රණවිරුවනි, පාලම හැදූ විට තොටියා පවා වෙන රස්සාවක් සොයා ගත යුතු ය
(2010 පෙබරවාරි 06- W3Lanka ) ලංකාවේ ආරක්ෂක සේවා වෘත්තිකයන් රණ විරු මුරුංගා අත්තෙන් බැස්සවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ. දිවයින වැනි ආරක්ෂක සේවා වෘත්තිකයන් විකුණා යැපුණ පුවත්පත් පවා දැන් රණවිරුවා යන වචනය පවා පාවිච්චි කරන්නේ අඩුවෙනි. දැන් දිවයිනට ජනප්‍රිය මාතෘකාවක් වන්නේ ආරක්ෂක සේවා වෘත්තිකයන්ගේ රාජද්‍රෝහිකම් ය. කියවන්න හමුදාව ජෙනරාල්කරණයෙන් ගලවා ගැනීම! රණවිරුවන් උඩ දැමීම නවත්වන්නැයි ආණ්ඩුව මාධ්‍ය ආයතනවලට උපදෙස් දී ඇති බව ද දැනගන්නට ඇත. ඒ දිනවල නිතර දෙවේලේ ප්‍රචාරය වූ අපි වෙනුවෙන් අපි දැන්වීම්, රණවිරු ගී තබා රණවිරුවන් විකිණූ ජංගම දුරකථන දැන්වීම්වත් දැන් විකාශය වන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩුවේ මෙම පියවර නම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට යම් ආකාරයකට ඉවහල් වන ප්‍රගතිශීලී පියවරක් ලෙස සැලකීමට පුළුවන. පශ්චාත් යුද සමයක ශක්තිමත් කළ යුත්තේ සිවිල් ආයතනයි. එමගින් දේශපාලනය හා සමාජය මිලිටරිහරණය වේ. විශ්‍රාමික හමුදා ප්‍රධානියකුගෙන් ජනාධිපතිවරයාගේ යළි පත්වීමේ ආශාවට එල්ල වූ අභියෝගය නිසා ඇත්ත වශයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූයේ හානියකි. මන්ද හමුදා නිලධාරියා ජනාධිප...