රාජපක්ෂලාගේ ගෙවල්වල කුරුම්බා කැඩුවේ කවුරු ද?

‘මට පුදුම මගෙන් වැඩිපුර උදව් ගත්ත උදවියයි මට විරුද්ධව වැඩ කරන්නේ. එයාලගේ ෆයිල් තියෙන්නේ මගේ ළඟයි. අපේ ගෙදර කුරුම්බා කඩපු අයත් මට ද්‍රෝහිකම් කරනවා. ඒවට මම තරහ ගන්නේ නැහැ. සමාජයේ හැටි ඔහොම තමයි.'

මේ හිටපු ජනාධිපති අද දිවයින පුවත්පතට කරන ප්‍රකාශයකි. මෙවැනි ප්‍රකාශවලින් ම ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳ පැහැදිලි වේ. ඔහු තවමත් ජීවත් වන්නේ දේශපාලකයන් විය යුත්තේ රජු වන තමන්ගේ මාළිගාවේ වළං හෝදන, පොල් කඩන බැලයන් ය යන මානසිකත්වයේ ය.

තම නිවසේ කුරුම්බා කැඩූ අය ගැන ඔහු මෙසේ කියන අතරතුර ඔහුගේ ගෙදර දෙහි කපමින් සිටි කට්ටඩියකු වන සුමනදාස අබේගුණවර්ධන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දෙමින් රාජපක්ෂ පවුලේ දේපල පිළිබඳ කරුණු හෙළිදරව් කර තිබේ.

මෙහිදී වැදගත් වන්නේ මේ ෆයිල් කතාව ය. ඔහු මේ ෆයිල් ළඟ තබා ගන්නේ කුමට ද? යළි තමන් බලයට පැමිණි පසු පාවිච්චි කරන බව කියමින් තර්ජනය කරන්න ද? අපරාධ, දූෂණ, වංචා පිළිබඳ තොරතුරු වසන් කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතිඥවරයකු වන ඔහු දන්නේ නැද්ද?

වහා මෙම ෆයිල් අත්අඩංගුවට ගත යුතු ය. ඒවා ද, ඒවා සඟවාගෙන සිටීම ද විමර්ශනය කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කුරුම්බා කඩපු අය කියන්නේ අල්ලපු ගෙවල්වල කොල්ලෝ කෙල්ලෝ වෙන්න ඕනෑ. සමහර විට බාප්පා-මහප්පලා ගේ ළමයි හෙම?

    ReplyDelete
  2. /* ඔහු මේ ෆයිල් ළඟ තබා ගන්නේ කුමට ද? යළි තමන් බලයට පැමිණි පසු පාවිච්චි කරන බව කියමින් තර්ජනය කරන්න ද? අපරාධ, දූෂණ, වංචා පිළිබඳ තොරතුරු වසන් කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බව නීතිඥවරයකු වන ඔහු දන්නේ නැද්ද? */

    මං හිතන්නේ තාම ලංකාවේ පත්තරකාරයෝ හිටපු රජු ලඟ පනුවෝ වගේ ඇඹරෙමින් කියන දේ වාර්තා කරගෙන එනවා ඇති කිසිම ප්‍රශ්ණයක් අහන්නේ නැතුව!

    ReplyDelete
  3. /රාජපක්ෂලාගේ ගෙවල්වල කුරුම්බා කැඩුවේ කවුරු ද?/

    1. අපේ මාරයා අයියා
    2. මීමුරේ අබේපාල මාමා
    3. කට ගඳ දුමී අයියා
    4. අමුමිරිස් රනා

    තව ඉන්නවද?

    ReplyDelete
  4. ඔය අම්බ පච කෙලින්නේ.. ෆයිල් එක්කාසු කරන්න කොහෙද කාළයක්. හොරා කන්න නේ මුළු කාළයම කැප කළේ. දැන් දුක ඇති එහෙම දෙයක් වත් කර ගන්න බැරි උනාට. ෆයිල් තියෙනවානම් සද්ද බද්ද නැතිව තියාගෙන ඉන්නම ගොයියා...

    ReplyDelete
  5. දිවයින යනු කැලෑ පත්තරයකි.

    ReplyDelete
  6. Pong u Tamil is going to be staged again in SL ! Arjuna Mahendran plundered 45 billion ! Ravi Karunanayaka was found " not guilty"! 4 out of 6 store houses of SATHOSA have already been closed! LTTE is active in north. Etc. etc. are not news for you!

    ReplyDelete
    Replies
    1. ඇනෝ මේක ටී වී චැනල් එකක “පත්තර විස්තර“ වැඩසටහන නෙවෙයිනෙ නිව්ස් ඔක්කොම ගැන විස්තර ලියන්න. පැරාට ඉන්ටරස්ට් වෙච්ච එක ප්‍රවෘත්තියක් ගැන ලියල තියෙන්නෙ.

      Delete
    2. ane gono, paraaa ooka liwaa meeta dawas keepyakata kalin

      Delete
  7. Media should give more publicity to MR's corruption...

    ReplyDelete
  8. පස්සේ කාලෙක කළගුණ සලකයි කියල හිතාන වෙන්නැති කුරුම්බා කඩන් බොන්න දෙන්න ඇත්තෙ. දැන් කාලෙ මිනිස්සු ළඟ ඔය වටිනා කියන ගුණධර්ම නැහැ නොවැ.

    ReplyDelete
  9. ඔහේල මේ මක්කයි කියන්නෙ? කොල්ලො කුරුම්බ කැඩුවෙ අනුන්ගෙ ඉඩම් වල මුන් ඒව බලා කියාගත්තු එවුන්.මුන් ඒවයි හොරට පොල් පවා විකුන්න.අයිතිව තිබුනෙ ලොයර් කෙනෙකුටයි.

    ReplyDelete
  10. අලුත්ගම ‘කලු ජූනියක්’ කර අවුරුද්දයි..! Nothing happened to Gnanasara.
    Nothing happened to Mervin Silva who did 100 wrong things.
    Lokuma Kudda Duminda Silva is still rocking.!
    Bukiya Thilanga, Kappam Sarana, Ethanol D M Jayaratne, Jonstan Fernando,
    Ali hora Sajin Vaas, Killer Gotabaya, Raththaran hora Shiranthi,

    Talk about these.... HORU

    ReplyDelete
  11. දැන් කුරුම්බා කඩන්නෙ කවුද?

    ReplyDelete
  12. තමන් ගේ දේපල විකුනා දේෂපාලනය කරපු කෙනෙක් නේ
    පස්සේ අමාරෑ කාලෙක බෝතල් පත්තර කාරයට විකුනන්න වෙන්න ඇති

    ReplyDelete
  13. මුලින්ම ආප්ප කාපු උන් ඇරියා
    දැන් කුරුම්බ බීපු උන් ටිකත් ඇරලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා