රු. අටසිය කෝටියක වෙට්ට පිත්තලයෝ කවුරුද?


(2009 ඔක්තෝබර්  08 - W3Lanka) එකමත් එක රටක යුද හමුදාවක් සතුව ඇති පිත්තල මෙට්‍රික් ටොන් 80,000ක් චීන ගැනුම්කරුවකුට විකිණීමේදී කිලෝවක් සඳහා හමුදාවට ලැබෙන මිළත් චීන වෙළෙන්දා සැබැවින් ම ගෙවන මිළත් අතර ඇමරිකන් ඩොලරයක පරතරයක් ඇති බව මේ දිනවල එම රටේ හමුදා සහ දේශපාලන අංශවල කතා බහට ලක් වී තිබේ.

පිත්තල කිලෝවකට ඩොලරයක අයථා ලාභයක් ඒ එකමත් එක රටේ යම් කිසි බලවතකු විසින් ලබා ගන්නේ ද යන කරුණ සාකච්ඡාවට භාජනය වී තිබේ.

පිත්තල කිලෝවකින් ලබා ගන්නා කොමිස් මුදල රු.100කැයි ගණන් හැදුවොත්, පිත්තල කිලෝ අට කෝටියකින් ලබා ගන්නා මුදල රු. අටසිය කෝටියකි.

මෙය ලංකාවේ නම් ඒ කාලයේ සමස්ත මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට ම ගිය වියදම හා සමාන ය.

මේ පිත්තල වනාහි ඒ රටේ පැවති මහා යුද්ධයක අවසාන අදියරවලදී භාවිතා කරන ලද අවිවල හිස් පතුරම් කොපු වේ.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප