රණවිරුවන්ට දකුණෙන් ජය; ඒත් ඉදිරියෙන් නොවෙයි. රණවිරුවන් අමතක කිරීම ඇරඹිලා ද?

(2009 ඔක්තෝබර්  13 - W3Lanka) දකුණු පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ රණවිරුවන් තිදෙනාම පළාත් සභාවට තේරී පත් වී තිබේ.

අජිත් ප්‍රසන්න මනාප 38762 ලබාගෙන ගාල්ලෙන්ද, ජයන්ත කොඩිතුවක්‌කු මනාප 29282 ලබා ගෙන මාතරින්ද, අර්ජුන නිශාන්ත ද සිල්වා මනාප 25282 ක්‌ ලබාගෙන හම්බන්තොටින්ද දකුණු පළාත් සභාවට තේරී පත් වූහ.

රණවිරු අපේක්ෂකයන්ට දකුණු පළාත් සභා මැතිවරණයේදී කලින් පළාත් සභා ඡන්දවලදී මෙන් ඉහළ ස්ථාන හිමි වී නො තිබීම ද දක්නට ලැබෙන විශේෂත්වයකි. 

මේ අතර ජනාධිපතිවරයාගේ මෙහෙයවිමෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ පරාජය වී ද දකුණු පළාත් ඡන්දයේ විශේෂ සිදුවීමකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා