වන්නි මන්ත්‍රින්ට බලන්න බැරි කඳවුරු බලන්න තමිල්නාඩුවෙන් මන්ත්‍රීවරු එති


(2009 ඔක්තෝබර්  10 - W3Lanka) ලංකාවේ උතුරේ සරණාගත කඳවුරුවල තත්වය නිරීක්ෂණය කිරීම සඳහා තමිල්නාඩුව නියෝජනය කරන ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් අද පැමිණෙන බව PTI පුවත් සේවය වාර්තා කළේය. 


ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම්, කොංග්‍රස් හා විඩුතලෛ චිරුතයිගල් යන පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් මෙම කණ්ඩායම දින පහක් ලංකාවේ රැඳී සිටිමින් විවිධ දෙමළ නියෝජිතයන් හමු වීමට නියමිත ය.


ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට මෙම සරණාගතයන් මුණගැසිය හැකි මුත් එම ජනයා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඔවුන් හමු වීමේ අවසරය රජය ලබා දෙන්නේ නැත. වන්නි දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සතාසිවම් කනගරත්නම් අවතැන් වු ජනයා සමග සිට යුද්ධයේ අවසාන අදියරේදී රජයේ පාලන ප්‍රදේශයට පැමිණි පසුව අත්අඩංගුවට ගෙන රඳවනු ලැබ තිබේ.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප