as quite ordinary person and at least he wants not to be highlighted by pompous behavior in rather contrast manner than his predecessor is a fact. Maithree's behavior tells us his commitment for the change. Any takers for this transformation?

    ReplyDelete
    Replies
    1. You do no know about marketing my friend. This is absolutely a marketing foto. Can you bring a foto of him buying shoes at a simple shop when he was a minister.

      Delete
  6. ඊයා.......................මෛත්‍රී මොකුත් දන්නේ නෑ. ජනාධිපතිලා බඩු ගන්නේ මෙහෙම නෙවෙයි. කෙලින්ම පිටරටින් ඕඩර් කරලා ගෙන්නනවා. එක සපත්තු කුට්ටමක් රු 150000 ක් විතර ඇති. ඒ සල්ලි ගෙවන්නේ රටේ මිනිස්සුන්ගෙන් අයකරන බදු මුදල් වලින්. එහෙම නැත්නම් පිටරට ගිහින් එනකොට ඇති තරම් අරන් එනවා. කොමිස් සල්ලි වලින් ගන්නත් පුළුවන්. නැත්නම් මේවා ලංකාවට ගෙන්වන මුදලාලිලාගෙන් බලහත්කාරයෙන් ගන්නත් පුළුවන්.

    අරලියග මන්දිරේ සැටලයිට් ඇන්ටෙනා 50 ක් විතර තිබුනේ බලෙන් අරගෙන.

    ReplyDelete
  7. මේ ගැන පළ කරල තිබබ අදහසක් ( බුකියේ )

    "

    ReplyDelete
  8. ඔබාමත් කරනව ඔය වගේ දේවල්....දැන් ඉතින් බයියො රටේ නැති දෙවල් කියාවි .....

    ReplyDelete
  9. ජනාධිපති මෛත්‍රී කඩේයන (සපත්තුගන්න) කෙනෙත් බව දැනගත්තා, එයා ඇමති මෛත්‍රී කාලෙත් මේ වගේ කඩේ ගිය කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක හොද ප්‍රශ්නයක්. පුලුවන් නම් ඒ කාලේ පිනතූරයකුත් දැම්මනේ නොවැ අගේ.

      Delete
  10. නාස්ති කරමින් සෝභන පෙන්වීමේ ජහපාලනය
    6000 න් පටන් ගත්ත ජහපාලනය. අධිඅරක්ෂක කලාපවල ඉඩම් බෙදන්න යාපනයට රනිල් සහ මෛත්‍රී ගියේ හෙලිකොප්පර් 2ක. ඇයි එකක යන්න බැරි වියදම් අවම කරන්න අවංක උවමනාවක් තියෙනවා නම්.? නිමල් සිරිපාල ගේ මවගේ මළගෙදර බදුල්ලට ගියේත් හෙලිකොප්ටර් 2ක. එකත් වියදම් අවම කරන්නද ? රවී කරුණානායක ජා -ඇලට යන්නෙත් හෙලිපොපටරේ. කතරගම පොල් ගහන්න ගියෙත් හෙලිකොප්ටරේ .
    ඒ අතර මෛතී‍්‍රපාල සපත්තු කඩේකට රිංගනවා කැමරාකරුවන් එක්ක. මේවා බාල මාකටින් බොරු සෝභන වැඩ විතරයි. NGO මතවාද උසුරුවන ඝට්ටබින් නම් අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා බොරුවට මෝහනයකට පත්වෙලා හෝ ගාලා කමෙන්ට් කරනවා. අනික ගිහින් තියෙන්නේ එසේ මෙසේ කඩේකට නොවෙන බවත් පේනවා. ඒක ගැටළුවක් නැහැ. නමුත් කදුරුවෙල පොළේ පතෝල, වැටකොළු තෝරන පොටෝ දැක්කත් පුදුම වියයුතු නැහැ. ඒක තමයි මෛත්‍රීගේ මාකටින් සිස්ටම් එක.
    අගය කරනවානම් අගය කරන්න ඕන මේ වගේ මාකටින් වැඩක් නොවුන ටී.බී. ඒකනායක සංකෘතික ඇමතිලෙස චීනය සමග ගිය වසරේ BMICH එකේ දී ගිවිසුම් අත්සන් කරන උලළෙට එද්දී තම දුබල සපත්තු 2කේ අඩිය ගැලවුණ පසුත් ඒක වසන් කරගෙන හිටපු එක. ඒක ප්‍රදර්ශනය කලේ දෙරට අතර ගිවිසුම් ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්. ඒ කාලේ මේ අය ඒවා දැක්කේත් මහින්දගේ ආණ්ඩුවේ එකෙක් ගේ ජොල් වැඩ කියලා අමු කුහක විදිහට. අදටත් මහින්ද වාදියෙක් නිසා ඒකේ කිසි වෙනසක් නැතුව ඇති. ඔවුන්ට වැදගත් මෛත්‍රී ගේ මේවගේ හිතාමතා කරන බාල ගණයේ ඇක්ටින් තමයි.
    රටට පෙන්නන්න හදන සරලකම ඇත්තටම තියෙනනම් එකම ගමනට හෙලිකොප්ටර් දෙක ගානේ මොකටද? රවී කරුණානායකටත් චොපර් එක නැතිව අද ගමන් බැරි මොකද ? මේ පෙන්නන්නේ මෛත්‍රී යුගයේ සරලකමද ? ඒ විතරද ගිහින් බහිනකොට බෙන්ස් 2යි .ඩිපෙන්ඩර් 4යි . පොලිස් ජීප් 2කයි. පොලිස් බයික් 4යි . ඇම්බියුලන්ස් 1යි ඩොක්ටර් 2යි .නර්ස්ලා 4යි , ඇසට පේන සහ නොපෙනෙන බොඩිගාඩ් ලා 1300 යි. (එකදෙයයි නොකරන්නේ නලා පිඹගෙන නොයන එක විතරයි. සද්ධ නැති උනාට වැඩක් තියෙනවද ) සපත්තු ගන්න යනකොටත් යන්නේත් නිකම් නෙමේ නේ. මේ පිරිවරත් එක්කමයි. සපත්තු දෙකේ මිල රු 1000 -1500 යි . ඊට වඩා ලාභයි DSI සපත්තු වෑන් එකක් නිවසටම ගෙන්වාගෙන අවශ්‍ය සපත්තු දෙක තෝරාගෙන ගාස්තුව දීලා යවන එක. එහෙම කරලා අනවශ්‍ය නාස්තිය අවම කරගන්න පුළුවන් උනත් මේ වගේ සෝබන පෙන්වන්න නම් බැහැ. ඒකට ඉතින් ඕන මේ වගේ බාල වැඩ තමයි.
    Medhananda Himi
    රත්තනදෙණියේ මේධානන්ද හිමි.

    ReplyDelete
    Replies
    1. අනේ මේදෝ උඹ ෆේස් බුක් එක කාලා කාලා මෙතෙන්ටත් රිංගුවද?

      Delete
    2. හාදුරුවනේ..එජාප දෙවෙනි පෙළ වෙස්මුණු කාරයෝ..

      හෙළිකෝපටර් දෙකක යන්නේ ඇයි..?

      ලෝකෙ කිසිම රටක රාජ්‍ය නායකයෝ,උසස් හමුදා නිළධාරින් එක ගුවන් යානයක යන්නේ නෑ..හෙළිකෝපටරේ වැටිලා දෙන්නම එකපාර ගියොත් රට නන්නත්තාර (අස්ථාවර)වෙන හින්දා...අරාලි තුඩුව මතක ද

      උක්කුං ලස්ස 3 සපත්තු දාලා හදට යනකොට
      ලොකු මැණිකේ මහරගම ඉදන් කොළඹට ගුවනින් වඩින කොට
      නෑමල් ගුවනින් වැඩල පොලු තියපුවා ගෙව්වේ කොප්‍රල් කෙනෙක් ලුනේ
      Cosmos Aviation මගේ හාදුරුවනේ
      සජි කොලුවා බණ්ඩාගේ තොටේ බාපු ප්ලෙන් තාම දිරනවා හාමුදුරුවනේ

      අපේ සංස්කෘතිිය ගැන තායි සංස්කෘතියෙන් ටිෂුෂන් ගන්නකොට T.B මාට්ටු නේ
      උන්දෑ ගේ මායියා පාර්ලිමේන්තුවෙන් අහනවලු " මේ අපේ එක්කෙනා ඔහෙද "

      ඔය අඩිය ගැලවුණු සපත්තු දෙක වැඩිම ලංසුවට දෙන්නඩ ගිය එක
      පොඩි උන්ට උම්මා දෙන එක
      IIFA
      CHOGAM
      හති දාලා රෙදි උස්සන් වේදිකාවට නගින්නේ ඇම්මට හාදුරුවනේ.. බාල මාකටිං නෙමේ ද හාදුරුවනේ..වටිනාකම කොච්චර ද මිනිස්සු පොරකකා හිටියේ..

      ඔය ටිකයි කිව්වේ හිටං

      ගලපල්ලේ රූටාන්නද හිමි





      Delete
  11. නාස්ති කරමින් සෝභන පෙන්වීමේ ජහපාලනය
    6000 න් පටන් ගත්ත ජහපාලනය. අධිඅරක්ෂක කලාපවල ඉඩම් බෙදන්න යාපනයට රනිල් සහ මෛත්‍රී ගියේ හෙලිකොප්පර් 2ක. ඇයි එකක යන්න බැරි වියදම් අවම කරන්න අවංක උවමනාවක් තියෙනවා නම්.? නිමල් සිරිපාල ගේ මවගේ මළගෙදර බදුල්ලට ගියේත් හෙලිකොප්ටර් 2ක. එකත් වියදම් අවම කරන්නද ? රවී කරුණානායක ජා -ඇලට යන්නෙත් හෙලිපොපටරේ. කතරගම පොල් ගහන්න ගියෙත් හෙලිකොප්ටරේ .
    ඒ අතර මෛතී‍්‍රපාල සපත්තු කඩේකට රිංගනවා කැමරාකරුවන් එක්ක. මේවා බාල මාකටින් බොරු සෝභන වැඩ විතරයි. NGO මතවාද උසුරුවන ඝට්ටබින් නම් අලුත් දේශපාලන සංස්කෘතියක් කියලා බොරුවට මෝහනයකට පත්වෙලා හෝ ගාලා කමෙන්ට් කරනවා. අනික ගිහින් තියෙන්නේ එසේ මෙසේ කඩේකට නොවෙන බවත් පේනවා. ඒක ගැටළුවක් නැහැ. නමුත් කදුරුවෙල පොළේ පතෝල, වැටකොළු තෝරන පොටෝ දැක්කත් පුදුම වියයුතු නැහැ. ඒක තමයි මෛත්‍රීගේ මාකටින් සිස්ටම් එක.
    අගය කරනවානම් අගය කරන්න ඕන මේ වගේ මාකටින් වැඩක් නොවුන ටී.බී. ඒකනායක සංකෘතික ඇමතිලෙස චීනය සමග ගිය වසරේ BMICH එකේ දී ගිවිසුම් අත්සන් කරන උලළෙට එද්දී තම දුබල සපත්තු 2කේ අඩිය ගැලවුණ පසුත් ඒක වසන් කරගෙන හිටපු එක. ඒක ප්‍රදර්ශනය කලේ දෙරට අතර ගිවිසුම් ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්. ඒ කාලේ මේ අය ඒවා දැක්කේත් මහින්දගේ ආණ්ඩුවේ එකෙක් ගේ ජොල් වැඩ කියලා අමු කුහක විදිහට. අදටත් මහින්ද වාදියෙක් නිසා ඒකේ කිසි වෙනසක් නැතුව ඇති. ඔවුන්ට වැදගත් මෛත්‍රී ගේ මේවගේ හිතාමතා කරන බාල ගණයේ ඇක්ටින් තමයි.
    රටට පෙන්නන්න හදන සරලකම ඇත්තටම තියෙනනම් එකම ගමනට හෙලිකොප්ටර් දෙක ගානේ මොකටද? රවී කරුණානායකටත් චොපර් එක නැතිව අද ගමන් බැරි මොකද ? මේ පෙන්නන්නේ මෛත්‍රී යුගයේ සරලකමද ? ඒ විතරද ගිහින් බහිනකොට බෙන්ස් 2යි .ඩිපෙන්ඩර් 4යි . පොලිස් ජීප් 2කයි. පොලිස් බයික් 4යි . ඇම්බියුලන්ස් 1යි ඩොක්ටර් 2යි .නර්ස්ලා 4යි , ඇසට පේන සහ නොපෙනෙන බොඩිගාඩ් ලා 1300 යි. (එකදෙයයි නොකරන්නේ නලා පිඹගෙන නොයන එක විතරයි. සද්ධ නැති උනාට වැඩක් තියෙනවද ) සපත්තු ගන්න යනකොටත් යන්නේත් නිකම් නෙමේ නේ. මේ පිරිවරත් එක්කමයි. සපත්තු දෙකේ මිල රු 1000 -1500 යි . ඊට වඩා ලාභයි DSI සපත්තු වෑන් එකක් නිවසටම ගෙන්වාගෙන අවශ්‍ය සපත්තු දෙක තෝරාගෙන ගාස්තුව දීලා යවන එක. එහෙම කරලා අනවශ්‍ය නාස්තිය අවම කරගන්න පුළුවන් උනත් මේ වගේ සෝබන පෙන්වන්න නම් බැහැ. ඒකට ඉතින් ඕන මේ වගේ බාල වැඩ තමයි.
    Medhananda Himi
    රත්තනදෙණියේ මේධානන්ද හිමි.

    ReplyDelete
    Replies
    1. අපේ හාන්දුරුවනේ, නොදන්න සාත්තරේ කතා කලාට කමක් නෑ ඒත් හොයා බලල කරොත් තමා හොඳ, ලෝකේ කොහෙවත් රාජ්‍ය නායකයා සහ වැඩ බලන්න ඉන්න කෙනා එක කොප්පරේ යවන්නේ නෑ, එක අවශ්තාවක හැර ඒ දෙවනිය ගැන අවිශ්වාසනම් ලොක්ක බලෙන්ම දෙවෙනියත් කැටුව යෑම. අමරිකාවේ නම් ලොක්ක අවධානම වැඩි ගමනක් යනකොට උපතැන බංකරේකට දාලා වහල ගාඩ් කරනවා ලු. කියෙව්වේ නැද්ද ස්ටෝරිය එක ලස්සනට ලියලා තියෙන්නේ ඔබ වහන්සෙට නැටි හොයන්න තියල නෙවෙයි, හිටං රාහු හේම බලල ෂොපිං යන්න ගියා නෙවෙයි ලු නේ, පාරේ යනිං ගමං තකහනියේම හිටවලා කඩේට බැස්සලූ නෙව. හිටපු සංස්කෘකිනගේ වැඩ අනුමත කරන්නේ නං හොඳට අනුමත වෙලා ඉන්න ඔන, ඔබ වහන්සේත් ...

      Delete
    2. ඕයි , තමුසේ මේ කාලා දාගනනෙ නිවන අවබෝධ කරගන්න තියෙන කාලය

      Delete
  12. අනේ මෙහෙමත් හරකෙක්.... දෙන්නම එක හෙලිකොප්ටර් එකක ගිහින් වැටුණොත් අම්මට සිරි වෙයි. මතකනෙ බෝම්බ කාලෙ අම්මයි තාත්තයි එක බස් එකේ ගියෙ නැහැ.....

    ReplyDelete
  13. බණ්ඩලා‍ගේ හාවාJune 3, 2015 at 3:48 PM

    මේක පබ්ලිසිටි ස්ටන්ට් එකක් - ‍මෛත්‍රී සපත්තු තේරීම කෙසේ වෙතත් රටේ ආර්ථිකය ව‍ගේ දෙයකදි අවුල් කරගත්තොත් ඔය ච‍ාම් ඉමේජ් එක‍ට එතුමාව බේර ගන්න බැහැ

    ReplyDelete
  14. සරල මිනිසා සරල ලෙස පාවහන් ගන්නට ගොස් ආපු විදිහ
    https://www.facebook.com/nuwan.nirodha/videos/10153390786358501/

    ReplyDelete
  15. our people talk about Ecuador president. This president behaves bit similar.
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/17215-2015-06-04-22-37-56

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා