ජනාධිපති වෙනුවෙන් හේමකුමාර ගිනි තියාගන්න යයි


(2009 ඔක්තෝබර්  12 - W3Lanka) එක්‌සත් ජාතික පක්‌ෂය හා සෙසු‌ පිරිස්‌ එකතු වී ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ රණවිරුවන් යුද අධිකරණය වෙත ගෙන යෑමට උත්සාහ දරන බව ද වසර 32 ක්‌ පැවති කුරිරු ත්‍රස්‌තවාදය රටින් තුරන් කොට රට එක්‌සේසත් කර අඛණ්‌ඩ සංවර්ධන ක්‍රියාවලියක්‌ රටට හඳුන්වාදුන් මහින්ද රාජපක්‌ෂ මහතා සහ රණවිරුවන් යුද අධිකරණයට ගෙන යෑමට උත්සාහ කළොත් එයට විරුද්ධව මේ රටේ ලක්‌ෂ ගණනක්‌ ජනතාව ජීවිතවලට ගිනිතියා ගැනීමට සූදානම් බව ද ඒ ජනතා පෝලිමේ පළමු වැනියා හේමකුමාර නානායක්‌කාර බව ද කෘෂිකර්ම ඇමැති හේමකුමාර නානායක්‌කාර මහතා පසුගියදා ඇල්පිටියේ නව බස් නැවතුම්පොළක් විවෘත කිරීමේ උත්සවයකදී පැවැසීය.

කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි හේමකුමාර නානායක්කාර එක්සත් ජාතික පක්ෂය වාසිදායක තත්වයක සිටියදී එයට එක් ව සිටි අතර පසුව ඇමති තනතුරක් ලබා ගනිමින් යළි ආණ්ඩුවට එක් විය. 2005 ජනාධිපතිවරණය සමයේදී හා ඉන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට දැඩිව ම ප්‍රහාර එල්ල කළ එජාප මන්ත්‍රීවරුන් අතරින් එක් අයකු වන හේමකුමාර නානායක්කාර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් ගිනි තබා ගෙන මැරෙන්නට සූදානම් පෝලිමේ සිටීම ජනාධිතිවරයාගේ ජනප්‍රියත්වය ප්‍රදර්ශනය කරන සාධකයක් බව අපේ අදහසයි.



එහෙත්, එක්සත් ජාතික පක්ෂය මේ පෝලිමට එක් වීමට සිටින සෙසු මිනිසුන් බිය වද්දා ඔවුන් පෝලිමට එක් වීම වැළැක්වීමට ඉඩ තිබේ. එසේ වුවහොත්, ඇමති හේමකුමාර ආපසු හැරී බලන විට කිසිවකු පෝලිමේ නැති වීමට ඉඩ ඇති බැවින් මෙම පෝලිමට දැන් සිට ම ආරක්ෂාව සැපයිය යුතුව තිබේ. 


(බලන්න, මේ ඡායාරූපයේ පවා එතුමා හිටපු ඇමරිකන් තානාපති සමග ඉන්නේ රවාගෙනයි. දේශප්‍රේමය!)



Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප