ලොක්කෝ කෝච්චි ගිලිති; අපි කෝච්චි තල්ලු කරමු



(2009 ඔක්තෝබර්  20 - W3Lanka) දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අලුත්ම එන්ජින් ලෙස රුපියල් කෝටි 14 ක වියදමින් සිංගප්පූරුවෙන් මිලදී ගත් බලවේග කට්‌ටල් එන්ජින් අතරින් දෙකක්‌ මීට පෙර පාවිච්චි කළ ඒවා බව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැකීමේ සංවිධානය පවසයි.

මීට පෙර ද දුම්රිය දෙපාර්තමේන්තුව මේ ආකාරයෙන්ම පාවිච්චි කළ ට්‍රැක්‌ටර් මෝටර් ආමිචර් අලුත්ම ඒවා ලෙස හඟවමින් මිලදී ගෙන තිබුණු බව එම සංගමය පවසයි.


පසුගිය දිනෙක ලංකාව ඉතිහාසගත කරන බව පවසමින් රූපවාහිනියෙන් ප්‍රචාරය වූ උතුරු දුම්රිය මාර්ගය යළි ඉදි කිරීම සඳහා මුදල් සම්මාදම් කිරීමේ අරමුණින් යුත් ප්‍රවාහන අමාත්‍යංශ වෙළඳ දැන්වීමක මහජනයා දක්වා ඇත්තේ වෙන් වූ පෙට්ටි කීපයක් යළි සම්බන්ධ කිරීමට ඇංජිම සහිත කොටස රිවස් කරනවා වෙනුවට පණ දාගෙන කෝච්චි තල්ලු කරන පිරිසක් ලෙසයි. 


අප සිතන පරිදි මහජනයා එවැනි මෝඩයන් යයි බුද්ධිමත් ප්‍රවාහන ඇමතිවරයා සිතන්නේ නැත. සමහර විට මේ පරණ කෝච්චි ඇංජින් රිවස් කරන්නට බැරි ඒවා විය හැක.




Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා