ජනාධිපති සාකච්ඡා කළේ වර්ජනය කරන සමිති සමග නොවයි. ප්‍රශ්න පැටව් ගසයි.


(2009 ඔක්තෝබර්  27 - W3Lanka) රට පුරා තවමත් විසඳී නැති ඉන්ධන හිඟයක් නිර්මානය කළ තෙල් සංස්ථා අකුරට වැඩ ව්‍යාපාරය හේතුවෙන් ජනාධිපතිවරයා හා වෘත්තීය සමිති නායකයන් අතර පැවති සාකච්ඡාව තුළින් තෙල් සංස්ථා සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නයට කිසිදු විසඳුමක් ලැබී නැත. අඩු තරමේ ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සාකච්ඡාව සඳහා කැඳවාවත් නැති බව දැනගන්නට තිබේ. එම සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ආණ්ඩුවට පක්ෂපාතී වෘත්තීය සමිති ය.


එහිදී ජනාධිපතිවරයා සුපුරුදු ලෙස වෘත්තීය සටන් මුවාවෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව හා තුමන්ත්‍රණවලට රටේ ඉදිරි ගමන ආපසු හැරවිය නො හැකි බව ආදී වශයෙන් දේශනයක් පවත්වා ඇත.

වර්ජනය අතරතුර ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති ඒ.එච්.එම් ෆවුසි පැවසුවේ සේවක ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවයි. ඉල්ලීම් සාධාරණ බව කලින් පිළි ගත් ඇමතිවරයාට අඩු තරමේ සේවකයන්ට ප්‍රශ්න විසඳිය හැකි එක ම බලධාරියා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක්වත් ලබා දීමට බැරි වී ඇත.

ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයට වැටුප් වැඩිවීම තබා අඩු තරමේ පොරොන්දු වූ පරිදි ජනාධිපති සමග සාකච්ඡාවක්වත් ලබා නො දීම හේතුවෙන් තෙල් සංස්ථා සේවකයන් බලවත් අතෘප්තියෙන් පසු වන අතර, සමාන ප්‍රශ්න ඇති විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, ලංකා ගමනාගමන මණ්ඩලය, වරාය වැනි ආයතන සමග එක්ව එක්සත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යාම සඳහා දැන් සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. 

මේ අතර,
ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්‌ථාවේ වෘත්තීය සමිති එකමුතුවේ හදිසි රැස්‌වීමක්‌ අද (27 දා) කැඳවා ඇත.

Comments

  1. දැන්වත් ජ.වි.පෙ. වෙනුවෙන් පශ්චාත් භාගය දීම නවතා සේවකයන්ගේ සැබෑ අවශ්‍යතා ගැන කතා කිරීම කළා නම් හොද නැද්ද?

    ReplyDelete
  2. පින්තුරය-නියම උමං මියා.මිගාර, එක පුක්කං දානඤ,දස දහස් පුක්කං ලබ්බති.තව දිපන් රජාට.නියමයි.

    ReplyDelete
  3. krishna යන්නේ තොහෙද මල්ලෙ පොල්ය. හිස නැති බුද්ධිමය ක්වන්ධ සමග කතාවෙන් පලක් නැත. ක්‍රිෂ්ණා බුද්ධිමය සරණාගතයෙකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා