කැනඩාවට පනින්න හැදූ ලාංකික පිරිසක් එරට මුහුදේදී කොටු වෙති.


(2009 ඔක්තෝබර්  19 - W3Lanka) ලෝකෙන් උතුම් රට යයි කියන ලංකාවෙන් බටහිර රටවලට මිනිසුන් පැන යන්නේ නැව් පිටින් ය. පසුගියදා ඔස්ට්‍රේලියාවට පැන යමින් සිටියදී ඉන්දුනීසියාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ 200කට අධික පිරිස ආපසු ලංකාවට යා නො හැකි බව කියමින් මාරාන්තික උපවාසයක යෙදී සිටිති.

මේ අතර අලුත් ම සිද්ධිය වන්නේ කැනඩාවට පළා යමින් සිටි තවත් පිරිසක් එරට මුහුදු සීමාවේදී කැනේඩියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමයි.


මේ පිරිසට 76දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් යාත්‍රා කරමින් සිට ඇත්තේ ඔෂන් ලේඩි නම් කුඩා නැවකයි. මේ සමග ඇති පිංතූරවල එම කුඩා යාත්‍රාව සහ එහි යමින් සිටි සංක්‍රමණිකයෝ දැක්වෙති.

Comments

  1. හපොයි !!!
    මුන්ට රට යන්න ආණ්ඩුව උදව් කරනවා වත්ද?

    ReplyDelete
  2. මොකක් වෙතත් කෙසේ වෙතත් මේක අපේ රටවලට(ලංකාවට) කණගාටු විය යුතු දෙයක්.

    ඒත්...

    මේක ඒක අතින් පුදුම වෙන්න දෙයක් නෑ මොකද මේ රටවලට (මාද ඉන්නේ කැනඩාවේයි) එන්න මහත් වෙහෙසක් හා ප්‍රග්ධනයක් යෙදීය යුතු නිසාත් අප රටේ තිබෙන ජිවත් වීමට අපහසුකාරී තත්වය නිසාත් මෙසේ නිතීවිරෝධිව කරන්න බලනවා. (නිතීවිරෝධිව ඇවිත් මෙ‍හි සුද්දීයෙක් බැඳ ගෙන දැන් නිත්‍යාකුලව කැනඩියානු කෙනෙක් වුණ (හිටපු) ලංකීකයෙකුත් ඉන්නවා, පුදුමේ කියන්නේ ඔහු වැඩ කරන්නේ තානාපති කාර්්‍යාලයේ!)

    ReplyDelete
  3. ඒක තමයි ලේසිම ක්‍රමය බිංකුවෝ ....
    එතකොට කාටවත් මුකුත් කියන්න බෑනේ....

    ReplyDelete
  4. අල්ලස් විමර්ශනයක විත්තිකාරියක වී සිටින අගනුවර ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක හිටපු විදුහල්පතිවරියක් පසුගියදා පවුල පිටින් කැනඩාවට සංක්‍රමණය වුණේ මේ වගේ අමාරුවෙන් නෙමෙයි. වීසා ඇතිව නීත්‍යානුකූලව.

    ReplyDelete
  5. මුදල් තියෙන බලය (දේශපාලන මිතුරන් ඉන්න) ධනේචර පුද්ගලයින් එසේ "නීත්‍යාකුලව"යැයි පැමිණිය හැකි වෙනවා ඇති.

    නමුත් නිතී්‍යාකුලව නොකලා වුවත් ඒ තැනැත්තියට වඩා අවංක හා සාධාරණ හේතුවක් තිබෙන්නට ඇති මේ 47දෙනාට. අවසානයේ අපේ රටේ කවදත් වෙන්නාසේම ඔවුන්ගේ කරුමයම හරස් වෙති.

    ගුවනින් පැය 6-7ක දිගු ගමනක් යන්නට වෙන එකේ (කොටින්ම SriLankanවත් කැනඩාව හා ඇමෙරිකාවට පියාසර නොකරයි. ඒ ජාත්‍යන්තර ගුවන් ගමනාගන නිතීයක් නිසා) මෙතරම් සා දුරක් රාත්‍රි කිහිපයක් කරදර හා දුක් මැද්දේ වැන්කුවර් වැනි ශිතාධික ප්‍රාන්තයක (එවැනි ප්‍රාන්තයක් තෝරා ගන්නේ මන්දැයි මම තවම පුදුම වෙමි) එන්න තරම් කැපවීම් කර ඒ අසරණයන් ගැනයි මට දුක.

    ReplyDelete
  6. Do companies in Canada even hire international workers? I sent out over 100 hundred job applications and have heard nothing. I don't know if the cover letters and CVs I prepared are adequate for Canada but I've been having a hard time. Any suggestions for how to best prepare CVs for Canadian companies?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා