රුබෙල්ලා ඇත්ත: පෙට්ටියේ නිෂ්පාදිත දිනය තිබුණාම ඇතැයි WHO කියා ඇතැයි ඇමති සිරිපාල කියන්නේ පච


(2009 ඔස්තෝබර් 29 - W3Lanka) ඉදිරියේදී ජාතික ප්‍රතිශක්‌තිකරණ ව්‍යාපාරය සඳහා ගෙන්වනු ලබන රුබෙල්ලා ඇතුළු සෑම ප්‍රතිශක්‌තිකරණ එන්නත් වර්ගයකම නිෂ්පාදිත දිනය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු බවට එම එන්නත් නිපදවන සමාගම් වෙත දැනුම් දීමට කටයුතු යොදා ඇතැයි වසංගත රෝග අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය පබා පලිහවඩන පැවසූ බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

පාසල් දැරියන් දෙදෙනෙකුට මරු කැඳවන ලද, කොමිස් ලබා ගැනීම සඳහා ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල ඖෂධ බවට විපක්ෂය විසින් චෝදනා කරන ලද රුබෙල්ලා එන්නත්වල වෙන් වෙන් වශයෙන් ඒවා නිෂ්පාදනය කළ දිනය පිළිබඳව සඳහන් කර නොතිබුණද එම එන්නත් බහාලන ඇසුරුම්වල එන්නත්වල නිෂ්පාදිත දිනය සඳහන් කර තිබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය එය ප්‍රමාණවත් බව පැහැදිලිව ම සඳහන් කර ඇති බව ද සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මේ පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේදී කෑ ගසා පැවසීය.



එහෙත් මෙය සත්‍යයක් නො වන බව අපගේ අදහසයි. මේ පිළිබඳව Criteria for Medicinal Drug Promotion නම් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ හා අදාළ නිල ලේඛනයේ මේ පිළිබඳව මෙසේ සඳහන් වේ. මෙම ලේඛනයේ ප්‍රමෝෂන් හෙවත් ප්‍රවර්ධනය අර්ථ දක්වා ඇති පහත සඳහන් ආකාරය හේතුවෙන් එය මෙකී කාරණයට අදාළ වේ. 


6. In this context, "promotion" refers to all informational and persuasive
activities by manufacturers and distributors, the effect of which is to induce
the prescription, supply, purchase and/or use of medicinal drugs.

ඇසුරුම්කරණය පිළිබඳ මෙම ලේඛනයේ දැක්වෙන්නේ මෙසේ ය. 


Packaging and labelling
28. Appropriate information being important to ensure the rational use of
drugs, all packaging and labelling material should provide information
consistent with that approved by the country's drug regulatory authority.
Where one does not exist or is rudimentary, such material should provide
information consistent with that approved by the drug regulatory authority
of the country from which the drug is imported or other reliable sources of
information with similar content. Any wording and illustration on the
package and label should conform to the principles of ethical criteria
enunciated in this document.

මෙහි සඳහන් වන ආකාරයට ඇසුරුම් හා ලේබල් යෙදීම කළ යුතුව තිබෙන්නේ ආනයනය කරන රටේ ඖෂධ පාලන අධිකාරිය අනුමත කර ඇති ආකාරයටයි. පෙට්ටියේ නිෂ්පාදිත දිනය තිබුණාම ඇතැයි කියා ලෝක සෞඛ්‍ය සංවිධානය කියා නැත.








Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා