රාජ් රාජරත්නම් සමග ආණ්ඩුවේ ලොක්කන්ගේ ගනුදෙනු ගැන සිළුමිණ නිහඬ ඇයි?
(2009 ඔක්තෝබර් 25 - W3Lanka ) ෆෝබ්ස් සඟරාව විසින් ලෝකයේ ධන කුවේරයන් අතරින් 556වැනියා ලෙස හඳුනාගෙන තිබෙන ලාංකික පුරවැසියකු ද වන ගැලියන් අරමුදලේ ප්‍රධානී රාජ් රාජරත්නම්ට එක්සත් ජනපද රජය විසින් එල්ල කර තිබෙන චෝදනාව වන්නේ අයථා මාර්ගවලින් ලබා ගත් තොරතුරු පදනම් කරගෙන කොටස් ගනුදෙනුවල යෙදුණු බවයි. ලංකාවේ නම් මෙවැනි වැරදි පිළිබඳ නිසි පරීක්ෂණයක්වත් කෙරෙන්නේ නැත. කෙසේ වෙතත්, රාජරත්නම් තවම වැරදිකරුවකු වී නැත. වරදකරුවකු වන තුරු නීතිය මෙන් ම යුක්තිය ද අනුව ඕනෑම පුද්ගලයකු නිර්දෝෂී යයි සැලකේ. එහෙත් ලංකාවේ රජයේ ප්‍රධාන මුද්‍රිත ප්‍රචාරක මාධ්‍යය වන ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත අද රාජරත්නම් හඳුන්වා තිබෙන්නේ ලෝක හොරා ලෙසයි. සිළුමිණ මෙසේ කියයි. රාජ් රාජරත්නම් ගෙන් මෙරට ආයෝජනය කිරීමට බැව් පවසමින් ඩොලර් 3000000ක මුදලක් ලබා ගෙන ශ්‍රී ලංකාවේ විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් එකී මුදල් අපහරණයට ලක්කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුට එරෙහිව මේ වන විට අධිකරණමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙයි. නම් කියන්නට බය ද? මේ මන්ත්‍රීවරයා එජාප කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...