ජනාධිපති සාකච්ඡා කළේ වර්ජනය කරන සමිති සමග නොවයි. ප්‍රශ්න පැටව් ගසයි.
(2009 ඔක්තෝබර් 27 - W3Lanka ) රට පුරා තවමත් විසඳී නැති ඉන්ධන හිඟයක් නිර්මානය කළ තෙල් සංස්ථා අකුරට වැඩ ව්‍යාපාරය හේතුවෙන් ජනාධිපතිවරයා හා වෘත්තීය සමිති නායකයන් අතර පැවති සාකච්ඡාව තුළින් තෙල් සංස්ථා සේවකයන්ගේ වැටුප් ප්‍රශ්නයට කිසිදු විසඳුමක් ලැබී නැත. අඩු තරමේ ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සාකච්ඡාව සඳහා කැඳවාවත් නැති බව දැනගන්නට තිබේ. එම සාකච්ඡාවට සහභාගි වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ආණ්ඩුවට පක්ෂපාතී වෘත්තීය සමිති ය. එහිදී ජනාධිපතිවරයා සුපුරුදු ලෙස වෘත්තීය සටන් මුවාවෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව හා තුමන්ත්‍රණවලට රටේ ඉදිරි ගමන ආපසු හැරවිය නො හැකි බව ආදී වශයෙන් දේශනයක් පවත්වා ඇත. වර්ජනය අතරතුර ඛනිජ තෙල් හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති ඒ.එච්.එම් ෆවුසි පැවසුවේ සේවක ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන බවයි. ඉල්ලීම් සාධාරණ බව කලින් පිළි ගත් ඇමතිවරයාට අඩු තරමේ සේවකයන්ට ප්‍රශ්න විසඳිය හැකි එක ම බලධාරියා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක්වත් ලබා දීමට බැරි වී ඇත. ඛනිජ තෙල් වෘත්තීය සමිති සන්ධානයට වැටුප් වැඩිවීම තබා අඩු තරමේ පොරොන්දු වූ පර...