Posts

Showing posts with the label දකුණු පළාත් සභා මැතිවරණය

මැතිවරණ කොමසාරිස් වැඩ අල්ලයි; රූපවාහිනී වැඩසටහන් පහක් තහනම්

Image
(2010 ජනවාරි 07 -W3Lanka) ජාතික රූපවාහිනිය විකාශනය කරන යක්‍ෂාවේෂය, ඇදගෙන නෑම, කිඹුල් කඳුළු, ප‍්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩ සටහන් සංස්ථාවේ දේපළ භාවිතා කර විකාශනය කිරීම මැතිවරණ කොමසාරිස්තුමා වහාම කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කර තිබේ. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක 2010 ජනවාරි 04 වැනි දා අංක PRE/2010/0/01 යන අංකය යටතේ රූපවාහිනියේ සභාපතිවරයාට යැවූ ලිපියකින් මේ තහනම දැනුම් දී තිබේ. මැතිවරණ කොමසාරිස්වරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 (අ) වගන්තිය යටතේ තමාට හිමි බලතල ප‍්‍රකාර මෙම තහනම් නියෝග පනවා තිබේ.

බැසිල් අස් වී හේමාල්ට මන්ත්‍රීකම දෙයි; ශාන් විජේලාල් දකුණු මහ ඇමති

Image
(2009 ඔක්තෝබර්  15 - W3Lanka ) දකුණු පළාත් මහ ඇමතිකමින් ශාන් විජේලාල් ද සිල්වා ඉවත් කිරීමේ අදහසකින් මාතර දිස්ත්‍රික්කයට ජනාධිපතිගේ ඥාතියකු වූ හේමාල් ගුණසේකර ඉදිරිපත් කළත්, රාජපක්ෂ අනුග්‍රහයකින් තොරව ම ශාන් විජේලාල් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ලබා ගැනීමත් සමග ඔහුට මහඇමතිකම නො දි සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අර්බුදයක් ඇති කිරීමට හේතු වනු ඇතැයි බිය වී සිටින රාජපක්ෂ පාලනය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දෙන බව කියා හේමාල් ගුණසේකර ඉවත් කර මහ ඇමති ධුරය යළි ශාන් විජේලාල් සිල්වාට ම ලබා දෙන්නට යයි.  තමන්ට පාර්ලිමේන්තු ධුරය ලැබෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ඉවත් වී හෙයින් එය විශේෂයෙන් වැදගත් බව හේමාල් ගුණසේකර අද දිවයින පුවත්පතට පවසා ඇත. ඔහු ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කිරීමට නියමිත ය.

රණවිරුවන්ට දකුණෙන් ජය; ඒත් ඉදිරියෙන් නොවෙයි. රණවිරුවන් අමතක කිරීම ඇරඹිලා ද?

(2009 ඔක්තෝබර්  13 - W3Lanka ) දකුණු පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ රණවිරුවන් තිදෙනාම පළාත් සභාවට තේරී පත් වී තිබේ. අජිත් ප්‍රසන්න මනාප 38762 ලබාගෙන ගාල්ලෙන්ද, ජයන්ත කොඩිතුවක්‌කු මනාප 29282 ලබා ගෙන මාතරින්ද, අර්ජුන නිශාන්ත ද සිල්වා මනාප 25282 ක්‌ ලබාගෙන හම්බන්තොටින්ද දකුණු පළාත් සභාවට තේරී පත් වූහ. රණවිරු අපේක්ෂකයන්ට දකුණු පළාත් සභා මැතිවරණයේදී කලින් පළාත් සභා ඡන්දවලදී මෙන් ඉහළ ස්ථාන හිමි වී නො තිබීම ද දක්නට ලැබෙන විශේෂත්වයකි.  මේ අතර ජනාධිපතිවරයාගේ මෙහෙයවිමෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ පරාජය වී ද දකුණු පළාත් ඡන්දයේ විශේෂ සිදුවීමකි.

කොමියුනිස්ට් පක්ෂයේ හතර ම දකුණෙන් දිනුම්

Image
(2009 ඔක්තෝබර්  12 - W3Lanka ) එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ දකුණු පළාත් සභාවට කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයන් සිව්දෙනාම මනාපවලින් තේරී ඇති බව වාර්තා‍ වේ.  එම අපේක්ෂකයෝ වන්නේ මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ බිංදු වීරසිංහ හා වීරසුමන් වීරසිංහ ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ.ජී. පියසිරි හා ඩී. දිනෙත්ති ද වෙති.  මේ අතර සමසමාජ පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ බද්දේගම සමිත හිමි ද පළාත් සභාවට තේරී ඇත.

දකුණෙන් විමල් වීරවංශ පක්ෂය අතු ගෑවෙයි

Image
(2009 ඔක්තෝබර්  12 - W3Lanka ) විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණෙන් දකුණු පළාත් සභාවට තරග කළ සියලු අපේක්ෂකයින් පරාජයට පත් වී තිබේ.  පරාජිතයින් අතර සිටින විමල් වීරවංශගේ ‍අයියා මාතර දිස්ත්‍රික්කයෙන් 12,903ක් මනාප ලබාගෙන ඇත්තේ අන්තිමයාට කලින් අපේක්ෂකයා ලෙසයි. විමල් සිය අයියා වෙනුවෙන් පෞද්ගලිකව ම ඡන්ද ප්‍රචාරයේ යෙදුණේය. කලුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස සිට ජානිපෙට එක් වී ගාල්ලේ සිය ගම් ප්‍රදේශයෙන් පළාත් සභාවට තරග කළ ප්‍රියන්ත බෙල්ලන ගාලු දිස්ත්‍රික් සන්ධාන මනාප ලැයිස්තුවේ අන්තිමයාට දෙදෙනෙකුට කලින් සිටියි. ඔහුට ලැබුණු මනාප ගණන 13,629කි.  හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කළ ධර්මසේන කොඩිතුවක්කු මනාප ලැයිස්තුවේ අන්තිමයා ය. 

හම්බන්තොට අඩුව පෙන්වන දිනමිණ

Image
(2009 ඔක්තෝබර්  12 - W3Lanka ) දිනමිණ පුවත්පතේ දකුණු පළාත් ඡන්දයේ ප්‍රතිඵලය මෙසේ දක්වා තිබෙන්නේ රාජපක්ෂලා හම්බන්තොටින් ලැබූ අනෙක් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව දුබල ප්‍රතිචාරය හුවා දක්වන්න ද? එහි එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම හාරදහසකින් වැඩි වී තිබේ.  මේ ඡන්දය දිනා ඇත්තේ රාජපක්ෂලා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කියන්නට දිනමිණට ඕනෑ වුණා ද?  හැබැයි කතාව ඇත්ත ය.

දකුණේ මහ පුටුව මහ රජාණන්ගේ නෑයාට ද?

Image
(2009 ඔක්තෝබර්  11 - W3Lanka ) දකුණු පළාත් සභාවේ ප්‍රධාන ඇමති ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියකු වන හේමාල් ගුණසේකර පත් කිරීමට උත්සාහයක් ඇති බව ආණ්ඩුවට සමීප දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  එහෙත්, සන්ධානයෙන් වැඩි ම මනාප ලබාගෙන තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු මහ ඇමති ශාන් විජයලාල් සිල්වායි. එහු මනාප ඡන්ද 90,294ක් ලබා ගත්තේය. හේමාල් ගුණසේකර මාතර දිස්ත්‍රික්කයෙන් මනාප 63.323ක් ලබා ගනිමින් සන්ධාන මනාප ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් විය.  මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු 'අයියා' ඔහුට මහ ඇමතිකම දෙන්නට පොරොන්දු වී ඇති බව කීවේය.  දකුණු පළාතේ මහ ඇමති වනු ඇත්තේ තමන් යයි උදම් ඇනූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී.කේ. ඉන්දික හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 56,885ක් ලබා ගනිමින් සන්ධාන ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත් විය.  හොඳින් හෝ නරකින් මහ ඇමති වන්නේ තමන් යයි කී ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දැවැන්ත මුදලක් වියදම් කළ බව කියන ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත මුතුහෙට්ටිගමට හිමි වී ඇත්තේ සන්ධාන මනාප ලැයිස්තුවේ තුන්වන තැනයි. මේ අතර, දකුණු පළාත් ...

සන්ධානයේ ප්‍රතිශත බසියි: අඩු ම ඡන්ද ප්‍රතිශතය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්

Image
Labels: ලංකාවේ වාමාංශික පක්ෂ , වම (2009 ඔක්තෝබර්  11 - W3Lanka ) දකුණු පළාත් සභාවේ ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය 69.24% කි. මෙයින් 97%ක් වලංගු ඡන්ද වේ.  එක්සත් ජනතා නිදහස් සන්ධානය වලංගු ඡන්ද අතරින් 67.88%ක් ලබා ගෙන තිබෙන අතර එක්සත් ජාතික පක්ෂය 25.09%ක් ද ජනතා විමුක්ති පෙරමුණ 6.11%ක් ද ලබා ගෙන තිබේ.  මීට පෙර අවසාන වරට පැවති ඌව පළාත් ඡන්දයේදී සන්ධානය 72.39%ක ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළේය. දකුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ සොයුරන්ගේත්, ඩලස් අලහප්පෙරුම ඇතුළ තවත් කෙරුමන් රැසකගේත් ගම් ප්‍රදේශය වුණ ද, රජය දකුණට දැවැන්ත සංවර්ධනයක් කළ ද දකුණෙන් සන්ධානය ලබා ගත් ප්‍රතිශතය මේ වසරේ යුද ජයග්‍රහණයට පෙර වයඹින් ලබා ගත් 69.43% ප්‍රතිශතයටත් වඩා අඩු එකකි. දකුණු පළාත් සභා මැතිවරණයේදී සන්ධානයට අඩු ම ඡන්ද ප්‍රතිශතය ලැබී තිබෙන්නේ රාජපක්ෂලා මුළු රටේ ම කළ සංවර්ධනය වැනි සංවර්ධනයක් කරන බව වාර්තා වන හම්බන්තොටිනි. එය 66.95%කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය දකුණු පළාතෙන් 80%ක ඡන්ද ප්‍රතිශතයක් බලාපොරොත්තු විය. එහෙත් එජාපය කීවේ 60%කට වඩා එක ඡන්දයක්වත් සන්ධානයට නොලැබෙන බවයි.

සිරිතුංග ජයසූරියට පළාතෙන් ම අටසීයයි; වික්‍රමබාහුට 92යි

Image
Labels: ලංකාවේ වාමාංශික පක්ෂ , වම (2009 ඔක්තෝබර්  11 - W3Lanka ) දකුණු පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු වාමාංශික පක්ෂ විසින් ද සුළුතර ජනවර්ගන් නියෝජනය කරන ලද පක්ෂ විසින් ද ලබාගෙන ඇත්තේ දුර්වල ප්‍රතිඵලයකි.  ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක් සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කිරීමටවත් අසමත් වූ අතර, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2273ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 4280ක් ද ලබා ගත් මුත් පළාතෙන් ම ආසනයක් දිනා ගැනීමට අසමත් විය.  ජවිපෙ පළාතෙන් ඡන්ද 72,379ක් ලබා ගනිමින් 6.11ක ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. සමස්තයක් ලෙස ජවිපෙ තම මූලික ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබේ.  කණගාටුදායක ම ඉරණම ඇත්තේ වාමාංශික පක්ෂවලයි. දිස්ත්‍රික් තුනට ම තරග කළ සිරිතුංග ජයසූරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදි පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 805ක් පමණි. මෙය 0.07%ක ප්‍රතිශතයකි.  වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් වාමාංශික පෙරමුණට තරග කිරීමට හැකි වූයේ ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් වන අතර එම දිස්ත්‍රික්කයෙන් ම ඔවුන්ට ලැබී තිබෙන ඡන්ද ප්‍...

සන්ධානය දිනුම්! ඒත් ආසන 40 ඉලක්කය පරාදයි

(2009 ඔක්තෝබර්  11 - W3Lanka ) දකුණු පළාත් සභා මැතිවරණයේදී දිස්ත්‍රික් තුන ම විශාල බහුතරයක් සහිතව ජයග්‍රහණය කරමින් ආසන 38ක් හිමි කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය. ඒ ගාල්ලෙන් ආසන 16ක්, මාතරින් ආසන 12ක් හා හම්බන්තොටින් ආසන 8ක් ලෙසයි. පළාත් මට්ටමේ බෝනස් ආසන දෙකත් සමග සන්ධානයට ආසන 28ක් හිමි වේ. සන්ධානයට පළාතෙන් හිමි වූ ඡන්ද ගණන 804,071කි. එක්සත් ජාතික පක්ෂය ගාල්ලෙන් ආසන 6ක් ද, මාතරින් ආසන 5ක් ද හම්බන්තොටින් ආසන 3ක් ද ලෙස ආසන 14ක් හිමි කර ගෙන තිබේ. එජාපයට පළාතෙන් ඡන්ද 297,180ක් හිමි විය. ජනතා විමුක්ති පෙරමුණ දිස්ත්‍රික් තුනෙන් ම එක් ආසනය බැගින් ආසන 3ක් හිමි කර ගන්නා ලදී. ජවිපෙට පළාතෙන් හිමි වූ ඡන්ද සංඛ්‍යාව 72,379කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 40කට වඩා ලබා ගන්නා බව කීව ද ලැබුණේ ආසන 38ක් පමණි.  ජවිපෙ ප්‍රසිද්ධියේ නො කීව ද තිස්සමහාරාමයේදී එජාපය අභිබවා දෙවන ස්ථානයට පැමිණීමට ඉලක්ක කළ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසන දෙකක් බලාපොරොත්තු විය. එහෙත් එජාපය තිස්සමහාරාමෙන් ජවිපෙට වඩා ඡන්ද 13,000ක් පමණ ලබාගෙන තිබේ.

මාගේ ඡන්ද කාඩ් පත රුපියල් 1000/= සිට ඉහළ මිලකට විකිණීමට සූදානම්ය. ගැණුම්කරුවෝ සිටිත්නම් වහාම මා අමතන්න...

Image
(2009 ඔක්තෝබර්  10 - W3Lanka ) ''මාගේ ඡන්ද කාඩ් පත රුපියල් 1000/= සිට ඉහළ මිලකට විකිණීමට සූදානම්ය. ගැණුම්කරුවෝ සිටිත්නම් වහාම මා අමතන්න...'' මේ වනාහි අපගේ සහෝදර බ්ලොග්කරුවෙකු අද සිය ෆේස්බුක් තාප්පයේ තැබූ සටහනකි. අද දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනයයි. ඉහළ යන ජිවන වියදම දරා ගන්නට බැරිව යන්තම් කා යන්තම් ඇඳ සිටින මිනිසුන්ගේ සාක්කුවෙන් තවත් ගානකට තට්ටු කර ඡන්දයක් පවත්වා පාර්ලිමේන්තු මට්‍ටමේ හොරුන් වීමට පුහුණුව ලබමින් සිටින ආධුනික රිලවුන් පිරිසකට දූෂණ පල් වලට පැනීම සඳහා ඉනිමඟක් තැබීම අද සිදු කෙරේ. දෙමළ අරගලය පරාජය කර යුද්ධය දිනා දුන් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දකුණේ මිනිස්සු අද සන්ධානයට ඡන්දය දෙති. රාජපක්ෂ රෙජිමට අද අවශ්‍යව ඇත්තේ ඡන්දය නිකම් ම දිනන්නට නොව සීයට අසූවක් ඡන්දය ගන්නටයි. එය බැරි වේ යයි බියෙන් මහජන ‍මුදලින් නඩත්තු වන ජනමාධ්‍ය සියල්ලෙන් ම විපක්ෂයට මඩ ගසා බැරි තැන ජවිපෙ කාර්යාල ද කුඩු පට්ටම් කරති. ඡන්දයේ නියම බලු පොරය ඇත්තේ සන්ධානයේ ම අපේක්ෂකයන් අතර මනාපවලටයි. මේ ඡන්දය ගැන මීට වඩා යමක් ලියන්නට කම්මැලි බැවින් හෙට ප්‍රතිඵල නිකුත් වු පසු ඒ ගැන යළි කතා කරම...

මාතර ඡන්දයේදී කුල සාධකය උඩට

(2009 ඔක්තෝබර්  05- W3Lanka ) කුල සාධකය මඟුල් තුලාවලදී පමණක් නොව මේ රටේ දේශපාලනයේදී ද තවමත් ඉතා වැදගත් බව පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයෙන් පෙනේ.  ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාතියකු වන මාතර දිස්ත්‍රික්කයට තරග කරන ගොවිගම කුලයේ අයකු වන අරුණ ගුණරත්න දුරාව හා කරාව කුලවලට එරෙහිව ප්‍රකාශ සිදු කර තිබෙන බව සන්ඩේ ලීඩර් පුවත්පත වාර්තා කළේය. විශේෂයෙන්ම මාතර ආසනය දුරාව කුලයේ අය විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක් වන අතර එය නියෝජනය කළ මන්ත්‍රීන් ගණනාවක් ම එම කුලයේ අයයි. මාතර දිස්ත්‍රික්කයට තරග කරන සරත් වීරවංශගේ මැතිවරණ ව්‍යාපාරය තුළදී ඔහුගේ සොහොයුරු විමල් වීරවංශ නැකැති කුල ඡන්ද ඉලක්ක කරගෙන මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.  ඇත්තෙන් ම මැතිවරණවලදි කුලවාදය භාවිතා කිරීම රහසිගතව කෙරෙමින් ඇති දෙයක් මුත්, දැන් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් අතර ම මනාප පොර බවට පත් වි තිබෙන හෙයින් කුලවාදය ඇතුළු සියලු පසුගාමීසාධක දැන් මතුපිටට එමින් තිබේ.

අනර්කලී අක්කිට ඇයි මෙහෙම කරදර

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) අනර්කලී අක්කිට මුතුහෙට්ටිගම අයියා ඇතුළු ගාලු දිස්ත්‍රික්කයට තරග කරන ඇතැම් සන්ධාන අපේක්ෂකයන්ගෙන් තරදරය. එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි, මනුෂ වගේ අයියලා ද එයාට අපහාස කතා කියති. රඟපානවා කියන්නේ වෙනින් මොකක්ද අමුතු දෙයක් කරනවා වගේ ස්වරයකින් රංජන් රාමනායක අයියා කියන්නේ "එයා ඉතින් මා එක්ක රඟපාපු එක්කෙනානෙ" කියායි. අප නම් කියන්නේ අනර්කලී අක්කිත් ලංකාවේ අනෙකුත් දේශපාලකයන් වගේම ඒ වැඩේට නුසුදුසු කෙනෙක් බවයි. වැඩි නුසුදුසුකමකට තියෙන්නේ ඇය ගැහැනියක වීම පමණයි. නුසුදුසු නායකයන්ව ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දය දීලා පත් කරගන්න මේ රටේ මහජනතාවත් ඇත්තෙන්ම කිව්වොත් ඡන්දදායකයන් වෙන්න සුදුසු අය නොවෙයි. ඒත් ඉතින් මක් කොරන්නද? සුද්ද දීල ගියපු සර්ව ජන ඡන්ද බලේනෙ. මොකෝ එපා කියන්නයැ.  ගැහැනියක වන අනර්කලී අක්කිට සපෝට් එකක් වශයෙන් අපි අපේ පරණ බ්ලොග් පෝස්ට් එකක් නැවත පළ කරනවා. කියවලා බලන්න. අනර්කලී: දකුණු පළාත් ඡන්දයේ දිදුලන තරුව අජිත් පැරකුම් ජයසිංහ විසිනි ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උප...

අනර්කලී ගැහැනියකි; පීඩිත සමාජ කණ්ඩායමක නියෝජිතයෙකි

Image
(2009 සැප්තැම්බර් 02 - W3Lanka) ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක් වී තිබේ. අනර්කලී අපහාසයට ලක්වන අන්දමින්ඇගේ ඡන්ද පෝස්ටරක් ලෙස සකස් කරන ලද විද්‍යුත් තැපෑලෙන් බෙදා හරින ලද මෙහි පළ වන රූපය ඇය ලංකාවේ සංස්කෘතික සීමාවන් තුළ කෙතරම් අපහාසයකට ගොදුරු වනවාද යන්නට දෙස් දෙයි. අපි එම සංස්කෘතික සීමාවන්ගේ වහලුන් නොවෙමු. ‍ඒ නිසා අනර්කලීගේ යයි කියන මෙම සුන්දර රූපය පළ කිරීමට අපි බිය නොවෙමු. පළාත් සභා මන්ත්‍රී පිරිමි බොහෝ අදේශපාලනික ගැහැනුන් සිය යහනට නංවා ගනිති. ඒ කැමැත්තෙන් හෝ බලෙන් හෝ චාටුවෙන්ය. ඇය වැනි සුන්දර පළාත් සභා මන්ත්‍රී කෙනෙකු සිහිනෙන් හෝ යහනට එන්නේ නම් මම නම් මගේ මනාප තුනම දෙන්නෙමි. යකාගේ හැටිය‍ට විමානය කිව්වා සේ රටක පාලකයන් බිහි වන්නේ ඒ රටේ ජනතාවගේ හැටියටය. නීතිය පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයතු වන ජී. එල්. පීරිස් සිටින මේ ආණ්ඩුවේ නීතිය පිළිබඳ වගකියන්නේ කෝප් වාර්තාව අනුව නීතිය ක්‍රියාත්මක කළා නම් සිරගෙදර ලගින්නට සිදු වන කෙනෙකි. සසිරිබර මෙසිරිලක හැටි එහෙමය. මාතර දිස්ත්‍රික්කයම වෙනුවෙන් සන්ධාන ලැයිස්තුවට දමන ලද...