උන්ගේ යුද්ධයට කරන වියදම උන්ගේ සාමයට කරන වියදමින් අංශුවයි


මහජන නිදහසට ඇති සියලූ සතුරන් අතරින් ඇතැම් විට වඩාත් ම බියකරු එක විය හැක්කේ යුද්ධයයි. මක් නිසාද යත් එය සෑම ආකාරයක ම විෂබීජ අඩංගු කර ගනිමින් පතුරුවා හරියි. යුද්ධය හමුදාවන්ගේ මව්පියෝ වෙති. එමගින් බදු හා ණය ඇති වේ. එය විසින් බොහෝ දෙනෙකු කීප දෙනෙකුගේ යටතට ගනු ලැබේ. දිගට ඇදෙන යුද්ධයක් මැද කිසිදු ජාතියකට එහි නිදහස තහවුරු කර ගත නොහැකිය.
-එක්සත් ජනපදයේ සිව්වන ජනාධිපති ව සිටි දේශපාලන දාර්ශනිකයකු වූ ජේම්ස් මැඩිසන්, දේශපාලන නිරීක්ෂණ, 1705
 


2008 වසරේ ලෝක යුද වියදම ඩොලර් ට්‍රිලියන 1.46කි. එනම් රු. කෝටි 1,70,06,000කි. එනම් රු. කෝටිවලින් එක්කෝටි හැත්තෑ ලක්ෂ හයදහසකි. (මූලාශ්‍රය: ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2009 වාර්ෂික පුස්තකය)

මෙය 2007 වසරේ සිට සැලකූ විට සියයට හතරක වැඩි වීමක් වන අතර, 1999 සිට දස වසර තුළ සියයට 45ක වැඩි වීමකි.


ලෝක යුද වියදම ලෝක දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 2.4ක් වන අතර ලෝකයේ සෑම පුද්ගලයෙක් ම යුද්ධය වෙනුවෙන් වසරකට ඩොලර් 217ක් හෙවත් රු. 25,000කට වැඩි මුදලක් වැය කරති.


ලෝකයේ යුද වියදම්වලින් 41.5%ක්ම කරන්නේ එක්සත් ජනපදයයි.


ලෝක යුද වියදමින් 81%ක් ම කරන්නේ රටවල් 15ක් විසිනි. සෙසු රටවල් වැය කරන්නේ ඉතිරි 19%යි.
එක්සත් ජනපදය හැරුණු විට සෙසු දැවැන්තයන් වන චීනය ලෝක යුද වියදමින් 5.8%ක් ද, ප්‍රංශය 4.5%ක් ද, රුසියාව 4%ක් ද දරයි.


උතුරු ඇමරිකාව, යුරෝපය හා ආසියාව වැඩි ම යුද වියදමක් දරන රටවල් සිටින කලාප වෙති. අප අයත් වන ආසියානු කලාපය ලෝක යුද වියදමින් 17%කට දායක වෙයි. ලංකාව ද අයත් වන්නේ ලෝකයේ වැඩි ම යුද වියදම් දරන රටවල් අතරටයි.


මෑත කාලයේදී වැඩි ම ආර්ථීක වර්ධන වේගයක් අත්පත් කර ගත් රටවල් ද වැඩිම යුද පිරිවැයක් දරන රටවල් ගණයට අයත් වන අතර, ඒ අතර චීනය හා ඉන්දියාව ද වේ. චීනය පළමු වතාවට යුද වියදම් අතින් ලෝකයේ දෙවන ස්ථානයට පත් වී තිබේ.


පෙට්‍රෝලියම් වැනි ඛනිජ සම්පත්වල මිළ ඉහළ යාම බොහෝ රටවලට යුද වියදම් වැඩි කිරීමට ඉවහල් වී තිබේ.


ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයේ 2009 වාර්ෂික පුස්තකය පෙන්වා දෙන පරිදි ලෝකයේ රටවල් ‘ආරක්ෂාව‘ සඳහා කරන වියදම් හා දුප්පත්කම නැති කිරීම, සංවර්ධනය යන කාරණා සඳහා කරන වියදම අතර විශාල පරතරයක් තිබේ.


යුද්ධය සඳහා මෙතරම් වියදමක් දරන ලෝකය සාමය සඳහා වැය කරන්නේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.


නිදසුනක් ලෙස, ජාත්‍යන්තර සහයෝගය වෙනුවෙන් පිහිටුවන ලද එක්සත් ජාතීන් සහ එහි සියලූ නියෝජිතායතනවල සමස්ත අයවැය ඩොලර් බිලියන 27කි. මෙය ලෝක යුද වියදමින් 1.8%ක් පමණි. එනම් එක් ලෝකවාසියකු වෙනුවෙන් වසරකට ඩොලර් හතරක් හෙවත් රු. 450ක් පමණ මුදලකි. යුද්ධය වෙනුවෙන් එක් ලෝ වැසියකු වසරකට කරන වියදම රු. 25,000ට වැඩි බව අපි මීට ඉහතදී පෙන්වා දුන්නෙමු.


ලෝකයේ බොහෝ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ යුතුව ඇති පරිත්‍යාගවලට පොලූ තබා තිබේ. 2009 මැයි 31 දිනට නිත්‍ය අයවැයට අදාළව සාමාජික රටවල් විසින් තබා ඇති හිඟ ප්‍රමාණය ඩොලර් මිලියන 1282කි. දෙවන ලෝක යුද්ධයෙන් පසු එක්සත් ජාතීන් පිහිටුවීමට යෝජනා කළ ඇමරිකා එක්සත් ජනපදය පමණක් ඩොලර් මිලියන 857ක පොල්ලක් තබා තිබේ.


ලෝකයේ දිළිඳුකම නැති කිරීමට කරන වියදම් අඩු වන තරමට ප්‍රචණ්ඩත්වය ද වැඩි වන අතර, එය ආරක්ෂක වියදම් තවත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.



 

Comments

  1. එහෙත් යුද්ධ බහුතරයක් සිදුවන්නේ මහජන අනුමැතිය ඇතිවය. ඒවාට විරුද්ධව වීදි බසින්නට අය නැති නිසාය. මේවාට වඩා අපට රූපවාහිණී සුපර්ස්ටාර් තරඟ වැදගත්ය. සීසර් රෝමය වනසද්දී පුරවැසියන් කොලොසියමේ තුරඟ තරඟ නැරඹුවේලු.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්