රාජ් රාජරත්නම් සමග කුඩු කෑ අය තක්කු මුක්කු


(2009 ඔක්තෝබර්  18 - W3Lanka) අයථා මාර්ගවලින් ලබා ගත් තොරතුරු මාර්ගයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 20ක වංචනික කොටස් ගනුදෙනුවල යෙදුණු බවට චෝදනා එල්ල වී තිබෙන එක්සත් ජනපදයේ ගැලියන් සමූහයේ හිමිකරු වන ලංකාවේ හා එක්සත් ජනපදයේ පුරවැසි කෝටිපති ව්‍යාපාරික රාජ් රාජරත්නම් සමග ගනුදෙනු කළ අය අතර ලංකාවේ ප්‍රධාන පෙළේ ඇමතිවරු ඇතුළු ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලකයෝ, නිලධාරීන් හා ව්‍යාපාරිකයෝ ද රාශියක් සිටින අතර දැන් ඔවුන් ද තක්කු මුක්කු වී ඇති බව වාර්තා වේ.


පසුගිය සමයේ රාජ් රාජරත්නම් හමු වූ අය අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ ආදීහු ද වෙති. ඔහු සතු ලංකාවේ වත්කම් පාලනය කරන්නේ කැබිනට් ඇමතිවරයකුගේ සොයුරියක් විසිනි.



ඇමරිකන් ඩොලර් බිලියන හතක වත්කම් ඇති ගැලියන් සමූහය ජනාධිපති ඔබාමාගේ මෙන් ම ඔහුගේ ඩිමොක්‍රටික් පාක්ෂික තරගකරිනිය වූ හිලරි ක්ලින්ට ද මුදලින් ආධාර කර ඇත. එය ජෝන් කීල්ස්, පීපල්ස් මර්චන්ට් බෑන්ක්, කොමර්ෂල් බැංකුව ඇතුළු ලංකාවේ ප්‍රධාන ම සමාගම් දහයක කොටස් හිමිකරුවකු ද වන අතර දෙමළ ජාතික සන්ධානය, සුනෙර පදනම වැනි රාජ්‍ය නො වන සවිධාන රැසකට ද ආධාර කර ඇත.


52 හැවිරිදි රාජ් රාජරත්නම් ලොව බිලියන්පතියන් අතරින් 556වැනියා ලෙස ෆෝබ්ස් සඟරාව විසින් 2009දී නම් කර තිබේ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා