මුලින් එන්නේ මහ මැතිවරණය? විධායක අගමැති ක්‍රමයකට ආපසු?

(2009 ඔක්තෝබර්  18 - W3Lanka) කඩිනම් ජනාධිපතිවරණයක් පිළිබඳ කටකතා පැතිරෙමින් තිබුණ ද, මහ මැතිවරණය ඊට පෙර පැවැත්වීමේ ඉඩකඩ වැඩි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 


හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ජනාධීපති පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට පළ වූ මාධ්‍ය වාර්තා ඒ මහතා තවමත් ප්‍රතික්ෂේප කර ඇති සංදර්භයකදී ඔහු ඉදිරිපත් වුවහොත් එය විශාල අභියෝගයක් විය හැකි බැවින් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දැමීමට ඉඩ ඇති බව පාලක කණ්ඩායමට සමීප ආරංචි මාර්ග පවසයි. 


එසේ ම, විධායක ජනාධීපති ධුරය අහෝසි කිරීම ජවිපෙ හා එජාපය විසින් සටන් පාඨයක් ලෙස ඔසවන්නේ නම්, ආණ්ඩුව විසින් ම එය අහෝසි කර විධායක අගමැති ක්‍රමයක් ඇති කිරීම පිළිබඳව ද පාලක කණ්ඩායම සලකා බලමින් සිටින බව ද දැන ගන්නට තිබේ. ඒ සඳහා තුනෙන් දෙකේ බලයක් ලබා දෙන ලෙස මහ මැතිවරණයේදී ජනතාවගෙන් ඉල්ලා සිටීමට ආණ්ඩුවට ඇති හැකියාව ද සාකච්ඡා වී තිබේ. 


එසේ වුවහොත් අගමැතිවරයකු පත් නො කර ජනාධිපති ධුර කාලය අවසන් වන තුරු ජනාධිපතිවරයා ම අගමැති ධුරයේ ද කටයුතු කරමින් අවශ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් සඳහා සංක්‍රමණය වීමේ හැකියා ආණ්ඩුවට තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා