රුබෙල්ලා එන්නත: හිටපු සහ වත්මන් කොමිස් කාක්කන්ගේ අදහස් මෙන්න


(2009 ඔක්තෝබර්  20 - W3Lanka) කොමිස්‌ මුදල් ලබාගැනීමට වඩා අහිංසක දරුවන්ගේ ජීවිත ආරක්‍ෂා කර ගැනීමට මුල්තැන දීකටයුතු කරන ලෙස හිටපු සෞඛ්‍ය ඇමතිනියක් වන රේනුකා හේරත් එජාප මන්ත්‍රීවරිය වත්මන් සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 

කොමිස් ගැසීම සඳහා බාල ඖෂධ ආනයනය කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති බව පෙනෙන හේරත් මන්ත්‍රීවරිය
මෙම රුබෙල්ලා එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාව පවා එම එන්නත පාවිච්චි නොකරන අතර බාල වර්ගයේ එම එන්නත තවදුරටත් මෙරටට ගෙන්වන්නේ කොමිස්‌ මුදල් ලබාගැනීමේ අරමුණින් බව අවධාරණය කරයි. 


නීති ප්‍රකාරව නිෂ්පාදිත දිනය පවා සඳහන් කර නොමැති මෙම එන්නත විෂ වීමෙන් මේ වසරේදී පාසල් දැරියෝ දෙදෙනෙක් මිය ගියහ.

මේ අතර සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ
ඇතැම් පාර්ශ්වයන් මෙරට ජාතික ප්‍රතිශක්‌තිකරණ වැඩසටහන සඳහා රුබෙල්ලා එන්නත මිලදී ගනු ලබන ඉන්දියාවේ "සිරම් ඉන්ස්‌ටිටියුට්‌" ආයතනය පිළිබඳ සැක පළ කරමින් දේශපාලන බලපෑම් මත කොමිස්‌ මුදල් ගනිමින් එම ආයතනයට රුබෙල්ලා ටෙන්ඩරය පිරිනැමූ බව පැවසුව ද රුබෙල්ලා එන්නත ලොව පුරා රටවලට සැපැයීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති එකම ආයතනය එම ආයතනය බව අවධාරණය කළේය.

මෙරටට රුබෙල්ලා එන්නත ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවූ විට එම එන්නත සැපයීම සඳහා ඉදිරිපත් වූ එකම ආයතනය ද "සිරම් ඉන්ස්‌ටිටියුට්‌" ආයතනය බව ඇමැතිවරයා ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී පෙන්වා දුන්නේය. 



මෙහිදී අදහස්‌ දැක්‌වූ වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය රසින්ත ප්‍රේමරත්න කීවේ අදාල රුබෙල්ලා එන්නත් ඇසුරුම් කර තිබූ විශාල ප්‍රමාණයේ පෙට්‌ටිවල එම නිෂ්පාදිත දිනය සඳහන් කර තිබූ බවයි. 

(පෙට්ටිවල නැතිනම් ඒවා ගෙන්වූ නැවේ බඳේ හරි නිෂ්පාදිත දිනය සඳහන් කර තිබුණේ යයි මොවුන් කියනු ඇත.)

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා