මල්ෂා කුමාරතුංගගේ නයිට් ක්ලබ් ෆොටෝ හා සුචරිතවාදය

රාජපක්ෂ කල්ලියේ ජාතිවාදී සමාජ මාධ්‍ය කල්ලිය විසින් මල්ෂා කුමාරතුංග රාත්‍රී සමාජ ශාලාවක සිටියදී ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරමින් වෛරී ප්‍රචාරයක් ආරම්භ කර තිබේ.

ඔවුන් බලාපොරොත්තු වූ ලෙස ම එයින් මල්ෂා කලබලයට පත් ව තිබෙන බව ඇය සති අන්තයේ පුවත්පත්වලට දී තිබෙන සම්මුඛ සාකච්ඡාවලින් පෙනේ. ඇය කියන්නේ ඇය බොන්නේ වයින් පමණක් බවයි. එසේම, නයිට් ක්ලබ් යන්නේ සිය සැමියා සමග බවත්, දුම්බොන ඡායාරූප කෘත්‍රිමව සැකසූ ඒවා බවත් කියන්නට ඇය උත්සාහ කරයි.

නයිට් ක්ලබ් යන එක, මත්පැන් වඩියක් තොල ගාන එක, දුම් උරන එක හා නටන එක අපට නම් කුණුහරුපයක් නො වේ. ලංකාවේ නගර, ගම් හැම එකක ම මේවා විවිධාකාරයෙන් සිදු වේ. ඒවාට කාන්තාවෝ ද සහභාගි වෙති.

ලංකාවේ කුහක පිරිමි මේවා කරති. එහෙත්, තමන්ගේ ගැහැනුන්, පෙම්වතියන් ඒවා කරන එකට විරුද්ධ ය. එසේ කරන ගැහැනු නරක චරිත යයි සිතති. එහෙත්, ඔවුන් සමග ‘වරදෙහි' බැඳෙන්නට ලොල් වෙති.

උන්ගේ ගැහැනු උන්ට වාල්කම් කරති. බත් තම්බති. බත් කති. මහත් වෙති. හෙම්බත් වී ඇඳට වැටෙති. මිනිස්සු ඇඟ උඩ නැග ඉක්මණින් මබැස අනෙක් පැත්ත හැරී නිදා ගනිති. ගෑනු ඒ වෙලාවට එක්කෝ වහලේ පරාල ගනිති. නැතිනම් ඔලුවෙ කැක්කුම ගෙන මගහරිති. සමීක්ෂණයක් කර බැලුවොත් ලංකාවේ ගැහැනුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සුරතාන්තය නො දන්නා බව හෙළිදරව් වනු ඇත.

ඔය ජීවිතයට හෙළ කුල කාන්තාව යයි කියනු ලැබේ. මේ කුල කාන්තාවෝ ද තමන් නො ලබන සැප ලබන රාජපක්ෂ පවුලට කතිරය ගසති.

මහින්දගේ සල්ලිවලින් අන්තර්ජාලයේ සැරිසරමින් දවස පුරා මල් කඩමින් සිටින හොර උපාසක වෙබ් සුචරිතවාදියෝ ජාමෙ බේරා ගැනීමට කාට හෝ මඩ තලියක් ගසා මහින්දවත් රවටති.

පසුගිය දිනෙක මොවුන් කළ ප්‍රචාරයක කියැවුණේ හිරුනිකා කර උස සාරි අඳින්නේ පිටේ බුදුරුවක් පච්ච කොටා තිබෙන නිසා ය කියා ය. වෙන කාගේදෝ පච්චයක රුවක් ද එහි දක්වා තිබිණි. 

දේශපාලනයට එන කාන්තාවන් අධෛර්යවත් කිරීමත්, දේශපාලනය කරන ගැහැනුන්ගෙන් පවිත්‍රා වන්නිආරච්චි වැනි අද්භූත සත්වයන් නිර්මානය කර ගැනීමත් හැර අන් කිසිවක් මේ පුරුෂෝත්තමවාදී, ප්‍රතිගාමී වෛරී ප්‍රකාශවලින් සිදු වන්නේ නැත. 

මේවාට මුහුණ දීමේදී කාන්තාවන් එඩිතර විය යුතු ය. ඔව් මම නයිට් ක්ලබ් ගියා තමයි. බිව්වා තමයි. සිගරැටුත් බිව්වා තමයි. මට ඕනැ මිනිහෙක් එක්ක හැමනෙනවා තමයි. ඉතින් තොට මොක ද කියා අහන්නට කාන්තාවන්ට පරම අයිතියක් තිබේ. 

ඒවායේ හොඳ නරක තීරණය කිරීම පෞද්ගලික කාරණයක් මිස සමාජමය දෙයක් නො වේ. දේශපාලනය කළ යුතු වෙලාවට දේශපාලනය කළ යුතු ය. රෑට ඇඳට ගියාම දේශපාලනය නො ව රති කෙළිය කළ යුතු ය. උදේට ප්‍රබෝධවත්ව අවදි විය හැක්කේ එවිට ය. සමාජ වෙබ් අඩවිවල මෙවැනි කුහක ප්‍රචාර ගෙන යන අය වනාහි ලිංගික සැප නැති අසහනකාරයෝ ය.

මල්ෂාගේ දේශපාලනය ගැන අපට විශේෂ ඇගයීමක් නැත. එහෙත්, මේ පුරුෂෝත්තමවාදය දේශපාලනයේදී පරාජය කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සම්පූර්ණ ඇත්ත. අපේ රටේ ඉන්න සමහර ගනින්නාන්සේලාටත් ගෑණු ඉන්නවා. සමහර වෙනත් ආගමික පූජකයෝ හොරෙන් ගතකරන කාම ජීවිතය කිව්වොත් බල්ලෝ බත් කන්නේ නෑ. පිරිමි දේශපාලකයන්ගෙන් බහුතරය අවලම්මු. නොදකින් මුන්ගේ සුචරිතය.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට පුළුවන්ද ස්පෙසිෆික් උදාහරණ කිහිපයක් දෙන්න - වහෙං ඔරෝ බාසාවෙන් හරි කමක් නෑ - අපි කැමතියි සමාජයේ වැදුම් පිදුම් ගන්න නමුත් තමුන් පරාජිකා‍ වෙලා ඉන්න චරිත ගැන දැනගන්න

      Delete
  2. ඔන්න පැරා කාලෙකින් ඇත්ත කතා කරල තියනව... අනුන්ට කරදරයක් නෙවී තමන් ගෙ ආතල් එක ගන්න එකේ කිසිම වැරැද්දක් මම නම් දකින්නෙ නැ....ගොඩක් ආසියාතිකයන් සමාජයට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ නිදහස,සමානාත්මතාව.....එකී මෙකී නොකී සෑම දේ ගැන කතා කරයි.. නමුත් ඔවුන් එසේ කතා කරන්නෙ තමුන්ගේ ගෑණිට තියන ඔක්කොම නීති ටික දාල.... මම කියන්නේ පැරා ඇතුලු සියලු දෙනා.....

    ReplyDelete
  3. සම්පූර්න ඇත්ත...
    ඔවු මම නයිට් ක්ලබ් යනවා තමා, විවාහයට කලින් පිරිමි එක්ක ලිංගිය සබදතා පැවැත්තුවා තමා, සිගරට්, මත්පැන් බොනවා තමා, ඒවා මගේ සල්ලි වලින් කරනවා නම් තොපිලට ඇති ඇම්ම මොකක්ද කියලා අහන්න ගෑනුන්ට කොන්ද පන තිබුය යුතුයි...

    මම හිතන්නේ ගෑනියෙක් මෙහෙම කිව්වොත් ඒ ගෑනිට ගරහන්නේ පිරිමින්ටත් වඩා ජීවිතේට මේවා කරන්නට නොලැබෙන, හැබැයි කරන අය ගැන ඊරිසියාවෙන් ඉන්න ගෑනුම තමා..

    ReplyDelete
  4. පැරා මේ සතියේ රාවය පත්තරේට යවලා තියෙන ලිපිය වෙනුවට මෙයයි යවන්න තිබුනේ. බොහෝ දෙනෙක් මේ ලිපිය කියවිය යුතුයි.

    ReplyDelete
  5. හංගාගෙන ඉන්න ජඩකම් හා නැහැදිච්ච කම් නිරුවත් කළ වටිනා සටහනක් ! කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න ඊනියා සංවිධානගත උත්තමාවියන්ගෙ ක්‍රියාකාරකම් උද්ඝෝණ වලට වඩා මෙතැන නම් පුරුෂොත්තම වාදය කියන්නෙ මොකද්ද කියල මනාව හෙලි කෙරෙනව. මල්ෂා වැනි දහසක් නින්දා අපහාස fb හරහා විඳින සොයුරියනේ කියවපං මේ ලිපිය. fb හරහාත් නැගී හිටපල්ලා

    ReplyDelete
  6. Very honest writing. i agree with every point expressed here.

    ReplyDelete
  7. පච්ච පෙරුමාල්June 13, 2015 at 1:35 PM

    පච්ච කොටපු පුරාවිද්‍යා චක්‍රවර්තිලා ඉන්න රටේ, ගැනුන්ගේ පුකේ ඇති පච්චයක් දැක බියවී ආගම ධර්මය මතක් වුන
    නිදන් හොරුන්ට ,
    ස්ත්‍රි දූෂකයින්ට ,
    කුඩ්ඩන්ට,
    පොන්න සයිබර් බයියන්ට,
    රට කාපූ පල්හොරුන්ට,
    මුලින්ම මම කියනේ තොපි සුදොනො වෙයව්. ඊට පස්සේ............

    ReplyDelete
  8. ජීන මැඩම්ගේ පොට් එකේ ඉඳල මාට්ටු උන එකෙක් මේ රටේ සංස්කෘතිය භාර ඇමතිය වෙලා සිංහල බොදු ගැමි කම ගැන පොර ටෝක් දෙන,කුඩු බිස්නස් පතාකයෙක් සැදැහැවත් උපාසකතුමෙක් වගේ ධාතු වඩම්මන, කරටි කැඩෙන්න බොන දාහෙ කොළ වලට ඇඟ විකුණන මිනිහත් එක්ක නමට පවුල් කන නිළි ගණිකාවක් ටීවී පෙට්ටිය ඉස්සරහට ඇවිත් හෙළ කුල කතක් වෙන හැටි උගන්න රටක මල්ෂත් කරන්නෙ ඒකමයි. මේක තමයි අපේ බයි මානසිකත්වය.

    ReplyDelete
    Replies
    1. 80 - 90 ගනන් වල පකිස්ථාන් - ශ්‍රි ලංකා හවුල් චිත්‍රපටි නළු නිළියන් ගැන කියපු කතා මතක ද?

      Delete
  9. paralata malshala ganaeth liyanna hithenawa ehenam
    hodayi hodayi..
    thaththagen gaanak ahamabaweyi

    ReplyDelete
  10. සිංහල පිරිමි‍යෙක් වරදක් කලාම එහි අවනම්බුව පිරිමියාට විතඑයි නමුත් සිංහල ගෑනියෙන් වරදක් කලාම සිංහල ජාතියටම අපහාසයක් වෙනවා

    ReplyDelete
    Replies
    1. ආහ් ඇත්තද ?

      Delete
    2. අම්මපා?

      Delete
    3. එහෙම වෙන්නත් පුළුවන්, ඒ වරදෙන් ජගත් පතිරණ කෙනෙක් බිහිවුනෝතින්නම්.

      Delete
    4. ජගත් පතිරණ වැනි මිනිසුන් ඉන්නවා යැයි දැන ගැනීම පුදුමයක්. මෙන්න ජගත් පතිරණ ගැන මා ලියූ ලිපියක්.

      http://rasikalogy.blogspot.com/2014/12/story-of-evil-mind.html

      Delete
    5. අපරාදේ උබ ඉපදුණේ..

      Delete
  11. kohomada andu maruwat ekka meyage story wenas wela tiyina heti. dn Danpathi panthiya. nethidata samajawaraya. Agamak nethi Paharayo!

    ReplyDelete
  12. I agree. It is up to her end of the day.

    ReplyDelete
  13. //මේ කුල කාන්තාවෝ ද තමන් නො ලබන සැප ලබන රාජපක්ෂ පවුලට කතිරය ගසති. //
    රාජපක්ෂ පවුල විතරක් නෙවෙයි. ඔය ගොඩක් පක්ෂ වල ඉන්න ජනතාව ගැන මාධ්‍ය වල කතා කරන හැමෝම ඔය සැප ගන්නවා. පැරා නිකම් තොත්ත බබෙක් වගේ කතා කරන්න එපා. හොඳ ලිපියක් ලියල ඒකෙත් කොතනින් හරි අදාල කමක් නැති වුණත් මහින්දට ගහන්න හදන එකෙන් වෙන්නෙ ඒ ලිපියම අප්සෙට් වෙන එක. මහින්දව ඡන්දෙන් පැරැද්දුවට දේශපාලනිකව පරාජය කර ගන්න බැරි වීමේ දුක තමයි මේ ප්‍රකාශ වෙන්නෙ. ඒකට මේව කරල හරි යන්නෙ නැ පැරා අන්තර්ජාලෙ පැත්තෙවත් එන්නෙ නැති අපේ මිනිස්සු එක්ක මිට වඩා පුළුල් දේශපාලන සංවාදයක් කරන්න වෙනවා.

    ReplyDelete
  14. අජිත් පැරකුම්ට චීත්ත ගැන පුදුමාකාර ඇම්මක් ඇති බව මා හොඳින්ම නිරීක්ෂණය කර ඇත්තෙමි.

    මල්ෂා කා සමග හැමිනුනත් ඇත්තෙන්ම අවුලක් නැත. විස්කි , සිගරට් බිව්වාට අවුලක් ඇත්තේම නැත.

    ඒ උනත් මුන් ජනතාව ඉදිරියට එන්නේ හතර පෝයට සිල් ගන්නා උපාසක අම්මලා වාගෙය. මුන් ඇවිදින්නේ අහවල් එකට වෙනත් පුරුෂයකුගේ ඇඟේ වැදී හමන සුළං රැල්ලක් වදිදෝ වැනි බයකින් වාගේය .

    ඒ උනාට මුන්ගේ ඇත්ත ජීවිතේ ඔය දාලා තිබුන ෆොටෝ වල ජීවිතය තමාය .

    අජිත් පැරකුම් වාගේ චීත්ත වාහෙලට මේ දෙබිඩි කාලකන්ණි දේශපාලන ගණිකාවන් ගැන ඇතිවෙන කැක්කුම පිළිකුල් සහගතයි. මුන් ගැහැනුකම යොදා ගන්නේ අහිංසක මහාජනතාවගේ චන්දේ මංකොල්ලකාලා පාර්ලිමේන්තු ගිහින් ඒකෙන් ලැබෙන වරප්‍රසාද වලින් උන්ගේ මජර ජීවිත වඩාත් සැපවත් කරගන්න . මහජනතාව රැවටෙන්නේ ඇයි කියලා ගොන්ම ගොන් ප්‍රශ්න නම් අහන්න එපා පිස්සු හුටන්ලා..

    මේ වගේ පින්තුර තව දාස් ගානක් ෆේස් බුක් දාපල්ලා පුළුවන් එවුන් ... ගෑණු එවුන්ගේ විතරක් නෙමේ . ඔය සුදු ඇඳගෙන පාහරකම් කරන ගෑණු , පිරිමි ඔක්කොම එවුන් සමාජයට එළිදරව් කරපල්ලා. එතකොට අවම වශයෙන් මුන් දෙබිඩ්ඩෝ , දෙබිඩ්ඩියෝ කියලාවත් සමාජය දැන ගනීවි.

    ReplyDelete
  15. http://wireceylon.com/sin/2015/06/14/malsha-kumaranatunge-nightclub-full-story/

    ReplyDelete
  16. ඉහත ඇනෝ ගේ කොමෙන්ටුව මෙන්ම ලෙස්ලිගේ කොමෙන්ටුවෙත් ගත යුත්තක් තිබෙනවා . මම මෙහිදී සහය දෙන්නේ ගැහැනියකට වයින් ටිකක් බීවා කියා කරන අපහාස වලට එරෙහි වීමකට මිස මලෂා කුමාරතුංග වැනි අයගේ කුජිත දේශපාලනයට නොවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා