කට්ටඩින් රජ කරන මහින්ද යුගයේ සිට බුද්ධිමත් සමාජයක් වෙත

හරක් මස් කෑම නිසා දේව දඬුවමක් ලෙස දින 21 ක් කාමරයක දමා සිර කර තිබීම හේතුවෙන් මාවනැල්ල වෑගන්තලේ පදිංචිව සිටි ඊ. ඒ. ආර්. ප්‍රසන්න පි‍්‍රයලාල් නැමැති 31 හැවිරිදි අවිවාහක තරුණයෙක් මිය ගොස් තිබේ.

හදවත් රෝගියකු වූ මෙම තරුණයාට නිසි ප්‍රතිකාර හා ආහාර ලබා නො දීම මෙම මරණයට හේතුව ලෙස විශ්වාස කරනු ලැබේ.

මෙය පසුපස තිබෙන තත්වය දේශපාලනිකව තේරුම් ගැනීමට අපි උත්සාහ කරමු.

පසුගිය නව වසරක් තිස්සේ මෙරට පාලකයා වී සිටියේ කේන්දර, යන්තර, මන්තර, ගුරුකම්, හදි, හූනියම්, අණවින, කොඩිවින හිස් මුදුනෙහි තබා ගත්, තමන් ප්‍රජාතන්තත්‍රික පාලකයකු නොව රජෙකු යයි සිතූ ජනාධිපතිවරයෙකි. ඔහු මහජන මුදලින් වැටුප් ගෙවමින් මන්තර, ගුරුකම්කාරයන් ද, හොර වෙදුන් ද සිය කාර්ය මණ්ඩලයේ තබා ගත්තේ ය.

මේ අතර, ඔහුට න්‍යායික වලංගුභාවයක් ලබා දීමට කැප වූ නලින් ද සිල්වා වැනි තක්කඩි බුද්ධිමත්තු ද දේශීය අවිද්‍යාව රජ කරවන න්‍යාය ගොඩනැගූ හ.

මෙම පසුබිම තුළ තක්කඩි හා මානසික රෝගීහු මිනිසුන්ගේ සාක්කු සුද්ද කරගෙන සුවපහසු හා කීර්තිමත් ජීවිත ගත කිරීම පිණිස කේන්දර බැලිල්ලට, කට්ටඩිකම්වලට හා හොර වෙදකමට යොමු වූ හ.

බුද්ධිමතුන් ලෙස සැලකෙන සමාජ ස්ථරය මේවාට එරෙහිව හඬක් නැගුවේ නැත. නිදසුනක් ලෙස, ප්‍රාතිහාර්යයෙන් ලෙඩ සුව කරන බව කියමින් මිනිසුන් සූරා කන හොර වෙදුන්ට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසි දිනෙක හඬක් නඟා නැත.

වාස්තු විද්‍යාඥයන් ලෙස පෙනී සිටිමින් ගෙවල්වල උළුවහු ජනෙල් වෙනස් කරන කට්ටඩියන්ට එරෙහිව සැබෑ වාස්තු විද්‍යාඥයෝ කිසිවෙක් පෙනී නො සිටිය හ.

පාසල් මේ අවිද්‍යාව පතුරුවන මධ්‍යස්ථාන බවට පත් විය.

ජනමාධ්‍ය ද මේ තක්කඩියන් සමග එක්ව ජනතාව රැවටීමෙන් මුදල් හම්බ කළ හ.

ඇතැම් සමාජවාදීහු ද දේශීය වෙදකම, දේශීය ගොවිතැන ලෙස හඳුන්වමින් ගර්හිත විද්‍යාවන් ප්‍රවර්ධනය කරන්නෝ බවට පත් වූ හ.

පොලිසිය, අධිකරණය පවා මේවාට යට වූ අතර, කොටකෙතන කාන්තා ඝාතන මාලාවේදී අද්භූත බලවේග ගැන විශ්වාස කරමින් පරීක්ෂණ හරිහැටි කිරීමෙන් වැළකුණ හ. 

ලාංකීය සමාජය තුළ හැමදාමත් මෙවැනි කාරණා හා අදාළව මහා මුග්ධත්වයක් තිබිණි. එහෙත්, පසුගිය නව වසර තුළදී එය උපරිමයට නැංවිණි. මේ වන විට ලාංකීය සමාජය යනු කොන්ද බිඳ දමා මුග්ධත්වයේ හෙළන ලද එකකි. දේශපාලන නායකත්වය වෙනස් වූ පමණින් සමාජය වෙනස් වන්නේ නැත. ඒ වෙනුවෙන් දැවැන්ත අරගලයක් කිරීමට සිදු වේ. 

තත්වය කෙතරම් නරක අතට හැරුණා ද යත්, රජයේ විශ්වවිද්‍යාලවල ජ්‍යෝතිෂය ගැන උපාධි පාඨමාලා ආරම්භ වන තත්වයක් ඇති විය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අපේ රටේ ජනමාධය මේ මිථ්‍යා විස්වාසයන් වැපිරවීමේ අපරාධයට සහ මුලින්ම වගකිව යුතුයයි මගේ විශ්වාසයයි.දිනපතා සහ සති අන්ත පුවත් පත් සහ,ඊටත් වැඩියෙන් විද්යුත් මාධ්යයන් මේ අපරාධය කරනවා.මේ මාධ්‍ය ආයතන එකිනෙකා තරඟයට මේ වැඩේ කරන්නෙ.(රන්ජන්)

    ReplyDelete
  2. Your hero went to an Indian kovil and offered sandalwood worth 45 million Rs! No single word uttered about this!

    ReplyDelete
    Replies
    1. Sorry dear, I don't have heroes in politics. I respect some people. Ranil is only a player in our camp. But he is not my hero.

      Delete
    2. Ranil or My3 the //AnonymousJune 7, 2015 at 5:39 PM// is referring here? O.o

      Delete
  3. අජිත් අද මමද මන්දා 1වෙනි කොමෙන්ට් එක. ඔබ මීට පෙර ලියු ආයතන ශක්තිමත් කලයුතු බවට ලිපිය හා මෙය සබැඳේ. මහින්ද නැමති ගර්හිත විශ්වාස පසුපස යන කටන්ඩිය නිරුවත් උනත් රටම රවටනා නලින් ද සිල්වා නම් හොර කුහක ඇදුරා තවමත් උගේ මායාව වපුරයි. ඌ එංගලන්තයෙන් phd එකක් ලබා ඒ පිහිටෙන් විශ්‍රාම යනතුරු හම්බ කරගෙන ළමයි ඒ අඩි පාරේම යවමින් එංගලන්තයේ කැම්පස් වලට යවා phd දෙමින් අපට නාථ දෙය්යගේ ප..යේ එල්ලෙන්න කියයි. ඔය පාහරයට ගල් ගසා මරා දැමීමට ගරු D.V. උපුල් මහා රජාට පවරමු.

    ReplyDelete
  4. හුටා .. මම සිංහලෙන් කොටන අතරේ දෙන්නෙක් කොමෙන්ට් කරලා. මම තුන හොඳේ.

    ReplyDelete
    Replies
    1. kakage eke google imei valain kotanna bene

      Delete
  5. මිනිසුන්ගේ ඇස් නැවත අරවන මේ ලිපියට මීට වඩා ප්‍රසිද්ධියක් දීමට අවශ්‍යයි. ඒත් ඇනෝ කෙනකුට කළ හැක්කේ මෙලසෙ කොමන්ටු කෙටීමට විතරයි.

    ReplyDelete
    Replies
    1. නැහැ. මෙම ලිපි හැකි තරම් පිරිසකට ඊමේල් කරන්න. නැතිනම් මුද්‍රණය කර බෙදා දෙන්න. කරුණාකර උපුටා ගත් තැන සඳහන් කරන්න.

      Delete
  6. මම හේතුවාදයට විරුද්ධ වෙන ප්‍රධාන හේතු තමයි හේතුවාදය නිසා බටහිර වෛද්‍යවරයා දෙවියෙක් වෙනවා එහෙම වෙනවට වඩා මිත්‍යාව කියන එක තියෙන එක හොඳයි.
    කෝපි කඩේ ටෙලිනාට්‍යයේ කුරුං ගොයියා වෙනුවට ඒ තත්වයට පවුල් සෞඛ්‍ය සේවිකාව දැම්මොත් කෝපිකඩේ මොන මලජරාවක් වෙයිද?
    අපේ ගෑනු පාරෙ යනකොට දිව්‍යලෝකෙන් ආව අයවගේ යනව ගෙවල්වලදී යමරජ්ජුරුවන්ගේ ප්‍රයිවට් සෙකට්‍රිලා වගේ ඉන්නවා. ඉතින් ලිංගික අසහනය එනවා. මේක ගැන එක හේතුවාදියෙක් වත් කතාකරන්නේ නැත්තේ ඇයි.

    ReplyDelete
    Replies
    1. අයිසේ පතිරණ, ගෙදර උන්දැටත් මෝල් වැඩිවෙලා තම උන්දැ ඔය රෝල් එක ප්ලේ කරන්නේ, අයිසේ බ්ලොග්ම බදාගෙන ඉන්නේ නැතුව යමක් කොරනවකෝ, දැන් දෙන්නෙම් නැත්තන් වෙනසකට කියල මැදමුලන හරහා කතරගම එක්කන් යනවකෝ අපුරුවට පස්සෙන් එයි , එහෙ ගිහිල්ලත් මොබිලේ එකෙන් බ්ලොග් චෙක් කරන්නේතුව

      Delete
    2. හේතුවාදය නිසා බටහිර වෛද්‍යවරයා දෙවියෙක් වෙනවා?
      එතකොට ඒ හේතුවාදී දෙවියෙක්ද?
      දෙවියො හේතුවාදීද?
      මොකක්ද මේ කතාව, පොඩ්ඩක් පැහැදිළි කරන්න බැරිද?

      Delete
    3. ඔය වෑගන්තලේ කේස් එක දිවයින පත්තරේ දැකලා මටත් ආවෙ ඔය සිතිවිල්ලමයි. පහුගිය කාලෙ මේ මිත්‍යාවාදී බව ගොඩක් දියුණු වුනා. මට පුදුමයි අපේ බොහෝ වැඩිහිටියන්ට වඩා, ඒ කියන්නේ දැනට ජීවතුන් අතර නැති හෝ වයස හැත්තෑව - අසූව ඉක්මවපු පරම්පරාවට වඩා අද තරුණ පරම්පරාව මිත්‍යාවන් තුළ ගිලිල ඉන්න අපූරුව. පහුගිය දාක ගුරුත්ව බලය ගැන නාසා එකෙන් පළ කරපු අදහසක එල්ලිලා මැරෙන්න හදපු එෆ් බී කොල්ලො සෙට් එක මතකද? මේව නිවැරදි කරන එක ජනවාරි 8වැනිද කරපු සෙල්ලම වගේ නෙවෙයි බොහොම බරපතළයි.

      Delete
    4. /මම හේතුවාදයට විරුද්ධ වෙන ප්‍රධාන හේතු තමයි හේතුවාදය නිසා බටහිර වෛද්‍යවරයා දෙවියෙක් වෙනවා./

      ඊනියා බටහිර වෛද්‍යවරයා 'දෙවියෙක්' වෙනවා නම් වෙන්නේ හේතුවාදය නිසා නෙවෙයි සමාජයේ තියෙනෙ ඉල්ලුම හා සැපයුම පිළිබඳ පර්ශනය්ක් නිසා. අද අපේ සමාජයේ ඉල්ලුමේ තරමට වෛද්‍යවරුන් මදි. ඉතින් ඔවුන්ට අනිවාර්යයෙන්ම වැඩි වටිනාකමක් ලැබෙනවා. වෛද්‍යවරුන්ගේ අධිකාරිය බිඳ දැමිය යුත්තේ ඔවුන්ට විකල්පයක් ලෙස සිංහල වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් කියන තක්කඩි ප්‍රමෝට් කිරීමෙන් නෙවෙයි.

      Delete
    5. මම මෙතනදී සඳහන්කලේ දොස්තරලාගෙන් ලෙඩට බේත් ගැනීම ගැන නෙමෙයි.
      දොස්තරලට වෙදකමෙන් එහාට ගිහින් සිවිල් බලයක් ලැබුනොත් ඒක සිංහල සංස්කෘතියට ඇතිකරන බලපෑම ගැන.
      ඒ වගේම හිතන්න ඕන දෙයක් තියෙනවා. ලංකාවේ හේතුවාදියන්ගෙන් බහුතරය බටහිර වෛද්‍යවරු, ඉතුරු අයගෙන් බහුතරය කලා අංශයෙන් උගත් අය
      විද්‍යාවේ ඉහලම තලය නියෝජනය කරන භෞතික විද්‍යාව ගණිතය වැනි අංශවලට සම්බන්ධ අයට මෙහෙම අමාරුවක් නැත්තේ මොකද?

      Delete
    6. ඊනියා සිංහල සංස්කෘතියට හෙණ ගැහුණහම අපට පාන්ද?

      Delete
  7. කුරුං ගුරූJune 7, 2015 at 9:50 PM

    රයිපාල ගුරුන්නාන්සෙත් රැකෝඩ්බාර් දේවාලේ ඉදන් ජෝතිෂ අනාවැකියක් පලකොරලා ඕං.
    මෛත්‍රි උන්නැහෙට මී හරක් 19ක් නිදහස් කොරන්ටලූ කියන්නේ ආයුවැඩෙන්ට.
    ඒක සිම්පැල් නොවැ 2015 මහමැතිවරනෙදි වාසූ,විමල්,ඩිලාන් වගේ 19 කට නාමයෝජනා නොදී නිදහස් කලා නං , මෛත්‍රි උන්නැහෙගේ අපලේ සුනේ සුං..........ඕංංං කිව්ව.

    ReplyDelete
  8. මේකට වැරදිකරුවා විදිහට මමනම් දකින්නේ කේන්දරයක් බලාගෙන කීයක් හරි හම්බකරගත් ගමේ කේන්දරකාරය, නැතිනම් දෙහිගෙඩියක් කපලා නූලක් බැදලා එදිනෙදා වියදම හොයාගත් ගමේ කට්ටඩිය වත් නෙමේ..
    ඒ අහිංසක මිනිස්සු ගමේ අයට මානසික සහනයක් ලබාගන්න හරි උදව් වෙලා එදාවේල හොයාගන්න ඇති..

    සැබෑ තක්කඩි තමා ස්වාභාවිකව වියැකිලා යන්න හෝ නැතිනම් පාරම්පරික වැදගත් කමක් ඇති දේ විදිහට පමනක් රැකෙන්න තිබ්බ මේ මිත්‍යා දුශ්ටීන් මහා වැදගත්කමක් ඇති සත්‍ය විදිහට පෙන්නල මිනිස්සුව මුලාකරපු නලීන් ද සිල්වා වැනි අන්තවාදී පිස්සන්, ඒවගේම මේවාට මාධ්‍ය ප්‍රචාරය දුන්න දොරමඩලාව, මවුබිම, දිවයින වැනි මාධ්‍ය පඩංගු..

    අර අසහනෙන් පිරිච්ච (බහුතර ) හිංගලබෞජ්ජ මධ්‍යම පාන්තිකයො ටික (අර 138, 174 වගේ රූට් වල ඉන්න, සෝමගෙ බන අහපු ඩයල් ටික තමා ) තමන්ගෙ ඇරියස් මකාගන්න ඕවා පස්සෙ දුවන්න පටන් ගත්තා..

    ReplyDelete
    Replies
    1. 138, 174 වගේ රූට් වල ඉන්න අයJune 8, 2015 at 9:19 PM

      අපි දැන් අහන්නේ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍රගෙ හයිබ්‍රිඩ් බණ ... හරි ද ඩෝ.

      Delete
  9. https://www.facebook.com/photo.php?fbid=10203867056586862&set=a.3730683675697.2130937.1534151500&type=1&theater

    ReplyDelete
  10. ලංකාවේ ඉන්න සාපේක්ෂ වශයෙන් භෞතිකවාදිම ලිබරල් දේශපාලකයා වන රනිලුත් කැබලිත්ත තිරුපති වඳින ලංකාවේ හිටපු භෞතිකවාදිම වමේ විද්වතෙක් වෙන සුචරිත ගම්ලතුන්ට ලෙඩට බෙහෙත් වෙනුවට මයියොක්කා කොළ පොවා ජීවිතයෙන් වන්දි ගෙවන්නට වූ රටක මහින්ද වගේ බයි රජෙකුත් ඒ සරණ යන බයි රැළකුත් මිත්‍යාවේ ගිලීම අරුමයක්ද ?

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය සුචරිත ගම්ලත්ට මයියොක්කා කැව්වේ ඔහුගේ අනුදැනුමකින් තිරව අර වසන්ත බණ්ඩාර කියන මුග්ධයා.

      Delete
  11. මහින්ද යනු සුද්ද රට දාල ගියට පස්සේ බිහිවුණු එකම සිංහල රජතුමාය . සුද්ද හැදුව සිවිල් පරිපාලනය ,ආර්ථිකය , සමාජ ක්‍රමය අලුයම ලු කෙල පිඩක් සේ පසෙක ලා . පෙර රජ කල මෙන් සහෝදර ඥාති වර්ගයා ඉදිරියෙට ගෙන ඇත දිගහැර වියදම් කරමින් රට ගෙන ගියේය . පුතුද පොදු ජනයාගේ බදු මුදල් තමාගේ සල්ලිමෙන් වියදම් කර සාජ්ජ දැමුහ . හොරු සහ මිත්‍යා විශ්වාස කාරයින් ඉදිරියට ගෙන මිනිස්සුන් රැවටුහ .

    ReplyDelete
  12. බුද්ධිමතුන් ලෙස සැලකෙන සමාජ ස්ථරය මේවාට එරෙහිව හඬක් නැගුවේ නැත. නිදසුනක් ලෙස, ප්‍රාතිහාර්යයෙන් ලෙඩ සුව කරන බව කියමින් මිනිසුන් සූරා කන හොර වෙදුන්ට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසි දිනෙක හඬක් නඟා නැත. +++++++++++++++

    සම්පූර්ණ ඇත්ත​. එලොවින් ආ ජීවකයා විසින් කරන වියාජ රැවටිල්ලට එරෙහිව මාධ්‍ය මගින් කරුණු හෙළි කල බවට මා විසින් කරන ලද යෝජනාවට බොහෝ වෛද්‍යවරු බිය වූහ​.අවසානයේදී මා විසින් තනිවම ලක්බිම පුවත් පත මගින් මේ පුද්ගලයාට විවෘත අභියෝගයක් කලෙමි. ඒ අභියෝගයෙන් පසුව නන්දසේන සුරියආරච්චි නම් මාධ්‍යවේදියා මගින් ලංකාදීප පුවත් පතේ සතිපතා පළ කරන ලද එලොවින් ආ ජීවකයා නම් ළිපි පෙළ නවතා දමන ලදි.

    ReplyDelete
  13. /මෙම පසුබිම තුළ තක්කඩි හා මානසික රෝගීහු මිනිසුන්ගේ සාක්කු සුද්ද කරගෙන සුවපහසු හා කීර්තිමත් ජීවිත ගත කිරීම පිණිස කේන්දර බැලිල්ලට, කට්ටඩිකම්වලට හා හොර වෙදකමට යොමු වූ හ./

    මේක වෙන එක බ්ලොග් ලෝකෙදිමත් පෙනුණා නේද? තමන්ගේ ජ්‍යෝතිෂකං වෙදකං කර ගන්න මාර්ගයෙක් වශයෙන් බ්ලොග් ලියන්න පටන් ගත් තක්කඩි චරිත අපට ඇති තරම් හම්බ වුණා නේද? (දැන් නම් හුඟක් හැලිලා ගිහින් මාකට් එක නැති වුණ නිසාද කොහෙද)

    ReplyDelete
  14. මහින්දට මේ රටේ මිනිස්සු රජ්ජුරුවෝ කිව්වේ නිකං නෙවෙයි... අතීතයේ ඉදලා මේ දක්වා හිටපු නායකයින්ගෙන් රට එක්සේසත් කරලා.. යුධ බිය නැති කරලා සාමය උදා කරවලා.. වැව් අමුණු කරවලා රට දියුණු පමුණු කරවලා මිනිස්සුන්ට ජීවත් වෙන්න හොඳ පරිසරයක් හදා දුන්න හැම නායකයම හිටියේ රජවරු හැටියට.
    ඒත් රාජකීය යුගය නිමාවෙලා පාර්ලිමේන්තු ක්‍රමය ආවට පස්සේ ටිකෙන් ටික බෙදිලා වෙන්වෙලා යන්න නියමිතව තිබුන රට ආයෙමත් එක්සේසත් කලේ නිදහස ලැබුන දවසේ ඉදලා හිටිය පාලකයින්ගෙන් එකම එක අයකු විතරයි...

    ඒ තමයි මහින්ද...

    ඉතිං යුද්ධයට මග පාදපු නායක නායකාදීනුත්.. යුද්දය වවං කාපු ජේ ආර්,ප්‍රේමදාස,චන්ද්‍රිකා,රනිල් වගේ රටේ කරුමෙට පහළ උන නායක නායිකාවනුත් වැනි අයගේ පාලනය යටතේ මෙලෝ රහක් නැති කාල වකවානූන් රැසක් පහු කලාට පස්සේ නැවතත් මේ රට එක්සත් කල... දියුණු කල නායකයෙක් පහළ උනාම මිනිස්සුන්ට ඒ කෙනාව අතීතයේ හිටිය වීර රජවරුන්ගේම පුරුකක් හැටියට පේන්න ගත්ත එකයි උනේ...

    එහෙම නැතිව නිකංම නිකං ජනාධිපති උන පලියෙන් මහින්ද රජෙක් උනේ නැහැ.. 2005දී මේ රටේ නායකයා උන මහින්ද නිකංම මහින්ද විතරයි.... මහින්දට රජා කියන ආමණ්ත්‍රණය නිකං ලැබුනේ නැහැ... මහින්ද එය උපයා ගත්තා... 2009 වසර වෙද්දි ඔහු එය සාඩම්බරයෙන් යුතුව උපයා ගත්තා...

    එහෙම නැතිව මේ කොහේවත් ඉන්න බඩගිනිකාර අපත කාලකණ්නි රැලකට රට කන්න තියෙන ආසාව ඉෂ්ඨ කරගන්න උදව් කරලා... ඒකට තමන්ගේ කටින්ම පුන පුනා “ජනාධිපතිතුමනි ඔබ අපට රජෙක්.. ඔබ අපට රජෙක්“ කියලා හත් පොලේ ගහලා කියාපු.. ඒත් පස්සේ හෙලිකොප්ටර්වල යන්න තියෙන ආසාවටයි.. මැරෙන්න කලින් අගමැති වෙලා බලන්න තියෙන ආසාවටයි.. තමන්ගේ සහෝදර රැලට ගස්ගල් ගංගා හූරං කන්න දෙන්න ආසාවටයි... වගේ ළඳරු ආසාවල් හින්දා තමන්ම රජෙක් කියලා කියාපු නායකයව පාවාදීලා පස්ස දොරෙන් පැනලා ගිය ගුණමකු.. නෝන්ජල්... හීනමානකාර පඹයෙකුට රජෙක් කියලා කියන්න මේ රටේ මිනිස්සුට පිස්සුවක් නැහැ.

    මහින්ද එය උපයාගත් හින්දයි මහින්දට රජෙක් කිව්වේ...

    ඒත් මේ හීනමානකාර,
    එංගලන්ත රැජිණගේ අත්මේස් එකට පෙම් බඳින... තමන්ගේ දුකට සැපට ලගින් හිටිය.. තුන්වේල උයලා කන්න දෙන... අර අහිංසක ගෙදර උන්න ගෑණිව එක්ක ගිහින් කොහේවත් ඉන්න හම්පඩ නාකි සුද්දියෝ ඉස්සරහා දණගස්සවන එක මහ ලොකු වැඩක් කියලා හිතං ඉන්න, රූකඩයෙකුට උපයාගත හැකි එකම දේ තමා පඹයෙක් කියන එක...

    ආවා මෙතන රජකමක් ගැන කියවන්න... ඔය හැටි ආසයිනං අපිත් කියන්නං තමුන්නැහේට... පඹ රජෙක් කියලා...

    ඔව් ඔව්... ඔබ පඹයෙක්... පඹයාණෙනි.. ඔබ පඹයෙක්... පඹ රජෙක්...

    පිස්සු තද වේවා.. පඹ රජාණෙනි...

    ReplyDelete
    Replies
    1. 2009 දී එහෙම රජෙක් වෙච්ච (නැත්නම් කරවපු) මහින්ද 2015 දී, 2005ටත් වඩා නිකමෙක් උනේ කොහොමද?

      Delete
    2. "පිස්සු තද වේවා.." පව් ඔයි මේ යකා ... නම කියල තිබ්බනම් ගෙදරට කියල බේතක් අරන් දෙන්න තිබ්බ

      Delete
  15. නලීන් ද සිල්වා මහත්තයා මිත්‍යාව පතුරුවනවා කියන්නේ කොහොමද?
    එයා කියලා තියෙනවා නාථ දෙවියෝ කියන හැමදේම එයා පිලිගන්න ලෑස්ති නෑ කියලා.
    ඒ වගේම නාථ දෙවියෝ බොරු කියන්නත් පුලුවන්, ඒ වගේම නාථ දෙවියන්ට වැරදෙන්නත් පුලුවන්.
    අනිත් අතට නලීන් ද සිල්වා මහතා සහ ඔහුගේ අනුගාමිකයන් නාථ දෙවියන්ගෙන් දැනුම ගත්තා දිවුරා කියනවා නම් ඇයි ඕක ප්‍රශ්නයක් කරගන්නේ.
    බටහිර විද්‍යාත්මක ක්‍රම හරහා පරීක්ෂණ කර සාක්කි ඉදිරිපත් කරනවා නම් මුල් අදහස කාගෙ වුනත් ගැටලුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. නාථ නිසා නලීන් ද සිල්වා අනාථයි කියමුකො.(දෘෂ්ඨිවාදීව)
      රෝයල් කොලීජියේත් නාථගේ කැඳයෙක් වැඩවසනවානම් අනෙක් ආයතන ගැන කුමන කතාද?
      නාථ හා අනාථ දේශහිතෛයිශියන්ට නාථදේව සංකල්පය චිරාත් කාලයක් විකුනං කන්න ලැබේවා !

      Delete
    2. මතු උපදින මෛත්‍රී බුදුන් වහන්සේ ගේ වර්තමාන බෝධි සත්ත්‍ව භවය නාථ දෙවියන් ලෙස බෞද්ධයන් සලකයී. ඒ අනුව සලකමින් ශ‍්‍රී දළදා මාලිගාවේ පෙරහැරේ සිව්මහා දේවාල අතුරින් ඉදිරියෙන්ම යන්නේත් නාථ දේවාල පෙරහැරයි. මෙවැනි බෞද්ධ ඇදිහිලී හා විශ්වාස හෑල්ලූකරමින් , මෛත්‍රී බෝධි සත්ත්‍ව සංකල්පය විනාශකරමින් තම බඩවියත
      හා තනතුරු රැකගැනීමට මුසාබස් දෙසන ප‍්‍රියන්තා සේනානායක(කැඳ), රාජකීය විදුහල්පති උපාලි ගුණසේකර, නලීන් ද සිල්වා වැන්නවුන් ගැන සැබෑ බෞද්ධයන් අවදිවිය යුතුනොවෙද?

      Delete
    3. jagath pathiranaJune 8, 2015 at 10:31 AM,

      අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්.

      (මේක විතරයි උඹට ලියන්න පුළුවන් එකම ස්ථානෝචිත කමෙන්ට් එක.)

      Delete
  16. මහාතිත්ථJune 8, 2015 at 12:43 PM

    එලොවින් ආ ජීවකයා කියන්නේ මම දකින කුප්‍රකටම රැවටිල්ල - ඒ පුද්ගලයා හමුවීමට ලෝක ප්‍රකට චරිත එනවා යැයි කියමින් වෙනත් පිහිටක් නැති අසරණ අහිංසක රෝගීන් ගසා කෑමට ඉඩදී කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව හෝ ලොකු කුට්ටියකට කතාව ලංකාදීපයේ පළ කළ එහි කතුවරයාත් අදාළ මාධ්‍යවේදියාත් වගකිව යුතුයි - හැබැයි ඒ විතරක් නෙවේ එම් බී බී එස් වෛද්‍යවරනුත් ඔය වගේ විකාර විශ්වාස කරන අවස්තා තිබෙනවා

    ReplyDelete
    Replies
    1. දොස්තර පාස් එක සහිත කාර් කීයක නම් දෙහි මිරිස් එල්ලලා තියනවද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා