දිනමිණ නැවත කැළෑ පත්තර යුගයට?

දිනමිණ පුවතට අදාළ ඡායාරූපය  
දිනමිණ යනු මහින්ද රාජපක්ෂ සමයේ කැළෑ පත්තරයක් වැනි වූ දෙයකි.

කැළෑ පත්තර කලාවට හුරු වූ ආයතනයකට ලෙහෙසියෙන් සැබූ පුවත්පත් කලාවට හුරු වන්නට බැරි ය.

එපමණක් නොව, දැන් පුවත්පත් ද අනුගමනය කරමින් සිටින්නේ අන්තර්ජාලයයි. ඒකට නම් කමක් නැත. එහෙත් අනුගමනය කළ යුත්තේ වඩා හොඳ දේ ය.

දිනමිණ අනුකරණය කරන්නට පටන් ගෙන තිබෙන්නේ ගොසිප් වෙබ් අඩවි ය.

වගකිව යුතු රජයේ මාධ්‍යයක මෙවැනි පුවත් පළ වන යුගයක් අපට නැවතත් අවශ්‍ය ද?

විපක්ෂ නායක පොසොන් පෝ දවසේ සුරූපී නිරූපිකාවකගේ නිවසට යයි

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය පොසොන් පෝය දවසේ සුරූපී නිරූපිකාවකගේ නිවසට හදිසියේම ගොස් තිබෙනවා..

එම සුරූපී නිරූපිකාව අයිෂ් අතුකොරළයි. විපක්ෂ නායකතුමාගේ මෙම හදිසි ගමනට හේතුව කුමක්දැයි තවමත් අනාවරණය වී නෑ. තමන්ගේ ෆේස්බුක් පිටුවේ විපක්ෂ නායකතුමා ගැන අදහස් දක්වා ඇති අයිෂ් කියා ඇත්තේ ඔහු ශ්‍රේෂ්ඨ දේශපාලනඥයෙකු බවයි.

විපක්ෂ නායකතුමා අයිෂ් අතුකෝරළගේ නිවසට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //පොසොන් පෝ දවසේ සුරූපී නිරූපිකාවකගේ නිවසට//???
    කතුවරුන් මෙවැනි වදන් භාවිත කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ කුමක් විය හැකිද?

    ReplyDelete
  2. හෙක් හෙක් අර ඇනොලාගේ පරණ විහිළුව "දිණමිණ පැරාට " නැතුව පැරාට පාලුයි වගේ.

    ReplyDelete
  3. Aish Athukoralage's reply;
    "Lol u guys are sick !!! He came to meet my father lol it's nothing new ! They are at the same political party ! he came to visit the family. Not me !"

    ReplyDelete
  4. අයිස් අතුකෝරළ කියන්නේ කවුද ?

    ReplyDelete
  5. ඒකනේ කියන්නෙ.දිනමිණ හදන්නනම් පැරා වගේ දක්ශයෙකුටම දෙන්න ඕන කියල.අන්තවාදීන්ට වාසියට ලියයි කියලනෙ ඔය නොදෙන්නෙ.

    ReplyDelete
  6. මහාතිත්ථJune 8, 2015 at 9:18 AM

    විපස්ස නායකතුමා ඉතින් බොහෝම ප්‍රසිද්ධයි නෙව - හැබැයි එතුමා පැහැදිලිවම මේ පවුල සමග දේශපාලනික සම්බන්ධයක් නිසා මිස මේ දැරිවි හම්බුවෙන්න ගියා වෙන්න බෑ - ඒකනේ ඒ දැරිවිත් කියන්නේ - "දිණමිණ " කියන්නේ ලේක් හවුස් එකේ ෆ්ලෑග්ෂිප් සිංහල පත්තරේ - ඒකේ තත්ත්වය තියා‍ගෙන හිටියා - ලේක්හවුස් එකේ මේ ව‍ගේ නිවුස් පළ කරන්න අර එංගලන්තයේ "සන්" පත්තරේ වගේ ජී ඩබ්ලිව් සුරේන්ද්‍ර සංස්කරණය කළ "සවස" කියල පත්තරයක් තිබ්බයි කියල "ගුලි" ගේ ස්වයංචරිතපදානයේ මම කියෙව්වා මතකයි -

    ReplyDelete
  7. කවුරු ආවත් ආණ්ඩුව යටතට පත්වෙන ඕන පත්තරයක් ටික දවසක් යන කොට කැලෑ පත්තරයක් වෙනවාම තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා