Posts

Showing posts with the label ජීවන් කුමාරතුංග

මල්ෂා කුමාරතුංගගේ නයිට් ක්ලබ් ෆොටෝ හා සුචරිතවාදය

Image
රාජපක්ෂ කල්ලියේ ජාතිවාදී සමාජ මාධ්‍ය කල්ලිය විසින් මල්ෂා කුමාරතුංග රාත්‍රී සමාජ ශාලාවක සිටියදී ගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධ කරමින් වෛරී ප්‍රචාරයක් ආරම්භ කර තිබේ. ඔවුන් බලාපොරොත්තු වූ ලෙස ම එයින් මල්ෂා කලබලයට පත් ව තිබෙන බව ඇය සති අන්තයේ පුවත්පත්වලට දී තිබෙන සම්මුඛ සාකච්ඡාවලින් පෙනේ. ඇය කියන්නේ ඇය බොන්නේ වයින් පමණක් බවයි. එසේම, නයිට් ක්ලබ් යන්නේ සිය සැමියා සමග බවත්, දුම්බොන ඡායාරූප කෘත්‍රිමව සැකසූ ඒවා බවත් කියන්නට ඇය උත්සාහ කරයි. නයිට් ක්ලබ් යන එක, මත්පැන් වඩියක් තොල ගාන එක, දුම් උරන එක හා නටන එක අපට නම් කුණුහරුපයක් නො වේ. ලංකාවේ නගර, ගම් හැම එකක ම මේවා විවිධාකාරයෙන් සිදු වේ. ඒවාට කාන්තාවෝ ද සහභාගි වෙති. ලංකාවේ කුහක පිරිමි මේවා කරති. එහෙත්, තමන්ගේ ගැහැනුන්, පෙම්වතියන් ඒවා කරන එකට විරුද්ධ ය. එසේ කරන ගැහැනු නරක චරිත යයි සිතති. එහෙත්, ඔවුන් සමග ‘වරදෙහි' බැඳෙන්නට ලොල් වෙති. උන්ගේ ගැහැනු උන්ට වාල්කම් කරති. බත් තම්බති. බත් කති. මහත් වෙති. හෙම්බත් වී ඇඳට වැටෙති. මිනිස්සු ඇඟ උඩ නැග ඉක්මණින් මබැස අනෙක් පැත්ත හැරී නිදා ගනිති. ගෑනු ඒ වෙලාවට එක්කෝ වහලේ පරාල ගනිති. නැතිනම් ඔලුවෙ කැක්...

රජයේ ඉඩම් බදු දීම හා ඉන්පසු බදු පැහැර හැරීම කුමන්ත්‍රණකාරී ජාවාරමක්

(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) රජයේ ඉඩම් දේශපාලන හා ව්‍යාපාරික හිතවතුන්ට බදු දීම හා ඉන්පසු ඒවා බදු ගත් අය රජයට බදු ගෙවීම පැහැර හැරීම ද රජය එයට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම හා අදාළ බදු ගිවිසුම් අවලංගු කර එම දේපල පවරා ගැනීමට කටයුතු නො කිරීම කුමන්ත්‍රණකාරී ජාවාරමක් බවට පත් වී ඇති බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජීවන් කුමාරතුංග අද දිවයින පුවත්පතට කරන ප්‍රකාශයකින් පැහැදිලි වේ. රජයේ ඉඩම් බදු පදනම මත ලබාගත් ව්‍යාපාරිකයන් වාර්ෂිකව රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම නිසා පසුගිය වසර විස්‌සක කාලය තුළ රජයට රුපියල් මිලියන දාහකට අධික පාඩුවක්‌ සිදුවී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා "දිවයින" ට පැවැසීය. රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජය සතු ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා ව්‍යාපාරික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට ලබාදීමට සිදු කරයි. මෙම වැඩපිළිවෙළ යටතේ පසුගිය කාලය තුළ ඉඩම් අක්‌ක...