රජයේ ඉඩම් බදු දීම හා ඉන්පසු බදු පැහැර හැරීම කුමන්ත්‍රණකාරී ජාවාරමක්

(2009 ඔක්තෝබර්  14 - W3Lanka) රජයේ ඉඩම් දේශපාලන හා ව්‍යාපාරික හිතවතුන්ට බදු දීම හා ඉන්පසු ඒවා බදු ගත් අය රජයට බදු ගෙවීම පැහැර හැරීම ද රජය එයට එරෙහිව ක්‍රියාමාර්ග නො ගැනීම හා අදාළ බදු ගිවිසුම් අවලංගු කර එම දේපල පවරා ගැනීමට කටයුතු නො කිරීම කුමන්ත්‍රණකාරී ජාවාරමක් බවට පත් වී ඇති බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජීවන් කුමාරතුංග අද දිවයින පුවත්පතට කරන ප්‍රකාශයකින් පැහැදිලි වේ.



රජයේ ඉඩම් බදු පදනම මත ලබාගත් ව්‍යාපාරිකයන් වාර්ෂිකව රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම නිසා පසුගිය වසර විස්‌සක කාලය තුළ රජයට රුපියල් මිලියන දාහකට අධික පාඩුවක්‌ සිදුවී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා "දිවයින" ට පැවැසීය.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ රජය සතු ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා ව්‍යාපාරික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට ලබාදීමට සිදු කරයි. මෙම වැඩපිළිවෙළ යටතේ පසුගිය කාලය තුළ ඉඩම් අක්‌කර පනස්‌දාහක්‌ පමණ ලබාදී ඇත. රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝ කාලීන බදු බලපත්‍ර සකස්‌ කිරීමේ මූලික කටයුතු සහ එම ඉඩම් රජය බදු දුන් විට රජය නියම කරන බදු මුදල් එකතු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කරයි.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා ඉඩම් බදු වශයෙන් රජයට වාර්ෂිකව රුපියල් මිලියන තුන්සිය පනහක මුදලක්‌ ලැබිය යුතු වුවත් එම මුදලින් විශාල ප්‍රමාණයක්‌ රජයට නියමිත පරිදි නොලැබෙන බව පැවැසීය. බදු අයකර ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදයේ පවතින දුර්වලතා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ඉඩම් නිලධාරීන්ගේ අකාර්යක්‌ෂම තාවය මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා ඉදිරියේදී දිගින් දිගටම නියමිත පරිදි බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන්ගේ බදු ගිවිසුම අහෝසිකොට රජයට පවරා ගන්නා බව ද වැඩිදුරටත් පැවැසීය. 

ඉඩම් ඇමතිවරයා කරන්නේ වරද පරිපාලනය පිට පැටවීමයි. එහෙත් ඇත්තෙන් ම මෙම ඉඩම් බදු දීම් සිදු වන්නේ නිසි පරිපාලන ක්‍රමවේදවලට වඩා දේශපාලන හිතවත්කම් සහ අල්ලස් මත ය. බදු ගෙවීම පැහැර හරින්නන් ආරක්ෂා කරන්නේ ද එම පදනම මත ම ය.බදු ගෙවිම පැහැර හැර දේපල භුක්ති විඳීම ඇතැම් බදුකරුවන්ගේ මූලික ම අරමුණකි.


ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින ඉඩම් නිලධාරීන්ගේ අකාර්යක්‌ෂමතාව නැති කිරීමට මුලින් ම කළ හැකි දෙයක් වන්නේ දේශපාලකයන් මේ කටයුතුවලට අත නො පොවා දූෂණයෙන් තොරව නිසි පරිපාලන ක්‍රමවේද අනුව ඉඩම් බදු දීම සිදු වේ ද යන්න අධීක්ෂණය කිරීමයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා